Saturday 5 November 2011

සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකර ගත නොහැක්කේ ඇයි?


නලියා ඇතුළු ගෝලබාලයන්ද ලංකා චී නිව්ස් වැනි නොමිලේ විහිළු සපයන හාංචිපයිස් වෙබ් අඩවිද, දේශීය පොල්බූරුවන්ද  සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකරගැනීමට කරන තැටමිල්ලට මේ වන විට දශක දෙක තුනක් ගත වී තිබේ තැටමීමේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් හීනි පඩයක තරම්වත් ප්‍රතිඵලයක් නොලැබීම ජාතියේ වාසනාවකි. හූනු බිජ්ජක් තරම්වත් මොලයක් තිබේ නම් සිංහල බෞද්ධ විද්‍යාවක් යන්න සැබෑ කරගත නොහැකි සිහිනයක් බව මේ වන විට අවබෝධ විය යුතුය.

 නලියාගේ ප්‍රවාදයට අනුව අනුව සිංහල බෞද්ධයින්ගේ දැනුම වියුක්ත දැනුමක් නොවේ. බටහිරයන්ගේ දැනුම වියුක්ත දැනුමකි. නලියාට අනුව සිංහල බෞද්ධයෝ එක් එක් දේ වෙන්කර හදාරන පිරිසක් නොවේ. උදාහරණයක් ලෙස සමාධි පිළිමය ගන්නා නලියා ඇතුළු ගෝලබාලයෝ, එහි කලාවත්, තාක්ෂණයත්, ආගමත්, එකට ඇතැයි කියති. සිංහල බෞද්ධයෝ කන විට බත් සහ අනෙකුත් ව්‍යාංජන කන්නේ එකට අනාගෙනය. බටහිරයෝ මෙන් වෙන් වෙන් වශයෙන් ඇපටයිසර්, මේන් කෝර්ස්, සයිඩ් ඩිෂ් කියා එකක් නැත. සිංහල බෞද්ධයෝ ඇපටයිසර් එකට ගන්නේ ගෙදර ගෑනි යැයි යම් විජාතික බක පණ්ඩිතයෙක් අවලාද නගන්නට ඉඩ ඇති නමුත් බොහෝ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිහා ගෑනිට බයිට් වන බව රහසක් නොවේ. අනෙක් අතට අනාගැනීම සහ ඉල්ලං කෑම අතින් සිංහල බෞද්ධයෝ පෙරමුණේම සිටින බවත් අමුතුවෙන් කිව යුතු නැත.


බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නම් දැනුම නිර්මාණය කිරීමම (සංස්කාර) මෝහය, අවිද්‍යාව නිසා සිදුවන්නකි. නාම රූප හටගන්නේම අවිද්‍යාව නිසාය. අනුව බෞද්ධ ආගම, දර්ශනය තුළ නව දැනුම නිර්මාණය කිරීමට ඉඩක් නැත. නිර්මාණය කල දැනුම මෙන්ම ආනයනය කරන ලද දැනුම දියුණු කිරීමටද අනුබලයක් නොලැබේ. බුදු වදනට අනුව කල යුත්තේ හැකි ඉක්මනින් සියලු ආකාර දැනුම නිර්මාණය කිරීමෙන් ගැලවීමයි. දැනුම නිර්මාණය, සංස්කරණය කරන්නේ මෝහය, අවිද්‍යා අන්ධකාරය නිසාය. වෙනත් වචන වලින් කියතොත් සසෙක්ස් වැනි බටහිර විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි ලැබුණත්, කෝවේ දමාවත් මකවන්නට බැරි උපන්ගෙයි තකතීරු, මරිමෝඩ කම නිසාය. එසේ බලන විට ලෞකික ලෝකයට ඇඳ බැඳ තබන නව නිපැයුම්, සොයාගැනීම් ආදිය මෝහයත් තණ්හාවත් නිසා කරන විකාරම පමණි. මෙවැනි පසුබිමක් තුළ සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම යනු අමුම අමු ගොං ප්‍රවාදයක් පමණක් නොව අංක එකේ විසංවාදයක් වෙයි.


සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම පසෙක තබා මේ විසංවාදයෙන්, පරස්පර විරෝධී මඩ ගොහොරුවෙන් නලියා ඇතුළු ගෝලබාලයන් එළියට එන අන්දම අපි සාවධානව බලා සිටිමු.

Monday 11 July 2011

ගුරුත්වාකර්ෂණය, පොල් මල, පොල් ගෙඩි සහ පොල් බුරුවෝ







නලින් ද සිල්වා ශ්‍රීමතාණන් නිතර පට්ට ගසන කියමනක් මා අසා තිබේ. ඒ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිබඳව දෙසා වධාරද්දීය. ඇපල් ගෙඩියක් ඔළුවට වැටී ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගොඩ නැගූ නිව්ටන් සම්බන්ධයෙන් කියන මේ කියමන ඉතාම රසවත්, මා වැනි බජාර් එකේ නෝන්ඩි පොරකගේ වුවද අනුමස්තිෂ්කයේ නිම් වළලු පුළුල් කරන එකකි. කළය නමින් වන වෙබ් අඩවියක් අටවා ඇති බැවින් මේ කියමන අවශ්‍ය අයෙකුට පහසුවෙන් සොයා ගත හැක. කළය වැනි දේශීය වතුර රඳවන භාජනයක් නමින් තම වෙබ් අඩවිය නම් කිරීමම එතුමාගේත් එතුමා වටා සිටින අනෙකුත් බුද්ධිමතුන්ගේත් බහුශ්‍රැත භාවය මොනවට පෙන්වයි. "පිරුණු කළේ දිය නොසැලේ" යනුවන් අපේ පැරැන්නෝ කීවේ මෙවැනි කළ ගැන විය යුතුය. නලින්ද සිල්වා ශ්‍රීමතාණන්ගේ ආදර්ශය අනුව යමින් කොත්තුව වැනි සංකර වෙබ් අඩවි වලට එරෙහිව ඉදිරියේදී "වංගෙඩිය, මෝල්ගහ, කුල්ල, ගුරුලේත්තුව" ආදී දේශීය නම් වලින් වෙබ් අඩවි බිහිවූවොත් එය පුදුමයට කරුණක් නොවේ.

