Sunday, 13 March 2011

සයිබ ත්‍රස්තවාදය පිටුපස චීන බුද්ධි අංශ, හමුදාව සහ TRC???



අන්තර්ජාල-වාරණය පිලිබඳ චෝදනා හේතුවෙන් ලෝක සෙවුම් යන්ත්‍ර යෝධයෙක් වන ගූගල් සමඟ යුද්ධයක පැටලුන චීන විශේෂඥයින්ගේ අනුග්‍රහය, ශ්‍රී ලංකාවට "අහිතකර" අඩවි අවහිර කිරීම සඳහා ලැබෙන බව පසුගිය පෙබරවාරියේදී පලමු වරට ප්‍රවෘත්ති අඩවි කිහිපයක් වාර්තා කරනු ලැබීය. චීන හමුදා-බුද්ධි අංශයට අනුයුක්ත තොරතුරු සන්නිවේදනයේ විශේෂඥයින් මේ කාර්ය්‍යය සඳහා අවශ්‍ය සම්පත් සහ උපක්‍රමික ක්‍රමවේද අධ්‍යනයට පැමිනෙන බවද කියැවුනේය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), වෙබ් අඩවි තමන් සමඟ රෙජිස්තර කිරීමේ නව නීති රීති හඳුන්වාදීමට යන බවක්ද කියවුනේය. මේ අනුව නීති සම්පාදනය වූ පසු නව අයි. පී ඇඩ්‍රස් ලබාදෙන්නේ මෙම සභාවෙන් ලු. දැනටමත් ඇඩ්‍රස් ඇති එවුන්ගේ ඇඩ්‍රස් නැති කිරීමට මොන කොමිෂන් සභාව සම්බන්දද නැද්ද, කුමන බුද්ධි අංශ හවුල්ද නැද්ද යන්න දන්නේ දෙවියන් පමණි. කොමිෂමේ අධ්‍යක්ෂක වරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර්ජාල ලිපි සහ පණිවුඩ නිරීක්ෂණය කිරීමට විද්‍යුත් ආවේක්ෂන (Electronic Surveillance) කටයුතු සඳහා චීන ඉංජිනේරුවන් යොදාගෙන නැති බවයි. එහෙත් අන්තර් ජාල අන්තර්ගතය නිරීක්ෂනය කිරීමට හා පාලනය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතු බවත් "සමාජයට ප්‍රශ්නයක්" වන ආගමික, දේශපාලනික හෝ ලිංගික අඩවි "විමසුමට" ලක්විය යුතු බවත් පිලිගත් බව කියැවිනි.

ආණ්ඩුව විවේචනය කරමින් මැතිවරණ දූෂන පිලිබඳ ට්විටර් සහ ෆේස්බුක් පණිවුඩ ලියු පුද්ගලයන් පසු පස කොමිෂම ලුහු බැඳ ගියබව අධ්‍යක්ෂකවරයා ප්‍රතික්ෂේප කරද්දී, ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍යය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ආණ්ඩුව විවේචනය කරමින් එස්.එම්.එස් පණිවුඩ යැවූ කිහිපදෙනෙක්ම පොලිස් අත් අඩංගුවේ සිටින බවත් පරීක්ෂණ අවසන් වූ පසු නීති ප්‍රකාරව කටයුතු කරන බව පිලිගත් බවත් වාර්තා වූයේත් මෑතකදීය.

Link 1
Link 2
Link 3
Link 4

Thursday, 10 March 2011

අති පූජ්‍ය අපරැක්කේ පු_ රැක්කේය. රට දැය සමයද රැක්කේය.


මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි උසස් මානසික තලයක් ලබා ගැනීම සඳහා කරන ලද යාතුකර්මයක් වැනි යමක් විය යුතුය මේ ලිංගික අපහරණය කියා සිංහල බෞද්ධ විරෝධීන් විසින් හදුන්වන්නේ. ලිංගික අපහරණයට ලක්වූ කුඩා සාමනේර හිමිවරු පස් නමකගෙන් කට උත්තර ගෙන ඇති අතර, අති පූජ්‍ය අපරැක්කේ චෝදනා පිලිගැනීමන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. බුදු බනේ මේ ලිංගික අපයෝජනය වැනි වැඩ තහනම් කර නැති බව අපිට නම් සීයට දෙසීයක් ෂුවර්ය. ඇප දී නිදහස් කිරීමම අපි ධර්ම රාජ්‍යයට කොපමන ලංව සිටින්නේද යන්න කියන නිර්ණායකයකි. අති පූජ්‍ය අපරැක්කේ රට දැය සමය පමණක් නොව කුඩා සාමනේර හිමිවරුන්ගේ ශරීරාංගද තමන්ගේ මෙන් රැකගත් උතුමෙක් බව සාසන ලැදි අපිට නම් අරුමයක් නොවේ. "පිරිත් කැටි කර" සාන්ද්‍ර කර බෙදන මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් නිසාම බුදු සසුන තවත් අවුරුදු විසිපන්දහසක් වත් නොතිබුනෝතින් තමා අරුමය!
සිංහල බෞද්ධයන්ට එරෙහි වන නිසා "බ්ලොග් ඉවත් කරන" මහතැන්ලාට මේ සම්බන්දයෙන්ද මැදිහත් විය හැකිය. අති පූජ්‍ය අපරැක්කේ වැනි නිර්මල බුද්ධ පුත්‍රයන් ගැන රටට හඬ ගා කියන අතරම එතුමන් වැනි උතුමන් පිදීම සඳහා "මොහොමඩ් නාශක" සම්මානය වැන්නකින් පුදා ගෞරව කල හැක. පිදිය යුත්තන් පිදීම මංගල කරුනක් බව අප මතක් කල යුතු නොවේ.

මේ අව්වස්සේම, ජොර ජොර ගා කඳුලු වගුරුවන ගං කබරයින් බෞද්ධ හිමිවරු සාතනය ඝාතනය කරල යැයි දෙස් දෙවොල් තබමින් කොමිෂොන් පිට කොමිෂොන් ඉල්ලනු පෙනේ. ඇත්ත වශයෙන්ම අපේ සිහල උරුමයේ මන්ත්‍රී හාංදුරු වරු ඉන්නා කාලෙක, අපේ ඩයිනමෝ ඇමති වැනි හෙල උරුම ලොක්කන් පොරවී සිටින සමයක ආංඩුව අපහසුතාවට පත්කල යුතු නැත. සෝම ගේ මරණය විකුණා පාර්ලිමේන්තු ගිය හෙල උරුමයේ මන්ත්‍රී හාංදුරු ඒ පිලිබඳව නිහඩව තම පරීක්ෂන කරගෙන යන බව අපට නම් ෂුවර්ය. අමතක වූ සාසන ලැදි බෞද්ධ සැමට මතක් කරන්නේ මේ රෝහණ ජන රංජන සම්මානයෙන් පිදුම් ලැබු මහින්ද මහ රජාගේ ආණ්ඩුව සහ හෙල උරුම මන්ත්‍රී හාංදුරුවරුන්ගේ ආන්ඩුවක් විනා ඌ.එම්.පී ආණ්ඩුවක් නොවන බවය. ඒ නිසා ඉවසීමෙන් සැනසීම ලැබේ යයි සිතා කටපියා ගැනීම කාගේත් ශරීර සෞඛ්‍යට හිතකරය.


Monday, 7 March 2011

වාරණයට එරෙහිව- ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය




උපුටා ගැනීමකි.





සියල්ලන් වෙත දැනුම් දීමයි.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත.

මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්‍රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්‍යතාවයක් මාර්ගයෙන් ව්‍යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්‍රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්‍යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්‍ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්‍ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.)

කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්‍රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්‍රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති.

දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ swimfanlk@gmail.com ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

- Taboo

Taboosubjects.wordpress.com is no longer available. The authors have deleted this blog.




Taboosubjects.wordpress.com is no longer available.
The authors have deleted this blog.

Thursday, 3 March 2011

නලියා ගැන තවත් කතා 1.




නලියා මුංතුල්ල තක්සලාවේ කොන්ටම් උගන්වමින් සිටින අවදියයි. කොන්ටම් කීවාට මුංතුල්ලේ කොන්ටම් නැති නිසා චින්තනයත් ගණිතයත් උගන්වමින් බටහිර විද්‍යාවට අම්ම මූ නැතිව බනිමින් පොරවෙන්නට දඟලන කාලයයි. අනුකාරක චින්තනයෙන් අත්මිදෙන ආකාරය කියා දෙමින් මෙසේ හුදී ජනයාට යහමග පෙන්වමින් කාලය ගත කරන අතරේ තම පුත්‍රයින් දෙදෙනාම නොම්බර එකේ අනුකාරක පාසල වන රෝ-ඇල් කොලීජියට යවන්නේය. මුංතුල්ලේ සිට රෝ-ඇලට පයින් යන දුරය, තාප්පෙන්ද පැන යා හැක.

