Wednesday, 4 August 2010
වෂී ගුලිය
"අප්පච්චි අප්පච්චි! අන්න අර කොල්ල එනව."
"මොන කොල්ලද බොල?" පොඩි එකීගේ කලබලය යම් කරදරයක පෙරනිමිත්තක් සේ ගුරුන්නාන්සෙට හැඟේ.
"අර කැම්පස් කොල්ලා අප්පච්චී.!"
"මොකාද බොල මට නිනවු නැති හැටි හැබෑට?"
"අර කටුබැද්දෙ ඉඳල එනවා කිව්වේ. අර වෂීයක් කරගන්න සල්ලි දුන්නේ"
"හුටා!!" ගුරුන්නාන්සේ අඩියට දෙකට කාමරය ඇතුලට පැනගත්තේය. වෂී ගුරුකමක් කර ගැන්මට ආ තරුණ ගැටයෙකුගෙන් රුපියල් පහලොස්දාහක් කඩා ගත්තේ මීට සති දෙක තුනකට උඩදී බව ගුරුන්නාන්සේ පසක් විය.
" කොහොමද යකෝ මේක මට අමතක වුනේ??" ගුරාට තම මතකය ගැන මහා කලකිරීමක් ඇති විය. මාස තුනක් පමණ අතේ පිච්චියක් නැතිව වේලි වේලි සිටියදී පෑදුනු මේ "පිනට" පින්සිදුවන්නට සියලු නය තුරුස් සුද්දෙක් මෙන් ගෙවා දැමූ අයුරු මතක් වන විට තාමත් සිතට හීනි ආඩම්බරයක් මතුව එයි.
"අප්පච්චි ගෙදර නෑ කියන්නද??"
" ම්.ම්..නෑ ඇවිත් ඉඳගන්න කියහන්. මම මොකක් හරි ගැටයක් ගහන්නං"
මොහොතක් යන්නට පෙර ගැටයාගේ මෝටර් සයිකලය ගේ ඉදිරිපස නවත්වන හඬද පොඩි එකී හා කෙරෙන ඇල්මැරුනු සංවාදයද ගුරාගේ දෙසවනින් ඇතුල්වුව ගුරාගේ ඔලුවේ වැඩ කලේ මේ මරාලයෙන් ගැලවෙන මගකි.
"යකෝ පුදුම රස්නයක්නෙ" ගුරාට සිතිනි. සුමානයකින් හමාරකින් ඇඟට වතුර දෙකක් දමාගැන්මට නොහැකිවූ බව මතක් වුයේ සර්වාංගයෙන්ද පාන්කඩ වූ සරමෙන්ද නගින හඩු ගඳ නිසාවෙනි.
"කොහොම හරි බොරුවක් කියල තව කල් ගත්තනං.." ගුරා වම් අතේ මවිල් අතර වූ දාඩිය මිශ්‍ර කුනු දකුනතින් රෝල් කලේ යම් උප්පරවැට්ටි අදහසක්, ගල් පැලෙන බොරුවක් ඔලුවට එන තෙක් කල්මරමිනි. දහඩිය නිසා එකට ඇලෙන සම්-කුනු ගුලිය මදටිය ඇටයක් තරම් වන්නට වැඩි වෙලා නොගියේය. හදිසියේම ගුරාට ගණ දෙවි නුවණ පහල විය. දකුනතේත් පපුවේත් දහඩිය-කුනු ගුලි එකතු කරමින් කුනු ගුලිය රටකජු ඇටයක ප්‍රමාණයට වර්ධනය කල ගුරා ඉන් නොනැවතී කිහිලි වලද, සරම උස්සා ඉකිලි වලද කුනු එකතු කරමින් එය මිදි ගෙඩියක් පමනට ගෙන ආවේය. දැන් ඉතින් තවත් හැංගිමුත්තං කෙලීමේ තේරුමක් නැත.
"ආ! මේ මහත්තය නේ ..මං ඒත් කල්පනා කරා වැඩේ ඉවර වෙලත් තාම පරක්කු ඇයි කියල."
ගැටයා ලැජ්ජාවෙන් ඇඹරෙයි. "නෑ මේ දවස්වල මේ විභාග..ඒකයි."
