Thursday 17 December 2009

කතන්දර! කතන්දර! චතුෂ්කෝටික කතන්දර!

නලියා ගේ සෑබෑ නොහැකියාව සහ හෙලුව හෙලිදරව් කිරීමේ ආහ්ලාදයෙන්ද, නලියාට කඩේ යන ඉග්නොරේමස් ඇම්බැට්ට රැළ නිහඬ කිරීම නිසා නොවක් සන්තුෂ්ටියෙන්ද පසුවූ හෙයින්, වෙනස් ආරක නලියා ගැනම කතන්දර කිහිපයක් ලියන්නට මම අදහස් කරමි. මේ කතන්දර ලියැවෙන්නේ අපේ සහෘදයෙකු වන කතන්දර කාරයා සම්මානයට පාත්‍රව තිබෙන අවස්තාවකය. ඒ ගැන මතක් කෙරනුයේ නොමඳ සතුටකිනි. බ්ලොග් අවකාසයේ තවත් සහෘද අඩවියක් වන බූන්දිය වාරණය කරනු ලැබුයේ ද මේ තරගයෙනි. ඒ ගැන නොසතුටද මෙහි සටහන් විය යුතුමය. කිසිවෙකු වාරණය කිරීම අපට එකඟ විය හැකි මාතෘකාවක් නොවේ. සූස්ති ගුනේ සමඟ නිතර ගැටෙන මිගාර විසින් ඒ සම්බන්දයෙන් පෙන්වනු ලැබූ ප්‍රතිපත්තිමය එකඟතාවය මේ සියල්ලටම වඩා අතිමහත් ප්‍රශංසාවට ලක්විය යුතුයැයි සිතමි.

මේ කතන්දර වල එන නලියා අප දන්නා නලියාම නොවේ. එසේ කීවද ඒකා නොවෙයිත් නොවේ. බෞද්ධ චතුස්කෝටික චින්තනයට සහ බ්‍රයන් ඇඩම්ස් ගේ Elegant Universe හි එන තන්තු වාදයට අනුව මේ නලියා සිටින්නේ අපට සමාන්තර විශ්වයකැයි සිතමු.

සිල්වා කතාවස්තුව.

මේ කියන සමාන්තර විශ්වයේ නිල් ග්‍රහලොවෙහි එක්තරා කොදෙව් දූපතක නලියා නම් ගනිතයෙහිද කොන්ටම් විද්‍යාවෙහිද කෙලපැමිණි කෞරව වංශිකයෙක් වාසය කරන්නේය. තුමුගෙන් "චින්තනය" නම්වූ නව මගෝඩි අදහසක් හදාරමින් සිටි පසුව මේ චින්තනය අරබයා ගැටී වෙන්ව ගිය චම්පක නම්වූ කෙලෙඹි පුත්‍රයෙක්ද රතන නම්වු රාත්‍රී ආහාර ගන්නා නිකායේ ශ්‍රමනයෙක්ද "ත්‍රස්ත මහා ව්‍යාපාරය" නැමති රති-කාම කල්ලියක් පවත්වාගෙන යන්නාහුය. මේ කල්ලියේ සැබෑ තතු නොදත් නොයෙකුත් කොල්ලන් සහ කෙල්ලන් දේශප්‍රේමයේ නාමයෙන් එතනට රැස්වන්නාහු, නලියා සහ චම්පකගේ විරසකය දැන විසුලුවක් කරමුයි සිතා ඒ කොල්ලන් අතර සිටි ගෙවිඳු නම් වු පුත්‍රයෙක් දුරකතනයෙන් නලියා අමතයි.

ගෙවිඳු - හලෝ

නලියා- ඔව් ආයුබෝවන්,

ගෙවිඳු- හලෝ, මේ මට ෆ්‍රෙඩී සිල්වා ට කතා කරන්න පුලුවන්ද?

නලියා- හ්ඃ ඈ!!??

ගෙවිඳු- හලෝ මට ෆ්‍රෙඩී සිල්වට කතා කරන්න පුලුවන්ද

නලියා- ෆ්‍රෙඩී සිල්ව??

ගෙවිඳු- ඔව් ඔව්..

නලියා- ....ෆ්‍රෙඩී සිල්වා තොපේ අම්මත් එක්ක බුදි!!!

--------------------------------------------------------

මහා මංගල ජල්බරි කතාවස්තුව.

නලියා තම කෙලපැමිනි දැනුම බෙදාදෙමින් මුංතුල්ල නම්වූ ශිල්ප විද්‍යා අකුරු කරන්නාවූ තැනෙක ජිවීකාව කරන්නේ, නොයෙකුත් කෙලෙඹි පුත්‍රයන් නලියාගේ ගෝලයන් ලෙස විද්‍යා හදාරති. එහෙත් නලියා තම මගෝඩි චින්තනය මේ විද්‍යාර්තීන් අතර පතුරවන්නේ, කෙටිකලකින් චින්තන පාක්ෂික, චින්තන විරෝධී නම්වූ කල්ලි දෙකක් මුංතුල්ලේ පැනනැංගාහුය.

