Friday, 18 May 2012
මහින්ද නොහිටියනම්...!
අනේ ඔන්න මහින්ද ජනාදිපතිතුමා පොන්සේකාට නිදහස දෙන්ඩලු යන්නෙ.
ඒක නේන්නම්, කොයිතරම් නං දෙයක්ද. ලොකූම ලොකු පිනක් කරගත්තා කියලා සංතෝසවුනෑකි ජනාදිපතිතුමාට නේ.
කැබිනට් එකයි, ගෝටා මහත්තයයි, ජනාදිපතිතුමයි කොයිතරං නං කාලයක් දතකෑවද මේ වටින මනුස්සය නිදහස් කොරගන්ඩ..
ආන්න ඒකයි මේ මටත් කියවෙන්ඩ ආවේ..කොහෙද ඉතින් පුදුම කුමන්ත්‍රනයක් නේ ඔය හිරේ දැමිල්ල පිටිපස්සේ තිබ්බේ..මහින්ද මහත්තයල, ගෝටා මහත්තයල නොහිටින්ඩ පොන්සේකා මැරෙනකං හිරේ! හුහ්!
කවුද හැබෑට ඕක පිටිපස්සේ හිටියේ? ටී එන් ඒ එක නේද?
හ්ම්..ඔවු උං ඉතින් කොටි නේ. උන් වෙන්ඩෝන. මොකද මට මතකයි ඔය මනෝගනෙසං කාරය එක්ක පොන්සේකා ඉන්න පොටෝවක් තිබ්බා..
කොටි පිටිපස්සෙන් හිටියට පොන්සේකව හිරේ ඇරියේ මට මතක විදියට චන්ද්‍රිකා මැඩම් නේ?
බම්බුව! චන්ද්‍රිකා මැඩම් කොහෙද ඒ කාලේ එච්චර දෙයක් කරන්නේ..රනිල් නේ අගමැති..මිනිහනේ වැඩේ අඹරල දුන්නේ..
අහා..ඇත්තද ඈ..මට මතකක් නෑනේ ඔය ගැන..හැබැයි එහෙනම් ජේ වී පී කට්ටියත් කොනකින් හරි ගෑවිලා ඇති..
හහ්..මේ මොනව කියෝනවද..ජේ වී පී ලොක්කො බර ගානක් ඇල්ලුවනේ පොන්සේකා.. උං පොන්සේකත් එක්ක පුදූම වෛරෙකින් හිටියේ... ටී එන් ඒ එක හරහා කොටින්ට උදව්දෙන්ඩ ඇති..
කොටින්ගේ ජාත්‍යන්තර ජාලෙයි, ඩයස්පෝරා එකයි, අරකයි මේකයි හැම එකාම පොන්සේකට කෙලවෙනකං ඇඟිලි ගැන ගැන හිටියේ..
හ්ම්ම්..කෙල උනාට පස්සේ එකෙක් කට ඇරියේ නැහැ... මැරෙන්ඩ ඇරල හිටියා..
එහෙව් පක්ස ඕව..ඕං බලපං මම හූන කිව්වහේ කියන්නං හෙට අනිද්දට පොන්සේකා උන්නැහේට සුබපතල නිවේදන නිකුත් කරන්නැද්ද කියල..
මගේ හිතේ ඔය කුමන්ත්‍රනේ පිටිපස්සේ ඇමෙරිකාව වගේ බටහිර බලවේගත් තිබ්බා..විජෙතුංග මහත්තයගේ කාලේ ඉඳං ගහපු ගැටයක් ඕක..රනිල්, බාහුවා, අර ජයතුංගයා, ටිල්වියා ඔක්කොම එකතුවෙලා පොන්සේකා වලේ දැම්මේ..
හ්ම්.. අනේ දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් මහින්ද ජනාදිපතිම විසඳුවා එහෙනම්...දියසේන කුමාරයම තමයි..ජාතියේ පිනකට පහල වෙච්චි උතුමෙක්..
Thursday, 12 April 2012
මාව ලිංගික හිංසනයට ලක් කලා - කුමාර් ගුණරත්නම්.
මහත්වරුනි, මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!
විඩියෝ උපුටාගැනීම් Lankaviews සහ ABC News වෙතින්.
සියලු හිමිකම් මුල් විකාශන ආයතන සතුය.
Wednesday, 11 April 2012
පොල් බූරුවන්ට නොතේරෙන විඩියෝවක්
කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මෙරට පොල් බූරුවන්ට පමණක් නොව සිංහල කතාකරන, ලියන විදෙස් පොල් බූරුවන්ටත් ඇති තරම් පුන්නකු පොවා ඇති බව පෙනේ. උන් පිළිගන්නා විග්‍රහය බූරුවෙක්, ගොනෙක්, මී හරකෙක් වත් පිලි නොගන්නා ජාතියේ අමන, මරිමෝඩ තකතීරු එකක් බව පොල් බූරුවෙක් නොවන කාටත් පැහැදිලිය. "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි" කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි.
