කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මෙරට පොල් බූරුවන්ට පමණක් නොව සිංහල කතාකරන, ලියන විදෙස් පොල් බූරුවන්ටත් ඇති තරම් පුන්නකු පොවා ඇති බව පෙනේ. උන් පිළිගන්නා විග්‍රහය බූරුවෙක්, ගොනෙක්, මී හරකෙක් වත් පිලි නොගන්නා ජාතියේ අමන, මරිමෝඩ තකතීරු එකක් බව පොල් බූරුවෙක් නොවන කාටත් පැහැදිලිය. "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි" කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි.
මොන පොල්බූරුවා මොන බයිලාව ගැහුවත් අප ගමන් කරමින් සිටින්නේ ආරාජිකත්වයටය.
නීතියේ සහ අධිකරණයේ ආධිපත්‍ය වෙනුවට රජ ගෙදර සහ රණ විරුවන්ගේ ආධිපත්‍යට මුලු රටම යට වෙමින් "සුදු වෑන් උසාවි" වල නඩු අසා එල්ලුම් ගස් යවන ක්‍රමයක් දැනටමත් රට තුළ ක්‍රියාත්මක බව පසු ගිය දිනවල පැහැර ගැනීම් ගැන ප්‍රවෘත්ති කියවන ඕනෑම ගොනෙකුට පැහැදිලි විය යුතුය. වාසනාවකට ගුණරත්නම් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු තානාපතිනිය මැදිහත් වූවාය.
කල්ලිවාද ගැනවත්, අනුනට කපන වළවල් වල ගැඹුර ගැනවත් නොව, පොල්බූරුවෙක් නොවේනම් කතා කළයුත්තේ, ලිවිය යුත්තේ මොකාට වුවත් දේශපාලනය කිරීමට, නිදහසේ රැස්වීමට, නිදහසේ රට තුළ ගමන් කිරීමට ඇති මූලික අයිතිය නැති කිරීමට එරෙහිවය