චින්තන පාක්ෂික ගෝලයෙක් යුගදිවියට ප්‍රවිශ්ඨවන්නේ නලියාට තම මංගලෝත්සවයට ආරාධනා කලා පමනක් නොව, චින්තනයට අනුව දේශීය රසකැවිලි වලින් මංගල උත්සවය සැරසූහ. හිතවත්කම නිසාම චින්තන විරෝධී පාර්ශවයේ එකෙක් ඡයාරූප ගැනීමට ගෙන්වා ගත්තේය. නලියා සැපත්ව දේශීය ආහාර ගනිමින් මංගල යුවලට සුභ පතන්නේ, අසූ අට රියන් කේක් ගෙඩිය දැක ප්‍රේත සිතින් යුතුව විශාල කේක් කැබල්ලක් බුදින්නේය. චින්තන විරෝධී මිතුරා නලියා කේක් බුදිනු දැක ලවක් දෙවක් නොමැතිව පොටෝ ගහන්නේය. නලියා මේ දැක කිපී, ඌ හඹාවුත් කොලරයෙන් අල්ලා

"ඈ බොල මං මෙච්චර කැවුම් කොකිස් කෑව, තොට එක පොටෝ එකක් ගහන්න බැරි වුනා..මම කේක් කනකොට තොට පොටෝ ගහන්න තියෙන කඩි කුලප්පුව මොකක්ද බොල" යි ගුගුරන්නේය.

මහත් බියට පත් චින්තන විරෝධී මිතුරා, තම කැමරාවට හානියක් වෙත්දෝයි බියෙන් නලියාගෙන් ගැලවෙන්නට හදන්නේ, සම්බරතාවය බිඳී නලියා සමඟ මඟුල් මේසය උඩට වැටුනාහුය. මහාමංගල කේක් ගෙඩිය අටවා තිබූ අසු අට රියන් අටමගලය කඩාපාත්වී මංගල යුවලත්, නෑ සිය මිත්‍රාදීන්හුත් කේක් වලින් නැහැවී මහා ජල්බරියකින් මංගලෝත්සවය නිමියේය.

මෙහි එන සියලු නම් ගම් මනඃකල්පිතය. සැබෑ ලෝකයේ කිසිදු පුද්ගලයෙක් හෝ සිද්ධියක් නිරූපනය නොකරන්නේය.

Tuesday 15 December 2009

Times expert authenticates Sri Lanka's Channel-4 war-crimes video

[TamilNet, Tuesday, 15 December 2009, 04:51 GMT]
Following independent verification by a US-based group of the authenticity of the Channel-4 video in October, UK's Times reported in its Tuesday edition that its own independent analysis of the Channel-4 broadcast video, showing Sri Lanka Army (SLA) soldiers summarily executing unarmed Tamils stripped naked and hands tied behind the back, found "no evidence of digital manipulation, editing or any other special effects." Times' forensic analyst, Grant Fredericks, is an independent forensic video specialist who is also an instructor at the FBI National Academy, the paper said.

Mr Fredericks’s research showed that code embedded in the footage appeared to match with software used in Nokia mobile phones.” He said: “The recording is completely consistent with a cell phone video recording and there are no signs of editing or alterations,” according to Times.

The Times UK report closely matches the key findings by the US Colorado-based Image and Sound Forensics (ISF) experts who performed the analysis on behalf of US pressure group Tamils Against Genocide (TAG). Colorado ISF's report, parts of which appeared in the Sunday Leader, had previously confirmed, "[t]he video and audio of the events depicted in the Video, were continuous without any evidence of start/stops, insertions, deletions, over recordings, editing or tampering of any kind."

While, Philip Alston, the UN Special Rapporteur on extra-judicial, summary or arbitrary executions had earlier declared the video investigations by the local 'experts' appointed by the Sri Lanka Government as "not impartial."

However, Philip Alston's assertion that UN will conduct its own investigations on the authenticity of the video has not materialized.

Meanwhile, TAG spokesperson when contacted by TamilNet said, "While we have published the summary of the findings, ISF is due to provide TAG a detailed technical report detailing the analysis carried out."

Monday 7 December 2009

New Tamil group vows to start a fresh war

http://www.timesonline.co.uk/tol/news/world/asia/article6946605.ece

A Marxist group of Tamil militants with connections to the Palestinian Liberation Organisation and Cuba is preparing to mount a new insurgency in Sri Lanka six months after the Government declared an end to the 26-year-old war there.