සාමන්‍ය ජන ජීවිතය ගැන මෙලෝ තැකීමක් නැති, කිසිම අංගපුලාවකට නැති කොටි ත්‍රස්තවාදීන් හිටිවනම රෝ-ඇල අසලම එවකට පිහිටා තිබූ "ඒකා-ආබද්ද හමුදා මූලස්ථානය"ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලහ. මුලු තුම්මුල්ලම දෙදරුම් කවමින් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ඒකා-ආබද්දේ ගේට්ටු කඩාගෙන ඇතුල්වී පුපුරා ගියේය.

නලියා වහා මුංතුල්ලෙ විවෘත ආපන ශාලව ඉදිරිපසට විත් බෙල්ල දික්කර බැලුවේය. හාපෝයි!, රෝ-ඇල දිහාවෙන් කලු දුං ගුලියක් නගිනු පෙනේ! තර්ස්ටන් පාරේ තදබදය මැද්දේ සයිරන් හඬ නංවමින් ගිලන් රත එක පේලියට ඇදී යයි. නලියාට පුත්තු දෙන්නා සිහිවිය. අඩියට දෙකට රෝ-ඇල දෙසට දුවන්නට විය.

පැයක් පමණ අනෙකුත් දෙමව්පියන් සමඟ පොරකා තම පුතුන් දෙදෙනා සොයාගත් නලියා උන් දෙන්නා අතින් අල්ලගෙන තර්ස්ටන් පාර දිගේ ගෑටුවේ තුන් හිතින්ම ප්‍රබාකරන්ගේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට නොසෑහෙන්න සාප කරමිනි.

තර්ස්ටන් පාරේ තක්සලා ගේට්ටුවෙන් අතුල්වනවාත් සමඟම නලියාට මුන ගැසුනේ තුන්වන වසර ගනිතය විශේෂවේදී උපාදිය හදාරන සිසුන් තිදෙනෙකි.

"බලනව අයිසේ! අරහෙ කොටි ගහල. මං ගිහිල්ල මේ පොඩි උන් දෙන්න හොයාගත්තේ. තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ" නලියා තම දුක කීවේය.

සිසුන් අතර සිටි චින්තන විරෝධියෙක් " ඉතිං සෑර් ලමයි දෙන්න රෝ-ඇල් එකෙන් අස්කොරල පනිනපිටියේ ධර්මපාලෙට යැව්වනං කිසි කරදරයක් නෑනේ" කීවේ ඔලොක්කු සිනාවකින් මුව සරසාගෙනය.

නලියාට කට උත්තර නැත! අත මිට මොලවා සිසුන් තිදෙනාට රැවූ නලියා "මේ ලමයි දෙන්න ඉන්න නිසා මම කියන්නේ නැහැ!" කියමින් අඩියට දෙකට මාරුවුයේ අනුකාරක චින්තනය නිසා මොටවී ඇති සරසවි සිසු-මොල වලට සාපකරමිනි.


මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය.

Saturday, 29 January 2011

තොපි මාවත් අන්දන්නද?





ඒ ජෙප්පන් අවි ගෙන සිටි භීෂන සමයයි. ජෙප්පන්ට එරෙහිව රජයේ නිල-නොනිල හමුදා අඳුරු සෙවනැලි අස්සේ දඩයම් කල අවදියයි. පේරාදෙණිය සරසවිය ජෙප්පන්ගේ බලකොටුවක්ව තිබූ කාලයයි.චම්පක ජෙප්පන් සමඟ මතවාදීමය කරුනු උඩ ගැටී විරසකවූ කාලයයි. දේශප්‍රේමයේ නාමයෙන් මව්බිම සුරකින වීරයා මම්ම නොවේදැයි සිතමින් පසුවූ කාලයයි. අක්බාර් එකේ ප්ලේන්ටි බොමින් රතන හා එක්ව ජෙප්පන්ට එරෙහිව මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ක්‍රියාවට නැංවීම සඳහා පිඹුරුපත් සකසන අවදියයි.

