Wednesday 26 September 2012

6% ක්? පුක තමයි!



අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද?? මෙන්න රහස දැන් එළි වූ වගයි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනය
එඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සරසවිය -දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
හැරල්ඩ් විල්සන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
ජේම්ස් කැලහෑන් - ඔක්ස්ෆර්ඩ් සරසවියට තෙරුන නමුත් සිවිල් සේවා විභාගයෙන් සමත් වී රජයේ ලිපිකරුවෙක් ලෙස පත් වේ.


මාගරට් තැචර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය-රසායන විද්‍යාව-ප්‍රථම උපාධිය. 

ජෝන් මේජර්- ලෙවල් සහ වරලත් බැංකු විභාග සමත් විය. 

ටෝනි බ්ලෙයාර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- නීති න්‍යාය-ප්‍රථම උපාධිය
 
ගෝඩන් බ්‍රවුන්- එඩින්බර්ග් සරසවිය- ඉතිහාස-විද්‍යාපති උපාධිය සහ ආචාර්ය උපාධිය. 


ඩේවිඩ් කැමරන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය


ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයින්ගේ අධ්‍යාපනය.

ඩී එස් සේනානායක- ශාන්ත තෝමස් විද්‍යාලය
 
ඩඩ්ලි සේනානායක- කේම්බ්‍රිජ් සරසවිය සහ මිඩ්ල් ටෙම්පල් නීති විද්‍යාලයේ හැදෑරීම් කළේය.


ජෝන් කොතලාවල- රාජකීය විද්‍යාලය සහ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්ව සිටියේය. 

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක- ඔක්ස්ෆර්ඩ් සරසවිය-බැරිස්ටර් වරයෙකු ලෙස සුදුසුකම් ලැබීය
 
විජයානන්ද දහනායක- රිච්මන්ඩ් විද්‍යාලය  


සිරිමා.ආර්.ඩී බණ්ඩාරනායක-ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය.

ජේ.ආර් ජයවර්ධන- රාජකීය විද්‍යාලය, කොළඹ යුනිවසිටි කොලීජිය සහ නීති විද්‍යාලය-නීතිඥයෙක් ලෙස සුදුසු කම් ලැබීය. 

රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
 
ඩී.බී. විජේතුංග- ශාන්ත ඇන්ඩෘ
විද්‍යාලය, ගම්පොළ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධිය
 

රත්නසිරි වික්‍රමනායක- ආනන්ද විද්‍යාලය
 
රනිල් වික්‍රමසිංහ- කොළඹ විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය- ප්‍රථම උපාධිය  


දි.මු. ජයරත්න- දොළුව මහා විද්‍යාලය, ගම්පොළ
 
මහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.


දැන් තේරෙනවා නොවැ ඔය අධ්‍යාපනයෙන් බ්‍රිතාන්‍යයට කෙළ වෙච්චි තරම! මහාචාර්ය සරත්චන්ද්‍රට කානුවෙ දාගෙන ගැහුවා වගේ මුංටත් දීපල්ලා මතක හිටින්න!

අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද රටේ!

Monday 24 September 2012

යෝෂිතට සම්මානයක් - Bitch Please..

සමාජීය, සංස්කෘතික, දේශපාලනික, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර දහයක තරුණ පරපුර කරන ලද සේවාව අගයමින් ජේ සී අයි ආයතනය විසින් වාර්ෂිකව ප්‍රදානය කරන සම්මාන අතරින් ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂටද සම්මානයක් හිමිවිය. සම්මානය පිරිනැමුවේ ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාය.  


යෝෂිත රාජපක්ෂට සම්මානය හිමි වී ඇත්තේ පුද්ගල නිපුණත්වය සඳහාය. සිරි ලංකා නාවික හමුදාවට පැරසූට් ක්‍රමයට අනුයුක්තවී ඉතා කෙටි කලකින්ම (යුද්ධය පැවැති සමයේ කිසිදු අතුරු ආන්තරාවකට මුහුණ නොදී) බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් (හෙවත් රජයේ අනුග්‍රහයෙන් ) පිරිනැමූ සිස්සත්තෙකින් යාම මහතාගේ පුද්ගල නිපුණත්වයේ කැපී පෙනෙන දක්ෂතා අතුරින් එකක් පමණි.