The People’s Liberation Army (PLA) was founded in eastern Sri Lanka four months ago and has vowed to launch attacks against government and military targets unless its demands for a separate Tamil homeland are met.

“This war isn’t over yet,” Commander Kones, head of the PLA’s Eastern District military command, told The Times during a night meeting in a safe house in the east of the country last week.

“There has been no solution for Tamils since the destruction of the LTTE [Tamil Tigers] in May. So we have built and organised the PLA and are ready to act soon. Our aim is a democratic socialist liberation of the northeast for a Tamil Eelam [the desired Tamil state].”

“We are getting stronger by the day, much stronger than any other group,” Kones said. “The day of action is close.”

A few nights after meeting Commander Kones, deep in a rural area, The Times encountered three young PLA recruits waiting for a guide to take them to one of the organisation’s jungle training camps.

Two were 15 years old, one was 16. “The PLA sound very interesting to us,” they said. “They are the only ones now doing something for the Tamil people.”

Read the full story

Wednesday 16 September 2009

නඩරාජාට මෙන්ම තිස්සට ද වැරදුනි

තිස්සට පුවත්පත් කලාව හැර වෙනත් වෘත්තියක් තෝරාගැනීමට හා ගෞරවාන්විතව රට හැර යාමට අවශ්‍ය උසස්ම සුදුසුකම් තිබුනි. එහෙත් තිස්ස තෝරාගත්තේ ඔහු ඉදිරියේ තිබූ දුෂ්කරම මාවතයි. සරුංගලය චිත්‍රපටයේ නඩරාජා මෙන් ඔහු තමාගේ වෘත්තීය හිතවතුන් සමඟ ජීවත් වීම මැනවයි සිතන්නට ඇත. එහෙත් නඩරාජාට මෙන්ම තිස්සටද වැරදුනි.

සිංහලයන්ට සිංහලකමට ලෙංගතු වීමට ඇති අයිතිය තමාගේ දෙමලකමටත් ලැබේ යයි ඔහු සිතන්නට ඇත. ඔහු සමඟ එකම ආයතනයක වැඩ කරද්දී විවෘතව හෘදය සාක්ෂියට එකඟව වැඩ කිරීමට ඇති කැමැත්ත මැනැවින් ප්‍රදර්ශනය විය. සරුංගලේ චිත්‍රපටයේ නඩරජාට මෙන් තිස්සට ද තමා අවට ඇති භයංකාරත්වයේ තරම ගැන එදා ඔහුට වැටහීමක් තිබුනේ නැත. වසර 15 කින් පමණ මුණනොගැසුණු මගේ මිතුරාට අදද ඒ වැටහීම ලැබී නැත යන්න ඔහුට අත්වූ විපත්තියෙන් පෙනේ.
-------------------------------------------

තිස්ස පිලිබඳ ඔහුගේ මිතුරන් හා ඇසුරු කළවුන් දන්නා දෙය ඔහුට දඬුවම් කළ උදවිය දන්නේ නැත. තිස්ස කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, සිංහල දැන උගත් සමාජය ඇසුරු කල තරුණ බුද්ධිමතෙකි.ඔහුට හොඳින් සිංහලත් දෙමලත් ඉංග්‍රීසිත් හැසිරවිය හැකිව තිබිණ. 1987-94 කාලයේ ඔහු අප සමග එකට මාර්ග ආයතනයේ තරුණ පර්යේෂකයන් ලෙස සේවය කලෙමු. මා දන්නා තිස්ස නම් අපමණ දැනුම් පිපාසයකින් පෙලුනු, පුළුල් ගවේශනශීලි මනසක් සහිත සමාජ සංවේදී මිනිසෙකි. එල්. ටී. ටී. ඊ ය හා ජනතා විමුක්ති පෙරමුණද ඇතුලු සන්නද්ද ව්‍යාපාර කෙරෙහි ඔහුට තිබුනේ බලවත් විවේචනයකි.
-------------------------------------------------------------

සියල්ල අවසානයේ තිස්සනායගම් සිරගෙට යැවුනි. මඳ කලකට නොව වසර විස්සකටය. පුවත් පලකිරීමේ නිදහස වෙනුවෙන් 1871 දී සිරගෙට යැවුණු පෑලිස් අප්පුහාමිගේ සිට මේ තාක් කල් පුවත්පත් කලාව වෙනුවෙන් ඉහලම වන්දියක් ගෙවුයේ තිස්සනායගම් යැයි ඉතිහාසය යලි යලිත් කාලාන්තරයක් යනතුරුත් අපට මතක් කරදෙනු ඇත. ලසන්ත වික්‍රමතුංග වැනි කිහිප දෙනෙක් තම ජීවිතයෙන් වන්දිගෙව්වා සෑබෑ වුවත් ඊටත් වඩා තිස්සනායගම් ගෙවන වන්දියේ හරයාත්මක වටිනාකම ඉහල යැයි මම සිතමි. ලසන්තගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පුවත්පත් කලාවේ සීමාවන් අබිභවා ඔහු සේවය කල පක්ෂයේ අභිලාශයන් හා සම්බන්ද කලේය. එහෙත් තිස්සනායගම්ගේ පුවත්පත් රචනාවන් බද්ධ වූයේ එවන් පටු අරමුණු සඳහා නොව තම හෘද සාක්ෂියටය.