"මහත්තයා වැඩිය කතා ඕන්නෑ, මේන්න මේ කොලේ ඇතුලෙ තියෙනවා පන්ලක්ෂහතලිස්දාස් වාරයක් ජීවම් කොරාපු වෂී ගුලිය. දැන් කොරන්න තියෙන්නෙ මහත්තයගෙ හිසකේ පොඩ්ඩක් මේකට එකතු කරල ගෑනු ලමයට කවෝන එකයි."
"එච්චරයි?" ගැටයා අසන්නේ විශ්මයෙනි.
" ඔව් වොව් වොව්,..හැබැයි ඔක්කෝම ටික ඇඟට ඇතුල් වෙන්ට ඕනෑ ප්‍රතිපල ලැබෙන්න නං."
ගැටයා ගුලිය මහත් භක්තියෙන් අතට ගෙන ප්‍රවේශමෙන් තම මල්ලේ තැන්පත් කරයි.
"මේක තියාගන්නකෝ" ගැටයා රුපියල් පන්දහසක් ගුරා අත තබයි.
" නෑ ඕනැන්නෑ මහත්තයෝ" ගුරා එය සාක්කුවෙ දමාගන්නා ගමන් කියන්නේ බයාදු හඬිනි."
"එහෙනම් මං ගියා. වැඩේ කෙරුනොත් ඉතුරු හරිය..ආ!"
ගැටයා දඩුමොනරයේ නැගී නොපෙනී යයි.
--------------------------------------------------
"යකෝ ආන්න අර කොලුගැටය, ඊයෙත් උඹව හොයං ගෙදර ආවයි කියන්නේ" සියදෝරිසා කියන්නේ හරියට බලා සිටියාක් මෙනි.
"බං, මම ගෙදර හිටියා. එලියට නාවට" ගුරා ඔලොක්කු සිනාවකින් මුව සරසා ගනියි.
"මේ බලහං, ඕකුන් කැම්පස් කොල්ලෝ. ඕකුන් රවට්ටන්න ගිහිල්ල අපි හැමෝටම සම්බුව හම්බෙයිද මන්දා..ඌ යනිං ගමන් මාගරට්ලගෙ කඩෙන් අහල තියෙනවලු උඹ ගැන..ලොකු හදිස්සියකින් ඉන්න පාටයි පෙනිල තියෙන්නේ"
"කාට කාටත් කියහල්ල මං නිදන් හාරන වැඩකට ගිහින් එන්නෙ කවද්ද කියල කියන්න බැහැයි කියල..අපෙ කෙලිටත් ඔය කතාව කියන්න කියල තියෙන්නෙ..පාරක් දෙකක් ඇවිල්ල ඕකටම ඇති වෙලා නවතියි" ගුරුන්නාන්සේ කියන්නේ සිත තුල නැගී එන බිය මුසු දෙගිඩියාව මැඩගනිමිනි.
-----------------------------------------------
පීටර්ගේ "බොකුදිරාස්" වීදුරු දෙක තම සිත තුල හොල්මන් කරන අභූත සිතුවිලි සියල්ල අමතක කරවන බවක් ගුරාට හැඟෙයි.
"කැම්පස් වුනා නැතා..කොල්ලෝ කොල්ලොමයි..ඕවා කරල හැදෙනව මිසක් මිනීමරන්නෑ නෙව"
"ආ ..ගුරුන්නාන්සේ...අයියෝ මම කොච්චර දවස් ආවද හම්බෙන්න."
ගුරාට උතුර දකුන නිනව්වක් නැත. මේකා මතු වූයේ කොහෙන්ද? ගැටයා මග රැක සිටියාවත්ද?..
"අ..ආ ම.මම මේ නිදන් වැඩකට.."
"ඔව් මට කිව්ව" ගැටයාගේ හඬේ ඇත්තේ මිතුරු නාදයකි. මොන විගඩමක් වෙන්නට යන්නේදෝයි ගුරාට සිතා ගත නොහැක.
"මෙන්න ගුරුන්නාන්සේ ඉතුරු විසිදාහ..මේක දෙන්න මම කීපාරක් ආවද..ගනන්කරල බලන්න."
"හෑ??..මහත්තය හැබෑට මොකෝ වුනේ"
"වැඩේ හරි, ලමය කැමැත්ත දුන්න" ගැටයා පවසන්නේ රටක් රාජ්ජයක් දිනූවෙක් ලෙසිනි.
