Wednesday, 12 March 2014

ලිංගික දර්ශන රඟපා ටියුෂන් සල්ලි ගෙවන රූමතිය.


ඇගේ ලිංගික දර්ශන මෙතැනින්

ඇමරිකාවේ ගෞරවාන්විත විශ්ව විද්‍යාල අතුරින් ප්‍රමුඛතම එකක් වන උතුරු කැරොලිනාවේ ඩියුක් සරසවියේ රූමත් සිසුවියක්, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම ගෙවීම සඳහා ලිංගික දර්ශන රඟපාන බව මෑතකදී හෙළිවිය. අවුරුදු දහ අටක් වන මේ රූමතිය රඟපෑ ලිංගික දර්ශන නැරඹු ඇයගේම යහළුවෙක් ඇය හඳුනා ගැනීමෙන් පසු මේ සිද්ධිය පළමුව සරසවිය තුළත් පසුව ඉන් පිටත් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය තම කතාව බ්ලොගයක ලියා ඇති අතර ඩියුක් සරසවියේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්ද දී තිබේ. ඇය කාමෝද්දීපන සිනමාවේ රඟපාන්නේ වසරකට ඩොලර් 60000ක් වැය වන, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම් පියවීමට බව ඇය පැහැදිලි කොට තිබේ.

"
ලිංගික සිනමාවේ රඟපෑම මට ඉමහත් සිතාගත නොහැකි තරම් ප්‍රීති-ප්‍රමෝදයක්" ගෙන දෙන්නේ යැයි ඇය පවසන්නීය. "හැම දර්ශනවාරයක් අවසානයේම මම දන්නවා අවංකව දවසක වැඩ නිමා කළා කියා. ලිංගික දර්ශන යනු මගේ කලාවේ පිටවාන: මගේ ආදරය, මගේ සතුට, මගේ නිවහන." 

කාමෝද්දීපන සිනමාවේදී ඇය භාවිත කරන නම "BELLE KNOX".

"
කාමෝද්දීපන සිනමාව යනු ඩොලර් බිලියන ගණනින් ප්‍රතිලාභ ගෙන දෙන, ගැහැණු සහ මිනිසුන් මිලියන ගණනක් පරිභෝජනය කරන කර්මාන්තයක්. එහෙත් කැමරාව පිටුපස සිදුවන සූරාකෑම, අපයෝජන සහ ලිංගික ශ්‍රමිකයන්ට සිදුවන හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැහැ. අපිත් සිහින සහ අභිලාෂයන් ඇති ගෑනු-මිනිස්සු විදියට සලකන්න කිසිවෙකුටත් අවශ්‍ය නැහැ" ඇය පවසන්නීය.

PLAY BOY 
සඟරාව සමග සාකච්ඡාවකදී ඇය කියා සිටියේ අධික අධ්‍යන වියදම නිසා ලිංගික දර්ශන රඟපෑම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවය. TIME සඟරාව ඇගේ ලිංගික සිනමා ආක්‍රමණය පිළිබඳ ඇය කියන දේ සැකයට බඳුන් කරයි. ඇයගේ ස්ත්‍රීවාදී අර්ථදැක්වීම බිඳ වැටෙන්නේ බොහෝ කාමෝද්දීපන සිනමාපට වල ස්ත්‍රිය, පිරිමින්ගේ මන දොළ සපුරන වස්තුවක් බවට පත්වන නිසා සහ ස්ත්‍රියට අවමන් වන අයුරින් සලකන නිසාය.

මීට පෙරද  ෆ්ලොරිඩාවේ ඇමරිකානු සිසුවෙක් තම පවුලේ ආර්ථික ප්‍රශ්න වලට පිළියමක් ලෙස කාමෝද්දීපන සිනමාවට යොමුවී පාසැළෙන්ද එළවනු ලැබීය

මෑතකදී නිව්ජර්සි වල වෙසෙන අවුරුදු 18 සිසුවියක් තමන්ට ජීවත්වීමට සහ තම අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉල්ලා, තම දෙමව්පියන්ට එරෙහිව නඩුමගට බැස්සාය.