අදිකරණයට ගරු කරන්නට අපට බල කර තිබේ. එය සෑම රටක්ම තම සිය රටවැසියන්ට ලබාදෙන මූලික නෛතික නියෝගයකි. හෘද සාක්ෂිය ක්‍රියාත්මක වන්නේ ඊට පරිබාහිරින් වුවද නියෝගය පිලිපැදිය යුතුය.බ්‍රිතාන්‍යයේ හෝ කැනඩාවේ වේවා, චීනයේ හෝ කියුබාවේ වේවා, සිම්බාබ්වේ හෝ රුවන්ඩාවේ වේවා ඒ ඒ රටවල දේශපාලන යාන්ත්‍රනය සිය රටවැසියන්ට ඒ නියෝගය ලබාදෙනු ලැබේ. එය පිලිපැදිය යුතුය. එහෙත් ඇත්ත නම් බ්‍රිතාන්‍යයේ හෝ කැනඩාවේ අධිකරණ හා සිම්බාබ්වේ හෝ රුවන්ඩාවේ අධිකරණ ක්‍රියාකාරීත්වය තුල යුක්තියේ හා සාධාරණත්වයේ ප්‍රමාණය අහසට පොලොව මෙන් දුරස්ථ බවයි.
---------------------------------------------------------

මට ඇති කනගාටුව නම් තිස්සට මේ දඬුවම ලැබෙන්නේ එක්තරා සමාජ අනුමැතියක් ද සහිතව වීම ගැනයි. තිස්ස රිමාන්ඩ් බාරයට පත් වූදා සිට ඔහු සිරගෙට යැවූ අගෝස්තු 31 වනදා දක්වා මම ඒ ගැන උනන්දුවෙන් පසුවීමි. ඔහු ගැන කතාකරන්නට සියගණක් වූ පත්තර අතරෙන් ඉදිරිපත් වූයේ කීයද? විකල්ප වෙබ් අඩවි, රාවය පමනක් ඒ යුතුකම ඉෂ්ඨ කලේය.

Read the full article written by Chandrarathna Bandara

http://www.lankaenews.com/Sinhala/news.php?id=10241

Monday 14 September 2009

නලින් සිල්වා ගේ තිත්ත මිදි සහ ඉග්නොරේමස් (Ignoramous) ඇම්බැට්ට රැල.

"නලින් සිල්වාගේ පොර ටෝක් වල හෙලුව " ට ප්‍රතිචාර වශයෙන් සුපුරුදු පරිදි තලේබාන්-සිල්වාබාන් වර්ගයේ ගොං පිලිතුරු ලැබී තිබේ. චම්පක සහ (රෑට කන ) රතන වහන්සේ "නලියා" යන ගෞර්වාර්තයෙන් හඳුන්වන නලින් සිල්වා ගේ විහිලු - අභියෝග වල නිරුවත හෙලිකල විට, නලියාගේ ඇම්බැට්ට රැල බෝලය මට ම පාස් කර ගැලවෙන්නට බලයි. එහෙත් මගෙන් උත්තර ඉල්ලයි! මේවා ලෝක විහිලුය.

මගේ අති සරල පුරස්නය උගුරේ හෝ වෙනයම් නරක තැනක හිරවී රිදුම් දේ නම් මට කොරන්නට දෙයක් නැත. එහෙත් පැහැදිලිවම පුරස්නය ඇසුවේ මමය. සිල්වාබාන් ඉග්නොරේමස් රැල අන්දකයිප්පු කෑ එවුන් සේ මට යමක් ඔප්පු කරන්නට අභියෝග කරයි. අහවල් එකදැයි නොකියයි.

ඉංගිරිසි බැරි, පොතක් පතක් කියවා ගත නොහැකි සිල්වාබාන් ඉග්නොරේමස් ඇම්බැට්ට රැලට නලියාගේ මුවින් පිටවන ඕනෑම කුනුහරුපයක් දේව වැකියකි. උංගේ නොදනුවත්කම ගසාකෑම හරිම ලෙහෙසි වැඩකි. නලීන් කාලයක් ඩෙරීඩාට "මහතා" කීවේය. කාලයක් ඩෙරීඩා "තුමා" විය. කාලයක් ඩෙරීඩා පඬියෙකි! ලූනු ගෙඩි සයිස් මොල ඇති ඉග්නොරේමස් ඇම්බැට්ට රැලට මේ සියල්ල එහෙයි වාදයෙන් පිලිගත හැකි කාරණාය.

