Wednesday, 11 September 2013

ගුණයගේ වාදේ - ඉතා කෙටි විඩියෝවක්

එකෙක් අනෙකා වාදයට කැඳවා , අභියෝගය භාරගත් සැණෙන් සැඟවී පලා යන ගමන් අනෙකාට නපුංසකයායි ගරහයි. වාදය බලන්නට සැදී පැහැදී සිටි  බොහෝ දෙනෙක්ගේ අපේක්ෂා භංගවී තිබේ. මේ ඉතා කෙටි විඩියෝව  ඒ නොකෙරෙන විවාදයේ ලැකානියානු ප්‍රක්ෂේපණයක් දැයි අපටත් සුවර් නැත. 





Monday, 5 August 2013

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර.

කතා 1.




ඒ රනිල් විකුම්සිහ ආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක් සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවර පාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව  තමන් පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන් හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන් ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේද නැත.



"ඇයි පුතා නැවත්තුවේ" ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය.



"සර් අසූවට ගියේ, වේගේ වැඩියි. ..ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක් ආචාරශීලිව පැවසුවේය.



"ආ..අසූවට ගියාද ..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල"

ලේකම් වරයා සිනාමුසුව පැවසීය.



"නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපට දඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."



ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිද ඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකි එකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය.



"...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද?."



"ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ"



"ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නල එන්නම්"



"අරයා" ඉංගිරිසි කියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පත දුටු අරයාට හීන් දාඩිය දැම්මේය.



"මොකා!.අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්!" තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය.



"න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින් හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය.



"ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම් ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.



වදෙන් පොරෙන් අකමැත්තෙන් මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන් දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලන එස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.



මහත්වරු එසේය....







කතා 2.





පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වු පසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටි නැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත් සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි.



"සර් මෙතන නවත්තන්ඩ බෑ"



"? කෝ? කොහොමද මම දන්නෙ"



"ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවා කාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි.



"හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම   බෝඩ් දාන්න බලයක් නැහැ"



"ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා "තවත් එක පණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය.



"ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන් නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත්   රැගෙන ගෙදර ගියේය.



තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත්   "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය.



"මේකයි මිස්ට ***  පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ   මියුනිසිපල් කවුන්සිල් එකට"



පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය.



"සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ  කොලේ ලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේද සර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"



" නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙ පොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගර සභාවට විතරයි."



"හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේ ලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලි වෙමින් පවසයි.



පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පති වරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා. මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.."



"නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා.. ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින් ලේකම් වරයා පිළිතුරු දෙයි..



" ඕ.කේ..සර් දෙන්"



මහත්වරු එසේය...



මහත්වරු එසේය.... ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලා වැනි දඩ බල්ලෝදදඩ බල්ලෝ වැනි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරුද වෙති. උන් ගැන කතන්දර ජුගුප්සාජනකය. උන් යන යන තැන මීනි ඇටසැකිලි, මල මීනි මතුවෙයි. මාතලෙන් හමුවූ සමූහ මිනීවල එවැන්නකි. උන් ලේකම් කමට පත්වන්නේ නැදෑකමේ මහිමයෙනි. ඊට පෙර හමුදාවේ සිටි මෙවැනි "අනාගත ලේකම් වරයෙක්" යුද සමයේ රටෙනුත් පැනයන තරමේ බිය සුල්ලෙකි. රටෙන් පැනයන මේකා කැලිෆෝනියාවේ සුද්දන්ට පෙට්‍රල් ගසා බඩ වියත රැකගත්තෙකි. ඌ නිරායුධ මිනිස් ජීවිත බිළිගත්තේ දකුණේ පමණක් නොවේ. සුදු කොඩි රැගෙන එන නිරායුධ දෙමළ ජනතාවට වෙඩි තියන්නට අණදුන් බවට ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවක්ද වෙයි. රෝශේන් චානුක, ඇන්ටන් වැනි මිනිස් ඝාතන වල අලුත්ම වටය අකිලගෙන් අරඹාතිබේ. වැලිවේරියේදී දඩ බල්ලන් බිලිගත් මුලු ගණන 7ක් තරම් වේයැයි ආරංචි පැතිර යයි. පැරෂූට් ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් වරයෙකු සහ සට්ටැඹි-නපුංසක හමුදාවක් සාමාන්‍ය මහ ජනතාවට වැඩ පෙන්වූ හැටි ය ඒ.



මහත්වරු එසේය..දඩබල්ලන් මෙසේය..

Friday, 28 June 2013

මල්ලි! ලෝකෙන්ම හොඳම නළුවා මම..හෙහ්!


