පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ඒකකය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් වුවත් ඔවුන් වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව වාර්තාවේ.
Monday, 2 May 2011
පරිගණක අපරාධ වලක්වන්නට හැදු රාජ්‍ය ආයතනයකින් "හැකිං"
පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ඒකකය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් වුවත් ඔවුන් වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව වාර්තාවේ.
Saturday, 30 April 2011
උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද
ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද??
Video from slcolombo2
Sunday, 13 March 2011
සයිබ ත්‍රස්තවාදය පිටුපස චීන බුද්ධි අංශ, හමුදාව සහ TRC???
අන්තර්ජාල-වාරණය පිලිබඳ චෝදනා හේතුවෙන් ලෝක සෙවුම් යන්ත්‍ර යෝධයෙක් වන ගූගල් සමඟ යුද්ධයක පැටලුන චීන විශේෂඥයින්ගේ අනුග්‍රහය, ශ්‍රී ලංකාවට "අහිතකර" අඩවි අවහිර කිරීම සඳහා ලැබෙන බව පසුගිය පෙබරවාරියේදී පලමු වරට ප්‍රවෘත්ති අඩවි කිහිපයක් වාර්තා කරනු ලැබීය. චීන හමුදා-බුද්ධි අංශයට අනුයුක්ත තොරතුරු සන්නිවේදනයේ විශේෂඥයින් මේ කාර්ය්‍යය සඳහා අවශ්‍ය සම්පත් සහ උපක්‍රමික ක්‍රමවේද අධ්‍යනයට පැමිනෙන බවද කියැවුනේය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), වෙබ් අඩවි තමන් සමඟ රෙජිස්තර කිරීමේ නව නීති රීති හඳුන්වාදීමට යන බවක්ද කියවුනේය. මේ අනුව නීති සම්පාදනය වූ පසු නව අයි. පී ඇඩ්‍රස් ලබාදෙන්නේ මෙම සභාවෙන් ලු. දැනටමත් ඇඩ්‍රස් ඇති එවුන්ගේ ඇඩ්‍රස් නැති කිරීමට මොන කොමිෂන් සභාව සම්බන්දද නැද්ද, කුමන බුද්ධි අංශ හවුල්ද නැද්ද යන්න දන්නේ දෙවියන් පමණි. කොමිෂමේ අධ්‍යක්ෂක වරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර්ජාල ලිපි සහ පණිවුඩ නිරීක්ෂණය කිරීමට විද්‍යුත් ආවේක්ෂන (Electronic Surveillance) කටයුතු සඳහා චීන ඉංජිනේරුවන් යොදාගෙන නැති බවයි. එහෙත් අන්තර් ජාල අන්තර්ගතය නිරීක්ෂනය කිරීමට හා පාලනය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතු බවත් "සමාජයට ප්‍රශ්නයක්" වන ආගමික, දේශපාලනික හෝ ලිංගික අඩවි "විමසුමට" ලක්විය යුතු බවත් පිලිගත් බව කියැවිනි.
ආණ්ඩුව විවේචනය කරමින් මැතිවරණ දූෂන පිලිබඳ ට්විටර් සහ ෆේස්බුක් පණිවුඩ ලියු පුද්ගලයන් පසු පස කොමිෂම ලුහු බැඳ ගියබව අධ්‍යක්ෂකවරයා ප්‍රතික්ෂේප කරද්දී, ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍යය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ආණ්ඩුව විවේචනය කරමින් එස්.එම්.එස් පණිවුඩ යැවූ කිහිපදෙනෙක්ම පොලිස් අත් අඩංගුවේ සිටින බවත් පරීක්ෂණ අවසන් වූ පසු නීති ප්‍රකාරව කටයුතු කරන බව පිලිගත් බවත් වාර්තා වූයේත් මෑතකදීය.
Link 1
Link 2
Link 3
Link 4
Thursday, 10 March 2011
අති පූජ්‍ය අපරැක්කේ පු_ රැක්කේය. රට දැය සමයද රැක්කේය.
මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි උසස් මානසික තලයක් ලබා ගැනීම සඳහා කරන ලද යාතුකර්මයක් වැනි යමක් විය යුතුය මේ ලිංගික අපහරණය කියා සිංහල බෞද්ධ විරෝධීන් විසින් හදුන්වන්නේ. ලිංගික අපහරණයට ලක්වූ කුඩා සාමනේර හිමිවරු පස් නමකගෙන් කට උත්තර ගෙන ඇති අතර, අති පූජ්‍ය අපරැක්කේ චෝදනා පිලිගැනීමන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. බුදු බනේ මේ ලිංගික අපයෝජනය වැනි වැඩ තහනම් කර නැති බව අපිට නම් සීයට දෙසීයක් ෂුවර්ය. ඇප දී නිදහස් කිරීමම අපි ධර්ම රාජ්‍යයට කොපමන ලංව සිටින්නේද යන්න කියන නිර්ණායකයකි. අති පූජ්‍ය අපරැක්කේ රට දැය සමය පමණක් නොව කුඩා සාමනේර හිමිවරුන්ගේ ශරීරාංගද තමන්ගේ මෙන් රැකගත් උතුමෙක් බව සාසන ලැදි අපිට නම් අරුමයක් නොවේ. "පිරිත් කැටි කර" සාන්ද්‍ර කර බෙදන මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් නිසාම බුදු සසුන තවත් අවුරුදු විසිපන්දහසක් වත් නොතිබුනෝතින් තමා අරුමය!