නලින් විද්වතාගේ "දැනුම සංස්කෘතියට, රටකට සහ එක් එක් පුද්ගලයාට සාපේක්ෂවේ" යන ප්‍රවාදයට අනුව ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන් සොයාගන්නේ ඇපල් ගෙඩියක් ඔළුවට වැටුණ නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගුරුත්වාකර්ෂණ නියමයකට ඉඩක් තිබිය නොහැක. පොල්, කොස්, සහ දූරියන් වැනි මාරාන්තික ගෙඩි නිසා වසර දෙදහස් හයසීයක කාලයක් තුළ අපේ ජාතියට අහිමිවූ "ලෝකල්" නිව්ටන්ලා ගණන මෙතෙකැයි කිව හැක්කේ නාථ දෙවියන්ට පමණි. වැලිආතා, ගස්ලබු, හෝ කජු පුහුලම් මේ ප්‍රවාදයට නොගැලපෙන්නේයයි, යම් විජාතික බක-පණ්ඩිතයෙක් සමහරවිට ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නලින්ද සිල්වා ඇතුළු ගෝල බාලයන් එවැනි බක-පණ්ඩිත ප්‍රකාශ අවඥාවෙන් යුතුව බැහැර කරනු ඇත. පොල්, කොස් තබා පැණි කොමඩු වැලක් යටින් වුවද සිංහල බෞද්ධයන් යන්නේ නම් ගල් තොප්පියක් දමා ආරක්ෂාව සපයා ගතයුත්තේ මේ ප්‍රවාදයේ ප්‍රායෝගික වටිනාකම නිසාය.

නලින්ද සිල්වා ශ්‍රීමතාණන් මේ සංස්කෘතික සාපේක්ෂතාවය හුවා දැක්වීම සඳහා පොල්මල, පොල්ගෙඩි, හනස්ස, පොල්මුල, කුරුම්බා, පොල්තෙල්, පොල්පැණි, ආදී දහසකුත් එකක් උදාහරණ ගනිමින් වර්ණවත් ලෙස පහදන්නේ බටහිරයන්ගේ සංකල්ප තුළ මේ එකක්වත් නැති බවයි. වෙනෙකක් තබා "ඇට්ටි හැලෙන්න දෙන්නට" පුළුවන් සිංහලයන්ට පමණෙකැයි එතුමා පෙන්වන්නේ ආඩම්බරයෙනි. මීට ව්‍යතිරේකයක් ලෙස පෙන්විය හැක්කේ අනුකාරක විජාතිකයෙක් වන සංගක්කාර කවුඩ්‍රි දේශනයේදී ඇට්ටි හැලෙන්නට දීමයි. ඇට්ටි පමණක් නොව පොරිද හැලෙන්නට දුන්නු බව කාටත් දැන්නම් පැහැදිලිය.

එතුමාට මගහැරුණු තවත් එවැනිම අර්ථවත් උදාහරණ කීපයක් මා මෙසේ සටහන් කරන්නේ එතුමා අවතක්සේරු කිරීමට නොවේ. නිකම්ම "පොල්" යන වදනද අපේ වහරේ පමණක් එන වැදගත් සංකල්පයකි. නලින්ද සිල්වා නොබොන පොල් එතුමාගේ ගෝල බාලයන් හොරෙන් බොන බව රටට රහසක් නොවේ. උන් ඒවා බී, කොන්ටම් ගැනද, නාථ දෙවියන් ගැනද, ආසනික් ගැනද තව තවත් ප්‍රවාද නිපදවති.

පොල් බූරුවා යන්නද අද්‍යතන ලාංකීය සමාජයට සමීපතම යෙදුමකි. පොල් බූරුවා යනු පොල් කන බූරුවෙක් හැඳින්වීමට යොදන්නක් නොවන බව නොතේරෙන්නේ පොල් බූරුවෙකුටම පමණි. මෙහිදී පොල් යන්න යෙදෙන්නේ "බූරුකමේ" විශාලත්වය හුවා දැක්වීම සඳහාය. පොල්ගස තරම් විශාල "බූරුකමක්" ඇති බව මින් හැඟවේ. පොල් බූරුවන් නිසා රටට ජාතියට සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. පොල්බූරුවන් ගණයට වැටෙන්නන් අතර ඉතා ඉහළ "බූරුකමක්" ඇති මහාචාර්යවරු, දොස්තරු, පශ්චාත් උපාධි අපේක්ෂකයෝ සහ විශ්ව විද්‍යාල සිසුන්ද සිටිති. භාවනා කර දෙවියන් හා සංවාද කරන පොල්බූරු දෙන්නුද සිටිති. උන්ගේ පොල් බූරු ප්‍රවාද නිසා කන්නට තියෙන බත් ඇටේටත් කෙලවී, පොහොර සහනාධාරයටත් කෙලවී තිබේ. උන්, නොදන්නා ජීව විද්‍යාවත්, ජාණත්, ඩොලී ගැනත් පොල්බූරු කතා කියා හත්පොලේ ගාගනිති.

නමුත් සැබෑ ප්‍රශ්නය නම් මේ පොල් බූරුවන්ට ඇහුම්කන්දෙන, උන් ඔසවා තබන, උන් කියන කියන පොල් බූරු කතන්දර (ප්‍රවාද) හෙවිල්ලක් බැල්ලිලක් නැතිව පිළිගන්නා එවුන් හැඳින්වීමට යොදාගත හැකි වචනයක් නැති කමයි. පොල් බූරුවන් මෙතරම් සිටින රටක මේ සඳහා ගැලපෙන වචනයක් නොමැතිකම මහත් ලැජ්ජාවකි. අනිත් අතට නලින් ද සිල්වා වැනි විද්වතුන් සිටින රටක ඒ සඳහා වචනයක් නිපදවා ගැනීම මහ කජ්ජක් නොවේ. මේ සඳහා ඔබටත් දායක විය හැකියි. ඔබේ නිර්මාණාත්මක වචනය, යෙදුම මෙහි කමෙන්ට තීරුවේ සටහන් කරන්නේ නම් ජාතික අඩුවක් පුරවන්නට දායක වූවා යයි අනාගතයේ යම් දිනෙක ඔබටත් සතුටු විය හැකියි.