මේවා දකින විට ඔළුවට එන්නෙ "නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ" වැනි වැකිය. "ලැජ්ජා නැති කම මහමුදලිකමට" පමණක් නොව "රජාගේ පුතා කමටත්" වඩා ලොකුද දන්නේ මහ රජාමය. කොහොමත් අපි-අපි නෙව. we-we ඇයි එකෙක්ට විතරක්? මහප්පලා, බාප්පලා එකතු වී උන් උන් අතරේ ඔක්කොම සම්මාන ටික බෙදාගන්ඩත් පුලුවන් කම තිබියදී මේ නිහතමානීත්වය අගය කල යුතුය.

සම්මානයක්වත් නිදහසේ දෙන්ඩ හැකියාවක් නැති හැඩය. මොකක් හෝ කට කැඩිච්ච් කතාවක් නොකිව්වොත් මුන්ට  නින්ද නොයන ලෙඩක් ඇතැයි සමහරු කියන්නේ රජ පවුල ගැන මහත් දුකකිනි.

මෑතක තැබු ඡන්දෙත් දිනුම් නිසා මේ රටේ ඉන්න හැම එකාම මී හරක් කියා සිතා සිටිනවා විය යුතුය. එක අතකට ඒකෙත් වැරැද්දක් නැත.





Friday 21 September 2012

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව අයදියි.


අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටව යද්දී තම පා පැදිය පැද ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යාමට ඉඩ නොදුන්නේ යයි කෝපයට පත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක " තොපි හු** මොට්ටයෝ" (You're F***ing plebs) යයි ආයුධ සන්නද්ධ කාන්තා පොලිස් භටයන් දෙදෙනෙකුට බැණ වැදී තිබේ. පොලිස් භටයන් ඔහුට ප්‍රධාන ගේට්ටුවෙන් පිටවිය නොහැකි බව පවසා සාමාන්‍ය පදිකයන් වෙනුවෙන් වු කුඩා අතුරු ගේට්ටුවකට යොමුකළ විට කෝපයෙන් පුපුරා ගිය සංවිධායකවරයා

"
උඹල කව්ද කියල ඉගෙන ගනිල්ල, මේ හු* ආංඩුව කරන්නේ තොපි නෙවෙයි"  


(Best you learn your f***ing place. You don't run this fu***ing government)

 " තොපි හු** මොට්ටයෝ(You're f***ing plebs) යැයි බැණ වැදී තිබේ.

අග්‍රාමාත්‍ය නිල නිවස අසල සිටි සංචාර
යන්ද සාමාන්‍ය මහජනතාවද මේ සිද්ධිය දැකීමෙන් මහත් භීතියට පත්ව තිබේ

පොලිස් නිලධාරීන් ඔහු දිගින් දිගටම පරිභව කරන්නේනම් ඔහුව අත් අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු පා පැදියෙන් බැස තල්ලු කරද්දී "හු*" (F***ing) වචනය භාවිතා කර තිබේ.


 තමන් පොලිස් නිලධාරීන්ට නිසි ගෞරවය දී කතා නොකළ බව පිළිගත් ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව ඇයැද ඇති අතර ඔහුගේ වාග් ප්‍රහාරයට ලක්වූ පොලිස්  නිලධාරියා  පුද්ගලිකව හමු වීමට නියමිතය.

මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක,  කෝටිපති ව්‍යාපාරික Andrew Mitchell සම්බන්ධයෙන් අද පළවූ පුවතකි







Sunday 8 July 2012

පොසිටිව් තින්කින් සහ බුද්ධාගම


පොසිටිව් තින්කින් හෙවත් ධනාත්මක චින්තනය අද ඊයේ නොව කලක් තිස්සේ ලෝකය පුරා විසිරී සිටින බයිලා චක්‍රවර්තිලාගේ අතමිට සරුකළ කල්ල-මරේ ව්‍යාපාරයකි. බොහෝ දෙනා මැජික් වලට , සුරංගනා කතා වලට කැමතිය. තමන්ගේ ජීවිත වල හිටි අඩියේ මහා වෙනස්කම් කරන්නට මෝහනයෙන්, ඇෆමේන් වලින්, ෆෙන්ග්ශුයි වලින් පුළුවන් නම් අපිත් කැමතිය. මාධ්‍ය වලින් පුම්බා පෙන්වන ෆැන්ටසි ලෝකයත් සමඟ ජීවිතය යනු සුරංගනා කතාවක් නොවන බව අවබෝධ කරගැනීම දුෂ්කරය. වසරකට කෝටි ගණනක් උපයන මේ ව්‍යාපාරය අද වන විට නොයෙක් සමාජ-සංස්කෘතික අංශ තුළට රිංගා ඒවා තුළ තම චූල අවකාශයන් ගොඩනගාගෙන තිබේ. එවා අතු ඉති දමමින් තව තවත් පරිණාමය වෙමින් නව බයිලා චක්‍රවර්තිලා පිරිසකට හොද්ද බොරකර දෙයි.  

කාලයක සිට බුද්ධාගමත් පොසිටිව් තින්කින් වල ඉලක්කයක් වී තිබේ. බ්ලොග් අවකාශයේ ඉන්නා කීපදෙනෙක්ද ඇතුළුව ලාංකීය සමාජයේ ඉන්නා  සට්ට-වෙට්ට පිත්තලයන්ද බුද්ධාගම සහ පොසිටිව් තින්කින් අතර ඇත්තේ කවරදාවත් නොවූ එකඟතාවයකැයි කියති. බුදුන්ගේ වැකි, සෙන් වැකි, උඩ දමා පෙන්වති. මජ්ජිම නිකායෙන්, අංගුත්තර නිකායෙන් පාලි වැකි මුහුණටම දමා ගසමින් පිංගුත්තරයන්ට අන්දවන්නට බලති.

 මේ කතා අහන අපට අප බුද්ධාගම යනුවෙන් ඉගෙන ගත්තේ වෙන මල ඉලව්වක් දැයි සැක සාංකා පහළ වෙන තරමටම අරුම පුදුම විශ්වාසයකින් යුතුව මේ ගජබින්න සමාජයට මුදා හැරේ. අපි දන්න බුද්ධාගම බුදුහාමුදුරුවන් දේශනා කළේ සංසාරයෙන් එතෙර වීමටය. සංසාරය බිය විය යුතු මහා දුකක් නිසාය. මෝහනයෙන් , ඇෆමේන් වලින් හිතූ හිතූ දේ ලබාගන්නට පුළුවන් නම් බුදු හාමුදුරුවන්ට වැරදුණා විය යුතුය. කල යුත්තේ වහාම ධර්ම සංගායනාවක් කැඳවා බුද්ධාගම ත්‍රිපිටකය නැවත පොසිටිව් තින්කින් වලට ගැලපෙන ආකාරයට ලිවීමයි.

 බුදුබනේ "අනාත්ම" යනුවෙන් ඉගැන්වෙන්නේ ගැඹුරු දහමෙකැයි කියනු ලැබේ. "අනාත්ම" හෙවත් "මම" "මාගේ" "මගේ ආත්මය" යනුවෙන් ගැනීම අවිඳු අඳුර හෙවත් මරි-මෝඩකම- අවිද්‍යාව නිසා සිදුවන්නකි. පොසිටිව් තින්කින් කාරයන්ට අනුව අහවල් අහවල් ක්‍රම වලින් නොයෙකුත් දේ පැතීම බුද්ධාගමට එකඟය. අපි දන්න බුද්ධගමේ නම් මේ "අනාත්මය" අවබෝධ කරගත් පුද්ගලයා ගැනෙන්නේ සෝවාන් වුවෙකු ලෙසය. "මම" කියා එකෙක් තබා මම කියන එකාගේ සිත යනුවෙන්ද "පවතින යමක්" නැත්තේ යයි බුද්ධාගමේ ඉගැන්වෙයි. පවත්නේ නාම-රූප වල ඉපදී-බිඳී යාමක් පමණක්ම වෙයි. එහෙව් (නැති ) එකාට සබ් කොන්ශස් මයින්ඩ් යනුවෙන් එකක් ඇත්තේයැයි කියමින් ඊට විධාන දෙන්නට අපට උගන්වන නෝනලා මහත්තුරු මේ හතර බීරි කතාව පැහැදිලි කර දෙන්නේ නම් කෙතරම් අගනේද?