ජෙප්පන්ට එරෙහිව පලමු පෝස්ටර් වෙඩිමුරය පත්තු කරන්නට අවශ්‍ය පිරිස් බලය මඳ කමින් නියව නියවා සිටින චම්පකයාට වැඩිකල් වේලි වේලි ඉන්නට සිදුවුනේ නැත. "තෙල බෙදීමේ"ද, වාග් චාතුර්‍යෙහිද දස්කම් විස්කම් නිසාම පලමු වසර කොලු ගැටයෙක් අක්බාර් එකෙන්ම "බා" ගන්නට හැකි විය.

අක්බාර් එකේ ඇල් ප්ලේන්ටිය බොමින් චම්පකයා අලුත් කොලුගැටයා හා රහස් සංවාදයකට මුල පිරුවේය.

"මල්ලි අපි අලුත් සංවිධානයක් හදන්නයි යන්නේ ජෙප්පොන්ට විරුද්ධව. මල්ලි මේකෙ උප සභාපති කරන්න තමයි කට්ටිය හිතං ඉන්නේ." කොලු ගැටයා මුරුංගා ගසේ කරටියට යාන්තම් පහලින් ස්තාන ගත කරන්නට චම්පක වග බලාගනී.
කොලුගැටයා විශ්මයෙන් අසා සිටී. මොහොතකට කලින් ඉන්දියානු භූ-දේශපාලනික උපක්‍රම සහ චීනය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන පුළුල් දේශනයක් දී තම ගෞරවය දිනාගත් චම්පක "අයියා" කියන්නේ මට වඩා සුදුසු එකෙක් මේ මුලු මහත් කැම්පස් තලයේම නැති බවද?

"කවුද කට්ටිය කිව්වේ?"

"කට්ටිය කිව්වේ අනිත් පැකල්ටිවල ඉන්න අපිට සපෝට් අය, කොච්චර නං ඉන්නවද ඒවල.!"

"අරූ, රතනය ඇරෙන්න එකෙක්වත් මට තාම හම්බෙලා නැහැනේ" කොලුගැටයා තම අවංක අදහස තෙපලයි.

"ඒකම තමයි මල්ලි අපි මේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ගැන කට්ටිය දැනුවත් කරන්න ඕනේ, තාම කට්ටිය මම මේකෙ සභාපති කියලවත් දන්නේ නෑනේ.. මේ පෝස්ටර් පාර හරියට ගියොත් ..හහ් ඔන්න බලන්ඩකෝ."

" එහෙනං වැඩේ කරමු අයියේ. මම රෙඩි. රතනය පාප්ප වැඩේ කරල දෙන්නං කිව්ව කියන පරක්කුවෙන්."

"රයිට්, රයිට් එහෙනං අඟහරුවාදට එලිවෙන්න, මම එනව පෝස්ටර් ටික ඇඳන් ගලහ හන්දියට."

-------------------------------------------------

"කෝ මල්ලි එකට නේ එනව කිව්වේ? මම මෙතන මර රෑ වාත වෙනවනේ?"

කොලුගැටයා පාප්ප බාල්දිය බිමින් තබා හති අරියි.." හාපෝ.... මේ රතනය දීපු පාප්පේ මහ ගඳයි, ගිය සතියේ හැදුව එකක් ලු" කොලුගැටයා නැවත් හති අරී.
"ඉතින් මේ බකට් එකට දාගන්න කවුරුත් සප් එකක් දුන්නේ නෑ. ඔක්කොම නහයවල් වහං දුවනව. පාප්ප ගාන්න බුරුසුවක් හෙව්ව හෙව්ව හම්බුනේ නැහැ, අන්තිමට රතනය පන්සලේ කොස්ස දෙකට කඩල දුන්න..බලාගෙන ගියාම ඒකත් නියමයි වැඩේට."

"හරි, හරි. මල්ලි ගාන්න මම අලවන්නං" චම්පක වට පිට බලමින් කියයි. "ඉක්මනට වැඩේ ඉවරයක් කරමු, කියන්න බෑනේ , උඩුගම්පොලයගේ එවුන් ගජරාමෙට කොල්ලො උස්සනවලු"

"අයියේ අර කොලඹ මෙඩ්ඩ, වෙනුර, ඌවත් උස්සලලු"

චම්පකයාගේ හිත ගැස්සී යයි.

" අර වයිශිකේ හිටපු මෑන්ස් නේද?"