Monday 13 June 2011

ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා...




මාරයා සෑර් අලුතින් පටන් ගත්ත වැඩේට මගෙනුත් තල්ලුවක් විදියටයි මේ පෝස්ට් එක. මාරයා සෑර් දූෂණ වංචා වෙනෝ කියා අනෙක් අය දැනුවත් කර විවෙචනයට එහා යමක් කරන්නට ගත් පියවරේ පළමු පෝස්ට් එක නම් මාරම මාරය. කියවූ බොහෝ දෙනෙක් Naomi Campbell ගේ "කැට්වෝක්" එක දැක කොරවී ගිය දෙහිවල සූ එකේ කොටියා මෙන් අංජබජල්-මනිකුංජල් වී ගිය බව රහසක් නොවේ. මාරයා සෑර් ඔය කියන මාද්-දිය සාකච්ඡාව, මිහිඳුවා ගැලරියට රඟ දැක්වූ නාටකයක් බව කියන්නේ රටක් ජාතියක් නැති අවජාතකයන් සුලු පිරිසකි. ඊට විසිල් නොගසන, අත්පොළසන් නොදෙන එකෙක් වෙත්නම් ඒ දේශද්‍රෝහියෙකි. දැන් ඉතින් රජ රට වකුගඩු පුරස්නෙටත් තිත තබා තිබේ! අද හෙටම මහාරාජා එකේ එවුන් හිරේ දමා මහාරාජා සමාගමත් රජයට පවරාගනු ඇත.

රජරට වකුගඩු රෝගයෙන් මල රෝගීන්ගේ වකුගඩු වල හෝ ශරීර පටක වල ආසනික් තිබුණ බව දේශීය විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (- බලි, තොවිල්, අංජනං,යන්තර , මන්තර හදි හූනියං, ජ්‍යෝතිෂ යනාදී දේශීය ක්‍රම ඇසුරෙන් කරන ලද පර්යේෂණ )දහස් ගණනකින් තහවුරු වී තිබෙන නිසා තවත් සැක සාංකා ඇතිකර ගත යුතු නොවේ. කල යුත්තේ ආවර්තිතා වගුවෙන්ද ආසනික් තහනම් කිරීමය.

ඉහත පින්තූර වලින්ද පෙන්නුම් කරන්නේ තවත් එවැනිම වූ සද්කාර්යකි. නොබෙල් සාම තෑග්ග වැනි එකක් ලැබිය යුතු, ලෝකයේම ජනප්‍රසාදයට පත් වියයුතු, පහන් සංවේග උපදවා ගත යුතු අති දුර්ලභ අවස්ථාවකි.
මේ පින්තූරයට දාන්නට හොඳ හෙඩිමක් ලෙස "දුක් සැප කුමන්දා -අසන නිරිඳෝ වෙන කොයින්දා" යන්න ද උචිතය. එහෙත් වෙඩිතබා මැරූ හිරිමල් වියේ සොයුරාගෙන් එහෙම අහලා වැඩක් නැති නිසාදෝ, ඒ සොයුරාගේ ඥාතීන් ගෙන්වා මේ පොරොන්දු වන්නේ මියගිය එකා නැවත ගෙනැවිත් දෙන්නට විය යුතුය.

Thursday 9 June 2011

නලියා ගැන තවත් කතා 2.





මේ කියන මාධ්‍යවෙදියා අද නම් ලංකාවේ ප්‍රධාන මාධ්‍යජාලයක ඉහල නිලයක් උසුලයි.

ඊට පෙර මේ මාධ්‍යවේදියා ලංකාවේ එකම විද්‍යා සඟරාවේ වැඩ කල බවත් අසා ඇත්තෙමු. එහි ඉතා ජනප්‍රිය කොලමක් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කල බවත් ඉදිනෙදා විද්‍යා දැනුම නව ආකරයකින් ඉදිරිපත් කරන අතරතුර හීන් දේශපාලන ටොකුද ඇන්න බවත් මෙහි සඳහන් කල යුතුය.
ගෝඨා-බය රාජපස්ස විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා යැයි කියන ජෝකර්ලාද සිටින සමයක මේ මාධ්‍යවේදියා නම් ප්‍රශස්ති ගායනා, වන්දිබට්ඨකම් නොකල බවද සඳහන් කල යුතුමය.

මේ ඒ මාද්‍යවේදියා ඉස්කෝලෙ යන කාලයේ සිදුවූවකි. යන්නේ රෝ-ඇලටය. කොල්ලා කාලයේ සිටම නලියා ගැන අතිමහත් භක්තියෙන් පසුවන්නේය. හෙතෙම රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ අලුතය. පත්වීමෙන් පසු රෝ-ඇල් විද්‍යා දිනයේ පළමු දේශනයට නලියාට ආරධනා කළේ ආඩම්බරයෙනි. නලියාද රෝ ඇලේ ආදි ශිෂ්‍යයෙකි. එකල මහාචාර්ය පට්ටම තිබුණේද නැත. අද මෙන්ම එදාද නලියාගේ ජාතික චින්තන බයිලා වලට කන් දුන්නෝද අතලොස්සකි.