Wednesday 23 May 2012

යුධ අපරාධ චෝදනා විමර්ශනය කිරීමට මම බය නැහැ.- සරත් ෆොන්සේකා

 
‍යුධ අපරාධ චෝදනා විමර්ශනය ගැන කතාකරන විට මුහුණ සඟවාගන්නා සමහරුන් මෙන් තමන් ඒවාට මුහුණ දීමට බිය නැති බවත්, ඇමරිකාව මෑතකදී ජිනීවා හී සම්මත කල යෝජනා වලින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාතීන් අතර සංහිදියාවක් ඇතිකිරීම යන කාරණා සම්බන්දයෙන් තමා එකඟවන බවත් සරත් ෆොන්සේකා බී.බී.සී යට පවසයි.  




Friday 18 May 2012

මහින්ද නොහිටියනම්...!




අනේ ඔන්න මහින්ද ජනාදිපතිතුමා පොන්සේකාට නිදහස දෙන්ඩලු යන්නෙ.

ඒක නේන්නම්, කොයිතරම් නං දෙයක්ද. ලොකූම ලොකු පිනක් කරගත්තා කියලා සංතෝසවුනෑකි ජනාදිපතිතුමාට නේ.

කැබිනට් එකයි, ගෝටා මහත්තයයි, ජනාදිපතිතුමයි කොයිතරං නං කාලයක් දතකෑවද මේ වටින මනුස්සය නිදහස් කොරගන්ඩ..

ආන්න ඒකයි මේ මටත් කියවෙන්ඩ ආවේ..කොහෙද ඉතින් පුදුම කුමන්ත්‍රනයක් නේ ඔය හිරේ දැමිල්ල පිටිපස්සේ තිබ්බේ..මහින්ද මහත්තයල, ගෝටා මහත්තයල නොහිටින්ඩ පොන්සේකා මැරෙනකං හිරේ! හුහ්!

කවුද හැබෑට ඕක පිටිපස්සේ හිටියේ? ටී එන් ඒ එක නේද?

හ්ම්..ඔවු උං ඉතින් කොටි නේ. උන් වෙන්ඩෝන. මොකද මට මතකයි ඔය මනෝගනෙසං කාරය එක්ක පොන්සේකා ඉන්න පොටෝවක් තිබ්බා..

කොටි පිටිපස්සෙන් හිටියට පොන්සේකව හිරේ ඇරියේ මට මතක විදියට චන්ද්‍රිකා මැඩම් නේ?

බම්බුව! චන්ද්‍රිකා මැඩම් කොහෙද ඒ කාලේ එච්චර දෙයක් කරන්නේ..රනිල් නේ අගමැති..මිනිහනේ වැඩේ අඹරල දුන්නේ..

අහා..ඇත්තද ඈ..මට මතකක් නෑනේ ඔය ගැන..හැබැයි එහෙනම් ජේ වී පී කට්ටියත් කොනකින් හරි ගෑවිලා ඇති..

හහ්..මේ මොනව කියෝනවද..ජේ වී පී ලොක්කො බර ගානක් ඇල්ලුවනේ පොන්සේකා.. උං පොන්සේකත් එක්ක පුදූම වෛරෙකින් හිටියේ... ටී එන් ඒ එක හරහා කොටින්ට උදව්දෙන්ඩ ඇති..

කොටින්ගේ ජාත්‍යන්තර ජාලෙයි, ඩයස්පෝරා එකයි, අරකයි මේකයි හැම එකාම පොන්සේකට කෙලවෙනකං ඇඟිලි ගැන ගැන හිටියේ..

හ්ම්ම්..කෙල උනාට පස්සේ එකෙක් කට ඇරියේ නැහැ... මැරෙන්ඩ ඇරල හිටියා..

