skip to main |
skip to sidebar

නලින් ද සිල්වා ශ්‍රීමතාණන් නිතර පට්ට ගසන කියමනක් මා අසා තිබේ. ඒ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිබඳව දෙසා වධාරද්දීය. ඇපල් ගෙඩියක් ඔළුවට වැටී ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගොඩ නැගූ නිව්ටන් සම්බන්ධයෙන් කියන මේ කියමන ඉතාම රසවත්, මා වැනි බජාර් එකේ නෝන්ඩි පොරකගේ වුවද අනුමස්තිෂ්කයේ නිම් වළලු පුළුල් කරන එකකි. කළය නමින් වන වෙබ් අඩවියක් අටවා ඇති බැවින් මේ කියමන අවශ්‍ය අයෙකුට පහසුවෙන් සොයා ගත හැක. කළය වැනි දේශීය වතුර රඳවන භාජනයක් නමින් තම වෙබ් අඩවිය නම් කිරීමම එතුමාගේත් එතුමා වටා සිටින අනෙකුත් බුද්ධිමතුන්ගේත් බහුශ්‍රැත භාවය මොනවට පෙන්වයි. "පිරුණු කළේ දිය නොසැලේ" යනුවන් අපේ පැරැන්නෝ කීවේ මෙවැනි කළ ගැන විය යුතුය. නලින්ද සිල්වා ශ්‍රීමතාණන්ගේ ආදර්ශය අනුව යමින් කොත්තුව වැනි සංකර වෙබ් අඩවි වලට එරෙහිව ඉදිරියේදී "වංගෙඩිය, මෝල්ගහ, කුල්ල, ගුරුලේත්තුව" ආදී දේශීය නම් වලින් වෙබ් අඩවි බිහිවූවොත් එය පුදුමයට කරුණක් නොවේ.
නලින් විද්වතාගේ "දැනුම සංස්කෘතියට, රටකට සහ එක් එක් පුද්ගලයාට සාපේක්ෂවේ" යන ප්‍රවාදයට අනුව ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන් සොයාගන්නේ ඇපල් ගෙඩියක් ඔළුවට වැටුණ නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගුරුත්වාකර්ෂණ නියමයකට ඉඩක් තිබිය නොහැක. පොල්, කොස්, සහ දූරියන් වැනි මාරාන්තික ගෙඩි නිසා වසර දෙදහස් හයසීයක කාලයක් තුළ අපේ ජාතියට අහිමිවූ "ලෝකල්" නිව්ටන්ලා ගණන මෙතෙකැයි කිව හැක්කේ නාථ දෙවියන්ට පමණි. වැලිආතා, ගස්ලබු, හෝ කජු පුහුලම් මේ ප්‍රවාදයට නොගැලපෙන්නේයයි, යම් විජාතික බක-පණ්ඩිතයෙක් සමහරවිට ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නලින්ද සිල්වා ඇතුළු ගෝල බාලයන් එවැනි බක-පණ්ඩිත ප්‍රකාශ අවඥාවෙන් යුතුව බැහැර කරනු ඇත. පොල්, කොස් තබා පැණි කොමඩු වැලක් යටින් වුවද සිංහල බෞද්ධයන් යන්නේ නම් ගල් තොප්පියක් දමා ආරක්ෂාව සපයා ගතයුත්තේ මේ ප්‍රවාදයේ ප්‍රායෝගික වටිනාකම නිසාය.
නලින්ද සිල්වා ශ්‍රීමතාණන් මේ සංස්කෘතික සාපේක්ෂතාවය හුවා දැක්වීම සඳහා පොල්මල, පොල්ගෙඩි, හනස්ස, පොල්මුල, කුරුම්බා, පොල්තෙල්, පොල්පැණි, ආදී දහසකුත් එකක් උදාහරණ ගනිමින් වර්ණවත් ලෙස පහදන්නේ බටහිරයන්ගේ සංකල්ප තුළ මේ එකක්වත් නැති බවයි. වෙනෙකක් තබා "ඇට්ටි හැලෙන්න දෙන්නට" පුළුවන් සිංහලයන්ට පමණෙකැයි එතුමා පෙන්වන්නේ ආඩම්බරයෙනි. මීට ව්‍යතිරේකයක් ලෙස පෙන්විය හැක්කේ අනුකාරක විජාතිකයෙක් වන සංගක්කාර කවුඩ්‍රි දේශනයේදී ඇට්ටි හැලෙන්නට දීමයි. ඇට්ටි පමණක් නොව පොරිද හැලෙන්නට දුන්නු බව කාටත් දැන්නම් පැහැදිලිය.