විද්‍යා දිනයට රෝ-ඇලේ සුප්‍රසිද්ධ ශ්‍රවනාගාරයට ආ නලියා මහත් හරසරින් පිළිගත් (වෙන්ට මාධ්‍යවේදී ) සභාපතිතුමා එහි මුල් පෙළ අසුනක් පිළිගන්වා වාඩිකරවීය. රෝ-ඇල් කොල්ලන්ගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. නලියා මඳකට අන්ද මන්ද විය. මූලාසනයේ අසුනක් නලියාට නැත! මූලාසනයේ රෝ-ඇල් විදුහල්පති වරයාද, හරිත චස්වත්තේ නම් තවත් දේශපාලන පසුබිමක් ඇති ආදි ශිෂ්‍යයෙක්ද, අනුශාසක ගුරුවරයාද වෙයි. එහෙත් නලියාට මූලාසනය අහිමිය. ඒ මදිවාට නලියා රෝ-ඇලේ ඉන්නා කාලයේ සිදුවූ බහින්බස් වීමකින් පසු හරිත චස්වත්තේ නලියාගේ ජම්මන්ත සතුරෙකි. ඒ මූලාසනයේ සිටින සතුරා පහළ ඉන්නා තමා දෙස බලමින් සිනාවෙනු නලියාට පෙනේ. නලියා දත්කූරු කමින් වෙන්ට-මාධ්‍යවේදි-විද්‍යා සංගම් සභාපතිවරයා දෙසද රවා බලමින් තම කතාව එනතුරු ඇඟිලි ගනිමින් සිටියේය. නලියා අනුමාන කල අයුරින්ම සියලු කතාවලින් පසු නලියාට අවස්ථාව ලැබුණේය. දෙඤ්ඤං බැටේ න්‍යායෙන් නලියා කතාව ඇරඹුවේය.

"
ඔව් මමත් මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්, මට මතකයි මමත් මෙන්න මේ විදියටම නිල් කලිසම, මේ විදියටම සුදු දිග කලිසම ඇඳල ඇඳල මේ ඉස්කොලෙට ඇවිල්ල ඉගෙන ගත්ත. ඒත් කනගාටුවෙණ් වුණත් කියන්ඩ ඕනේ, මේ ඉස්කොලෙන් බිහිකරපු තරමක් බිහිකළේ අනුකාරකයෝ. මේක ලංකාවේ අංක එකේ විජාතික අනුකරාකයෝ බිහිකරන පාසල. ඒ වගේම මේ ඉස්කෝලෙ තැනක් ලැබෙන්නේත් තැනක් තියෙන්නෙත් විජාතික චින්තනයට, අනුකාරකයන්ට මිසක් ජාතිකත්වයට, නෙවෙයි.."

රෝ-ඇලේ විදුහල්පතිවරයා තුෂ්ණිම්භූතව බලා සිටී. සංගමයේ අනුශාසක ගුරුවරයා නොසන්සුන් මුහුණින් යුතුව ඉදිරිපෙළ සිටින සභාපතිවරයා ඇතුළු අනෙකුත් සිසු-නිල මඩුල්ලට ඔරවයි. සිසුන් අතරද මද නොසන්සුන්තාවයකි. අතරින් පතර ඔලොක්කු සිනාවන්ද ඇසේ.

නලියා දිගටම කතාව කරගෙන යයි. කොන්ටම් පැත්තට කතාව හරවා නිව්ටෝනීය භෞතිකයටත්, බටහිර විද්‍යාවටත් නෙළු හෙතෙම, ජාතික චින්තනය පැත්තට කතාව හරවා තවත් වැළමිටි පහරවල් දෙක තුනක් රෝ-ඇලට නෙලමින් තම කතාව අවසන් කළේය.

රැස්වීම අවසන්වන්නටත් මත්තෙන් විද්‍යා සංගම් සභාපති-වෙන්ට මාධ්‍යවේදී සිසුවාට ලැබුණු නියෝගයකින් කියවුණේ වහාම විදුහල්පතිතුමා හමුවන ලෙසය.

නියෝගය අනුව විදුහල්පති කාර්යාලයට ගිය වෙන්ට-මාධ්‍යවේදී සිසුවාට දකිනට ලැබුණේ මුහුණ රතු කරගගෙන, රවාගෙන සිටින විදුහල්පතිවරයා, අංශ භාර ගුරුවරයා සහ අනුශාසක ගුරුවරයාය.

පසුදා උදෑසනම අපේ කතානායක සිසුවා රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූයේය.




මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය

Monday 2 May 2011

පරිගණක අපරාධ වලක්වන්නට හැදු රාජ්‍ය ආයතනයකින් "හැකිං"




පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ඒකකය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් වුවත් ඔවුන් වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව වාර්තාවේ.

Saturday 30 April 2011

උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද



ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද??

Video from slcolombo2

Sunday 13 March 2011

සයිබ ත්‍රස්තවාදය පිටුපස චීන බුද්ධි අංශ, හමුදාව සහ TRC???



අන්තර්ජාල-වාරණය පිලිබඳ චෝදනා හේතුවෙන් ලෝක සෙවුම් යන්ත්‍ර යෝධයෙක් වන ගූගල් සමඟ යුද්ධයක පැටලුන චීන විශේෂඥයින්ගේ අනුග්‍රහය, ශ්‍රී ලංකාවට "අහිතකර" අඩවි අවහිර කිරීම සඳහා ලැබෙන බව පසුගිය පෙබරවාරියේදී පලමු වරට ප්‍රවෘත්ති අඩවි කිහිපයක් වාර්තා කරනු ලැබීය. චීන හමුදා-බුද්ධි අංශයට අනුයුක්ත තොරතුරු සන්නිවේදනයේ විශේෂඥයින් මේ කාර්ය්‍යය සඳහා අවශ්‍ය සම්පත් සහ උපක්‍රමික ක්‍රමවේද අධ්‍යනයට පැමිනෙන බවද කියැවුනේය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), වෙබ් අඩවි තමන් සමඟ රෙජිස්තර කිරීමේ නව නීති රීති හඳුන්වාදීමට යන බවක්ද කියවුනේය. මේ අනුව නීති සම්පාදනය වූ පසු නව අයි. පී ඇඩ්‍රස් ලබාදෙන්නේ මෙම සභාවෙන් ලු. දැනටමත් ඇඩ්‍රස් ඇති එවුන්ගේ ඇඩ්‍රස් නැති කිරීමට මොන කොමිෂන් සභාව සම්බන්දද නැද්ද, කුමන බුද්ධි අංශ හවුල්ද නැද්ද යන්න දන්නේ දෙවියන් පමණි. කොමිෂමේ අධ්‍යක්ෂක වරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර්ජාල ලිපි සහ පණිවුඩ නිරීක්ෂණය කිරීමට විද්‍යුත් ආවේක්ෂන (Electronic Surveillance) කටයුතු සඳහා චීන ඉංජිනේරුවන් යොදාගෙන නැති බවයි. එහෙත් අන්තර් ජාල අන්තර්ගතය නිරීක්ෂනය කිරීමට හා පාලනය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතු බවත් "සමාජයට ප්‍රශ්නයක්" වන ආගමික, දේශපාලනික හෝ ලිංගික අඩවි "විමසුමට" ලක්විය යුතු බවත් පිලිගත් බව කියැවිනි.