ඒකීය පුද්ගලයාත් ධනවාදයත් හැසිරෙන ආකාරය පුදුම ආතල් එකැක් යැයි අපට සිතෙන්නේ අපේ ගොන් කම නිසා විය යුතුය

Saturday, 4 January 2014

රෙනාටා සළාත්සි- නිස්කලංක ජීවිතයකට මග | Tyranny of Choice



පාඨකයන්ට මුල්තැන දීමට අපි කවදත් කමැත්තෙමු. අනෙක් අතට පාඨකයෙක් අපේක්ෂා භංගත්වයට පත් කිරීමෙන් අපි සතුටක් නොලබන්නෙමු. සූස්ති ගුණේ පාඨකයෙක් අපිට ඔත්තුවක් දී ඇතුවාක් පමණක් නොව එමගින් පොරවෙන්නටත් හැකි බව කියා අපේ අවධානය දිනාගත්තේය. පොරවෙන්නට හැකි නම් මේ සිරි ලංකාවේ යමක් නොකරන ගොනෙක් වෙත්ද? අපි ඒ අවවාදයත් අනුශාසනාවත් පැනලා පිළිගත්තෙමු. පහත පළවන්නේ රෙනාටා සළාත්සි  (Renata Salecl) නැමැති ස්ලෝවෙනියානු දාර්ශනිකයා Der Spiegel සඟරාව සමඟ කල සංවාදයකි.

Spiegel- සබ්වේ වගේ අවන්හලකට ආවහම අපිට සැන්විච් එක රසවිඳින්න කලින් තීරණ දුසිම් භාගයක ගන්න වෙනෙවා, මේකද ඔබ "අභිමතයේ සාහසිකත්වය" යනුවෙන් හඳුන්වන්නේ?

Salecl: මම පුළුවං තරම් සබ්වේ වගේ එවා මගහරිනවා. ආවත් ඕඩර් කරන්නේ එකම එකම සැන්විච් ජාතිය තමයි හැමවිටම. මම අභිමතයේ සාහසිකත්වය කියලා අදහස් කරන්නේ පශ්චාත්-කාර්මික ධනවාදය තුළ පැන නැගෙන න්‍යාය.ඒක පටන් ගත්තෙ ඇමරිකානු සිහිනය එක්ක-- අර ස්වෝත්සාහයෙන් දියුණු වෙලා දුගී-දුප්පත් කමේ ඉඳලා ධනවතෙක්ගේ තත්වයට ඉහළට නැගීම. ටිකෙන් ටික මේ සංකල්පය විශ්වීය දර්ශනයක් විදියට වර්ධනය වුණා. අද අපි හිතනවා අපිට හැමදේම තෝරාගැනීමට හැකිවිය යුතුයි කියා, අපි ජීවත් වෙන විධිය, අපේ පෙනුම, කොටින්ම අපි කෝපි මිලදී ගන්නකොට පවා අපිට හැමවිටම අපේ තීරණය මැන බලන්න වෙනවා. මේක හරිම අහිතකර තත්වයක්.

Spiegel- ඇයි ඒක අහිතකර තත්වයක් වෙන්නේ?

Salecl: අපි නිතරම ආතතියෙන් ඉන්නෙ. වරදකාරී හැඟීමෙන් දරාගත නොහැකි කමින් සිත පිරිලා. මොකද මේ න්‍යායට අනුව අපි අසතුටින් ඉන්නෙ අපේ වැරැද්දක් නිසා. අපි වැරදි තීරණයක්, තෝරාගැනීමක් කරල තියෙන්නෙ.

Spiegel- ඉතිං අපි හරි තෝරගැනීමක් කළොත්?