"..අර ගුලිය..ඔක්කොම.?"
" ඔව් ඔව් ඔක්කොම ටික ගිල්ලෙව්ව අයිස් ක්‍රීම් එකකට දාල"
ගුරුන්නාන්සේට මහා පිලිකුලක් දැනෙයි. පීටර් ගේ "සුදු ෆැන්ටා" බුලියේ දියවී සිටි ගැරඬියා දුටු දිනයේවත් මෙතරම් පිලිකුලක් ගුරාට දැනී නැත. ඔක්කාරයට එන්නාක් මෙනි.
"එහෙනං මං ගියා."
"හොඳමයි මහත්තයෝ..තව යාලුවෝ හෙම ඉන්නවනං එක්කං එන්ඩකෝ." ගුරා කියන්නේ බෙල්ලේ සිට කන දක්වාවු ප්‍රදේශය පිරිමදිමින් තඩි කුනු ගුලියක් එකතු කරන අතරතුරය.
Friday, 30 July 2010
ජාතික චින්තනයට/ඇඳුමට Sri Lankan සැලකීම.
එක්තරා විස්ස විජ්ජාලයක, විද්‍යා නොවන පීඨයක අංශ ප්‍රධානී මහැදුරා සහ තවත් කථිකාචාර්ය වරයෙක් සම්මන්ත්‍රනයකට සහභාගී වීමට ලන්ඩන් බලා පිටත් වූහ. මහ ඇදුරා සම්පූර්න බටහිර ඇඳුමින් සැරසී එද්දී සගයා සැරසී ආවේ ජාතික ඇඳුමිනි. ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ එක ලඟ අසුන් දෙකක හරිබරි ගැසී හිඳගත් මේ දෙදෙනාටම විදේශ ගමන් මැජික් නොවන නිසා අතරින් පතර වචනයකින් දෙකකින් දොඩමලු වෙමින් ගුවන් යානය ගුවන් ගත වනතෙක් සැහැල්ලුවෙන් ගත කලහ. ගුවන් යානය ගුවනට නැගී සුලු වෙලාවකින් සුරූපී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ට්‍රොලියක් සමඟ මේ දෙදෙනා වෙත පැමිනියාය.
මහඇදුරා ලැප්ටොප් එකේ වැඩකි. ටයි එක වරින් වර කී බෝඩ් එකට වැටෙන එක වලකමින් එහි අකුරු ඔබයි. කෝට් බෑයේ උඩ සාක්කුවේ බෝඩින් පාස් එකත් පාස්පෝට් එකත් එලියට පෙනේ.
ශ්‍රී ලංකන් මොනරිය ශෘංගාරාත්මක හඬකින් මහැදුරු ඇමතුවේය.
"What would you like to drink sir? .., we have scotch, red rum, red wine, white wine, tea, coffee, coke and fruit juice"
("මහත්තය මොනවද බොන්නේ?.. අපි ගාව තියෙනව විස්කි, රෙඩ් රම්, රෙඩ් වයින්, වයිට් වයින්, තේ, කෝපි, කෝක් සහ පලතුරු යුෂ ")
" I'll have a scotch on the rocks"
(" "මට විස්කි අයිස් එක්ක.")
මහැදුරු පිලිතුරු දුන්නේය.
සගයා බෝතල් අඩි කන්නාඩි දෙක දමාගෙන සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන කතාවේ සුලු සුලු වෙනස්කම් කරමින් බෝල්පොයින්ට් පෑනකින් කුරුටු ගායි.අත් අකුරු වෙද මහත්තයෙක් සිහියට නංවයි. ජාතික ඇඳුමට යටින් බැනියමත් කිහිලි වල දාඩිය පැල්ලනුත් යාන්තමින් පෙනේ.
මොනරිය අමුතු වෙසක් ගත්තාය.
"මේ!.. මොනවද බොන්නේ? තේද කෝපිද ?"
මොහොතකට පෙර තිබු ලයාන්විත හඬ නැත. හරියට බීරෙක්ට කතා කරන්නාක් මෙනි. වාග් විලාශය කර්ණ කඨෝරය. අමු හිංඟලෙනි.