ආණ්ඩුව විවේචනය කරමින් මැතිවරණ දූෂන පිලිබඳ ට්විටර් සහ ෆේස්බුක් පණිවුඩ ලියු පුද්ගලයන් පසු පස කොමිෂම ලුහු බැඳ ගියබව අධ්‍යක්ෂකවරයා ප්‍රතික්ෂේප කරද්දී, ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍යය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ආණ්ඩුව විවේචනය කරමින් එස්.එම්.එස් පණිවුඩ යැවූ කිහිපදෙනෙක්ම පොලිස් අත් අඩංගුවේ සිටින බවත් පරීක්ෂණ අවසන් වූ පසු නීති ප්‍රකාරව කටයුතු කරන බව පිලිගත් බවත් වාර්තා වූයේත් මෑතකදීය.

Link 1
Link 2
Link 3
Link 4

Thursday 10 March 2011

අති පූජ්‍ය අපරැක්කේ පු_ රැක්කේය. රට දැය සමයද රැක්කේය.


මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි උසස් මානසික තලයක් ලබා ගැනීම සඳහා කරන ලද යාතුකර්මයක් වැනි යමක් විය යුතුය මේ ලිංගික අපහරණය කියා සිංහල බෞද්ධ විරෝධීන් විසින් හදුන්වන්නේ. ලිංගික අපහරණයට ලක්වූ කුඩා සාමනේර හිමිවරු පස් නමකගෙන් කට උත්තර ගෙන ඇති අතර, අති පූජ්‍ය අපරැක්කේ චෝදනා පිලිගැනීමන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. බුදු බනේ මේ ලිංගික අපයෝජනය වැනි වැඩ තහනම් කර නැති බව අපිට නම් සීයට දෙසීයක් ෂුවර්ය. ඇප දී නිදහස් කිරීමම අපි ධර්ම රාජ්‍යයට කොපමන ලංව සිටින්නේද යන්න කියන නිර්ණායකයකි. අති පූජ්‍ය අපරැක්කේ රට දැය සමය පමණක් නොව කුඩා සාමනේර හිමිවරුන්ගේ ශරීරාංගද තමන්ගේ මෙන් රැකගත් උතුමෙක් බව සාසන ලැදි අපිට නම් අරුමයක් නොවේ. "පිරිත් කැටි කර" සාන්ද්‍ර කර බෙදන මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් නිසාම බුදු සසුන තවත් අවුරුදු විසිපන්දහසක් වත් නොතිබුනෝතින් තමා අරුමය!
සිංහල බෞද්ධයන්ට එරෙහි වන නිසා "බ්ලොග් ඉවත් කරන" මහතැන්ලාට මේ සම්බන්දයෙන්ද මැදිහත් විය හැකිය. අති පූජ්‍ය අපරැක්කේ වැනි නිර්මල බුද්ධ පුත්‍රයන් ගැන රටට හඬ ගා කියන අතරම එතුමන් වැනි උතුමන් පිදීම සඳහා "මොහොමඩ් නාශක" සම්මානය වැන්නකින් පුදා ගෞරව කල හැක. පිදිය යුත්තන් පිදීම මංගල කරුනක් බව අප මතක් කල යුතු නොවේ.

මේ අව්වස්සේම, ජොර ජොර ගා කඳුලු වගුරුවන ගං කබරයින් බෞද්ධ හිමිවරු සාතනය ඝාතනය කරල යැයි දෙස් දෙවොල් තබමින් කොමිෂොන් පිට කොමිෂොන් ඉල්ලනු පෙනේ. ඇත්ත වශයෙන්ම අපේ සිහල උරුමයේ මන්ත්‍රී හාංදුරු වරු ඉන්නා කාලෙක, අපේ ඩයිනමෝ ඇමති වැනි හෙල උරුම ලොක්කන් පොරවී සිටින සමයක ආංඩුව අපහසුතාවට පත්කල යුතු නැත. සෝම ගේ මරණය විකුණා පාර්ලිමේන්තු ගිය හෙල උරුමයේ මන්ත්‍රී හාංදුරු ඒ පිලිබඳව නිහඩව තම පරීක්ෂන කරගෙන යන බව අපට නම් ෂුවර්ය. අමතක වූ සාසන ලැදි බෞද්ධ සැමට මතක් කරන්නේ මේ රෝහණ ජන රංජන සම්මානයෙන් පිදුම් ලැබු මහින්ද මහ රජාගේ ආණ්ඩුව සහ හෙල උරුම මන්ත්‍රී හාංදුරුවරුන්ගේ ආන්ඩුවක් විනා ඌ.එම්.පී ආණ්ඩුවක් නොවන බවය. ඒ නිසා ඉවසීමෙන් සැනසීම ලැබේ යයි සිතා කටපියා ගැනීම කාගේත් ශරීර සෞඛ්‍යට හිතකරය.


Monday 7 March 2011

වාරණයට එරෙහිව- ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය




උපුටා ගැනීමකි.





සියල්ලන් වෙත දැනුම් දීමයි.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත.

මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්‍රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්‍යතාවයක් මාර්ගයෙන් ව්‍යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්‍රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්‍යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්‍ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්‍ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.)

කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්‍රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්‍රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති.

දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ swimfanlk@gmail.com ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

- Taboo

Taboosubjects.wordpress.com is no longer available. The authors have deleted this blog.