Salecl: එතකොටත් අපිට හිතෙනවා තවත් ටිකක් හොඳ එකක් තිබුණා වෙන්න පුළුවන් අපි නොදන්නවා වුණාට එහා කඩේ කියලා, මේ නිසා අපි අපේ තෝරාගැනීමෙන් කිසි විටෙක සැහීමකට පත්වෙන්නේ නැහැ, අපිට කිසිම තෝරාගැනීමක් ගැන සම්පූර්ණ එකඟතාවයකට එන්න බැහැ.


Spiegel- "සාමාන්‍ය මිනිහට තීන්දු ගන්න දෙන්න එපා, එයාට එච්චර බුද්ධියක් නැහැ" මේ තර්කය ශතවර්ෂ ගාණක් පරණයි නේ. ඔබ කියන්නෙ මේ තර්කය හරියි කියලද?

Salecl: මගේ විවේචනය දේශපාලනික නිදහස සම්බන්ධයෙන් නෙවෙයි. නමුත් ධනවාදය විසින් මේ මතවාදය විපරීත කීරීම සම්බන්ධයෙන් තමයි මගේ විවේචනය. මගේ ජීවිතය පිළිබඳ පූර්ණ අධිකාරිය, පාලනය, බලය මා සතුය යන මායාව ගැනයි මගේ විවේචනය.

Spiegel- ඒත් ඒ බලය තියෙනවා නේද? මාව කොතරම් ආතතියට පත් කරත් මට ඕනෑ දේ ගැන මට තීරණය කල හැකියි නේද?

Salecl: කිසිසේත්ම නැහැ. මම දන්නා ගැහැනියකට හොඳ රැකියාවක්, ආදරණීය සැමියක් සහ හොඳ නිවසක් තිබුණත් ඇය නිතරම සිටියේ අසතුටින්. "මම මගේ ජීවිතේ හැමදේම හරියටම කළත් කිසිම සතුටක් නැහැ" ඇය නිතර කිව්වා. ඇය කවදාවත් තමන්ට ඕනෑ දේ නෙවෙයි කළේ, සමාජය විසින් තමන් කරාවි යැයි බලාපොරොත්තු වූ දේයි ඇය කළේ.

Spiegel- ඒ කියන්නේ අපි අපේ පුද්ගලික සතුට වර්ධනය කර ගැනීම දියුණුකර ගත යුතු බවද?

Salecl: ඒකත් මායාවක් නේ. අද සතුට කියන්නෙ අපි නිතර මැන බලන කඩුල්ලක් වෙලා. ගෑනුන්ගේ සඟරා අද පොරකනවා අපිට කියන්න මොනවද අපිව සතුටෙන් තියන්නේ කියලා. අද නිතරම ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් වලින් අනිත් අය අපට වඩා කොච්චර සතුටෙන් ඉන්නවාද කියල පෙන්නනවා. වැඩියෙන්ම සතුටින් ඉන්න ජාතීන් ගැන මැන බලන්න දර්ශකයක් පවා තියෙනවා. "සතුටින් සිටින්න" යන්න අද සමාජ අත්‍යාවශ්‍යයක් වෙලා. ඔබ සතුටින් නෙවෙයි නම් ඔබ පරාජිතයෙක්

Spiegel- නමුත් මේ උදාන වාක්‍යයෙන් හැමෝටම කියනව නේ තමන්ට තමන්ගේම තෝරා ගැනීම් කල හැකි බව. ඒකෙන් මිනිස්සුන්ට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් වැඩි බලයක් පාලනයක් ලැබෙනව නේද?

Salecl: ඔව්, හැබැයි ඕකෙන් කෑල්ලක් විතරයි ඇත්ත. අපි කොච්චර තෝරාගැනීම් කළත් ඒවායේ ප්‍රතිඵල අපට පාලනය කරන්න බැහැ. ඒක තමයි ඊළඟ පියවර. අපිට තෝරා ගැනීමේ නිදහස පමණක් නොව ඒ තෝරාගැනීමේදී අපි බලාපොරොත්තු වූ ආකාරයේම ප්‍රතිඵලයක් ලැබෙන බවට සහතිකයක්ද අවශ්‍යයි.

