Wednesday 16 September 2009

නඩරාජාට මෙන්ම තිස්සට ද වැරදුනි



තිස්සට පුවත්පත් කලාව හැර වෙනත් වෘත්තියක් තෝරාගැනීමට හා ගෞරවාන්විතව රට හැර යාමට අවශ්‍ය උසස්ම සුදුසුකම් තිබුනි. එහෙත් තිස්ස තෝරාගත්තේ ඔහු ඉදිරියේ තිබූ දුෂ්කරම මාවතයි. සරුංගලය චිත්‍රපටයේ නඩරාජා මෙන් ඔහු තමාගේ වෘත්තීය හිතවතුන් සමඟ ජීවත් වීම මැනවයි සිතන්නට ඇත. එහෙත් නඩරාජාට මෙන්ම තිස්සටද වැරදුනි.

සිංහලයන්ට සිංහලකමට ලෙංගතු වීමට ඇති අයිතිය තමාගේ දෙමලකමටත් ලැබේ යයි ඔහු සිතන්නට ඇත. ඔහු සමඟ එකම ආයතනයක වැඩ කරද්දී විවෘතව හෘදය සාක්ෂියට එකඟව වැඩ කිරීමට ඇති කැමැත්ත මැනැවින් ප්‍රදර්ශනය විය. සරුංගලේ චිත්‍රපටයේ නඩරජාට මෙන් තිස්සට ද තමා අවට ඇති භයංකාරත්වයේ තරම ගැන එදා ඔහුට වැටහීමක් තිබුනේ නැත. වසර 15 කින් පමණ මුණනොගැසුණු මගේ මිතුරාට අදද ඒ වැටහීම ලැබී නැත යන්න ඔහුට අත්වූ විපත්තියෙන් පෙනේ.
-------------------------------------------

තිස්ස පිලිබඳ ඔහුගේ මිතුරන් හා ඇසුරු කළවුන් දන්නා දෙය ඔහුට දඬුවම් කළ උදවිය දන්නේ නැත. තිස්ස කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, සිංහල දැන උගත් සමාජය ඇසුරු කල තරුණ බුද්ධිමතෙකි.ඔහුට හොඳින් සිංහලත් දෙමලත් ඉංග්‍රීසිත් හැසිරවිය හැකිව තිබිණ. 1987-94 කාලයේ ඔහු අප සමග එකට මාර්ග ආයතනයේ තරුණ පර්යේෂකයන් ලෙස සේවය කලෙමු. මා දන්නා තිස්ස නම් අපමණ දැනුම් පිපාසයකින් පෙලුනු, පුළුල් ගවේශනශීලි මනසක් සහිත සමාජ සංවේදී මිනිසෙකි. එල්. ටී. ටී. ඊ ය හා ජනතා විමුක්ති පෙරමුණද ඇතුලු සන්නද්ද ව්‍යාපාර කෙරෙහි ඔහුට තිබුනේ බලවත් විවේචනයකි.
-------------------------------------------------------------

සියල්ල අවසානයේ තිස්සනායගම් සිරගෙට යැවුනි. මඳ කලකට නොව වසර විස්සකටය. පුවත් පලකිරීමේ නිදහස වෙනුවෙන් 1871 දී සිරගෙට යැවුණු පෑලිස් අප්පුහාමිගේ සිට මේ තාක් කල් පුවත්පත් කලාව වෙනුවෙන් ඉහලම වන්දියක් ගෙවුයේ තිස්සනායගම් යැයි ඉතිහාසය යලි යලිත් කාලාන්තරයක් යනතුරුත් අපට මතක් කරදෙනු ඇත. ලසන්ත වික්‍රමතුංග වැනි කිහිප දෙනෙක් තම ජීවිතයෙන් වන්දිගෙව්වා සෑබෑ වුවත් ඊටත් වඩා තිස්සනායගම් ගෙවන වන්දියේ හරයාත්මක වටිනාකම ඉහල යැයි මම සිතමි. ලසන්තගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පුවත්පත් කලාවේ සීමාවන් අබිභවා ඔහු සේවය කල පක්ෂයේ අභිලාශයන් හා සම්බන්ද කලේය. එහෙත් තිස්සනායගම්ගේ පුවත්පත් රචනාවන් බද්ධ වූයේ එවන් පටු අරමුණු සඳහා නොව තම හෘද සාක්ෂියටය.