Taboosubjects.wordpress.com is no longer available.
The authors have deleted this blog.

Thursday 3 March 2011

නලියා ගැන තවත් කතා 1.




නලියා මුංතුල්ල තක්සලාවේ කොන්ටම් උගන්වමින් සිටින අවදියයි. කොන්ටම් කීවාට මුංතුල්ලේ කොන්ටම් නැති නිසා චින්තනයත් ගණිතයත් උගන්වමින් බටහිර විද්‍යාවට අම්ම මූ නැතිව බනිමින් පොරවෙන්නට දඟලන කාලයයි. අනුකාරක චින්තනයෙන් අත්මිදෙන ආකාරය කියා දෙමින් මෙසේ හුදී ජනයාට යහමග පෙන්වමින් කාලය ගත කරන අතරේ තම පුත්‍රයින් දෙදෙනාම නොම්බර එකේ අනුකාරක පාසල වන රෝ-ඇල් කොලීජියට යවන්නේය. මුංතුල්ලේ සිට රෝ-ඇලට පයින් යන දුරය, තාප්පෙන්ද පැන යා හැක.

සාමන්‍ය ජන ජීවිතය ගැන මෙලෝ තැකීමක් නැති, කිසිම අංගපුලාවකට නැති කොටි ත්‍රස්තවාදීන් හිටිවනම රෝ-ඇල අසලම එවකට පිහිටා තිබූ "ඒකා-ආබද්ද හමුදා මූලස්ථානය"ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලහ. මුලු තුම්මුල්ලම දෙදරුම් කවමින් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ඒකා-ආබද්දේ ගේට්ටු කඩාගෙන ඇතුල්වී පුපුරා ගියේය.

නලියා වහා මුංතුල්ලෙ විවෘත ආපන ශාලව ඉදිරිපසට විත් බෙල්ල දික්කර බැලුවේය. හාපෝයි!, රෝ-ඇල දිහාවෙන් කලු දුං ගුලියක් නගිනු පෙනේ! තර්ස්ටන් පාරේ තදබදය මැද්දේ සයිරන් හඬ නංවමින් ගිලන් රත එක පේලියට ඇදී යයි. නලියාට පුත්තු දෙන්නා සිහිවිය. අඩියට දෙකට රෝ-ඇල දෙසට දුවන්නට විය.

පැයක් පමණ අනෙකුත් දෙමව්පියන් සමඟ පොරකා තම පුතුන් දෙදෙනා සොයාගත් නලියා උන් දෙන්නා අතින් අල්ලගෙන තර්ස්ටන් පාර දිගේ ගෑටුවේ තුන් හිතින්ම ප්‍රබාකරන්ගේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට නොසෑහෙන්න සාප කරමිනි.

තර්ස්ටන් පාරේ තක්සලා ගේට්ටුවෙන් අතුල්වනවාත් සමඟම නලියාට මුන ගැසුනේ තුන්වන වසර ගනිතය විශේෂවේදී උපාදිය හදාරන සිසුන් තිදෙනෙකි.

"බලනව අයිසේ! අරහෙ කොටි ගහල. මං ගිහිල්ල මේ පොඩි උන් දෙන්න හොයාගත්තේ. තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ" නලියා තම දුක කීවේය.

සිසුන් අතර සිටි චින්තන විරෝධියෙක් " ඉතිං සෑර් ලමයි දෙන්න රෝ-ඇල් එකෙන් අස්කොරල පනිනපිටියේ ධර්මපාලෙට යැව්වනං කිසි කරදරයක් නෑනේ" කීවේ ඔලොක්කු සිනාවකින් මුව සරසාගෙනය.

නලියාට කට උත්තර නැත! අත මිට මොලවා සිසුන් තිදෙනාට රැවූ නලියා "මේ ලමයි දෙන්න ඉන්න නිසා මම කියන්නේ නැහැ!" කියමින් අඩියට දෙකට මාරුවුයේ අනුකාරක චින්තනය නිසා මොටවී ඇති සරසවි සිසු-මොල වලට සාපකරමිනි.


මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය.

Saturday 29 January 2011

තොපි මාවත් අන්දන්නද?





ඒ ජෙප්පන් අවි ගෙන සිටි භීෂන සමයයි. ජෙප්පන්ට එරෙහිව රජයේ නිල-නොනිල හමුදා අඳුරු සෙවනැලි අස්සේ දඩයම් කල අවදියයි. පේරාදෙණිය සරසවිය ජෙප්පන්ගේ බලකොටුවක්ව තිබූ කාලයයි.චම්පක ජෙප්පන් සමඟ මතවාදීමය කරුනු උඩ ගැටී විරසකවූ කාලයයි. දේශප්‍රේමයේ නාමයෙන් මව්බිම සුරකින වීරයා මම්ම නොවේදැයි සිතමින් පසුවූ කාලයයි. අක්බාර් එකේ ප්ලේන්ටි බොමින් රතන හා එක්ව ජෙප්පන්ට එරෙහිව මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ක්‍රියාවට නැංවීම සඳහා පිඹුරුපත් සකසන අවදියයි.

ජෙප්පන්ට එරෙහිව පලමු පෝස්ටර් වෙඩිමුරය පත්තු කරන්නට අවශ්‍ය පිරිස් බලය මඳ කමින් නියව නියවා සිටින චම්පකයාට වැඩිකල් වේලි වේලි ඉන්නට සිදුවුනේ නැත. "තෙල බෙදීමේ"ද, වාග් චාතුර්‍යෙහිද දස්කම් විස්කම් නිසාම පලමු වසර කොලු ගැටයෙක් අක්බාර් එකෙන්ම "බා" ගන්නට හැකි විය.

අක්බාර් එකේ ඇල් ප්ලේන්ටිය බොමින් චම්පකයා අලුත් කොලුගැටයා හා රහස් සංවාදයකට මුල පිරුවේය.