එහෙව් පක්ස ඕව..ඕං බලපං මම හූන කිව්වහේ කියන්නං හෙට අනිද්දට පොන්සේකා උන්නැහේට සුබපතල නිවේදන නිකුත් කරන්නැද්ද කියල..

මගේ හිතේ ඔය කුමන්ත්‍රනේ පිටිපස්සේ ඇමෙරිකාව වගේ බටහිර බලවේගත් තිබ්බා..විජෙතුංග මහත්තයගේ කාලේ ඉඳං ගහපු ගැටයක් ඕක..රනිල්, බාහුවා, අර ජයතුංගයා, ටිල්වියා ඔක්කොම එකතුවෙලා පොන්සේකා වලේ දැම්මේ..

හ්ම්.. අනේ දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් මහින්ද ජනාදිපතිම විසඳුවා එහෙනම්...දියසේන කුමාරයම තමයි..ජාතියේ පිනකට පහල වෙච්චි උතුමෙක්..

Thursday 12 April 2012

මාව ලිංගික හිංසනයට ලක් කලා - කුමාර් ගුණරත්නම්.

 

මහත්වරුනි, මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි! 


විඩියෝ උපුටාගැනීම්  Lankaviews සහ ABC News වෙතින්.
සියලු හිමිකම් මුල් විකාශන ආයතන සතුය.


Wednesday 11 April 2012

පොල් බූරුවන්ට නොතේරෙන විඩියෝවක්



කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මෙරට පොල් බූරුවන්ට පමණක් නොව සිංහල කතාකරන, ලියන විදෙස් පොල් බූරුවන්ටත් ඇති තරම් පුන්නකු පොවා ඇති බව පෙනේ. උන් පිළිගන්නා විග්‍රහය බූරුවෙක්, ගොනෙක්, මී හරකෙක් වත් පිලි නොගන්නා ජාතියේ අමන, මරිමෝඩ තකතීරු එකක් බව පොල් බූරුවෙක් නොවන කාටත් පැහැදිලිය. "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි" කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි.  

මොන පොල්බූරුවා මොන බයිලාව ගැහුවත් අප ගමන් කරමින් සිටින්නේ ආරාජිකත්වයටය.  

නීතියේ සහ අධිකරණයේ ආධිපත්‍ය වෙනුවට රජ ගෙදර සහ  රණ විරුවන්ගේ ආධිපත්‍යට මුලු රටම යට වෙමින් "සුදු වෑන් උසාවි" වල නඩු අසා එල්ලුම් ගස් යවන ක්‍රමයක් දැනටමත් රට තුළ ක්‍රියාත්මක බව පසු ගිය දිනවල පැහැර ගැනීම් ගැන ප්‍රවෘත්ති කියවන ඕනෑම ගොනෙකුට පැහැදිලි විය යුතුය. වාසනාවකට ගුණරත්නම් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු තානාපතිනිය මැදිහත් වූවාය

කල්ලිවාද ගැනවත්, අනුනට කපන වළවල් වල ගැඹුර ගැනවත් නොව, පොල්බූරුවෙක් නොවේනම් කතා කළයුත්තේ, ලිවිය යුත්තේ මොකාට වුවත් දේශපාලනය කිරීමට, නිදහසේ රැස්වීමට, නිදහසේ රට තුළ ගමන් කිරීමට ඇති මූලික අයිතිය නැති කිරීමට එරෙහිවය