"වයිශිකේ කිව්වේ??" කොලුගැටයාගෙන් නැවතත් ප්‍රශ්නයක්.

"වෛද්‍ය ශිෂ්‍ය කමිටුව,..මල්ලි ඔය කොන් හොඳට ඇලවෙන්න උඩිනුත් පාප්ප පාරක් දෙන්න"

ඈතින් වාහනයක් එන හඬක් ඇසේ. ජීප් එකක් බව ඉවෙන් මෙන් කොලු ගැටයා හඳුනා ගනී.

"අයියේ ජීප් එකක් වගේ ..මොකද කරන්නේ.."

"මල්ලි හැංගෙන්න ඕන්නෑ, ඔහොම්ම ඉමු, මේ පෝස්ටර් ජෙපි-විරෝදී නේ,බය වෙන්ඩ දෙයක් නෑ"

ජීප් රතය මහ හඬින් තිරිංග තද කරමින් නවතියි. ඉන් එලියට බහින්නේ තරු දෙකේ පොලිස් නිලධාරියෙකි. තුවක්කු අතින් ගත් සිවිල් ඇඳුමෙන් සැරසුනු පිරිසක් චම්පකයාත් කොලු ගැටයාත් වටකර ගනිති.

පොලිස් නිලධාරියා තම අතවු මිලි මීටර් නවයේ පිස්තෝලය ලෙලවමින් පැමින " ආ කෝ බලන්න මොනවද මේ පෝස්ටර්.. හ්ම්ම්ම්.. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය.. ඒ මොකද්ද ඒ?. යකෝ තොපේ කටේ පිට්ටුද? මොකද්ද මේ සංවිදානේ? කවුද මේකෙ නායකයෝ?

කොලු ගැටයා පොලිස් නිලධාරියාගේ ගෝරනාඩුවෙන් තැති ගනී. බයටම චම්පකයාට ලංවෙද්දී පාප්ප බාල්දිය තුලට කකුල දමන්නේ නොදැනුවත්වමය.

"ෂික් විතරක් මුංගේ පාප්ප නිකං බලු ගූ වගේ" අවි ගත් එකෙක් පිලිකුලෙන් චම්පකයාට ඔරවයි.

"කවුද මේකෙ නායකයා" පොලිස් නිලධාරියා පිස්තෝලය කොලුගැටයාගේ හිසට තබා ගොරවයි.

"මෙයා සබාපති, මං උපසබාපති"

"මෙයා චබාපති, මං හුකචබාපති, ඈ ?" කට ඇදකර කොලුවා කියූවම පුනරුච්චාරනය කල නිලධාරියා " එතකොට තොපේ ලේකම් පංසලේ හාමුදුරුවොද?" යි අසන්නේ නැගී එන කේන්තිය මැදය.

චම්පකයාගෙ වැලමිටි පහර නිසා කොලුවා "ඔව්" කියන්නට ගිය වචන ගිල ගනියි.

"නෑ ඇත්තටම මෙයා සබාපති, මං උපසබාපති" කොලුවා බැගැපත්ව කියද්දී චම්පකයා හිස් අහස දෙස බලා සිටී.

"අනේ බොල හු** ගේ පුතාල තොපි මාවත් අන්දන්නද? මොන සංවිදානෙද යකෝ සබාපතියි උප සබාපතියි පෝස්ටර් ගැහැව්වේ???" නිලධාරියා පිස්තෝල මිටෙන් චම්පකයාගේ බඩට අනී. අවි ගත් එව්වෝද නිලදාරියා අනුව යමින් තුවක්කු මිටි වලින් චම්පකයාටත් කොලුගැටයාටත් හොඳ හැටි සංග්‍රහ කරති.

"දාපල්ල ඕකුන් දෙන්නව ජීප් එකට." නිලධාරියා කේන්තියෙන් අණදෙයි.

නහයෙන් කටින් ලේ පෙරාගෙන වැටී සිටින චම්පකයාත් කොලුගැටයාත් ජීප් රිය තුලට විසිවෙයි.

සිද්ධිය සැලවී විශ්ව විද්‍යාල ආචර්යවරයෙකු සමඟ චම්පකයා බේරගන්නට පොලීසි එන රතනයා දකින්නේ හොඳටම පහර කා සිහිසුන්ව පොලිස් කූඩුවේ වැටී සිටින සගයින් දෙදෙනාය.