නලීන් හැබෑවටම දක්ෂයෙක් නම් කල යුත්තේ, පලමුව ඔය කියන "බටහිර" විද්‍යාව තුල පොරක් වීමය. Nature හෝ Science වල ලිපි පලකරවා (බටහිර ) විද්‍යාවේ කෙල පැමිනියෙකු බව ලොවට පෙන්වීමය. නලීන් කියන දේ වෙනුවෙන් බටහිර විද්‍යා සමාජය තුල ඉඩකඩක්, ශ්‍රාවක පිරිසක් බිහිකර ගැන්මය. ඉන් පසුව බටහිර විද්‍යාවට අම්බානක නෙලිය හැක.

නමුත් අපට පෙනෙන්නේ නරියාගේ තිත්ත මිදි කතාව වැනි බොලඳ ගොන් පාට් එකකි. නලීන් "බටහිර" විද්‍යාවට ගරහන්නේ තම නොහැකියාව වසා ගන්නට නොවේද? මෙන්න ඉග්නොරේමස් ඇම්බැට්ට රැල සඟවන්නට තතනන පිලිතුර! තවමත් නලින් Nature හෝ Science වැනි පලමු පෙල විද්‍යා සඟරාවක ලිපියක් පලකර නැත.

මෙන්න Jouranal of Citation Reports සහ Journal of Permformence Indicators මූලාශ්‍ර ඇසුරෙන් 26 අවුරුද්දක දත්ත. මේ ලොව පලමු පෙල විද්‍යා සඟරා 10 යි.

Journals Ranked by Impact:
Multidisciplinary Sciences

Rank

2006
Impact Factor

Impact
2002-06

Impact
1981-2006
1 Science
(30.03)
Science
(53.00)
Science
(152.46)
2 Nature
(26.68)
Nature
(50.95)
Nature
(151.16)
3 PNAS
(9.64)
PNAS
(19.35)
PNAS
(74.93)
4 J. Roy. Soc. Interface
(2.98)
Ann. NY Acad. Sci.
(4.35)
Collagen & Rel. Res.
(32.80)
5 Philos. Tr. Roy. Soc. A
(2.28)
Philos. Tr. Roy. Soc. A
(4.29)
J. Ultrastructure Res.
(20.21)
6 Naturwissenschaften
(2.02)
Naturwissenschaften
(4.04)
Journal Du Conseil
(18.92)
7 Ann. NY Acad. Sci.
(1.93)
IBM J. Res. Devel.
(3.58)
Proc. Royal Soc. A
(15.49)
8 Scientific American
(1.56)
Proc. Royal Soc. A
(2.96)
Philos. Tr. Roy. Soc. A
(13.99)
9 Comptes Rendu Biologies
(1.48)
CR Acad. Sci. Ser. III
(2.79)
IBM J. Res. Devel.
(13.37)
10 IBM J. Res. Devel.
(1.48)
Proc. Japan Acad. B
(2.42)
Experientia
(13.07)
The above table compares the citation impact of journals in a given field as measured over three different time spans. The left-hand column ranks journals based on their 2006 "impact factor," as enumerated in the current edition of the Thomson Scientific Journal Citation Reports®. The 2006 impact factor is calculated by taking the number of all current citations to source items published in a journal over the previous two years and dividing by the number of articles published in the journal during the same period—in other words, a ratio between citations and recent citable items published. The rankings in the next two columns show impact over longer time spans, based on figures from the Thomson Scientific Journal Performance Indicators. In these columns, total citations to a journal's published papers are divided by the total number of papers that the journal published, producing a citations-per-paper impact score over a five-year period (middle column) and a 26-year period (right-hand column).
SOURCE: Journal Citation Reports and Journal Performance Indicators.

http://in-cites.com/research/2007/november_5_2007-1.html

මේ දත්ත දුටු විට බඩ කරකවා වැසිකිලි යාමට අවශ්‍යතාවක් දැනේ නම් ඔබද ඒ ඉග්නොරේමස් ඇම්බැට්ට රැලේ බවට ඉඟියකි. නොබියව නොපමාව අසල තිබෙන බඩවැටියකට රිංගා සරම කරට ගෙන ( සිංහල බෞද්ධ සඟිස්කෘතියට අනුව ), නලීන් තුමා සිහිකරගෙන ඇනතියාගන්න. කාරිය කෙරුන පසු, පශ්චාත් බාගයේ ලේ උරාබොන මදුරුවන් මෙත් සිතින් චප්ප කර, කූඩැල්ලන් ගලවා දමා, දිය කඩිත්තකින්, ඇලකින් සෝදාගෙන බටහිර කුමන්ත්‍රන, කතන්දර වලට එරෙහිව තිර අදිටනින් යුතුව මෙහි ප්‍රතිචාරයක් දක්වා යන්න. ඔබට ජය!