සිංහල බෞද්ධයන්ට එරෙහි වන නිසා "බ්ලොග් ඉවත් කරන" මහතැන්ලාට මේ සම්බන්දයෙන්ද මැදිහත් විය හැකිය. අති පූජ්‍ය අපරැක්කේ වැනි නිර්මල බුද්ධ පුත්‍රයන් ගැන රටට හඬ ගා කියන අතරම එතුමන් වැනි උතුමන් පිදීම සඳහා "මොහොමඩ් නාශක" සම්මානය වැන්නකින් පුදා ගෞරව කල හැක. පිදිය යුත්තන් පිදීම මංගල කරුනක් බව අප මතක් කල යුතු නොවේ.
මේ අව්වස්සේම, ජොර ජොර ගා කඳුලු වගුරුවන ගං කබරයින් බෞද්ධ හිමිවරු
Monday, 7 March 2011
වාරණයට එරෙහිව- ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය
උපුටා ගැනීමකි.
සියල්ලන් වෙත දැනුම් දීමයි.
ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත.
මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්‍රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්‍යතාවයක් මාර්ගයෙන් ව්‍යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්‍රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්‍යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්‍ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්‍ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.)
කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්‍රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්‍රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති.
දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ swimfanlk@gmail.com ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
- Taboo
Thursday, 3 March 2011
නලියා ගැන තවත් කතා 1.
නලියා මුංතුල්ල තක්සලාවේ කොන්ටම් උගන්වමින් සිටින අවදියයි. කොන්ටම් කීවාට මුංතුල්ලේ කොන්ටම් නැති නිසා චින්තනයත් ගණිතයත් උගන්වමින් බටහිර විද්‍යාවට අම්ම මූ නැතිව බනිමින් පොරවෙන්නට දඟලන කාලයයි. අනුකාරක චින්තනයෙන් අත්මිදෙන ආකාරය කියා දෙමින් මෙසේ හුදී ජනයාට යහමග පෙන්වමින් කාලය ගත කරන අතරේ තම පුත්‍රයින් දෙදෙනාම නොම්බර එකේ අනුකාරක පාසල වන රෝ-ඇල් කොලීජියට යවන්නේය. මුංතුල්ලේ සිට රෝ-ඇලට පයින් යන දුරය, තාප්පෙන්ද පැන යා හැක.
සාමන්‍ය ජන ජීවිතය ගැන මෙලෝ තැකීමක් නැති, කිසිම අංගපුලාවකට නැති කොටි ත්‍රස්තවාදීන් හිටිවනම රෝ-ඇල අසලම එවකට පිහිටා තිබූ "ඒකා-ආබද්ද හමුදා මූලස්ථානය"ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලහ. මුලු තුම්මුල්ලම දෙදරුම් කවමින් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ඒකා-ආබද්දේ ගේට්ටු කඩාගෙන ඇතුල්වී පුපුරා ගියේය.
නලියා වහා මුංතුල්ලෙ විවෘත ආපන ශාලව ඉදිරිපසට විත් බෙල්ල දික්කර බැලුවේය. හාපෝයි!, රෝ-ඇල දිහාවෙන් කලු දුං ගුලියක් නගිනු පෙනේ! තර්ස්ටන් පාරේ තදබදය මැද්දේ සයිරන් හඬ නංවමින් ගිලන් රත එක පේලියට ඇදී යයි. නලියාට පුත්තු දෙන්නා සිහිවිය. අඩියට දෙකට රෝ-ඇල දෙසට දුවන්නට විය.
පැයක් පමණ අනෙකුත් දෙමව්පියන් සමඟ පොරකා තම පුතුන් දෙදෙනා සොයාගත් නලියා උන් දෙන්නා අතින් අල්ලගෙන තර්ස්ටන් පාර දිගේ ගෑටුවේ තුන් හිතින්ම ප්‍රබාකරන්ගේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට නොසෑහෙන්න සාප කරමිනි.
තර්ස්ටන් පාරේ තක්සලා ගේට්ටුවෙන් අතුල්වනවාත් සමඟම නලියාට මුන ගැසුනේ තුන්වන වසර ගනිතය විශේෂවේදී උපාදිය හදාරන සිසුන් තිදෙනෙකි.
"බලනව අයිසේ! අරහෙ කොටි ගහල. මං ගිහිල්ල මේ පොඩි උන් දෙන්න හොයාගත්තේ. තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ" නලියා තම දුක කීවේය.
සිසුන් අතර සිටි චින්තන විරෝධියෙක් " ඉතිං සෑර් ලමයි දෙන්න රෝ-ඇල් එකෙන් අස්කොරල පනිනපිටියේ ධර්මපාලෙට යැව්වනං කිසි කරදරයක් නෑනේ" කීවේ ඔලොක්කු සිනාවකින් මුව සරසාගෙනය.
නලියාට කට උත්තර නැත! අත මිට මොලවා සිසුන් තිදෙනාට රැවූ නලියා "මේ ලමයි දෙන්න ඉන්න නිසා මම කියන්නේ නැහැ!" කියමින් අඩියට දෙකට මාරුවුයේ අනුකාරක චින්තනය නිසා මොටවී ඇති සරසවි සිසු-මොල වලට සාපකරමිනි.
මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය.
Subscribe to:
Posts (Atom)