Monday 30 December 2013

ජිජැක් ගේ බුද්ධාගම! හුටා.

දාර්ශනිකයෙක් ලෙස සැලකෙන ජිජැක් බුද්ධාගමේ නොගැලපීම් ගැන කියයි. බෝධිසත්ව සංකල්පය ආදිය ගැනද මහායානය ගැනද සෙන් ගැනද කතා කරන ජිජැක් නිර්වාණය ගැනද කථාකරයි චම්පික ද හමුදා කඳවුරුවලට ගොස් රතන හාමුදුරුවන් පිරිත් නූල් බඳිද්දී හමුදාවට කීවේ බුදුන් දෙසූ දසරාජ ධර්මයේ කොතනකවත් හමුදා විසුරුවන්නට අනුශාසනා නොකළ බවය. සච්චකයා දමනය කලේ වජ්‍රායුදය පෙන්වා බවය. චම්පික ද දර්ශනය හදාරා ඇති බව රහසක් නොවේ. ජිජැක් කියන්නේ අනාත්ම සංකල්පය යොදාගෙන ඇත්තටම පුදගලයෙක් නැතැයි ඒත්තු ගැන්වීමෙන් හමුදාවකට මිනීමැරීම පහසු කරගත හැකිය  යන්නයි. අති සරල  ලාභ විහිළුවක් ලෙස හැඟෙන මේ කතාව පිටුපසින් තවත් ප්‍රශ්න ගණනාවක් නැගෙන්නට ඉඩ තිබේ.  එක්ස්, වයි ඉසෙඩ් කංඩායම් වලටත් බලු සේනාවන්ටත් එක සේ වීරත්වයකින් ප්‍රතිචාර දැක්විය හැකි වට පිටාවක් නිර්මාණය වී තිබේ.

Tuesday 15 October 2013

සන්තුට්ටි පරමං දනං


Police officers reach into a crowd of protesters to make an arrest on the Brooklyn Bridge during an Occupy Wall Street march in New York October 1, 2011.
Credit: Reuters


"සන්තුට්ටි පරමං දනං" යැයි බුදුහාමුදුරුවෝ දෙසා වදා සේක.  "සතුට පරම ධනය වේ" යැයි  ඉන් කියැවේ. මෑතකදී ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ  The Earth Institute නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව සතුටින් සහ සන්තෘප්තියෙන්, සෑහිමකට පත් ජීවිතයක් ගත කිරීමට නම් ඔබ යා යුත්තේ උතුරු යුරෝපයටය. මේ සතුටින්ම සිටින ජාතීන් ශ්‍රේණිගත කිරීම අනුව ඇමරිකාව සිටින්නේ 17 වැනි ස්ථානයේය.  ඇමරිකාව ගැන බ්ලොගාවකාශයේ වැයෙන ගුණ ගැන ඇසෙනවිට අපට නම් සිතෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක් බවය. විදුසරේ ධනේශ් විසුම්පෙරුම, සතුට යනු සාපේක්ෂ අහවල් මෙව්වා එකක් බව නලින්ද සිල්වාගේ තියරිය අනුව යමින් දෙසාබාමින්, අපේ රට මොකා කීවත් ආහ්චර්යම බව පෙන්වාදී තිබේ. ජීවිතය පරදුවට තියා බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැනයන්න දඟලන උන් ගැන ඇසෙන විට නම් මේ වාර්තාවේ ඇත්ත නැත්ත මොකක්දැයි ඕන  මීමින්නෙක්ට සිතා ගත හැකිය. එච්චර යන්න දඟලන ඔස්ට්‍රේලියාව මේ ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානය ලබා තිබේ. පිළිවෙලින්,  සතුටින්ම සිටින ජාතීන් අතර ඉහළින්ම සිටින්නේ ඩෙන්මාකය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්වීඩනයයි. අරුමය නම් මේ එකම රටක්වත් බුදුබණ තියා මොන බණක්වත් නොඅදහන, ඇමරිකාව මෙන් "ගෝඩ් බ්ලෙස් ඇමරිකා" වැනි ගොංපාට්ද නැති රටවල් වීමය. 1972 දී භුතානය විසින් පලමු වරට යෝජනා කරන ලද "සතුට පිළිබඳ ආර්ථිකය " සහ "දළ ජාතික සතුට" යන අදහස් අද ලෝකය වේගයන් උකහාගනිමින් තිබේ. මෙම වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ , ආර්ථික දියුණුවට ඇති අවධානය අඩුකර මිනිසුන්ගේ සමස්ත දියුණුව වැඩිකරගැනීමට වැඩි අවධානයක් සඳහා ලෝකයේ නන් දෙසින් හඬ නැගෙද්දීය.

Wednesday 11 September 2013

ගුණයගේ වාදේ - ඉතා කෙටි විඩියෝවක්

එකෙක් අනෙකා වාදයට කැඳවා , අභියෝගය භාරගත් සැණෙන් සැඟවී පලා යන ගමන් අනෙකාට නපුංසකයායි ගරහයි. වාදය බලන්නට සැදී පැහැදී සිටි  බොහෝ දෙනෙක්ගේ අපේක්ෂා භංගවී තිබේ. මේ ඉතා කෙටි විඩියෝව  ඒ නොකෙරෙන විවාදයේ ලැකානියානු ප්‍රක්ෂේපණයක් දැයි අපටත් සුවර් නැත. 