එතුමාට මගහැරුණු තවත් එවැනිම අර්ථවත් උදාහරණ කීපයක් මා මෙසේ සටහන් කරන්නේ එතුමා අවතක්සේරු කිරීමට නොවේ. නිකම්ම "පොල්" යන වදනද අපේ වහරේ පමණක් එන වැදගත් සංකල්පයකි. නලින්ද සිල්වා නොබොන පොල් එතුමාගේ ගෝල බාලයන් හොරෙන් බොන බව රටට රහසක් නොවේ. උන් ඒවා බී, කොන්ටම් ගැනද, නාථ දෙවියන් ගැනද, ආසනික් ගැනද තව තවත් ප්‍රවාද නිපදවති.
පොල් බූරුවා යන්නද අද්‍යතන ලාංකීය සමාජයට සමීපතම යෙදුමකි. පොල් බූරුවා යනු පොල් කන බූරුවෙක් හැඳින්වීමට යොදන්නක් නොවන බව නොතේරෙන්නේ පොල් බූරුවෙකුටම පමණි. මෙහිදී පොල් යන්න යෙදෙන්නේ "බූරුකමේ" විශාලත්වය හුවා දැක්වීම සඳහාය. පොල්ගස තරම් විශාල "බූරුකමක්" ඇති බව මින් හැඟවේ. පොල් බූරුවන් නිසා රටට ජාතියට සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. පොල්බූරුවන් ගණයට වැටෙන්නන් අතර ඉතා ඉහළ "බූරුකමක්" ඇති මහාචාර්යවරු, දොස්තරු, පශ්චාත් උපාධි අපේක්ෂකයෝ සහ විශ්ව විද්‍යාල සිසුන්ද සිටිති. භාවනා කර දෙවියන් හා සංවාද කරන පොල්බූරු දෙන්නුද සිටිති. උන්ගේ පොල් බූරු ප්‍රවාද නිසා කන්නට තියෙන බත් ඇටේටත් කෙලවී, පොහොර සහනාධාරයටත් කෙලවී තිබේ. උන්, නොදන්නා ජීව විද්‍යාවත්, ජාණත්, ඩොලී ගැනත් පොල්බූරු කතා කියා හත්පොලේ ගාගනිති.
නමුත් සැබෑ ප්‍රශ්නය නම් මේ පොල් බූරුවන්ට ඇහුම්කන්දෙන, උන් ඔසවා තබන, උන් කියන කියන පොල් බූරු කතන්දර (ප්‍රවාද) හෙවිල්ලක් බැල්ලිලක් නැතිව පිළිගන්නා එවුන් හැඳින්වීමට යොදාගත හැකි වචනයක් නැති කමයි. පොල් බූරුවන් මෙතරම් සිටින රටක මේ සඳහා ගැලපෙන වචනයක් නොමැතිකම මහත් ලැජ්ජාවකි. අනිත් අතට නලින් ද සිල්වා වැනි විද්වතුන් සිටින රටක ඒ සඳහා වචනයක් නිපදවා ගැනීම මහ කජ්ජක් නොවේ. මේ සඳහා ඔබටත් දායක විය හැකියි. ඔබේ නිර්මාණාත්මක වචනය, යෙදුම මෙහි කමෙන්ට තීරුවේ සටහන් කරන්නේ නම් ජාතික අඩුවක් පුරවන්නට දායක වූවා යයි අනාගතයේ යම් දිනෙක ඔබටත් සතුටු විය හැකියි.