Spiegel- ඇයි අපි ඔච්චර බය ඔහේ රැල්ලත් එක්ක යන්න, අනිත් අය කරන දේම කරන්න.

Salecl: ඒ හැම විටම අපි යම් තෝරාගැනීමක් කරනකොට අපිට වෙනත් යමක් අහිමි වෙන නිසා. කාර් එකක් ගන්න එක හොඳ උදාහරණයක්. හුඟක් මිනිස්සු කාර් එක ගන්න ඉස්සෙල්ල විතරක් නෙවෙයි ගත්තට පස්සෙත් ඒ කාරෙක ගැන විචාර කියවනවා- තමන්ගේ තේරීම හරිම එක බව සැක හැර දැනගන්න.

Spiegel- මට වත්කමක් නැති නිසා, මට තෝරාගැනීමක් නැතිනම්, ඒ නිසා මම සතුටින් සිටීද?

Salecl: නැහැ. ධනවාදයේ ඉහළම ජය නම් කම්කරු වහලාට පවා තමන්ද ස්වාමියෙක් ලෙස හැඟීමයි, සිතීමයි. ඔහු විශ්වාස කරනවා ඔහුට ඔහුගේ ජීවිතය වෙනස් කල හැකිය කියා. අපව ඉදිරියට තල්ලු කරන ගාමක බලය නම් ස්වෝත්සාහයෙන් දියුණුවිය හැකිය යන න්‍යායයි - අපි වැඩි වැඩියෙන් වැඩ කරනව, වැඩියෙන් පරිභෝජනය කරනවා, අවසානයේදී අපි අපිවම පරිභෝජනය කරනවා. ප්‍රතිඵලය නම් කායික සහ මානසිකව ඇතිවන දැඩි විඩාව, බුලිමියාව සහ අනෙකුත් ජීවන රටාව ආශ්‍රිත රෝග.

Spiegel- ඇයි අපි මේ තරම් නරක විදියට අපිට සලකගන්නේ?

Salecl: ෆ්‍රොයිඩ් සොයාගත්තා දුක් විඳීම අපිට ප්‍රමෝදය ගෙන එන බව-- ඉතාම විකාර ස්වපීඩාකාරී ආකාරයකට. අභිමතයේ සාහසිකත්වය සූරාකන්නේ මේ දුර්වලතාවයයි. මේ පරිභෝජන සංස්කෘතිය අපිව දැඩි වෙහෙසකට පත් කරනවා. අපි දුක් විඳිනවා, අපිව විනාශය කරා ගෙන යනවා. ඒත් අපිට එය නැවැත්විය නොහැකියි.

Spiegel- ඒත් අපි මේකේ ගොදුරක් නෙවෙයි. අපිම තමයි මේ ක්‍රමය හැදුවේ, අපි පරිභෝජනය කරන තාක් කල් මේක පවතීවී.

Salecl: ඒක ඇත්ත. ෆ්‍රොයිඩ් කියල තියෙනවා අපි අපේ නියුරෝසියාව තෝරාගන්නවා කියා. ධනවාදය මනුෂ්‍යත්වයේ නියුරෝසියාවයි.

Spiegel- මීට වෙනස් ක්‍රම තියෙනවානේ. ලංඩනයේ අවන්හලක් තියෙනව එකම කෑමක් පමණක් පිළිගන්වන, ඒකට මිනිස්සු පෝලිමෙ ඉන්නවා. බර්ලිනයේ කොම්පැනියක් ටී ෂර්ට් විකුණනවා පාරිභෝගිකයන්ට ඒවා පෙන්වන්නේ නැතුව.