අදිකරණයට ගරු කරන්නට අපට බල කර තිබේ. එය සෑම රටක්ම තම සිය රටවැසියන්ට ලබාදෙන මූලික නෛතික නියෝගයකි. හෘද සාක්ෂිය ක්‍රියාත්මක වන්නේ ඊට පරිබාහිරින් වුවද නියෝගය පිලිපැදිය යුතුය.බ්‍රිතාන්‍යයේ හෝ කැනඩාවේ වේවා, චීනයේ හෝ කියුබාවේ වේවා, සිම්බාබ්වේ හෝ රුවන්ඩාවේ වේවා ඒ ඒ රටවල දේශපාලන යාන්ත්‍රනය සිය රටවැසියන්ට ඒ නියෝගය ලබාදෙනු ලැබේ. එය පිලිපැදිය යුතුය. එහෙත් ඇත්ත නම් බ්‍රිතාන්‍යයේ හෝ කැනඩාවේ අධිකරණ හා සිම්බාබ්වේ හෝ රුවන්ඩාවේ අධිකරණ ක්‍රියාකාරීත්වය තුල යුක්තියේ හා සාධාරණත්වයේ ප්‍රමාණය අහසට පොලොව මෙන් දුරස්ථ බවයි.
---------------------------------------------------------

මට ඇති කනගාටුව නම් තිස්සට මේ දඬුවම ලැබෙන්නේ එක්තරා සමාජ අනුමැතියක් ද සහිතව වීම ගැනයි. තිස්ස රිමාන්ඩ් බාරයට පත් වූදා සිට ඔහු සිරගෙට යැවූ අගෝස්තු 31 වනදා දක්වා මම ඒ ගැන උනන්දුවෙන් පසුවීමි. ඔහු ගැන කතාකරන්නට සියගණක් වූ පත්තර අතරෙන් ඉදිරිපත් වූයේ කීයද? විකල්ප වෙබ් අඩවි, රාවය පමනක් ඒ යුතුකම ඉෂ්ඨ කලේය.

Read the full article written by Chandrarathna Bandara

http://www.lankaenews.com/Sinhala/news.php?id=10241

Monday 14 September 2009

නලින් සිල්වා ගේ තිත්ත මිදි සහ ඉග්නොරේමස් (Ignoramous) ඇම්බැට්ට රැල.

"නලින් සිල්වාගේ පොර ටෝක් වල හෙලුව " ට ප්‍රතිචාර වශයෙන් සුපුරුදු පරිදි තලේබාන්-සිල්වාබාන් වර්ගයේ ගොං පිලිතුරු ලැබී තිබේ. චම්පක සහ (රෑට කන ) රතන වහන්සේ "නලියා" යන ගෞර්වාර්තයෙන් හඳුන්වන නලින් සිල්වා ගේ විහිලු - අභියෝග වල නිරුවත හෙලිකල විට, නලියාගේ ඇම්බැට්ට රැල බෝලය මට ම පාස් කර ගැලවෙන්නට බලයි. එහෙත් මගෙන් උත්තර ඉල්ලයි! මේවා ලෝක විහිලුය.

මගේ අති සරල පුරස්නය උගුරේ හෝ වෙනයම් නරක තැනක හිරවී රිදුම් දේ නම් මට කොරන්නට දෙයක් නැත. එහෙත් පැහැදිලිවම පුරස්නය ඇසුවේ මමය. සිල්වාබාන් ඉග්නොරේමස් රැල අන්දකයිප්පු කෑ එවුන් සේ මට යමක් ඔප්පු කරන්නට අභියෝග කරයි. අහවල් එකදැයි නොකියයි.