මාරයා සෑර් අලුතින් පටන් ගත්ත වැඩේට මගෙනුත් තල්ලුවක් විදියටයි මේ පෝස්ට් එක. මාරයා සෑර් දූෂණ වංචා වෙනෝ කියා අනෙක් අය දැනුවත් කර විවෙචනයට එහා යමක් කරන්නට ගත් පියවරේ පළමු පෝස්ට් එක නම් මාරම මාරය. කියවූ බොහෝ දෙනෙක් Naomi Campbell ගේ "කැට්වෝක්" එක දැක කොරවී ගිය දෙහිවල සූ එකේ කොටියා මෙන් අංජබජල්-මනිකුංජල් වී ගිය බව රහසක් නොවේ. මාරයා සෑර් ඔය කියන මාද්-දිය සාකච්ඡාව, මිහිඳුවා ගැලරියට රඟ දැක්වූ නාටකයක් බව කියන්නේ රටක් ජාතියක් නැති අවජාතකයන් සුලු පිරිසකි. ඊට විසිල් නොගසන, අත්පොළසන් නොදෙන එකෙක් වෙත්නම් ඒ දේශද්‍රෝහියෙකි. දැන් ඉතින් රජ රට වකුගඩු පුරස්නෙටත් තිත තබා තිබේ! අද හෙටම මහාරාජා එකේ එවුන් හිරේ දමා මහාරාජා සමාගමත් රජයට පවරාගනු ඇත. රජරට වකුගඩු රෝගයෙන් මල රෝගීන්ගේ වකුගඩු වල හෝ ශරීර පටක වල ආසනික් තිබුණ බව දේශීය විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (- බලි, තොවිල්, අංජනං,යන්තර , මන්තර හදි හූනියං, ජ්‍යෝතිෂ යනාදී දේශීය ක්‍රම ඇසුරෙන් කරන ලද පර්යේෂණ )දහස් ගණනකින් තහවුරු වී තිබෙන නිසා තවත් සැක සාංකා ඇතිකර ගත යුතු නොවේ. කල යුත්තේ ආවර්තිතා වගුවෙන්ද ආසනික් තහනම් කිරීමය.
ඉහත පින්තූර වලින්ද පෙන්නුම් කරන්නේ තවත් එවැනිම වූ සද්කාර්යකි. නොබෙල් සාම තෑග්ග වැනි එකක් ලැබිය යුතු, ලෝකයේම ජනප්‍රසාදයට පත් වියයුතු, පහන් සංවේග උපදවා ගත යුතු අති දුර්ලභ අවස්ථාවකි.
මේ පින්තූරයට දාන්නට හොඳ හෙඩිමක් ලෙස "දුක් සැප කුමන්දා -අසන නිරිඳෝ වෙන කොයින්දා" යන්න ද උචිතය. එහෙත් වෙඩිතබා මැරූ හිරිමල් වියේ සොයුරාගෙන් එහෙම අහලා වැඩක් නැති නිසාදෝ, ඒ සොයුරාගේ ඥාතීන් ගෙන්වා මේ පොරොන්දු වන්නේ මියගිය එකා නැවත ගෙනැවිත් දෙන්නට විය යුතුය.

මේ කියන මාධ්‍යවෙදියා අද නම් ලංකාවේ ප්‍රධාන මාධ්‍යජාලයක ඉහල නිලයක් උසුලයි.
ඊට පෙර මේ මාධ්‍යවේදියා ලංකාවේ එකම විද්‍යා සඟරාවේ වැඩ කල බවත් අසා ඇත්තෙමු. එහි ඉතා ජනප්‍රිය කොලමක් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කල බවත් ඉදිනෙදා විද්‍යා දැනුම නව ආකරයකින් ඉදිරිපත් කරන අතරතුර හීන් දේශපාලන ටොකුද ඇන්න බවත් මෙහි සඳහන් කල යුතුය. ගෝඨා-බය රාජපස්ස විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා යැයි කියන ජෝකර්ලාද සිටින සමයක මේ මාධ්‍යවේදියා නම් ප්‍රශස්ති ගායනා, වන්දිබට්ඨකම් නොකල බවද සඳහන් කල යුතුමය.