Salecl: ඕක හොඳ මාකටින් උපක්‍රමයක්.  කුඩා ළමයි සමගත් ඕක දකින්න පුළුවන්. ඔබ චිත්‍රපට ශාලාවකදී ඔවුන්ට නරඹන්න අවශ්‍ය මොකක්ද ඇසුවොත් එය ඔවුන්ට දරාගත නොහැකි ප්‍රශ්නයක්. අනෙක් අතට මොහොතකට පෙර ඔබ යෝජනා කළොත් " අපි බලමු ජේම්ස් බොන්ඩ්" කියා බොහෝ විට දරුවන්ගේ ප්‍රතිචාරය වනු ඇත්තේ " ඕන එකක්, හැබැයි ඒක නැතුව".  සීමා මායිම් නැත්නම් අපි අපේ ඒවා හදාගන්නවා.

Spiegel- ඇත්තටම අපිට ඇත්ත නිදහසක් තියෙයිද?

Salecl: නැහැ. ඒත් අපිට වඩා නිස්කලංක ජීවිතයක් ලඟාකරගත හැකියි. අපිට පිළිගන්න පුළුවන් නම් අපේ තෝරාගැනීම්, තීන්දු, තීරණ සහේතුක, තාර්කික ඒවා නොවන බව, අපි හැම විටම සමාජයේ නිමවුමක් බව, අපි තෝරාගැනීමක් කරන හැම අවස්ථාවකම අපිට වෙනත් යමක් අහිමි වන බව සහ අපි ගන්නා තීරණ වල ප්‍රතිඵල අපේ පාලනයේ නොපවතින බව.


Interview conducted by Stefan Shultz

Monday, 30 December 2013

ජිජැක් ගේ බුද්ධාගම! හුටා.

දාර්ශනිකයෙක් ලෙස සැලකෙන ජිජැක් බුද්ධාගමේ නොගැලපීම් ගැන කියයි. බෝධිසත්ව සංකල්පය ආදිය ගැනද මහායානය ගැනද සෙන් ගැනද කතා කරන ජිජැක් නිර්වාණය ගැනද කථාකරයි චම්පික ද හමුදා කඳවුරුවලට ගොස් රතන හාමුදුරුවන් පිරිත් නූල් බඳිද්දී හමුදාවට කීවේ බුදුන් දෙසූ දසරාජ ධර්මයේ කොතනකවත් හමුදා විසුරුවන්නට අනුශාසනා නොකළ බවය. සච්චකයා දමනය කලේ වජ්‍රායුදය පෙන්වා බවය. චම්පික ද දර්ශනය හදාරා ඇති බව රහසක් නොවේ. ජිජැක් කියන්නේ අනාත්ම සංකල්පය යොදාගෙන ඇත්තටම පුදගලයෙක් නැතැයි ඒත්තු ගැන්වීමෙන් හමුදාවකට මිනීමැරීම පහසු කරගත හැකිය  යන්නයි. අති සරල  ලාභ විහිළුවක් ලෙස හැඟෙන මේ කතාව පිටුපසින් තවත් ප්‍රශ්න ගණනාවක් නැගෙන්නට ඉඩ තිබේ.  එක්ස්, වයි ඉසෙඩ් කංඩායම් වලටත් බලු සේනාවන්ටත් එක සේ වීරත්වයකින් ප්‍රතිචාර දැක්විය හැකි වට පිටාවක් නිර්මාණය වී තිබේ.

Tuesday, 15 October 2013

සන්තුට්ටි පරමං දනං


Police officers reach into a crowd of protesters to make an arrest on the Brooklyn Bridge during an Occupy Wall Street march in New York October 1, 2011.
Credit: Reuters