"මල්ලි අපි අලුත් සංවිධානයක් හදන්නයි යන්නේ ජෙප්පොන්ට විරුද්ධව. මල්ලි මේකෙ උප සභාපති කරන්න තමයි කට්ටිය හිතං ඉන්නේ." කොලු ගැටයා මුරුංගා ගසේ කරටියට යාන්තම් පහලින් ස්තාන ගත කරන්නට චම්පක වග බලාගනී.
කොලුගැටයා විශ්මයෙන් අසා සිටී. මොහොතකට කලින් ඉන්දියානු භූ-දේශපාලනික උපක්‍රම සහ චීනය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන පුළුල් දේශනයක් දී තම ගෞරවය දිනාගත් චම්පක "අයියා" කියන්නේ මට වඩා සුදුසු එකෙක් මේ මුලු මහත් කැම්පස් තලයේම නැති බවද?

"කවුද කට්ටිය කිව්වේ?"

"කට්ටිය කිව්වේ අනිත් පැකල්ටිවල ඉන්න අපිට සපෝට් අය, කොච්චර නං ඉන්නවද ඒවල.!"

"අරූ, රතනය ඇරෙන්න එකෙක්වත් මට තාම හම්බෙලා නැහැනේ" කොලුගැටයා තම අවංක අදහස තෙපලයි.

"ඒකම තමයි මල්ලි අපි මේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ගැන කට්ටිය දැනුවත් කරන්න ඕනේ, තාම කට්ටිය මම මේකෙ සභාපති කියලවත් දන්නේ නෑනේ.. මේ පෝස්ටර් පාර හරියට ගියොත් ..හහ් ඔන්න බලන්ඩකෝ."

" එහෙනං වැඩේ කරමු අයියේ. මම රෙඩි. රතනය පාප්ප වැඩේ කරල දෙන්නං කිව්ව කියන පරක්කුවෙන්."

"රයිට්, රයිට් එහෙනං අඟහරුවාදට එලිවෙන්න, මම එනව පෝස්ටර් ටික ඇඳන් ගලහ හන්දියට."

-------------------------------------------------

"කෝ මල්ලි එකට නේ එනව කිව්වේ? මම මෙතන මර රෑ වාත වෙනවනේ?"

කොලුගැටයා පාප්ප බාල්දිය බිමින් තබා හති අරියි.." හාපෝ.... මේ රතනය දීපු පාප්පේ මහ ගඳයි, ගිය සතියේ හැදුව එකක් ලු" කොලුගැටයා නැවත් හති අරී.
"ඉතින් මේ බකට් එකට දාගන්න කවුරුත් සප් එකක් දුන්නේ නෑ. ඔක්කොම නහයවල් වහං දුවනව. පාප්ප ගාන්න බුරුසුවක් හෙව්ව හෙව්ව හම්බුනේ නැහැ, අන්තිමට රතනය පන්සලේ කොස්ස දෙකට කඩල දුන්න..බලාගෙන ගියාම ඒකත් නියමයි වැඩේට."

"හරි, හරි. මල්ලි ගාන්න මම අලවන්නං" චම්පක වට පිට බලමින් කියයි. "ඉක්මනට වැඩේ ඉවරයක් කරමු, කියන්න බෑනේ , උඩුගම්පොලයගේ එවුන් ගජරාමෙට කොල්ලො උස්සනවලු"

"අයියේ අර කොලඹ මෙඩ්ඩ, වෙනුර, ඌවත් උස්සලලු"

චම්පකයාගේ හිත ගැස්සී යයි.

" අර වයිශිකේ හිටපු මෑන්ස් නේද?"

"වයිශිකේ කිව්වේ??" කොලුගැටයාගෙන් නැවතත් ප්‍රශ්නයක්.

"වෛද්‍ය ශිෂ්‍ය කමිටුව,..මල්ලි ඔය කොන් හොඳට ඇලවෙන්න උඩිනුත් පාප්ප පාරක් දෙන්න"

ඈතින් වාහනයක් එන හඬක් ඇසේ. ජීප් එකක් බව ඉවෙන් මෙන් කොලු ගැටයා හඳුනා ගනී.

"අයියේ ජීප් එකක් වගේ ..මොකද කරන්නේ.."

"මල්ලි හැංගෙන්න ඕන්නෑ, ඔහොම්ම ඉමු, මේ පෝස්ටර් ජෙපි-විරෝදී නේ,බය වෙන්ඩ දෙයක් නෑ"

ජීප් රතය මහ හඬින් තිරිංග තද කරමින් නවතියි. ඉන් එලියට බහින්නේ තරු දෙකේ පොලිස් නිලධාරියෙකි. තුවක්කු අතින් ගත් සිවිල් ඇඳුමෙන් සැරසුනු පිරිසක් චම්පකයාත් කොලු ගැටයාත් වටකර ගනිති.

පොලිස් නිලධාරියා තම අතවු මිලි මීටර් නවයේ පිස්තෝලය ලෙලවමින් පැමින " ආ කෝ බලන්න මොනවද මේ පෝස්ටර්.. හ්ම්ම්ම්.. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය.. ඒ මොකද්ද ඒ?. යකෝ තොපේ කටේ පිට්ටුද? මොකද්ද මේ සංවිදානේ? කවුද මේකෙ නායකයෝ?

කොලු ගැටයා පොලිස් නිලධාරියාගේ ගෝරනාඩුවෙන් තැති ගනී. බයටම චම්පකයාට ලංවෙද්දී පාප්ප බාල්දිය තුලට කකුල දමන්නේ නොදැනුවත්වමය.

"ෂික් විතරක් මුංගේ පාප්ප නිකං බලු ගූ වගේ" අවි ගත් එකෙක් පිලිකුලෙන් චම්පකයාට ඔරවයි.

"කවුද මේකෙ නායකයා" පොලිස් නිලධාරියා පිස්තෝලය කොලුගැටයාගේ හිසට තබා ගොරවයි.

"මෙයා සබාපති, මං උපසබාපති"

"මෙයා චබාපති, මං හුකචබාපති, ඈ ?" කට ඇදකර කොලුවා කියූවම පුනරුච්චාරනය කල නිලධාරියා " එතකොට තොපේ ලේකම් පංසලේ හාමුදුරුවොද?" යි අසන්නේ නැගී එන කේන්තිය මැදය.