මල්ලි!  හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං?
උඹලෑ තාත්තා  කෝටි ගණන් වියදං කරල 
"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්
උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක.. 
මේං මේක.. 


ආපෝ! නෙදකිං 
පෝලිම් පැනපු පර-කුමත් මෙතන
බලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.
ලැජ්ජයි මූ ගාව ඉන්නත්.  
කපන්න බැරි අත  සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..



ඈ? කෑන්ස්? ඔස්කා? ඇකඩමි?? බැෆ්ටා.. 
නෑ ..නෑ මේක මේ නිව්යෝක් පිල්ම් පෙස්ටිවල් මචං..
ඈ?..   ...ආ ෆේස්බුක් එකේ ගොබ්බයොයි
ඇනෝ බ්ලොක් කරං බ්ලොග් ලියන  හරමානිස්ල ටිකයි 
දාල තිබ්බ තමා ලෝකෙන්ම හොඳම නළුවා කියල..
හොහ්..හොහ් හෙහ් හෙහ්
ගණන් ගන්ඩ එපා.. ගොන් හැත්ත! 




Wednesday, 26 September 2012

6% ක්? පුක තමයි!



අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද?? මෙන්න රහස දැන් එළි වූ වගයි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනය
එඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සරසවිය -දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
හැරල්ඩ් විල්සන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
ජේම්ස් කැලහෑන් - ඔක්ස්ෆර්ඩ් සරසවියට තෙරුන නමුත් සිවිල් සේවා විභාගයෙන් සමත් වී රජයේ ලිපිකරුවෙක් ලෙස පත් වේ.


මාගරට් තැචර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය-රසායන විද්‍යාව-ප්‍රථම උපාධිය. 

ජෝන් මේජර්- ලෙවල් සහ වරලත් බැංකු විභාග සමත් විය. 

ටෝනි බ්ලෙයාර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- නීති න්‍යාය-ප්‍රථම උපාධිය
 
ගෝඩන් බ්‍රවුන්- එඩින්බර්ග් සරසවිය- ඉතිහාස-විද්‍යාපති උපාධිය සහ ආචාර්ය උපාධිය. 


ඩේවිඩ් කැමරන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය


ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයින්ගේ අධ්‍යාපනය.

ඩී එස් සේනානායක- ශාන්ත තෝමස් විද්‍යාලය
 
ඩඩ්ලි සේනානායක- කේම්බ්‍රිජ් සරසවිය සහ මිඩ්ල් ටෙම්පල් නීති විද්‍යාලයේ හැදෑරීම් කළේය.


ජෝන් කොතලාවල- රාජකීය විද්‍යාලය සහ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්ව සිටියේය. 

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක- ඔක්ස්ෆර්ඩ් සරසවිය-බැරිස්ටර් වරයෙකු ලෙස සුදුසුකම් ලැබීය
 
විජයානන්ද දහනායක- රිච්මන්ඩ් විද්‍යාලය  


සිරිමා.ආර්.ඩී බණ්ඩාරනායක-ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය.

ජේ.ආර් ජයවර්ධන- රාජකීය විද්‍යාලය, කොළඹ යුනිවසිටි කොලීජිය සහ නීති විද්‍යාලය-නීතිඥයෙක් ලෙස සුදුසු කම් ලැබීය. 

රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
 
ඩී.බී. විජේතුංග- ශාන්ත ඇන්ඩෘ
විද්‍යාලය, ගම්පොළ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධිය
 

රත්නසිරි වික්‍රමනායක- ආනන්ද විද්‍යාලය
 
රනිල් වික්‍රමසිංහ- කොළඹ විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය- ප්‍රථම උපාධිය  


දි.මු. ජයරත්න- දොළුව මහා විද්‍යාලය, ගම්පොළ
 
මහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.


දැන් තේරෙනවා නොවැ ඔය අධ්‍යාපනයෙන් බ්‍රිතාන්‍යයට කෙළ වෙච්චි තරම! මහාචාර්ය සරත්චන්ද්‍රට කානුවෙ දාගෙන ගැහුවා වගේ මුංටත් දීපල්ලා මතක හිටින්න!

අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද රටේ!

Monday, 24 September 2012

යෝෂිතට සම්මානයක් - Bitch Please..

සමාජීය, සංස්කෘතික, දේශපාලනික, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර දහයක තරුණ පරපුර කරන ලද සේවාව අගයමින් ජේ සී අයි ආයතනය විසින් වාර්ෂිකව ප්‍රදානය කරන සම්මාන අතරින් ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂටද සම්මානයක් හිමිවිය. සම්මානය පිරිනැමුවේ ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාය.  