මොන පොල්බූරුවා මොන බයිලාව ගැහුවත් අප ගමන් කරමින් සිටින්නේ ආරාජිකත්වයටය.
නීතියේ සහ අධිකරණයේ ආධිපත්‍ය වෙනුවට රජ ගෙදර සහ රණ විරුවන්ගේ ආධිපත්‍යට මුලු රටම යට වෙමින් "සුදු වෑන් උසාවි" වල නඩු අසා එල්ලුම් ගස් යවන ක්‍රමයක් දැනටමත් රට තුළ ක්‍රියාත්මක බව පසු ගිය දිනවල පැහැර ගැනීම් ගැන ප්‍රවෘත්ති කියවන ඕනෑම ගොනෙකුට පැහැදිලි විය යුතුය. වාසනාවකට ගුණරත්නම් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු තානාපතිනිය මැදිහත් වූවාය.
Wednesday, 8 February 2012
Freakin Balls සහ ඇනොනිමස් ප්‍රතිචාර
ඇනොනොමස් ප්‍රතිචාර ගැන ලිපි කිහිපයක්ම පසුගිය වකවානුවේ ලියැවිණි. ඉන් අතිමහත් ප්‍රශංසාවට ලක්වු ලිපි අතර මුල් තැනක් හිමි වුයේ බුවාගේ සිතිවිලි අඩවියේ පළවු ලිපියටයි. ටිකක් හිනාවෙන්න ලියන අභීත ගේ ලිපියටද සෑහෙන පාඨක ප්‍රතිචාරයක් ලැබුණ බව පෙනේ. බුවාගේ සිතිවිලිත්, අභීතගේ ලිපියත් අධිතක්සේරු වී ඇති බව අපගේ වැටහීමය. ඒ මේ ලිපි සියල්ලම හිරු දුටු පිනි මෙන් වාෂ්ප කරන ගණයේ ඉහළ විශ්ලේෂණාත්මක ගුණයකින් යුතු ලිපියක් සිංහල බොග අවකාශයට මඟ හැරී තිබීම නිසාවෙනි."මැන්ටලයෝ සහ ඇනොනිමස්" යන හෙඩිමෙන් පළවූ, "පඩ ෂෝ ලෝකය" ලියන බොංග අයියා ගේ ඒ හර බර ලිපිය ඇනොනිමසයන් මස්කර, බාබක්‍යු කර, සමස්තබාල්දු කරවන අන්වර්ථ, නිර්නාමික ලේබල් වල සැඟවෙන "කොන්දක් නැති" හාල් පාරුවන්ට දුන් කදිම උත්තරයක් බව අපේ අවංක හැඟීමයි.
බොංග අයියා බොග අවකාශයට අමුතුවෙන් හඳුන්වා දීම අනවශ්‍යය. "මම ටැස්මේනියාවට ගියාම නං මට හයිනා බේකන් කන්නම ඕනේ" වැනි අතිශය පුද්ගලික කාරණා බොග අවකාශයේ කා අතරත් බෙදාහදාගත් "පොර" ඔහුය. "සොෆ්ට් වෙයා ඉන්ජිනේරුවෙක් වන්නේ කෙසේද" වැනි හර බර රචනා මගින් බොග ලෝකය හෙල්ලු දැවන්තයා ඔහුය. අපේ බොග අවකාශයේ සිටින හරමානිස්ලා සැට් එක මේ වටිනා උපදෙස් නිසා අද සොෆ්ට් වෙයා ඉංජෝ වී සිටිති. "මං වොෂිංටන් යනවා, කවුරුත් දන්න කෙනෙක් ඉන්නවද" යනුවෙන් බ්ලොග් පෝස්ට් පළකරන්නේ නයා ඇරීමට යැයි යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් ඒ ඇත්තටම ළඟම ඇති (සමරිසි??) ක්ලබ් එක සොයාගැනීම සඳහා පළාත දන්න එකෙක් සොයාගැනීමටය. උපන්තේකට ලංකාවෙන් පිට අඩිය තියා නැති අපි වැනි ලෝකල් ගුනේලාටත්, ඔහුගෙ බොග නිතර ඇසුරු කරන හරමානිස්ලාටත් මෙවැනි පෝස්ට් කියවන විට දැනෙන්නේ පුදුම ආඩම්බරයකි. අනන්‍යතාව හරියට ලියාගන්න බැරි එකා යනුවෙන් කිසිවෙකු අපහාස කල යුතු නැත. මෙසපොටේමියාව, බලුකිස්ථානය, සයිබීරියාව ආදී රටවල් දහස් ගණනක සැරි සැරීම නිසා සිංහල අමතක වීම ස්වාභාවිකය. වෙනෙකක් තබා "මටත් පොඩි පොඩි මැන්ටල් තියෙනවා" කියා නිරහංකාරව තම අඩු ලුහුඩු කම් කතාකරන වෙනත් බොග ලියන්නෙක් අප අතර වෙත්ද?