චම්පකයාගෙ වැලමිටි පහර නිසා කොලුවා "ඔව්" කියන්නට ගිය වචන ගිල ගනියි.

"නෑ ඇත්තටම මෙයා සබාපති, මං උපසබාපති" කොලුවා බැගැපත්ව කියද්දී චම්පකයා හිස් අහස දෙස බලා සිටී.

"අනේ බොල හු** ගේ පුතාල තොපි මාවත් අන්දන්නද? මොන සංවිදානෙද යකෝ සබාපතියි උප සබාපතියි පෝස්ටර් ගැහැව්වේ???" නිලධාරියා පිස්තෝල මිටෙන් චම්පකයාගේ බඩට අනී. අවි ගත් එව්වෝද නිලදාරියා අනුව යමින් තුවක්කු මිටි වලින් චම්පකයාටත් කොලුගැටයාටත් හොඳ හැටි සංග්‍රහ කරති.

"දාපල්ල ඕකුන් දෙන්නව ජීප් එකට." නිලධාරියා කේන්තියෙන් අණදෙයි.

නහයෙන් කටින් ලේ පෙරාගෙන වැටී සිටින චම්පකයාත් කොලුගැටයාත් ජීප් රිය තුලට විසිවෙයි.

සිද්ධිය සැලවී විශ්ව විද්‍යාල ආචර්යවරයෙකු සමඟ චම්පකයා බේරගන්නට පොලීසි එන රතනයා දකින්නේ හොඳටම පහර කා සිහිසුන්ව පොලිස් කූඩුවේ වැටී සිටින සගයින් දෙදෙනාය.

"සංවිධානයේ නායකයින් කවුද" යන ප්‍රශ්නය නැවත නැවතත් රැ තිස්සේ ඇසී ඇති බවත්, ඊට පිලිතුරු ලෙස කොලු ගැටයා එකම උත්තරය දී ඇති බවත් රතනයා ඇතුලු සරසවි ප්‍රජාව දැනගන්නේ ඊට සතියකට පසු රෝහලේදී චම්පකයාට සිහි එලැඹි විටදීය.


මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය. යාන්තමින් හෝ සැබෑ ලෝකයේ අතීත සිදුවීමක් නිරුපණය කැරෙන බව හැඟේ නම් එය කතෘ ගේ දක්ෂතාවය බව පමණක්ම නිසා වූවක් ලෙස සැලකිය යුතු.

Tuesday 18 January 2011

කවුද යකෝ තොට නම දැම්මේ?





මේ ටැබූ ගේ මෑතක පෝස්ට් එකක් කියවීම නිසා හිරවු සූස්ති දුමාරය මැද සිහිවු කතාවකි.

ඔහු උගතෙකි, හෙලයේ අරුත් බර වදන් මවන් දෙවියාය. ජාතියටම නම් දාන්නේ ඔහුය.
කැනඩාවේ වෙසෙන ඔහුට දුරින් නෑයෙක් වන කාන්තාවක් එකම දරුවා සමඟ ලංකාවට සැපත් විය. කොලුවා කටකාරය, වැඩිහිටන්ට ගරු සරු දැක්වීම වැනි හෙල ගති නැත. කැඩිච්ච සිංහලෙන් දොඩවයි. මහ හෙලයාට මල පැන්න නමුත් හෙල සිරිත්-විරිත් නිසා මුවින් නොබැන ඉවසා වදාලේය.

"ග්‍රැන්පා ග්‍රෑන්පා" කියමින් චාරයක් නිනව්වක් නැතිව එහෙ-මෙහෙ දුවන කොලුවා වරෙක මහ හෙලයාට හැදූ තේ එක බී හෙලයා කුපිත කලේය. තවත් වරෙක නිවසේ මහ හෙලයාගේ හාන්සි පුටුව බදු ගත්තාසේ පුකත් උඩ දමාගෙන දිගෑදී මහ හෙලයා නොදැක්කාසේ සිටියේය. මහ හෙලයාට මූව කන්න කෙන්තිය. නමුත් මූලග්ගින්න වැඩිවන තුරුත් ඉවසා සිටියේ නෑකම නිසාය.

දිනක් මහ හෙලයා හාන්සි පුටුවේ සිටියදී දුටුවේ "ඉංග්‍රිස්" සින්දුවක් මුමුනමින් ඒ අසලින් පැන පැන යන කොලුවාය. කොලුවා දුටු මහ හෙලයාට හදිසියේම මතක් වුයේ ජාතියටම නම් දමන තමාට මේ වසවර්තියාට නමක් දාන්නට නොලැබුනු බවය. දුරින් නෑ වන ගැහැනියද මු වගේම බක-පණ්ඩිත අම්මන්ඩියෙක් බව හෙලයාට මතක් විය.

"ඒයි කොල්ලෝ මෙහෙ වරෙං!" හෙලයා හඬ අවදි කලේයෙ.

"වෝට් ??" කොලුවා නුරුස්නා බැල්මකින් පිලිතුරු දුන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.

"මෙහෙ එනවා"

කොලුවා මහ හෙලයාට කිට්ටු විය.

"මොකද්ද ඔයයිගෙ නම ?" හෙලයා විමසන්නට විය.
කොලුවා පිලිතුරක් නැතිව බලා සිටී.

"නම,නම.. නේම් ??"

"මයි නේම්? ...ඉරෝශන්"

හෙලයාට අම්බානකට තද විය."ඉරෝශන් ??"

"යා, ඉරෝශන්"

" ඇයි යකෝ, ඔයිට හොඳයිනෙ තොට හෝදපාලුවා කියල දැම්මනං" මහ හෙලයා කිවේ දවස් ගනණක කේන්තිය පිටකරන ගමන්ය.

"මාම්, වොට් ඉස් ෂොදාපාල්වා ?" ඈතින් ඇසෙන කොලුවා සහ මව අතර සංවාදය රස විඳිමින් හෙලයා හාන්සිපුටුවේ වාඩි වූයේ දින ගණනකින් නොවිඳි තෘප්තියකිනි.