යෝෂිත රාජපක්ෂට සම්මානය හිමි වී ඇත්තේ පුද්ගල නිපුණත්වය සඳහාය. සිරි ලංකා නාවික හමුදාවට පැරසූට් ක්‍රමයට අනුයුක්තවී ඉතා කෙටි කලකින්ම (යුද්ධය පැවැති සමයේ කිසිදු අතුරු ආන්තරාවකට මුහුණ නොදී) බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් (හෙවත් රජයේ අනුග්‍රහයෙන් ) පිරිනැමූ සිස්සත්තෙකින් යාම මහතාගේ පුද්ගල නිපුණත්වයේ කැපී පෙනෙන දක්ෂතා අතුරින් එකක් පමණි.

මේවා දකින විට ඔළුවට එන්නෙ "නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ" වැනි වැකිය. "ලැජ්ජා නැති කම මහමුදලිකමට" පමණක් නොව "රජාගේ පුතා කමටත්" වඩා ලොකුද දන්නේ මහ රජාමය. කොහොමත් අපි-අපි නෙව. we-we ඇයි එකෙක්ට විතරක්? මහප්පලා, බාප්පලා එකතු වී උන් උන් අතරේ ඔක්කොම සම්මාන ටික බෙදාගන්ඩත් පුලුවන් කම තිබියදී මේ නිහතමානීත්වය අගය කල යුතුය.

සම්මානයක්වත් නිදහසේ දෙන්ඩ හැකියාවක් නැති හැඩය. මොකක් හෝ කට කැඩිච්ච් කතාවක් නොකිව්වොත් මුන්ට  නින්ද නොයන ලෙඩක් ඇතැයි සමහරු කියන්නේ රජ පවුල ගැන මහත් දුකකිනි.

මෑතක තැබු ඡන්දෙත් දිනුම් නිසා මේ රටේ ඉන්න හැම එකාම මී හරක් කියා සිතා සිටිනවා විය යුතුය. එක අතකට ඒකෙත් වැරැද්දක් නැත.





Friday, 21 September 2012

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව අයදියි.


අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටව යද්දී තම පා පැදිය පැද ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යාමට ඉඩ නොදුන්නේ යයි කෝපයට පත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක " තොපි හු** මොට්ටයෝ" (You're F***ing plebs) යයි ආයුධ සන්නද්ධ කාන්තා පොලිස් භටයන් දෙදෙනෙකුට බැණ වැදී තිබේ. පොලිස් භටයන් ඔහුට ප්‍රධාන ගේට්ටුවෙන් පිටවිය නොහැකි බව පවසා සාමාන්‍ය පදිකයන් වෙනුවෙන් වු කුඩා අතුරු ගේට්ටුවකට යොමුකළ විට කෝපයෙන් පුපුරා ගිය සංවිධායකවරයා

"
උඹල කව්ද කියල ඉගෙන ගනිල්ල, මේ හු* ආංඩුව කරන්නේ තොපි නෙවෙයි"  


(Best you learn your f***ing place. You don't run this fu***ing government)

 " තොපි හු** මොට්ටයෝ(You're f***ing plebs) යැයි බැණ වැදී තිබේ.

අග්‍රාමාත්‍ය නිල නිවස අසල සිටි සංචාර
යන්ද සාමාන්‍ය මහජනතාවද මේ සිද්ධිය දැකීමෙන් මහත් භීතියට පත්ව තිබේ

පොලිස් නිලධාරීන් ඔහු දිගින් දිගටම පරිභව කරන්නේනම් ඔහුව අත් අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු පා පැදියෙන් බැස තල්ලු කරද්දී "හු*" (F***ing) වචනය භාවිතා කර තිබේ.


 තමන් පොලිස් නිලධාරීන්ට නිසි ගෞරවය දී කතා නොකළ බව පිළිගත් ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව ඇයැද ඇති අතර ඔහුගේ වාග් ප්‍රහාරයට ලක්වූ පොලිස්  නිලධාරියා  පුද්ගලිකව හමු වීමට නියමිතය.

මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක,  කෝටිපති ව්‍යාපාරික Andrew Mitchell සම්බන්ධයෙන් අද පළවූ පුවතකි







Sunday, 8 July 2012

පොසිටිව් තින්කින් සහ බුද්ධාගම


පොසිටිව් තින්කින් හෙවත් ධනාත්මක චින්තනය අද ඊයේ නොව කලක් තිස්සේ ලෝකය පුරා විසිරී සිටින බයිලා චක්‍රවර්තිලාගේ අතමිට සරුකළ කල්ල-මරේ ව්‍යාපාරයකි. බොහෝ දෙනා මැජික් වලට , සුරංගනා කතා වලට කැමතිය. තමන්ගේ ජීවිත වල හිටි අඩියේ මහා වෙනස්කම් කරන්නට මෝහනයෙන්, ඇෆමේන් වලින්, ෆෙන්ග්ශුයි වලින් පුළුවන් නම් අපිත් කැමතිය. මාධ්‍ය වලින් පුම්බා පෙන්වන ෆැන්ටසි ලෝකයත් සමඟ ජීවිතය යනු සුරංගනා කතාවක් නොවන බව අවබෝධ කරගැනීම දුෂ්කරය. වසරකට කෝටි ගණනක් උපයන මේ ව්‍යාපාරය අද වන විට නොයෙක් සමාජ-සංස්කෘතික අංශ තුළට රිංගා ඒවා තුළ තම චූල අවකාශයන් ගොඩනගාගෙන තිබේ. එවා අතු ඉති දමමින් තව තවත් පරිණාමය වෙමින් නව බයිලා චක්‍රවර්තිලා පිරිසකට හොද්ද බොරකර දෙයි.  

කාලයක සිට බුද්ධාගමත් පොසිටිව් තින්කින් වල ඉලක්කයක් වී තිබේ. බ්ලොග් අවකාශයේ ඉන්නා කීපදෙනෙක්ද ඇතුළුව ලාංකීය සමාජයේ ඉන්නා  සට්ට-වෙට්ට පිත්තලයන්ද බුද්ධාගම සහ පොසිටිව් තින්කින් අතර ඇත්තේ කවරදාවත් නොවූ එකඟතාවයකැයි කියති. බුදුන්ගේ වැකි, සෙන් වැකි, උඩ දමා පෙන්වති. මජ්ජිම නිකායෙන්, අංගුත්තර නිකායෙන් පාලි වැකි මුහුණටම දමා ගසමින් පිංගුත්තරයන්ට අන්දවන්නට බලති.

 මේ කතා අහන අපට අප බුද්ධාගම යනුවෙන් ඉගෙන ගත්තේ වෙන මල ඉලව්වක් දැයි සැක සාංකා පහළ වෙන තරමටම අරුම පුදුම විශ්වාසයකින් යුතුව මේ ගජබින්න සමාජයට මුදා හැරේ. අපි දන්න බුද්ධාගම බුදුහාමුදුරුවන් දේශනා කළේ සංසාරයෙන් එතෙර වීමටය. සංසාරය බිය විය යුතු මහා දුකක් නිසාය. මෝහනයෙන් , ඇෆමේන් වලින් හිතූ හිතූ දේ ලබාගන්නට පුළුවන් නම් බුදු හාමුදුරුවන්ට වැරදුණා විය යුතුය. කල යුත්තේ වහාම ධර්ම සංගායනාවක් කැඳවා බුද්ධාගම ත්‍රිපිටකය නැවත පොසිටිව් තින්කින් වලට ගැලපෙන ආකාරයට ලිවීමයි.

 බුදුබනේ "අනාත්ම" යනුවෙන් ඉගැන්වෙන්නේ ගැඹුරු දහමෙකැයි කියනු ලැබේ. "අනාත්ම" හෙවත් "මම" "මාගේ" "මගේ ආත්මය" යනුවෙන් ගැනීම අවිඳු අඳුර හෙවත් මරි-මෝඩකම- අවිද්‍යාව නිසා සිදුවන්නකි. පොසිටිව් තින්කින් කාරයන්ට අනුව අහවල් අහවල් ක්‍රම වලින් නොයෙකුත් දේ පැතීම බුද්ධාගමට එකඟය. අපි දන්න බුද්ධගමේ නම් මේ "අනාත්මය" අවබෝධ කරගත් පුද්ගලයා ගැනෙන්නේ සෝවාන් වුවෙකු ලෙසය. "මම" කියා එකෙක් තබා මම කියන එකාගේ සිත යනුවෙන්ද "පවතින යමක්" නැත්තේ යයි බුද්ධාගමේ ඉගැන්වෙයි. පවත්නේ නාම-රූප වල ඉපදී-බිඳී යාමක් පමණක්ම වෙයි. එහෙව් (නැති ) එකාට සබ් කොන්ශස් මයින්ඩ් යනුවෙන් එකක් ඇත්තේයැයි කියමින් ඊට විධාන දෙන්නට අපට උගන්වන නෝනලා මහත්තුරු මේ හතර බීරි කතාව පැහැදිලි කර දෙන්නේ නම් කෙතරම් අගනේද?