"මම බලන මෙඝා ටෙලි" වැනි හර බර ලිපි නිසා බොග අවකාශයට අත්වූ සෙත දන්නේ බොංග අයියාගේ බොග නිරතුරුව කියවන ඒ දෑ හිතකාමී සෙට් එකය. උන්ගෙන් දෙතුන්දෙනෙක් දැනටමත් ටෙලි නිර්මාණයට අත දමා තිබෙන්නේ එහි ආනුභාවයෙනි. "මේං අපේ මෙව්වා" යනුවෙන් පෝස්ට් එකක් දමා සිංහල බොග අවකාශයේ ඉන්නා ගොරකයන්ට සහ හරමානිස්ලාට ප්ලාස්ටික් "මැජික්" පෙන්වීම ගැන බොංග අයියාට ස්තුතිවන්ත විය යුතුය. කොළඹ මෙඩිකල් කොලීජියෙන් ඊයේ පෙරේදා පිටවූ අපේ මිතුරෙකුගෙ අදහස නම් මේ විශාල ප්ලාස්ටික් කෑලි උත්කෘෂ්ටත්වයට පත් කිරීම මගින් සිරුරේ අඩුවක් වසා ගැනීමේ අවිඥානික මැන්ටල් තත්වයක්, මානසික ව්‍යාධියක් පෙන්වන වගයි.
"බොග අවකාශයේ වැඩියෙන්ම රටවල් වලට ගිය එක්කෙනා කවුද" වැනි පෝස්ට් දකින විට "මෙව්වා එක නිසා" ඇඟේ මයිල් කෙළින් වී මූණත් රතු වෙයි. ඔය මෙව්වා එකට කියන්නේ "එම්බැරස්මන්ට්" කියා අපේ ඉංගිරිස් දන්න කොල්ලෙක් අප දැනුවත් කළේය. "එම්බැරස්මන්ට්" යනු "ඉරෙක්ෂන්" වැනි වටිනා වචනයක් විය යුතුය. සමහරුනට ඔය දෙකම බැරි බවත් අපට ආරංචි වී තිබේ.
ඒ කෙසේ වෙතත් ප්‍රකාශනයේ නිදහස වැනි සංවේදී දේශපාලන මාතෘකාවලදී ගොං කතා කියන අම්බරුවන්ට ඒ කතා මේ බොග අවකාශයේ ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට අප ගරු කරන බවත් කිව මනාය. සිම්ෆනියක් ඔපෙරාවක් මැද්දේ බුරුවෙක් තප්පුලෑමෙන් සිම්ෆනියට, ඔපෙරාවට අමුතු ආලෝකයක් නොලැබෙන බවත් අනිත් අතට මතක් කල යුතුමය. ප්‍රකාශනයේ නිදහස කප්පාදු කරන්නට බොරු හේතු හදාගෙන "ඇනෝවාරණය" කරන එකාම සෝපා , පීපා වලට විරුද්ධව කතා කරන විට නම් අපිට පුකෙනුත් හිනා යන බව කිව යුතුය. ඒ අස්සේ ඇනොනිමස් ලාගේ කොන්ද ගැන කතාකරන මීයෙක් ඊයේ පෙරේදා සීහනාද කල බවද සැලය. "හිච්චි මෑන්" යන නමින් බොග අවකාශය හොළවන අන්දමේ පුක ඉරෙන කවි ලියන, "මග දිගේ" ලොඳ හැලෙන, මෙතුමාගේ "නමෙන්ම" බොහෝ දේ කියැවෙන නිසා ඒ අවයව ගැන කතා කිරීමෙන් වැළකෙමු.(ඉහත පිංතූරයේ කිසිම අදාලත්වයක්ද නැත.)
අභීතගේ ලිපියේ කොමෙන්ට් දැමු කිහිප දෙනෙක්ම වෘෂණ කෝෂ ගැන සඳහන් කිරීම ඉතා උචිතය. අද රටට මෙන්ම සිංහල බ්ලොග් අවකාශයටද අවශ්‍ය විවේචන දරාගත හැකි, සංවාදයේදී "කන්ටෙක්ස්ට්" එකට කතාකරන, පුද්ගලයා ගැන නොසලකන වෘෂණ කෝෂ ඇති මහත්වරුය. එවැනි වෘෂණ කෝෂ ඇති මහත්වරු තැන තැන " දියාරු ලොඳ හලන්නන්" නොවේ. එක එකාට පඩ ෂෝ දමමින් මෝඩ ආතල් දීමට අපගේ විරුද්ධත්වයක් නැති නමුත් දේශපාලනමය වැදගත් කමක් ඇති මාතෘකා ගැන තප්පුලන පොල් බූරුවන් පාළු ගෙයි වලං බිඳින විට අපිත් ආතල් ගැනීමේ වැරැද්දක් නැතැයි සිතමු.

Subscribe to:
Posts (Atom)