Monday 5 August 2013

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර.

කතා 1.




ඒ රනිල් විකුම්සිහ ආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක් සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවර පාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව  තමන් පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන් හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන් ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේද නැත.



"ඇයි පුතා නැවත්තුවේ" ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය.



"සර් අසූවට ගියේ, වේගේ වැඩියි. ..ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක් ආචාරශීලිව පැවසුවේය.



"ආ..අසූවට ගියාද ..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල"

ලේකම් වරයා සිනාමුසුව පැවසීය.



"නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපට දඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."



ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිද ඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකි එකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය.



"...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද?."



"ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ"



"ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නල එන්නම්"



"අරයා" ඉංගිරිසි කියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පත දුටු අරයාට හීන් දාඩිය දැම්මේය.



"මොකා!.අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්!" තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය.



"න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින් හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය.



"ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම් ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.



වදෙන් පොරෙන් අකමැත්තෙන් මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන් දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලන එස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.



මහත්වරු එසේය....







කතා 2.





පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වු පසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටි නැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත් සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි.



"සර් මෙතන නවත්තන්ඩ බෑ"



"? කෝ? කොහොමද මම දන්නෙ"



"ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවා කාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි.



"හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම   බෝඩ් දාන්න බලයක් නැහැ"



"ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා "තවත් එක පණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය.



"ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන් නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත්   රැගෙන ගෙදර ගියේය.



තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත්   "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය.



"මේකයි මිස්ට ***  පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ   මියුනිසිපල් කවුන්සිල් එකට"



පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය.



"සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ  කොලේ ලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේද සර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"



" නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙ පොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගර සභාවට විතරයි."



"හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේ ලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලි වෙමින් පවසයි.



පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පති වරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා. මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.."



"නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා.. ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින් ලේකම් වරයා පිළිතුරු දෙයි..



" ඕ.කේ..සර් දෙන්"



මහත්වරු එසේය...



මහත්වරු එසේය.... ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලා වැනි දඩ බල්ලෝදදඩ බල්ලෝ වැනි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරුද වෙති. උන් ගැන කතන්දර ජුගුප්සාජනකය. උන් යන යන තැන මීනි ඇටසැකිලි, මල මීනි මතුවෙයි. මාතලෙන් හමුවූ සමූහ මිනීවල එවැන්නකි. උන් ලේකම් කමට පත්වන්නේ නැදෑකමේ මහිමයෙනි. ඊට පෙර හමුදාවේ සිටි මෙවැනි "අනාගත ලේකම් වරයෙක්" යුද සමයේ රටෙනුත් පැනයන තරමේ බිය සුල්ලෙකි. රටෙන් පැනයන මේකා කැලිෆෝනියාවේ සුද්දන්ට පෙට්‍රල් ගසා බඩ වියත රැකගත්තෙකි. ඌ නිරායුධ මිනිස් ජීවිත බිළිගත්තේ දකුණේ පමණක් නොවේ. සුදු කොඩි රැගෙන එන නිරායුධ දෙමළ ජනතාවට වෙඩි තියන්නට අණදුන් බවට ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවක්ද වෙයි. රෝශේන් චානුක, ඇන්ටන් වැනි මිනිස් ඝාතන වල අලුත්ම වටය අකිලගෙන් අරඹාතිබේ. වැලිවේරියේදී දඩ බල්ලන් බිලිගත් මුලු ගණන 7ක් තරම් වේයැයි ආරංචි පැතිර යයි. පැරෂූට් ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් වරයෙකු සහ සට්ටැඹි-නපුංසක හමුදාවක් සාමාන්‍ය මහ ජනතාවට වැඩ පෙන්වූ හැටි ය ඒ.



මහත්වරු එසේය..දඩබල්ලන් මෙසේය..

Friday 28 June 2013

මල්ලි! ලෝකෙන්ම හොඳම නළුවා මම..හෙහ්!


මල්ලි!  හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං?
උඹලෑ තාත්තා  කෝටි ගණන් වියදං කරල 
"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්
උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක.. 
මේං මේක.. 


ආපෝ! නෙදකිං 
පෝලිම් පැනපු පර-කුමත් මෙතන
බලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.
ලැජ්ජයි මූ ගාව ඉන්නත්.  
කපන්න බැරි අත  සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..



ඈ? කෑන්ස්? ඔස්කා? ඇකඩමි?? බැෆ්ටා.. 
නෑ ..නෑ මේක මේ නිව්යෝක් පිල්ම් පෙස්ටිවල් මචං..
ඈ?..   ...ආ ෆේස්බුක් එකේ ගොබ්බයොයි
ඇනෝ බ්ලොක් කරං බ්ලොග් ලියන  හරමානිස්ල ටිකයි 
දාල තිබ්බ තමා ලෝකෙන්ම හොඳම නළුවා කියල..
හොහ්..හොහ් හෙහ් හෙහ්
ගණන් ගන්ඩ එපා.. ගොන් හැත්ත!