skip to main |
skip to sidebar
විශ්වවිද්‍යාල සිසුවෙකුගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් කොළඹ විද්‍යා පීඨයෙන් කටුගස්තොට නගරයට සේන්දු වු සිසුන් පිරිසකි. කොඩි වැල් - පෝස්ටර් ආදියේ කෙලපැමිණියවුන් නිසා හැම මලගෙදරකදීම මෙන් මහත් වෙහෙසවී ඒ වැඩ කටයුතු නිමවවුහ. රෑට දුම් වැටියකින් සප්පායම් වී කැරම් අතක් , බූරුවා කුට්ටමක් සමග කොළඹ පරිසරයෙන්, මිදීමෙන් ඇතිවූ වූ මහත් ආහ්ලාදයෙන් යුතුව කටුගස්තොට ප්‍රදේශවාසීන් සමඟද සුහදව හැසිරෙත්. එහෙත් මළගෙදරට එන ප්‍රදේශවාසී ජනතාව මේ මිය ගිය පියාණන් ගැන වැරදි චිත්‍රයක් මවන බව සිසුන්ට අවබෝධ වන්නට වැඩි කල් ගියේ නැත.
" අනේ ඉතින් බීල වෙච්ච දේ"
" නොබී හිටියනං තවම ඉන්නවනේ"
" බීමේ ආදීනව තමයි"
" බොන්ඩ ගියාම ඔහොම තමයි"
වැනි වැකි එහෙන් මෙහෙන් ඇහෙන්නට විය. සිසුන් මේ මියගිය පුද්ගලයා ගැන හොඳින් දනී. ඔහු විනෝදයට බර පුද්ගලයෙකු බවත් සතියට වරක්වත් මී විතෙන් සප්පායම් වී සිංදුවක්, චිත්‍රපටියක් රසවිදින රසවතෙක් බවත් සිසුහු දනිති.
"මොකද්ද මේ සීන් එක මචං?"සිසුහූ තම මිතුරාගෙන් කරුණු විමසූහ.
" නෑ මචං මේකයි තාත්තා අමාරුවෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන කොටත් හොඳට දාලා හිටපු දවසක්. දොස්තරත් එක්කත් පස්සේ හොඳට ෆිට් වෙලා මනමේ ගැනයි, සරත්චන්ද්‍ර ගැනයි, කතාකර කර ඉඳල තියෙනව. මැරිල තියෙන්නෙ හදිසියේ ආපු හාට් ඇටෑක් එකකින්. ගමේ මිනිස්සු දන්නවනේ තාත්තා ටිකක් ගන්නව කියල, අමාරු වෙච්ච වෙලේ ගමේ මිනිස්සු තමයි තාත්තව ගෙනිහින් තියෙන්නේ. දැන් කතාව යන්නේ තාත්ත බීල මළා කියල"
මිතුරා උත්තර දුන්නේ උපේක්ෂාවෙනි.
අදාහනයට පෙර දින රැයේදීත් මේ කතාව ඇදී අවේය.
"අනේ ඉතින් නොබීවනං තව කී කාලයක් ඉන්න තිබ්බද"පළාතේ ග්‍රාම සේවක තවත් වැඩිහිටියන් පිරිසක් වට කරගෙන කියවයි.
" ඇයි අංකල් හුඟක් බිව්වද ?" සිසුවෙක් කිසිවක් නොදන්නාක් මෙන් අසයි.
" ඔව් පුතා බලන්නකෝ ඉතින් මෙයා කලේම බොන එකනේ, අමාරු වුණෙත් බීලා වැඩිවෙලා"
" ඇත්තද අංකල්..අපි දැනං හිටියෙ නැහැනේ... වයස කීයක් වෙනවද නැතිවෙනකොට?"
" අසූ හයක් නෙ"
" බීලත් අසූ හයක් හිටිය?? හෑ??..ඇයි යකෝ බුදුහාමුදුරුවෝ නොබිත් හිටියේ අසූවයි නේ!"