Wednesday 8 February 2012

Freakin Balls සහ ඇනොනිමස් ප්‍රතිචාර

ඇනොනොමස් ප්‍රතිචාර ගැන ලිපි කිහිපයක්ම පසුගිය වකවානුවේ ලියැවිණි. ඉන් අතිමහත් ප්‍රශංසාවට ලක්වු ලිපි අතර මුල් තැනක් හිමි වුයේ බුවාගේ සිතිවිලි අඩවියේ පළවු ලිපියයි. ටිකක් හිනාවෙන්න ලියන අභීත ගේ ලිපියටද සෑහෙන පාඨක ප්‍රතිචාරයක් ලැබුණ බව පෙනේ. බුවාගේ සිතිවිලිත්, අභීතගේ ලිපියත් අධිතක්සේරු වී ඇති බව අපගේ වැටහීමය. මේ ලිපි සියල්ලම හිරු දුටු පිනි මෙන් වාෂ්ප කරන ගණයේ ඉහළ විශ්ලේෂණාත්මක ගුණයකින් යුතු ලිපියක් සිංහල බොග අවකාශයට මඟ හැරී තිබීම නිසාවෙනි."මැන්ටලයෝ සහ ඇනොනිමස්" යන හෙඩිමෙන් පළවූ, "පඩ ෂෝ ලෝකය" ලියන බොංග අයියා ගේ හර බර ලිපිය ඇනොනිමසයන් මස්කර, බාබක්‍යු කර, සමස්තබාල්දු කරවන අන්වර්ථ, නිර්නාමික ලේබල් වල සැඟවෙන "කොන්දක් නැති" හාල් පාරුවන්ට දුන් කදිම උත්තරයක් බව අපේ අවංක හැඟීමයි.  

බොංග අයියා බොග අවකාශයට අමුතුවෙන් හඳුන්වා දීම අනවශ්‍යය. "මම ටැස්මේනියාවට ගියාම නං මට හයිනා බේකන් කන්නම ඕනේ" වැනි අතිශය පුද්ගලික කාරණා බොග අවකාශයේ කා අතරත් බෙදාහදාගත් "පොර" ඔහුය. "සොෆ්ට් වෙයා ඉන්ජිනේරුවෙක් වන්නේ කෙසේද" වැනි හර බර රචනා මගින් බොග ලෝකය හෙල්ලු දැවන්තයා ඔහුය. අපේ බොග අවකාශයේ සිටින හරමානිස්ලා සැට් එක මේ වටිනා උපදෙස් නිසා අද සොෆ්ට් වෙයා ඉංජෝ වී සිටිති. "මං වොෂිංටන් යනවා, කවුරුත් දන්න කෙනෙක් ඉන්නවද" යනුවෙන් බ්ලොග් පෝස්ට් පළකරන්නේ නයා ඇරීමට යැයි යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් ඇත්තටම ළඟම ඇති (සමරිසි??) ක්ලබ් එක සොයාගැනීම සඳහා පළාත දන්න එකෙක් සොයාගැනීමටය. උපන්තේකට ලංකාවෙන් පිට අඩිය තියා නැති අපි වැනි ලෝකල් ගුනේලාටත්, ඔහුගෙ බොග නිතර ඇසුරු කරන හරමානිස්ලාටත් මෙවැනි පෝස්ට් කියවන විට දැනෙන්නේ පුදුම ආඩම්බරයකි. අනන්‍යතාව හරියට ලියාගන්න බැරි එකා යනුවෙන් කිසිවෙකු අපහාස කල යුතු නැත. මෙසපොටේමියාව, බලුකිස්ථානය, සයිබීරියාව ආදී රටවල් දහස් ගණනක සැරි සැරීම නිසා සිංහල අමතක වීම ස්වාභාවිකය. වෙනෙකක් තබා "මටත් පොඩි පොඩි මැන්ටල් තියෙවා" කියා නිරහංකාරව තම අඩු ලුහුඩු කම් කතාකරන වෙනත් බොග ලියන්නෙක් අප අතර වෙත්ද?

"
මම බලන මෙඝා ටෙලි" වැනි හර බර ලිපි නිසා බොග අවකාශයට අත්වූ සෙත දන්නේ බොංග අයියාගේ බොග නිරතුරුව කියවන දෑ හිතකාමී සෙට් එකය. උන්ගෙන් දෙතුන්දෙනෙක් දැනටමත් ටෙලි නිර්මාණයට අත දමා තිබෙන්නේ එහි ආනුභාවයෙනි. "මේං අපේ මෙව්වා" යනුවෙන් පෝස්ට් එකක් දමා සිංහල බොග අවකාශයේ ඉන්නා ගොරකයන්ට සහ හරමානිස්ලාට ප්ලාස්ටික් "මැජික්" පෙන්වීම ගැන බොංග අයියාට ස්තුතිවන්ත විය යුතුය. කොළඹ මෙඩිකල් කොලීජියෙන් ඊයේ පෙරේදා පිටවූ අපේ මිතුරෙකුගෙ අදහස නම් මේ විශාල ප්ලාස්ටික් කෑලි උත්කෘෂ්ටත්වයට පත් කිරීම මගින් සිරුරේ අඩුවක් වසා ගැනීමේ අවිඥානික මැන්ටල් තත්වයක්, මානසික ව්‍යාධියක් පෙන්වන වගයි.