"සන්තුට්ටි පරමං දනං" යැයි බුදුහාමුදුරුවෝ දෙසා වදා සේක.  "සතුට පරම ධනය වේ" යැයි  ඉන් කියැවේ. මෑතකදී ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ  The Earth Institute නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව සතුටින් සහ සන්තෘප්තියෙන්, සෑහිමකට පත් ජීවිතයක් ගත කිරීමට නම් ඔබ යා යුත්තේ උතුරු යුරෝපයටය. මේ සතුටින්ම සිටින ජාතීන් ශ්‍රේණිගත කිරීම අනුව ඇමරිකාව සිටින්නේ 17 වැනි ස්ථානයේය.  ඇමරිකාව ගැන බ්ලොගාවකාශයේ වැයෙන ගුණ ගැන ඇසෙනවිට අපට නම් සිතෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක් බවය. විදුසරේ ධනේශ් විසුම්පෙරුම, සතුට යනු සාපේක්ෂ අහවල් මෙව්වා එකක් බව නලින්ද සිල්වාගේ තියරිය අනුව යමින් දෙසාබාමින්, අපේ රට මොකා කීවත් ආහ්චර්යම බව පෙන්වාදී තිබේ. ජීවිතය පරදුවට තියා බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැනයන්න දඟලන උන් ගැන ඇසෙන විට නම් මේ වාර්තාවේ ඇත්ත නැත්ත මොකක්දැයි ඕන  මීමින්නෙක්ට සිතා ගත හැකිය. එච්චර යන්න දඟලන ඔස්ට්‍රේලියාව මේ ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානය ලබා තිබේ. පිළිවෙලින්,  සතුටින්ම සිටින ජාතීන් අතර ඉහළින්ම සිටින්නේ ඩෙන්මාකය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්වීඩනයයි. අරුමය නම් මේ එකම රටක්වත් බුදුබණ තියා මොන බණක්වත් නොඅදහන, ඇමරිකාව මෙන් "ගෝඩ් බ්ලෙස් ඇමරිකා" වැනි ගොංපාට්ද නැති රටවල් වීමය. 1972 දී භුතානය විසින් පලමු වරට යෝජනා කරන ලද "සතුට පිළිබඳ ආර්ථිකය " සහ "දළ ජාතික සතුට" යන අදහස් අද ලෝකය වේගයන් උකහාගනිමින් තිබේ. මෙම වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ , ආර්ථික දියුණුවට ඇති අවධානය අඩුකර මිනිසුන්ගේ සමස්ත දියුණුව වැඩිකරගැනීමට වැඩි අවධානයක් සඳහා ලෝකයේ නන් දෙසින් හඬ නැගෙද්දීය.

Wednesday, 11 September 2013

ගුණයගේ වාදේ - ඉතා කෙටි විඩියෝවක්

එකෙක් අනෙකා වාදයට කැඳවා , අභියෝගය භාරගත් සැණෙන් සැඟවී පලා යන ගමන් අනෙකාට නපුංසකයායි ගරහයි. වාදය බලන්නට සැදී පැහැදී සිටි  බොහෝ දෙනෙක්ගේ අපේක්ෂා භංගවී තිබේ. මේ ඉතා කෙටි විඩියෝව  ඒ නොකෙරෙන විවාදයේ ලැකානියානු ප්‍රක්ෂේපණයක් දැයි අපටත් සුවර් නැත. 





Monday, 5 August 2013

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර.

කතා 1.




ඒ රනිල් විකුම්සිහ ආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක් සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවර පාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව  තමන් පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන් හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන් ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේද නැත.



"ඇයි පුතා නැවත්තුවේ" ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය.



"සර් අසූවට ගියේ, වේගේ වැඩියි. ..ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක් ආචාරශීලිව පැවසුවේය.



"ආ..අසූවට ගියාද ..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල"

ලේකම් වරයා සිනාමුසුව පැවසීය.



"නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපට දඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."



ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිද ඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකි එකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය.



"...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද?."



"ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ"



"ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නල එන්නම්"



"අරයා" ඉංගිරිසි කියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පත දුටු අරයාට හීන් දාඩිය දැම්මේය.



"මොකා!.අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්!" තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය.



"න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින් හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය.



"ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම් ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.



වදෙන් පොරෙන් අකමැත්තෙන් මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන් දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලන එස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.



මහත්වරු එසේය....







කතා 2.





පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වු පසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටි නැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත් සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි.