PICTURE - http://www.demotivation.us/
නලියා ඇතුළු ගෝලබාලයන්ද ලංකා චී නිව්ස් වැනි නොමිලේ විහිළු සපයන හාංචිපයිස් වෙබ් අඩවිද, දේශීය පොල්බූරුවන්ද සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකරගැනීමට කරන තැටමිල්ලට මේ වන විට දශක දෙක තුනක් ගත වී තිබේ. ඒ තැටමීමේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් හීනි පඩයක තරම්වත් ප්‍රතිඵලයක් නොලැබීම ජාතියේ වාසනාවකි. හූනු බිජ්ජක් තරම්වත් මොලයක් තිබේ නම් සිංහල බෞද්ධ විද්‍යාවක් යන්න සැබෑ කරගත නොහැකි සිහිනයක් බව මේ වන විට අවබෝධ විය යුතුය.
නලියාගේ ප්‍රවාදයට අනුව අනුව සිංහල බෞද්ධයින්ගේ දැනුම වියුක්ත දැනුමක් නොවේ. බටහිරයන්ගේ දැනුම වියුක්ත දැනුමකි. නලියාට අනුව සිංහල බෞද්ධයෝ එක් එක් දේ වෙන්කර හදාරන පිරිසක් නොවේ. උදාහරණයක් ලෙස සමාධි පිළිමය ගන්නා නලියා ඇතුළු ගෝලබාලයෝ, එහි කලාවත්, තාක්ෂණයත්, ආගමත්, එකට ඇතැයි කියති. සිංහල බෞද්ධයෝ කන විට බත් සහ අනෙකුත් ව්‍යාංජන කන්නේ එකට අනාගෙනය. බටහිරයෝ මෙන් වෙන් වෙන් වශයෙන් ඇපටයිසර්, මේන් කෝර්ස්, සයිඩ් ඩිෂ් කියා එකක් නැත. සිංහල බෞද්ධයෝ ඇපටයිසර් එකට ගන්නේ ගෙදර ගෑනි යැයි යම් විජාතික බක පණ්ඩිතයෙක් අවලාද නගන්නට ඉඩ ඇති නමුත් බොහෝ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිහා ගෑනිට බයිට් වන බව රහසක් නොවේ. අනෙක් අතට අනාගැනීම සහ ඉල්ලං කෑම අතින් සිංහල බෞද්ධයෝ පෙරමුණේම සිටින බවත් අමුතුවෙන් කිව යුතු නැත.
බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නම් දැනුම නිර්මාණය කිරීමම (සංස්කාර) මෝහය, අවිද්‍යාව නිසා සිදුවන්නකි. නාම රූප හටගන්නේම අවිද්‍යාව නිසාය. ඒ අනුව බෞද්ධ ආගම, දර්ශනය තුළ නව දැනුම නිර්මාණය කිරීමට ඉඩක් නැත. නිර්මාණය කල දැනුම මෙන්ම ආනයනය කරන ලද දැනුම දියුණු කිරීමටද අනුබලයක් නොලැබේ. බුදු වදනට අනුව කල යුත්තේ හැකි ඉක්මනින් සියලු ආකාර දැනුම නිර්මාණය කිරීමෙන් ගැලවීමයි. දැනුම නිර්මාණය, සංස්කරණය කරන්නේ මෝහය, අවිද්‍යා අන්ධකාරය නිසාය. වෙනත් වචන වලින් කියතොත් සසෙක්ස් වැනි බටහිර විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි ලැබුණත්, කෝවේ දමාවත් මකවන්නට බැරි උපන්ගෙයි තකතීරු, මරිමෝඩ කම නිසාය. එසේ බලන විට ලෞකික ලෝකයට ඇඳ බැඳ තබන නව නිපැයුම්, සොයාගැනීම් ආදිය මෝහයත් තණ්හාවත් නිසා කරන විකාරම පමණි. මෙවැනි පසුබිමක් තුළ සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම යනු අමුම අමු ගොං ප්‍රවාදයක් පමණක් නොව අංක එකේ විසංවාදයක් ද වෙයි.
සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම පසෙක තබා මේ විසංවාදයෙන්, පරස්පර විරෝධී මඩ ගොහොරුවෙන් නලියා ඇතුළු ගෝලබාලයන් එළියට එන අන්දම අපි සාවධානව බලා සිටිමු.