Tuesday 8 September 2009

නලින් සිල්වා ගේ පොර ටෝක් වල හෙලුව

"බටහිර විද්‍යාව පරම සත්‍ය නොවේ" යයි තමන් සොයා ගත්තා සේ මොරෙදෙන නලින්ලංකාවේ උගතුන්/විද්‍යාඥයින් අනුකාරකයන් ලෙස හංවඩු ගසන අතරම, අනෙකුත් විද්‍යාඥයින්ට නිරතුරුව කෙරෙන අභියෝගයක් වෙයි. අනුකාරකයන් වන මේ උගතුන්ට තමන්ගේම බටහිර විද්‍යා ප්‍රවාදයක් වත් ගොඩනගා ගත නොහැකි බවයි. ප්‍රවාද යනු "කතන්දර" ම හැර අන් කවරෙක්දැයි අසන නලින් ප්‍රමුඛ ජෝකරයෝ නලින්ගේ පශ්චාත් මාක්ස්වාදී ඉතිහාසය ගැන නිහඬය. නලින්ගේ සසෙක්ස් විශ්ව විද්යාල ජීවිතය ගැන නිහඬය. ජාතික චින්තනය අනුව යමින් නලින් සසෙක්ස් වලදී ඇන්දේ අමුඩ ද එසේත් නැතිනම් හැරඩ්ස් ජොක්කුදැයි අපි නොදනිමු.

අනෙකුත් විද්‍යාඥයින්ට හරිහමන් බටහිර ප්‍රවාදයක් වත් ගොඩනගා ගත් නොහැකි යයි කින්ඩි දාන නලින්ගෙන් අපි මෙසේ අසමු. ඉතාම වැදගත් බටහිර විද්‍යා ප්‍රවාද/ කතන්දර / සොයාගැනීම් පලවන (High Impact) ඉහල පරාසයේ විද්‍යා සඟරා කීයක නලින් ගේ ප්‍රවාද පලවී ඇත්ද? උදාහරණයක් වශයෙන් Science හෝ Nature සඟරා වල පලවන්නේ(බටහිර ) විද්‍යාවේ සුවිශේෂී සොයාගැනීම්ය. ඔරිජිනල් කතන්දරය. අනිත් එවුන්ට කෝචෝක් දාන නලින් Nature හෝ Science වල කතන්දර කීයක් පල කර තිබේද?

"බටහිර විද්‍යා සඟරාවලට නොලියමි" වැනි ගොන් කතා හෝ "බටහිර ප්‍රවාද සැදීම අපේ කාරියක් නොවේ" වැනි මෝඩ ජෝක් නොදා, කොන්ටම් ගැන බටහිර
විද්‍යා සඟරා වල පල නොවී රිජෙක්ට් වූ ලිපි ඉරිදා දිවයිනට යැවීම වැනි කොමිටල් වැඩ නොකර, Nature හෝ Science ලෙවල් එකේ සඟරාවක බටහිර බැරිනම් චීන හෝ බෞද්ධ විද්‍යා කතන්දරයක් පල කර තිබේද??

Wednesday 26 August 2009

මේ උතුරේ යුධ අපරාධ වල පටිගත දර්ශන ද??

Be warned - there are extremely disturbing scenes

ශ්‍රි ලංකා හමුදා උතුරේ කොටි ත්‍රස්තයින් විනාස කොට සමූලඝාතනය කල බව නිවේදනය කර මාස තුනක් ගතවු පසු , ශ්‍රී ලංකා හමුදා යැයි සැක කල හැකි කන්ඩායමක් විසින් නිරායුධ දෙමල තරුණයන් ඝාතනය කරන විඩියෝ දර්ශන කල එලි බැස තිබේ. මේ දර්ශන "චැනල් ෆෝ නිවුස්" හි පෙන්වා තිබේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු මාධ්‍යවේදියෝ නම් සංවිධානය පවසන්නේ මෙම දර්ශන පසුගිය ජනවාරියේ හමුදා භටයෙකුගේ දුරකතනයක් මගින් පටිගත දර්ශන බවයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම චෝදනා ප්‍රතික්ශේප කරන අතරම මෙම පටිගත විඩියෝ දර්ශන වල සත්‍ය අසත්‍යතාවය විකාශනයට පෙර සැක හැර නිශ්චය කරගන්නා ලෙස ඉල්ලා තිබේ

http://www.channel4.com/news/articles/world/asia_pacific/is+this+evidence+of+sri+lankan+aposwar+crimesapos/3321087

Monday 27 July 2009

හීන(මාන ) කොදෙව්වේ කරනං ගහන චමිත බටහිර විද්‍යා මුවහමට තඩි බෑම.