ඉංගිරිසි බැරි, පොතක් පතක් කියවා ගත නොහැකි සිල්වාබාන් ඉග්නොරේමස් ඇම්බැට්ට රැලට නලියාගේ මුවින් පිටවන ඕනෑම කුනුහරුපයක් දේව වැකියකි. උංගේ නොදනුවත්කම ගසාකෑම හරිම ලෙහෙසි වැඩකි. නලීන් කාලයක් ඩෙරීඩාට "මහතා" කීවේය. කාලයක් ඩෙරීඩා "තුමා" විය. කාලයක් ඩෙරීඩා පඬියෙකි! ලූනු ගෙඩි සයිස් මොල ඇති ඉග්නොරේමස් ඇම්බැට්ට රැලට මේ සියල්ල එහෙයි වාදයෙන් පිලිගත හැකි කාරණාය.

නලීන් හැබෑවටම දක්ෂයෙක් නම් කල යුත්තේ, පලමුව ඔය කියන "බටහිර" විද්‍යාව තුල පොරක් වීමය. Nature හෝ Science වල ලිපි පලකරවා (බටහිර ) විද්‍යාවේ කෙල පැමිනියෙකු බව ලොවට පෙන්වීමය. නලීන් කියන දේ වෙනුවෙන් බටහිර විද්‍යා සමාජය තුල ඉඩකඩක්, ශ්‍රාවක පිරිසක් බිහිකර ගැන්මය. ඉන් පසුව බටහිර විද්‍යාවට අම්බානක නෙලිය හැක.

නමුත් අපට පෙනෙන්නේ නරියාගේ තිත්ත මිදි කතාව වැනි බොලඳ ගොන් පාට් එකකි. නලීන් "බටහිර" විද්‍යාවට ගරහන්නේ තම නොහැකියාව වසා ගන්නට නොවේද? මෙන්න ඉග්නොරේමස් ඇම්බැට්ට රැල සඟවන්නට තතනන පිලිතුර! තවමත් නලින් Nature හෝ Science වැනි පලමු පෙල විද්‍යා සඟරාවක ලිපියක් පලකර නැත.

මෙන්න Jouranal of Citation Reports සහ Journal of Permformence Indicators මූලාශ්‍ර ඇසුරෙන් 26 අවුරුද්දක දත්ත. මේ ලොව පලමු පෙල විද්‍යා සඟරා 10 යි.


Journals Ranked by Impact:
Multidisciplinary Sciences

Rank

2006
Impact Factor

Impact
2002-06

Impact
1981-2006
1 Science
(30.03)
Science
(53.00)
Science
(152.46)
2 Nature
(26.68)
Nature
(50.95)
Nature
(151.16)
3 PNAS
(9.64)
PNAS
(19.35)
PNAS
(74.93)
4 J. Roy. Soc. Interface
(2.98)
Ann. NY Acad. Sci.
(4.35)
Collagen & Rel. Res.
(32.80)
5 Philos. Tr. Roy. Soc. A
(2.28)
Philos. Tr. Roy. Soc. A
(4.29)
J. Ultrastructure Res.
(20.21)
6 Naturwissenschaften
(2.02)
Naturwissenschaften
(4.04)
Journal Du Conseil
(18.92)
7 Ann. NY Acad. Sci.
(1.93)
IBM J. Res. Devel.
(3.58)
Proc. Royal Soc. A
(15.49)
8 Scientific American
(1.56)
Proc. Royal Soc. A
(2.96)
Philos. Tr. Roy. Soc. A
(13.99)
9 Comptes Rendu Biologies
(1.48)
CR Acad. Sci. Ser. III
(2.79)
IBM J. Res. Devel.
(13.37)
10 IBM J. Res. Devel.
(1.48)
Proc. Japan Acad. B
(2.42)
Experientia
(13.07)
The above table compares the citation impact of journals in a given field as measured over three different time spans. The left-hand column ranks journals based on their 2006 "impact factor," as enumerated in the current edition of the Thomson Scientific Journal Citation Reports®. The 2006 impact factor is calculated by taking the number of all current citations to source items published in a journal over the previous two years and dividing by the number of articles published in the journal during the same period—in other words, a ratio between citations and recent citable items published. The rankings in the next two columns show impact over longer time spans, based on figures from the Thomson Scientific Journal Performance Indicators. In these columns, total citations to a journal's published papers are divided by the total number of papers that the journal published, producing a citations-per-paper impact score over a five-year period (middle column) and a 26-year period (right-hand column).
SOURCE: Journal Citation Reports and Journal Performance Indicators.