නලින් ද සිල්වා ශ්‍රීමතාණන් නිතර පට්ට ගසන කියමනක් මා අසා තිබේ. ඒ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිබඳව දෙසා වධාරද්දීය. ඇපල් ගෙඩියක් ඔළුවට වැටී ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගොඩ නැගූ නිව්ටන් සම්බන්ධයෙන් කියන මේ කියමන ඉතාම රසවත්, මා වැනි බජාර් එකේ නෝන්ඩි පොරකගේ වුවද අනුමස්තිෂ්කයේ නිම් වළලු පුළුල් කරන එකකි. කළය නමින් වන වෙබ් අඩවියක් අටවා ඇති බැවින් මේ කියමන අවශ්‍ය අයෙකුට පහසුවෙන් සොයා ගත හැක. කළය වැනි දේශීය වතුර රඳවන භාජනයක් නමින් තම වෙබ් අඩවිය නම් කිරීමම එතුමාගේත් එතුමා වටා සිටින අනෙකුත් බුද්ධිමතුන්ගේත් බහුශ්‍රැත භාවය මොනවට පෙන්වයි. "පිරුණු කළේ දිය නොසැලේ" යනුවන් අපේ පැරැන්නෝ කීවේ මෙවැනි කළ ගැන විය යුතුය. නලින්ද සිල්වා ශ්‍රීමතාණන්ගේ ආදර්ශය අනුව යමින් කොත්තුව වැනි සංකර වෙබ් අඩවි වලට එරෙහිව ඉදිරියේදී "වංගෙඩිය, මෝල්ගහ, කුල්ල, ගුරුලේත්තුව" ආදී දේශීය නම් වලින් වෙබ් අඩවි බිහිවූවොත් එය පුදුමයට කරුණක් නොවේ.
නලින් විද්වතාගේ "දැනුම සංස්කෘතියට, රටකට සහ එක් එක් පුද්ගලයාට සාපේක්ෂවේ" යන ප්‍රවාදයට අනුව ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන් සොයාගන්නේ ඇපල් ගෙඩියක් ඔළුවට වැටුණ නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගුරුත්වාකර්ෂණ නියමයකට ඉඩක් තිබිය නොහැක. පොල්, කොස්, සහ දූරියන් වැනි මාරාන්තික ගෙඩි නිසා වසර දෙදහස් හයසීයක කාලයක් තුළ අපේ ජාතියට අහිමිවූ "ලෝකල්" නිව්ටන්ලා ගණන මෙතෙකැයි කිව හැක්කේ නාථ දෙවියන්ට පමණි. වැලිආතා, ගස්ලබු, හෝ කජු පුහුලම් මේ ප්‍රවාදයට නොගැලපෙන්නේයයි, යම් විජාතික බක-පණ්ඩිතයෙක් සමහරවිට ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නලින්ද සිල්වා ඇතුළු ගෝල බාලයන් එවැනි බක-පණ්ඩිත ප්‍රකාශ අවඥාවෙන් යුතුව බැහැර කරනු ඇත. පොල්, කොස් තබා පැණි කොමඩු වැලක් යටින් වුවද සිංහල බෞද්ධයන් යන්නේ නම් ගල් තොප්පියක් දමා ආරක්ෂාව සපයා ගතයුත්තේ මේ ප්‍රවාදයේ ප්‍රායෝගික වටිනාකම නිසාය.
නලින්ද සිල්වා ශ්‍රීමතාණන් මේ සංස්කෘතික සාපේක්ෂතාවය හුවා දැක්වීම සඳහා පොල්මල, පොල්ගෙඩි, හනස්ස, පොල්මුල, කුරුම්බා, පොල්තෙල්, පොල්පැණි, ආදී දහසකුත් එකක් උදාහරණ ගනිමින් වර්ණවත් ලෙස පහදන්නේ බටහිරයන්ගේ සංකල්ප තුළ මේ එකක්වත් නැති බවයි. වෙනෙකක් තබා "ඇට්ටි හැලෙන්න දෙන්නට" පුළුවන් සිංහලයන්ට පමණෙකැයි එතුමා පෙන්වන්නේ ආඩම්බරයෙනි. මීට ව්‍යතිරේකයක් ලෙස පෙන්විය හැක්කේ අනුකාරක විජාතිකයෙක් වන සංගක්කාර කවුඩ්‍රි දේශනයේදී ඇට්ටි හැලෙන්නට දීමයි. ඇට්ටි පමණක් නොව පොරිද හැලෙන්නට දුන්නු බව කාටත් දැන්නම් පැහැදිලිය.