මේ ඒ මාද්‍යවේදියා ඉස්කෝලෙ යන කාලයේ සිදුවූවකි. යන්නේ රෝ-ඇලටය. කොල්ලා කාලයේ සිටම නලියා ගැන අතිමහත් භක්තියෙන් පසුවන්නේය. හෙතෙම රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ අලුතය. පත්වීමෙන් පසු රෝ-ඇල් විද්‍යා දිනයේ පළමු දේශනයට නලියාට ආරධනා කළේ ආඩම්බරයෙනි. නලියාද රෝ ඇලේ ආදි ශිෂ්‍යයෙකි. එකල මහාචාර්ය පට්ටම තිබුණේද නැත. අද මෙන්ම එදාද නලියාගේ ජාතික චින්තන බයිලා වලට කන් දුන්නෝද අතලොස්සකි.
විද්‍යා දිනයට රෝ-ඇලේ සුප්‍රසිද්ධ ශ්‍රවනාගාරයට ආ නලියා මහත් හරසරින් පිළිගත් (වෙන්ට මාධ්‍යවේදී ) සභාපතිතුමා එහි මුල් පෙළ අසුනක් පිළිගන්වා වාඩිකරවීය. රෝ-ඇල් කොල්ලන්ගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. නලියා මඳකට අන්ද මන්ද විය. මූලාසනයේ අසුනක් නලියාට නැත! මූලාසනයේ රෝ-ඇල් විදුහල්පති වරයාද, හරිත චස්වත්තේ නම් තවත් දේශපාලන පසුබිමක් ඇති ආදි ශිෂ්‍යයෙක්ද, අනුශාසක ගුරුවරයාද වෙයි. එහෙත් නලියාට මූලාසනය අහිමිය. ඒ මදිවාට නලියා රෝ-ඇලේ ඉන්නා කාලයේ සිදුවූ බහින්බස් වීමකින් පසු හරිත චස්වත්තේ නලියාගේ ජම්මන්ත සතුරෙකි. ඒ මූලාසනයේ සිටින සතුරා පහළ ඉන්නා තමා දෙස බලමින් සිනාවෙනු නලියාට පෙනේ. නලියා දත්කූරු කමින් වෙන්ට-මාධ්‍යවේදි-විද්‍යා සංගම් සභාපතිවරයා දෙසද රවා බලමින් තම කතාව එනතුරු ඇඟිලි ගනිමින් සිටියේය. නලියා අනුමාන කල අයුරින්ම සියලු කතාවලින් පසු නලියාට අවස්ථාව ලැබුණේය. දෙඤ්ඤං බැටේ න්‍යායෙන් නලියා කතාව ඇරඹුවේය.
"ඔව් මමත් මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්, මට මතකයි මමත් මෙන්න මේ විදියටම නිල් කලිසම, මේ විදියටම සුදු දිග කලිසම ඇඳල ඇඳල මේ ඉස්කොලෙට ඇවිල්ල ඉගෙන ගත්ත. ඒත් කනගාටුවෙණ් වුණත් කියන්ඩ ඕනේ, මේ ඉස්කොලෙන් බිහිකරපු තරමක් බිහිකළේ අනුකාරකයෝ. මේක ලංකාවේ අංක එකේ විජාතික අනුකරාකයෝ බිහිකරන පාසල. ඒ වගේම මේ ඉස්කෝලෙ තැනක් ලැබෙන්නේත් තැනක් තියෙන්නෙත් විජාතික චින්තනයට, අනුකාරකයන්ට මිසක් ජාතිකත්වයට, නෙවෙයි.."
රෝ-ඇලේ විදුහල්පතිවරයා තුෂ්ණිම්භූතව බලා සිටී. සංගමයේ අනුශාසක ගුරුවරයා නොසන්සුන් මුහුණින් යුතුව ඉදිරිපෙළ සිටින සභාපතිවරයා ඇතුළු අනෙකුත් සිසු-නිල මඩුල්ලට ඔරවයි. සිසුන් අතරද මද නොසන්සුන්තාවයකි. අතරින් පතර ඔලොක්කු සිනාවන්ද ඇසේ.