"සර් මෙතන නවත්තන්ඩ බෑ"



"? කෝ? කොහොමද මම දන්නෙ"



"ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවා කාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි.



"හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම   බෝඩ් දාන්න බලයක් නැහැ"



"ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා "තවත් එක පණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය.



"ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන් නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත්   රැගෙන ගෙදර ගියේය.



තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත්   "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය.



"මේකයි මිස්ට ***  පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ   මියුනිසිපල් කවුන්සිල් එකට"



පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය.



"සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ  කොලේ ලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේද සර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"



" නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙ පොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගර සභාවට විතරයි."



"හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේ ලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලි වෙමින් පවසයි.



පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පති වරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා. මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.."



"නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා.. ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින් ලේකම් වරයා පිළිතුරු දෙයි..



" ඕ.කේ..සර් දෙන්"



මහත්වරු එසේය...



මහත්වරු එසේය.... ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලා වැනි දඩ බල්ලෝදදඩ බල්ලෝ වැනි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරුද වෙති. උන් ගැන කතන්දර ජුගුප්සාජනකය. උන් යන යන තැන මීනි ඇටසැකිලි, මල මීනි මතුවෙයි. මාතලෙන් හමුවූ සමූහ මිනීවල එවැන්නකි. උන් ලේකම් කමට පත්වන්නේ නැදෑකමේ මහිමයෙනි. ඊට පෙර හමුදාවේ සිටි මෙවැනි "අනාගත ලේකම් වරයෙක්" යුද සමයේ රටෙනුත් පැනයන තරමේ බිය සුල්ලෙකි. රටෙන් පැනයන මේකා කැලිෆෝනියාවේ සුද්දන්ට පෙට්‍රල් ගසා බඩ වියත රැකගත්තෙකි. ඌ නිරායුධ මිනිස් ජීවිත බිළිගත්තේ දකුණේ පමණක් නොවේ. සුදු කොඩි රැගෙන එන නිරායුධ දෙමළ ජනතාවට වෙඩි තියන්නට අණදුන් බවට ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවක්ද වෙයි. රෝශේන් චානුක, ඇන්ටන් වැනි මිනිස් ඝාතන වල අලුත්ම වටය අකිලගෙන් අරඹාතිබේ. වැලිවේරියේදී දඩ බල්ලන් බිලිගත් මුලු ගණන 7ක් තරම් වේයැයි ආරංචි පැතිර යයි. පැරෂූට් ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් වරයෙකු සහ සට්ටැඹි-නපුංසක හමුදාවක් සාමාන්‍ය මහ ජනතාවට වැඩ පෙන්වූ හැටි ය ඒ.



මහත්වරු එසේය..දඩබල්ලන් මෙසේය..

Friday, 28 June 2013

මල්ලි! ලෝකෙන්ම හොඳම නළුවා මම..හෙහ්!


මල්ලි!  හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං?
උඹලෑ තාත්තා  කෝටි ගණන් වියදං කරල 
"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්
උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක.. 
මේං මේක.. 


ආපෝ! නෙදකිං 
පෝලිම් පැනපු පර-කුමත් මෙතන
බලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.
ලැජ්ජයි මූ ගාව ඉන්නත්.  
කපන්න බැරි අත  සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..



ඈ? කෑන්ස්? ඔස්කා? ඇකඩමි?? බැෆ්ටා.. 
නෑ ..නෑ මේක මේ නිව්යෝක් පිල්ම් පෙස්ටිවල් මචං..
ඈ?..   ...ආ ෆේස්බුක් එකේ ගොබ්බයොයි
ඇනෝ බ්ලොක් කරං බ්ලොග් ලියන  හරමානිස්ල ටිකයි 
දාල තිබ්බ තමා ලෝකෙන්ම හොඳම නළුවා කියල..
හොහ්..හොහ් හෙහ් හෙහ්
ගණන් ගන්ඩ එපා.. ගොන් හැත්ත!