එතුමාට මගහැරුණු තවත් එවැනිම අර්ථවත් උදාහරණ කීපයක් මා මෙසේ සටහන් කරන්නේ එතුමා අවතක්සේරු කිරීමට නොවේ. නිකම්ම "පොල්" යන වදනද අපේ වහරේ පමණක් එන වැදගත් සංකල්පයකි. නලින්ද සිල්වා නොබොන පොල් එතුමාගේ ගෝල බාලයන් හොරෙන් බොන බව රටට රහසක් නොවේ. උන් ඒවා බී, කොන්ටම් ගැනද, නාථ දෙවියන් ගැනද, ආසනික් ගැනද තව තවත් ප්‍රවාද නිපදවති.
පොල් බූරුවා යන්නද අද්‍යතන ලාංකීය සමාජයට සමීපතම යෙදුමකි. පොල් බූරුවා යනු පොල් කන බූරුවෙක් හැඳින්වීමට යොදන්නක් නොවන බව නොතේරෙන්නේ පොල් බූරුවෙකුටම පමණි. මෙහිදී පොල් යන්න යෙදෙන්නේ "බූරුකමේ" විශාලත්වය හුවා දැක්වීම සඳහාය. පොල්ගස තරම් විශාල "බූරුකමක්" ඇති බව මින් හැඟවේ. පොල් බූරුවන් නිසා රටට ජාතියට සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. පොල්බූරුවන් ගණයට වැටෙන්නන් අතර ඉතා ඉහළ "බූරුකමක්" ඇති මහාචාර්යවරු, දොස්තරු, පශ්චාත් උපාධි අපේක්ෂකයෝ සහ විශ්ව විද්‍යාල සිසුන්ද සිටිති. භාවනා කර දෙවියන් හා සංවාද කරන පොල්බූරු දෙන්නුද සිටිති. උන්ගේ පොල් බූරු ප්‍රවාද නිසා කන්නට තියෙන බත් ඇටේටත් කෙලවී, පොහොර සහනාධාරයටත් කෙලවී තිබේ. උන්, නොදන්නා ජීව විද්‍යාවත්, ජාණත්, ඩොලී ගැනත් පොල්බූරු කතා කියා හත්පොලේ ගාගනිති.
නමුත් සැබෑ ප්‍රශ්නය නම් මේ පොල් බූරුවන්ට ඇහුම්කන්දෙන, උන් ඔසවා තබන, උන් කියන කියන පොල් බූරු කතන්දර (ප්‍රවාද) හෙවිල්ලක් බැල්ලිලක් නැතිව පිළිගන්නා එවුන් හැඳින්වීමට යොදාගත හැකි වචනයක් නැති කමයි. පොල් බූරුවන් මෙතරම් සිටින රටක මේ සඳහා ගැලපෙන වචනයක් නොමැතිකම මහත් ලැජ්ජාවකි. අනිත් අතට නලින් ද සිල්වා වැනි විද්වතුන් සිටින රටක ඒ සඳහා වචනයක් නිපදවා ගැනීම මහ කජ්ජක් නොවේ. මේ සඳහා ඔබටත් දායක විය හැකියි. ඔබේ නිර්මාණාත්මක වචනය, යෙදුම මෙහි කමෙන්ට තීරුවේ සටහන් කරන්නේ නම් ජාතික අඩුවක් පුරවන්නට දායක වූවා යයි අනාගතයේ යම් දිනෙක ඔබටත් සතුටු විය හැකියි.