"සංවිධානයේ නායකයින් කවුද" යන ප්‍රශ්නය නැවත නැවතත් රැ තිස්සේ ඇසී ඇති බවත්, ඊට පිලිතුරු ලෙස කොලු ගැටයා එකම උත්තරය දී ඇති බවත් රතනයා ඇතුලු සරසවි ප්‍රජාව දැනගන්නේ ඊට සතියකට පසු රෝහලේදී චම්පකයාට සිහි එලැඹි විටදීය.


මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය. යාන්තමින් හෝ සැබෑ ලෝකයේ අතීත සිදුවීමක් නිරුපණය කැරෙන බව හැඟේ නම් එය කතෘ ගේ දක්ෂතාවය බව පමණක්ම නිසා වූවක් ලෙස සැලකිය යුතු.

Tuesday, 18 January 2011

කවුද යකෝ තොට නම දැම්මේ?





මේ ටැබූ ගේ මෑතක පෝස්ට් එකක් කියවීම නිසා හිරවු සූස්ති දුමාරය මැද සිහිවු කතාවකි.

ඔහු උගතෙකි, හෙලයේ අරුත් බර වදන් මවන් දෙවියාය. ජාතියටම නම් දාන්නේ ඔහුය.
කැනඩාවේ වෙසෙන ඔහුට දුරින් නෑයෙක් වන කාන්තාවක් එකම දරුවා සමඟ ලංකාවට සැපත් විය. කොලුවා කටකාරය, වැඩිහිටන්ට ගරු සරු දැක්වීම වැනි හෙල ගති නැත. කැඩිච්ච සිංහලෙන් දොඩවයි. මහ හෙලයාට මල පැන්න නමුත් හෙල සිරිත්-විරිත් නිසා මුවින් නොබැන ඉවසා වදාලේය.

"ග්‍රැන්පා ග්‍රෑන්පා" කියමින් චාරයක් නිනව්වක් නැතිව එහෙ-මෙහෙ දුවන කොලුවා වරෙක මහ හෙලයාට හැදූ තේ එක බී හෙලයා කුපිත කලේය. තවත් වරෙක නිවසේ මහ හෙලයාගේ හාන්සි පුටුව බදු ගත්තාසේ පුකත් උඩ දමාගෙන දිගෑදී මහ හෙලයා නොදැක්කාසේ සිටියේය. මහ හෙලයාට මූව කන්න කෙන්තිය. නමුත් මූලග්ගින්න වැඩිවන තුරුත් ඉවසා සිටියේ නෑකම නිසාය.

දිනක් මහ හෙලයා හාන්සි පුටුවේ සිටියදී දුටුවේ "ඉංග්‍රිස්" සින්දුවක් මුමුනමින් ඒ අසලින් පැන පැන යන කොලුවාය. කොලුවා දුටු මහ හෙලයාට හදිසියේම මතක් වුයේ ජාතියටම නම් දමන තමාට මේ වසවර්තියාට නමක් දාන්නට නොලැබුනු බවය. දුරින් නෑ වන ගැහැනියද මු වගේම බක-පණ්ඩිත අම්මන්ඩියෙක් බව හෙලයාට මතක් විය.

"ඒයි කොල්ලෝ මෙහෙ වරෙං!" හෙලයා හඬ අවදි කලේයෙ.

"වෝට් ??" කොලුවා නුරුස්නා බැල්මකින් පිලිතුරු දුන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.

"මෙහෙ එනවා"

කොලුවා මහ හෙලයාට කිට්ටු විය.

"මොකද්ද ඔයයිගෙ නම ?" හෙලයා විමසන්නට විය.
කොලුවා පිලිතුරක් නැතිව බලා සිටී.

"නම,නම.. නේම් ??"

"මයි නේම්? ...ඉරෝශන්"

හෙලයාට අම්බානකට තද විය."ඉරෝශන් ??"

"යා, ඉරෝශන්"

" ඇයි යකෝ, ඔයිට හොඳයිනෙ තොට හෝදපාලුවා කියල දැම්මනං" මහ හෙලයා කිවේ දවස් ගනණක කේන්තිය පිටකරන ගමන්ය.

"මාම්, වොට් ඉස් ෂොදාපාල්වා ?" ඈතින් ඇසෙන කොලුවා සහ මව අතර සංවාදය රස විඳිමින් හෙලයා හාන්සිපුටුවේ වාඩි වූයේ දින ගණනකින් නොවිඳි තෘප්තියකිනි.