නලියා දිගටම කතාව කරගෙන යයි. කොන්ටම් පැත්තට කතාව හරවා නිව්ටෝනීය භෞතිකයටත්, බටහිර විද්‍යාවටත් නෙළු හෙතෙම, ජාතික චින්තනය පැත්තට කතාව හරවා තවත් වැළමිටි පහරවල් දෙක තුනක් රෝ-ඇලට නෙලමින් තම කතාව අවසන් කළේය.
රැස්වීම අවසන්වන්නටත් මත්තෙන් විද්‍යා සංගම් සභාපති-වෙන්ට මාධ්‍යවේදී සිසුවාට ලැබුණු නියෝගයකින් කියවුණේ වහාම විදුහල්පතිතුමා හමුවන ලෙසය.
නියෝගය අනුව විදුහල්පති කාර්යාලයට ගිය වෙන්ට-මාධ්‍යවේදී සිසුවාට දකිනට ලැබුණේ මුහුණ රතු කරගගෙන, රවාගෙන සිටින විදුහල්පතිවරයා, අංශ භාර ගුරුවරයා සහ අනුශාසක ගුරුවරයාය.
පසුදා උදෑසනම අපේ කතානායක සිසුවා රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූයේය.
මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය

පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ඒකකය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් වුවත් ඔවුන් වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව වාර්තාවේ.
ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද??
Video from slcolombo2

අන්තර්ජාල-වාරණය පිලිබඳ චෝදනා හේතුවෙන් ලෝක සෙවුම් යන්ත්‍ර යෝධයෙක් වන ගූගල් සමඟ යුද්ධයක පැටලුන චීන විශේෂඥයින්ගේ අනුග්‍රහය, ශ්‍රී ලංකාවට "අහිතකර" අඩවි අවහිර කිරීම සඳහා ලැබෙන බව පසුගිය පෙබරවාරියේදී පලමු වරට ප්‍රවෘත්ති අඩවි කිහිපයක් වාර්තා කරනු ලැබීය. චීන හමුදා-බුද්ධි අංශයට අනුයුක්ත තොරතුරු සන්නිවේදනයේ විශේෂඥයින් මේ කාර්ය්‍යය සඳහා අවශ්‍ය සම්පත් සහ උපක්‍රමික ක්‍රමවේද අධ්‍යනයට පැමිනෙන බවද කියැවුනේය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), වෙබ් අඩවි තමන් සමඟ රෙජිස්තර කිරීමේ නව නීති රීති හඳුන්වාදීමට යන බවක්ද කියවුනේය. මේ අනුව නීති සම්පාදනය වූ පසු නව අයි. පී ඇඩ්‍රස් ලබාදෙන්නේ මෙම සභාවෙන් ලු. දැනටමත් ඇඩ්‍රස් ඇති එවුන්ගේ ඇඩ්‍රස් නැති කිරීමට මොන කොමිෂන් සභාව සම්බන්දද නැද්ද, කුමන බුද්ධි අංශ හවුල්ද නැද්ද යන්න දන්නේ දෙවියන් පමණි. කොමිෂමේ අධ්‍යක්ෂක වරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර්ජාල ලිපි සහ පණිවුඩ නිරීක්ෂණය කිරීමට විද්‍යුත් ආවේක්ෂන (Electronic Surveillance) කටයුතු සඳහා චීන ඉංජිනේරුවන් යොදාගෙන නැති බවයි. එහෙත් අන්තර් ජාල අන්තර්ගතය නිරීක්ෂනය කිරීමට හා පාලනය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතු බවත් "සමාජයට ප්‍රශ්නයක්" වන ආගමික, දේශපාලනික හෝ ලිංගික අඩවි "විමසුමට" ලක්විය යුතු බවත් පිලිගත් බව කියැවිනි.
ආණ්ඩුව විවේචනය කරමින් මැතිවරණ දූෂන පිලිබඳ ට්විටර් සහ ෆේස්බුක් පණිවුඩ ලියු පුද්ගලයන් පසු පස කොමිෂම ලුහු බැඳ ගියබව අධ්‍යක්ෂකවරයා ප්‍රතික්ෂේප කරද්දී, ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍යය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ආණ්ඩුව විවේචනය කරමින් එස්.එම්.එස් පණිවුඩ යැවූ කිහිපදෙනෙක්ම පොලිස් අත් අඩංගුවේ සිටින බවත් පරීක්ෂණ අවසන් වූ පසු නීති ප්‍රකාරව කටයුතු කරන බව පිලිගත් බවත් වාර්තා වූයේත් මෑතකදීය.