(I am reposting this post and I apologise humbly for any inconvenience!)

හීනමානය යනු මානසික රෝගයකි. බටහිර රටවල නං මේව්වාට බේත් හේත්, කවුංසලිං ආදිය තිබේ. සකල සිරිං පිරි සිරි ලංකාවේ මේවා සඟවා ගත යුතු රෝගය. බැරිවෙලාවත් පබ්ලික් වුනොත් "පිස්සා" කාඩ් එක වැදේ. ඒ අපේ සිංහල බවුද්ද සඟිස්-කෘතියේ උත්තුංග ලක්සනය. එව්වා මෙව්වා නිසා මේ රෝගීන්ගේ පවු ගෙවන්නට සිදුවෙන්නේ අපිටය.

මීට කලකට ඉහතදී හීන (මාන ) කොදෙව්වේ ඩී බී එස් ජෙයරාජ් ගේ ඉංගිරිසි ලිපියක් ගෙඩි පිටින් කොපි-පේස්ට් විය. transcurrent.com එකට ලින්ක් එකක් නැත. හරියට කරණං චමිත ලිව්වා වගේය. බජාර් එකේ ඉන්නා අපිද මීට වඩා "සදාචාරාත්මක" ක්‍රම , විදි අනුගමනය කරන බවට ඩප්පි සිරා සාක්කිය. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ලිපියෙ මුල් ඡේදය හෝ abstract එකක් පලකර සම්පූර්ණ ලිපියට ලින්ක් එකක් දැමීමය. නාලක ගුනවර්දන ගේ ලිපියත් ගෙඩි පිටින් කොපි-පේස්ට් වෙයි. හරියට හීන මාන කොදෙව්වට ම ලිව්වා සේය. ලින්ක් නැත. මේ එලියට එන්නේ අර රෝගයේ රෝග ලක්ෂණය.

ඒ අව් අස්සේ හීන (මාන ) කොදෙව්වේ බවුද්ද කොස්-මොලොජි ගැනද කොමිටල් ලිපියක් පල විය. අන්තිමට ලෙඩේ තද වුනු විට මේ වැනි ජෝක් ඇත්ත වගෙ ලියන වග බජාර් එකේ අය පවා දනිති. අටනිටා බ්‍රහ්ම ලෝකයෙන් ඇරඹී, ආභස්සර යෙන් වංගුවක් ගෙන, අවීචි මහා නරකාදියෙන් දකුනට කරකවා තව්තිසාවෙන් කෙලවර කර තිබු මේ "ගල් පැලෙන" කොස්-මො ලොජියට ලැජ්ජා වක් නැතිව "බටහිර විද්‍යාවෙන්" අර්තකතනද සපයා තිබේ. කෂියා වලට බයිට් වෙනුවට ගත හැකි පරිද්දෙන් ඒ ඒ ලෝක වල ට ඇති උස , ඒ ඒ ලෝකයේ ඉන්න එවුංගේ දිග පලළ යොදුන් ගනින්ම දී තිබුනේ බජාර් එකේ අපි ගැනම සිතා වගේය.

මූලාශ්‍රය කොහෙන්දැයි ඇසුවිට කරණං චමිත උඩු පිනුමකින් මට පිලිතුරු දුන්නේය. "තමුසෙට ගූගල් සර්ච් කොරන්න බැරිදැ"යි තකතීරු පුරස්නයක් දමා පැනලා ගියේය. හොඳම හරිය ආවේ නිර්නාමිකයෙක්, කෙලින්ම, ලියා ඇති බහු බූත-විකාරය ගෙඩි පිටින් කෝචෝක් කිරීමෙන් පසුවය. ඒකාට උත්තර ලැබුනේ "හෝකින්ස් ගේ brief history of time කියවලාවත් නැද්ද" යන උද්දච්ච යටි පිනුමකිනි. ඒ මදිවාට අහවල් ස්කැටරිං එක නිසා තරංග වලට හසු නොවී බ්‍රහ්ම ලෝක පවතින හැටි ගැන "බටහිර විද්දියා මුක්කුවක්" ගසා සාදාරනීකරනය කලේය. ඔය අව් අස්සේ මහ-අව්සද හාමියෙක් නලියා ගේ අනුහසින් "බටහිර විද්දියා මුක්කුව" කුඩු වෙන්නට දුන්නේය. ස්කැටරිං දෙපරංශය අස්සෙන් ගොස් උඩු පිනුම් - යටි පිනුම් මාරුවූ කරනං චමිත හොස්ස බිම ඇනගත්තේ ඔතනදීය.