http://in-cites.com/research/2007/november_5_2007-1.html


මේ දත්ත දුටු විට බඩ කරකවා වැසිකිලි යාමට අවශ්‍යතාවක් දැනේ නම් ඔබද ඒ ඉග්නොරේමස් ඇම්බැට්ට රැලේ බවට ඉඟියකි. නොබියව නොපමාව අසල තිබෙන බඩවැටියකට රිංගා සරම කරට ගෙන ( සිංහල බෞද්ධ සඟිස්කෘතියට අනුව ), නලීන් තුමා සිහිකරගෙන ඇනතියාගන්න. කාරිය කෙරුන පසු, පශ්චාත් බාගයේ ලේ උරාබොන මදුරුවන් මෙත් සිතින් චප්ප කර, කූඩැල්ලන් ගලවා දමා, දිය කඩිත්තකින්, ඇලකින් සෝදාගෙන බටහිර කුමන්ත්‍රන, කතන්දර වලට එරෙහිව තිර අදිටනින් යුතුව මෙහි ප්‍රතිචාරයක් දක්වා යන්න. ඔබට ජය!

Tuesday 8 September 2009

නලින් සිල්වා ගේ පොර ටෝක් වල හෙලුව



"බටහිර විද්‍යාව පරම සත්‍ය නොවේ" යයි තමන් සොයා ගත්තා සේ මොරෙදෙන නලින්ලංකාවේ උගතුන්/විද්‍යාඥයින් අනුකාරකයන් ලෙස හංවඩු ගසන අතරම, අනෙකුත් විද්‍යාඥයින්ට නිරතුරුව කෙරෙන අභියෝගයක් වෙයි. අනුකාරකයන් වන මේ උගතුන්ට තමන්ගේම බටහිර විද්‍යා ප්‍රවාදයක් වත් ගොඩනගා ගත නොහැකි බවයි. ප්‍රවාද යනු "කතන්දර" ම හැර අන් කවරෙක්දැයි අසන නලින් ප්‍රමුඛ ජෝකරයෝ නලින්ගේ පශ්චාත් මාක්ස්වාදී ඉතිහාසය ගැන නිහඬය. නලින්ගේ සසෙක්ස් විශ්ව විද්යාල ජීවිතය ගැන නිහඬය. ජාතික චින්තනය අනුව යමින් නලින් සසෙක්ස් වලදී ඇන්දේ අමුඩ ද එසේත් නැතිනම් හැරඩ්ස් ජොක්කුදැයි අපි නොදනිමු.

අනෙකුත් විද්‍යාඥයින්ට හරිහමන් බටහිර ප්‍රවාදයක් වත් ගොඩනගා ගත් නොහැකි යයි කින්ඩි දාන නලින්ගෙන් අපි මෙසේ අසමු. ඉතාම වැදගත් බටහිර විද්‍යා ප්‍රවාද/ කතන්දර / සොයාගැනීම් පලවන (High Impact) ඉහල පරාසයේ විද්‍යා සඟරා කීයක නලින් ගේ ප්‍රවාද පලවී ඇත්ද? උදාහරණයක් වශයෙන් Science හෝ Nature සඟරා වල පලවන්නේ(බටහිර ) විද්‍යාවේ සුවිශේෂී සොයාගැනීම්ය. ඔරිජිනල් කතන්දරය. අනිත් එවුන්ට කෝචෝක් දාන නලින් Nature හෝ Science වල කතන්දර කීයක් පල කර තිබේද?

"බටහිර විද්‍යා සඟරාවලට නොලියමි" වැනි ගොන් කතා හෝ "බටහිර ප්‍රවාද සැදීම අපේ කාරියක් නොවේ" වැනි මෝඩ ජෝක් නොදා, කොන්ටම් ගැන බටහිර
විද්‍යා සඟරා වල පල නොවී රිජෙක්ට් වූ ලිපි ඉරිදා දිවයිනට යැවීම වැනි කොමිටල් වැඩ නොකර, Nature හෝ Science ලෙවල් එකේ සඟරාවක බටහිර බැරිනම් චීන හෝ බෞද්ධ විද්‍යා කතන්දරයක් පල කර තිබේද??