"
බොග අවකාශයේ වැඩියෙන්ම රටවල් වලට ගිය එක්කෙනා කවුද" වැනි පෝස්ට් දකින විට "මෙව්වා එක නිසා" ඇඟේ මයිල් කෙළින් වී මූණත් රතු වෙයි. ඔය මෙව්වා එකට කියන්නේ "එම්බැරස්මන්ට්" කියා අපේ ඉංගිරිස් දන්න කොල්ලෙක් අප දැනුවත් කළේය. "එම්බැරස්මන්ට්" යනු "ඉරෙක්ෂන්" වැනි වටිනා වචනයක් විය යුතුය. සමහරුනට ඔය දෙකම බැරි බවත් අපට ආරංචි වී තිබේ.  

කෙසේ වෙතත් ප්‍රකාශනයේ නිදහස වැනි සංවේදී දේශපාලන මාතෘකාවලදී ගොං කතා කියන අම්බරුවන්ට කතා මේ බොග අවකාශයේ ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට අප ගරු කරන බවත් කිව මනාය. සිම්ෆනියක් ඔපෙරාවක් මැද්දේ බුරුවෙක් තප්පුලෑමෙන් සිම්ෆනියට, ඔපෙරාවට අමුතු ආලෝකයක් නොලැබෙන බවත් අනිත් අතට මතක් කල යුතුමය. ප්‍රකාශනයේ නිදහස කප්පාදු කරන්නට බොරු හේතු හදාගෙන "ඇනෝවාරණය" කරන එකාම සෝපා , පීපා වලට විරුද්ධව කතා කරන විට නම් අපිට පුකෙනුත් හිනා යන බව කිව යුතුය. අස්සේ ඇනොනිමස් ලාගේ කොන්ද ගැන කතාකරන මීයෙක් ඊයේ පෙරේදා සීහනාද කල බවද සැලය. "හිච්චි මෑන්" යන නමින් බොග අවකාශය හොළවන අන්දමේ පුක ඉරෙන කවි ලියන, "මග දිගේ" ලොඳ හැලෙන, මෙතුමාගේ "නමෙන්ම" බොහෝ දේ කියැවෙන නිසා   අවයව ගැන කතා කිරීමෙන් වැළකෙමු.(ඉහත පිංතූරයේ කිසිම අදාලත්වයක්ද නැත.)


අභීතගේ ලිපියේ කොමෙන්ට් දැමු කිහිප දෙනෙක්ම  වෘෂණ කෝෂ ගැන සඳහන් කිරීම ඉතා උචිතය. අද රටට මෙන්ම සිංහල බ්ලොග් අවකාශයටද අවශ්‍ය විවේචන දරාගත හැකි, සංවාදයේදී "කන්ටෙක්ස්ට්" එකට කතාකරන, පුද්ගලයා ගැන නොසලකන වෘෂණ කෝෂ ඇති මහත්වරුය. එවැනි වෘෂණ කෝෂ ඇති මහත්වරු තැන තැන " දියාරු ලොඳ හලන්නන්" නොවේ. එක එකාට පඩ ෂෝ දමමින් මෝඩ ආතල් දීමට අපගේ විරුද්ධත්වයක් නැති නමුත් දේශපාලනමය වැදගත් කමක් ඇති මාතෘකා ගැන තප්පුලන පොල් බූරුවන් පාළු ගෙයි වලං බිඳින විට අපිත් ආතල් ගැනීමේ වැරැද්දක් නැතැයි සිතමු.