"නලින් ද සිල්වත් මහාචාර්ය නේ අනේ.. එතුමගේ බුද්දිය වර්දනේ වුනේ බටහිර විද්දියාව නිසානේ අනේ.." වැනි ගොං පාට් දමා බැලුවද ඇනගැනිල්ලේ තරම පබ්ලික් ඩිසාස්ටර් වීම සැඟවිය නොහැකි විය. රෝගය උත්සන්න විය. "අමනයා" වැනි සුදනුන් කියන වචන පිටවන්නට විය. " පිස්සුවක් වගේ පෙනෙන මේක මම ලිව්වේ......", " අහවල් ලෝකේ දෙවියගෙ උස මෙච්චරයි කියල මට ලපන්ද" ආදි self contradictory බයිලා පිලිතුරු ලෙස පිටවන්නට විය. වැඩේ දෙල් වී කොස්-මො ලොජිය කොස් වී ඇති බව කරනං චමිතටමද වැටහෙන තරමට ජෝක් වී, අඥ්ඥකොරොස් විය. "මම වගේ භාවනා කරල ධ්‍යාන අරං බලපල්ලා"යි පිස්සුව තදවී මෙන් මොරදෙන්නට වන්නේය."ඉංගිරිසි වචන වලිං මාව බය කරන්න් බැහැ"යි සැඟවුනු බියක් ගැනද කියෙව්වේය. Appeal to authority යනුවෙන් හැඳින්වෙන "ලොකු ලොකු" නම් දමා ගසා සැඟවෙන්නට හැදුවේය. ගෙඩි පිටින් වීකිපීඩියාවෙන් කොපි පේස්ට් කරන්නේය.

කරනං චමිතලා හිතං ඉන්නේ පතුරු යනකං අනෙක් ආගම් වලට නෙලා බුද්දාගම විද්දියාත්මක කර පොර වීමටය. හේතුව නම් අර හීනමානයයි. එහෙත් හරියටම නිලයක් දෙකක් ඇල්ලු විට "බටහිර විද්දියාවත් විද්දියාවක්ද" වැනි ගොං කතා කියයි. ඒ අස්සේම ලැජ්ජා නැතුව බවුද්ද කොස්-මො-ලොජියට "බටහිර විද්දියාවෙන්ම" අර්තකතන සපයයි. හරියට නිකං multiple personality disorder වගේය. මේ විසංවාද වලින් පිරි බවුද්ද සඟිස්-කෘතියේ අතුරුපලය.

ඒ මදිවාට "අඩෝ පුලුවං නං නියම නමෙන් වරෙල්ලා"යි අන්තිම කුජීත ලෝ ක්ලාස් සද්ද බද්ද දමයි. නියම නමෙන් එනවාද, නිර්ණාමික එනවාද එසේත් නැතිනම් අන්වර්ථ නමකින් එනවාද යන්න මගේ වැඩකි. මොන නමෙන් ආවත් පිලිතුරු දිය යුත්තේ අන්තර්ගතයටය, එහි නගා ඇති ප්‍රශ්න වලට ය. පුරස්න වලට උත්තර දී ගන්න බැරි වන විට පැටිකිරිය (pedigree) හාරා අවුස්සන්නෙ "මුඩුක්කු චමිත"ලා ය. ඒවා මහා පහත් වැඩය. හරියට මූලාශ්‍ර සඟවා "තමන්ගේ වගේ" බ්ලොග් එකේ ගෙඩි පිටින් දානවා වැනි කැත වැඩය.

මම අසන්නේ සරල ප්‍රශ්න කීපයකි.
"මම අහවල් කම්පෙටිෂන් වලින් මෙඩල් ගත්ත පොරක්" වගේ ලැජ්ජ් හිතෙන පොර ටෝක් නොදී හරියට උත්තර දෙන්න.

නිවන, කර්මය ස්වර්ගය, සැක්කරයා, බ්‍රහ්ම ලෝක ආදීවූ සියල්ල එකම ගොන්නට වැටෙන "බටහිර විද්දියාවෙන්" ඔප්පු කර නැති මෝඩ ජෝක් නේද?
නැත්නම් ඒ ඇයි?

භාවනා කලාම පෙනෙන් මනෝ විකාර වලට "ධ්‍යාන" කීමෙන් පලක් වේද?

ලොකුම ජෝක් එකනම් මේ බහුබූතයින්ගේ පිහිටට එන්නේත් අයින්ස්ටයින්, හෝකින්ස් වැනි "බටහිර විද්දියා" පඬියන් වීමය. ඒ තාමත් බවුද්ද ප්‍රවාද නිර්මානය කරන්නට බටහිර රටවලට ගිය නලි-බට්ටන්ට බටහිර බිකිනි නිසා ධ්‍යාන නොලැබීමද?

Monday 20 July 2009