Link 1
Link 2
Link 3
Link 4
මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි උසස් මානසික තලයක් ලබා ගැනීම සඳහා කරන ලද යාතුකර්මයක් වැනි යමක් විය යුතුය මේ ලිංගික අපහරණය කියා සිංහල බෞද්ධ විරෝධීන් විසින් හදුන්වන්නේ. ලිංගික අපහරණයට ලක්වූ කුඩා සාමනේර හිමිවරු පස් නමකගෙන් කට උත්තර ගෙන ඇති අතර, අති පූජ්‍ය අපරැක්කේ චෝදනා පිලිගැනීමන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. බුදු බනේ මේ ලිංගික අපයෝජනය වැනි වැඩ තහනම් කර නැති බව අපිට නම් සීයට දෙසීයක් ෂුවර්ය. ඇප දී නිදහස් කිරීමම අපි ධර්ම රාජ්‍යයට කොපමන ලංව සිටින්නේද යන්න කියන නිර්ණායකයකි. අති පූජ්‍ය අපරැක්කේ රට දැය සමය පමණක් නොව කුඩා සාමනේර හිමිවරුන්ගේ ශරීරාංගද තමන්ගේ මෙන් රැකගත් උතුමෙක් බව සාසන ලැදි අපිට නම් අරුමයක් නොවේ. "පිරිත් කැටි කර" සාන්ද්‍ර කර බෙදන මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් නිසාම බුදු සසුන තවත් අවුරුදු විසිපන්දහසක් වත් නොතිබුනෝතින් තමා අරුමය!
සිංහල බෞද්ධයන්ට එරෙහි වන නිසා "බ්ලොග් ඉවත් කරන" මහතැන්ලාට මේ සම්බන්දයෙන්ද මැදිහත් විය හැකිය. අති පූජ්‍ය අපරැක්කේ වැනි නිර්මල බුද්ධ පුත්‍රයන් ගැන රටට හඬ ගා කියන අතරම එතුමන් වැනි උතුමන් පිදීම සඳහා "මොහොමඩ් නාශක" සම්මානය වැන්නකින් පුදා ගෞරව කල හැක. පිදිය යුත්තන් පිදීම මංගල කරුනක් බව අප මතක් කල යුතු නොවේ.
මේ අව්වස්සේම, ජොර ජොර ගා කඳුලු වගුරුවන ගං කබරයින් බෞද්ධ හිමිවරු සාතනය ඝාතනය කරල යැයි දෙස් දෙවොල් තබමින් කොමිෂොන් පිට කොමිෂොන් ඉල්ලනු පෙනේ. ඇත්ත වශයෙන්ම අපේ සිහල උරුමයේ මන්ත්‍රී හාංදුරු වරු ඉන්නා කාලෙක, අපේ ඩයිනමෝ ඇමති වැනි හෙල උරුම ලොක්කන් පොරවී සිටින සමයක ආංඩුව අපහසුතාවට පත්කල යුතු නැත. සෝම ගේ මරණය විකුණා පාර්ලිමේන්තු ගිය හෙල උරුමයේ මන්ත්‍රී හාංදුරු ඒ පිලිබඳව නිහඩව තම පරීක්ෂන කරගෙන යන බව අපට නම් ෂුවර්ය. අමතක වූ සාසන ලැදි බෞද්ධ සැමට මතක් කරන්නේ මේ රෝහණ ජන රංජන සම්මානයෙන් පිදුම් ලැබු මහින්ද මහ රජාගේ ආණ්ඩුව සහ හෙල උරුම මන්ත්‍රී හාංදුරුවරුන්ගේ ආන්ඩුවක් විනා ඌ.එම්.පී ආණ්ඩුවක් නොවන බවය. ඒ නිසා ඉවසීමෙන් සැනසීම ලැබේ යයි සිතා කටපියා ගැනීම කාගේත් ශරීර සෞඛ්‍යට හිතකරය.