මාරයා සෑර් අලුතින් පටන් ගත්ත වැඩේට මගෙනුත් තල්ලුවක් විදියටයි මේ පෝස්ට් එක. මාරයා සෑර් දූෂණ වංචා වෙනෝ කියා අනෙක් අය දැනුවත් කර විවෙචනයට එහා යමක් කරන්නට ගත් පියවරේ පළමු පෝස්ට් එක නම් මාරම මාරය. කියවූ බොහෝ දෙනෙක් Naomi Campbell ගේ "කැට්වෝක්" එක දැක කොරවී ගිය දෙහිවල සූ එකේ කොටියා මෙන් අංජබජල්-මනිකුංජල් වී ගිය බව රහසක් නොවේ. මාරයා සෑර් ඔය කියන මාද්-දිය සාකච්ඡාව, මිහිඳුවා ගැලරියට රඟ දැක්වූ නාටකයක් බව කියන්නේ රටක් ජාතියක් නැති අවජාතකයන් සුලු පිරිසකි. ඊට විසිල් නොගසන, අත්පොළසන් නොදෙන එකෙක් වෙත්නම් ඒ දේශද්‍රෝහියෙකි. දැන් ඉතින් රජ රට වකුගඩු පුරස්නෙටත් තිත තබා තිබේ! අද හෙටම මහාරාජා එකේ එවුන් හිරේ දමා මහාරාජා සමාගමත් රජයට පවරාගනු ඇත. රජරට වකුගඩු රෝගයෙන් මල රෝගීන්ගේ වකුගඩු වල හෝ ශරීර පටක වල ආසනික් තිබුණ බව දේශීය විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (- බලි, තොවිල්, අංජනං,යන්තර , මන්තර හදි හූනියං, ජ්‍යෝතිෂ යනාදී දේශීය ක්‍රම ඇසුරෙන් කරන ලද පර්යේෂණ )දහස් ගණනකින් තහවුරු වී තිබෙන නිසා තවත් සැක සාංකා ඇතිකර ගත යුතු නොවේ. කල යුත්තේ ආවර්තිතා වගුවෙන්ද ආසනික් තහනම් කිරීමය.
ඉහත පින්තූර වලින්ද පෙන්නුම් කරන්නේ තවත් එවැනිම වූ සද්කාර්යකි. නොබෙල් සාම තෑග්ග වැනි එකක් ලැබිය යුතු, ලෝකයේම ජනප්‍රසාදයට පත් වියයුතු, පහන් සංවේග උපදවා ගත යුතු අති දුර්ලභ අවස්ථාවකි.
මේ පින්තූරයට දාන්නට හොඳ හෙඩිමක් ලෙස "දුක් සැප කුමන්දා -අසන නිරිඳෝ වෙන කොයින්දා" යන්න ද උචිතය. එහෙත් වෙඩිතබා මැරූ හිරිමල් වියේ සොයුරාගෙන් එහෙම අහලා වැඩක් නැති නිසාදෝ, ඒ සොයුරාගේ ඥාතීන් ගෙන්වා මේ පොරොන්දු වන්නේ මියගිය එකා නැවත ගෙනැවිත් දෙන්නට විය යුතුය.

මේ කියන මාධ්‍යවෙදියා අද නම් ලංකාවේ ප්‍රධාන මාධ්‍යජාලයක ඉහල නිලයක් උසුලයි.
ඊට පෙර මේ මාධ්‍යවේදියා ලංකාවේ එකම විද්‍යා සඟරාවේ වැඩ කල බවත් අසා ඇත්තෙමු. එහි ඉතා ජනප්‍රිය කොලමක් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කල බවත් ඉදිනෙදා විද්‍යා දැනුම නව ආකරයකින් ඉදිරිපත් කරන අතරතුර හීන් දේශපාලන ටොකුද ඇන්න බවත් මෙහි සඳහන් කල යුතුය. ගෝඨා-බය රාජපස්ස විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා යැයි කියන ජෝකර්ලාද සිටින සමයක මේ මාධ්‍යවේදියා නම් ප්‍රශස්ති ගායනා, වන්දිබට්ඨකම් නොකල බවද සඳහන් කල යුතුමය.
මේ ඒ මාද්‍යවේදියා ඉස්කෝලෙ යන කාලයේ සිදුවූවකි. යන්නේ රෝ-ඇලටය. කොල්ලා කාලයේ සිටම නලියා ගැන අතිමහත් භක්තියෙන් පසුවන්නේය. හෙතෙම රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ අලුතය. පත්වීමෙන් පසු රෝ-ඇල් විද්‍යා දිනයේ පළමු දේශනයට නලියාට ආරධනා කළේ ආඩම්බරයෙනි. නලියාද රෝ ඇලේ ආදි ශිෂ්‍යයෙකි. එකල මහාචාර්ය පට්ටම තිබුණේද නැත. අද මෙන්ම එදාද නලියාගේ ජාතික චින්තන බයිලා වලට කන් දුන්නෝද අතලොස්සකි.
විද්‍යා දිනයට රෝ-ඇලේ සුප්‍රසිද්ධ ශ්‍රවනාගාරයට ආ නලියා මහත් හරසරින් පිළිගත් (වෙන්ට මාධ්‍යවේදී ) සභාපතිතුමා එහි මුල් පෙළ අසුනක් පිළිගන්වා වාඩිකරවීය. රෝ-ඇල් කොල්ලන්ගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. නලියා මඳකට අන්ද මන්ද විය. මූලාසනයේ අසුනක් නලියාට නැත! මූලාසනයේ රෝ-ඇල් විදුහල්පති වරයාද, හරිත චස්වත්තේ නම් තවත් දේශපාලන පසුබිමක් ඇති ආදි ශිෂ්‍යයෙක්ද, අනුශාසක ගුරුවරයාද වෙයි. එහෙත් නලියාට මූලාසනය අහිමිය. ඒ මදිවාට නලියා රෝ-ඇලේ ඉන්නා කාලයේ සිදුවූ බහින්බස් වීමකින් පසු හරිත චස්වත්තේ නලියාගේ ජම්මන්ත සතුරෙකි. ඒ මූලාසනයේ සිටින සතුරා පහළ ඉන්නා තමා දෙස බලමින් සිනාවෙනු නලියාට පෙනේ. නලියා දත්කූරු කමින් වෙන්ට-මාධ්‍යවේදි-විද්‍යා සංගම් සභාපතිවරයා දෙසද රවා බලමින් තම කතාව එනතුරු ඇඟිලි ගනිමින් සිටියේය. නලියා අනුමාන කල අයුරින්ම සියලු කතාවලින් පසු නලියාට අවස්ථාව ලැබුණේය. දෙඤ්ඤං බැටේ න්‍යායෙන් නලියා කතාව ඇරඹුවේය.
"ඔව් මමත් මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්, මට මතකයි මමත් මෙන්න මේ විදියටම නිල් කලිසම, මේ විදියටම සුදු දිග කලිසම ඇඳල ඇඳල මේ ඉස්කොලෙට ඇවිල්ල ඉගෙන ගත්ත. ඒත් කනගාටුවෙණ් වුණත් කියන්ඩ ඕනේ, මේ ඉස්කොලෙන් බිහිකරපු තරමක් බිහිකළේ අනුකාරකයෝ. මේක ලංකාවේ අංක එකේ විජාතික අනුකරාකයෝ බිහිකරන පාසල. ඒ වගේම මේ ඉස්කෝලෙ තැනක් ලැබෙන්නේත් තැනක් තියෙන්නෙත් විජාතික චින්තනයට, අනුකාරකයන්ට මිසක් ජාතිකත්වයට, නෙවෙයි.."
රෝ-ඇලේ විදුහල්පතිවරයා තුෂ්ණිම්භූතව බලා සිටී. සංගමයේ අනුශාසක ගුරුවරයා නොසන්සුන් මුහුණින් යුතුව ඉදිරිපෙළ සිටින සභාපතිවරයා ඇතුළු අනෙකුත් සිසු-නිල මඩුල්ලට ඔරවයි. සිසුන් අතරද මද නොසන්සුන්තාවයකි. අතරින් පතර ඔලොක්කු සිනාවන්ද ඇසේ.
නලියා දිගටම කතාව කරගෙන යයි. කොන්ටම් පැත්තට කතාව හරවා නිව්ටෝනීය භෞතිකයටත්, බටහිර විද්‍යාවටත් නෙළු හෙතෙම, ජාතික චින්තනය පැත්තට කතාව හරවා තවත් වැළමිටි පහරවල් දෙක තුනක් රෝ-ඇලට නෙලමින් තම කතාව අවසන් කළේය.
රැස්වීම අවසන්වන්නටත් මත්තෙන් විද්‍යා සංගම් සභාපති-වෙන්ට මාධ්‍යවේදී සිසුවාට ලැබුණු නියෝගයකින් කියවුණේ වහාම විදුහල්පතිතුමා හමුවන ලෙසය.
නියෝගය අනුව විදුහල්පති කාර්යාලයට ගිය වෙන්ට-මාධ්‍යවේදී සිසුවාට දකිනට ලැබුණේ මුහුණ රතු කරගගෙන, රවාගෙන සිටින විදුහල්පතිවරයා, අංශ භාර ගුරුවරයා සහ අනුශාසක ගුරුවරයාය.
පසුදා උදෑසනම අපේ කතානායක සිසුවා රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූයේය.
මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය

පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ඒකකය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් වුවත් ඔවුන් වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව වාර්තාවේ.
ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද??
Video from slcolombo2