සගයාත් මහඇදුරත් එකිනෙකා දෙස බලමින්ද ගුවන් සේවිකාව දෙස බලමින්ද මද සිනා පෑහ.
"ඉක්මනට කියන්ඩ..පරක්කු වෙනවා" මොනරිය නිතඹ ගස්සා අමනාප හඬකින් අනකලාය.
සගයා සිනා මුසු මුහුනින් මහැදුරු දෙස බලමින් මොනරිය ඇමතුවේය.
" I am travelling with him,.... I'll have a glass of red wine"
("මම මෙයත් එක්ක යන්නේ,.. මට රතු වයින් වීදුරුවක්")
එකවරම ලද ප්‍රතිචාරයෙන් ක්ෂනයක් ගල් ගැසුනු මොනරිය රතු වූ මුහුනින් යුතුව එතැනින් චුත වුයේ " I ..I'll be right back" කියමිනි.
Monday, 26 July 2010
දියතලාවෙන් ගඳම ගඳ බොග කතාවක්

මේ කතාවට හේතු පාදක වන්නේ අපේ මිතුරන් පිරිසක් නුවර එලිය, බණ්ඩාරවෙල, දියතලාව ආශ්‍රිත සීතල කඳුකරය පීරමින් අරක්කු බෝතල් හිස් කරමින් ගිය විනෝද ගමනකි. පිරිසෙන් එකෙකුට බීපු අරක්කු වර්ගය හෝ බයිට් වර්ගය දිරවා ගන්නට බැරිවිය. දින ගානක් එක දිගට බීම නිසා හෝ එසේත් නැතිනම් නැවතී සිටි සංචාරක නිවසේ කෝකියාගේ ඉවුම් පිහුම් නිසා හෝ හැදුනේ අසාධ්‍ය බඩේ අමාරුවකි. දියතලාවෙන් නික්ම එද්දි මතු නොවු රෝග ලක්ෂණ වෑන් රතය තුලදී පෙන්වන්නට විය. "මචං මට යන්නම ඕන මචන්" අපේ එකා මූන ඇඹුල් කරමින් පින්සෙන්ඩු වන්නට විය. "පාරෙ තියෙන ගෙදරකටවත් යන් මචන්" මේකා බැගෑපත්වෙයි. "වායු පාලනය" මෙන්ම "හඬ පාලනය"ද මේ වන විට අප මිතුරාගෙන් ගිලිහෙමින් තිබින. කර කියාගත දෙයක් නොමැතිව අසරනව රිය එලවන මිතුරා අහම්බෙන් මෙන් පොදු වැසිකිලියක් යයි හැඟෙන තැනක් දැක වහා වාහනය හිටිවනම නැවතුවේය. බැලූ බැල්මට පැරණි ගොඩනැගිල්ලක් වුවද අහල පහලින් ගලන වතුර පාරවල් සහ නහයට දැනෙන වැසිකිලි ගඳ බඩේ අමාරුවෙන් නලියන මිතුරාගේ දෙනෙතට රසඳුනක් විය.
ගොඩනැගිල්ලේ වැසිකිලි කාමර තුනකි. දෙවරක් නොසිතා පලමු කාමරයට රිංගූ මිතුරා දොර වසන්නට අගුල සෙව්වේය. අගුලක් නැත. අපේ එකා මැද කාමරයට පැන්නේය. එහිද අගුලක් නැති නමුත් හැට්ට කට්ටක් අමුනා තාවකාලික අගුලක් නිමවා තිබින. වහ වහා ඇඳුම් උනා දොරේම එල්ලු මිතුරාට වෙලාව ඉතිරිව තිබුනේ යාන්තම් ඇනතියා ගන්නට පමනි.
උදරය ඇතුලේ හිරවී සිටි නාලාගිරියෙකුගේ අවසාන කුංචනාදය වැනි ශබ්දයක් නැගුනේය. එක මොහොතකට ලෝකයම නිසල වූ බවක් දැනින.
මොහොතකින් සියලු දුක් අවසන්ය. ක්‍රමක්‍රමයෙන් වටපිටාව පිලිබඳ සංවේදන ප්‍රකෘති තත්වයට පත්විය. එහෙන් මෙහෙන් සීතල දැනෙන්නට විය. හීන් හුලිජ්ජ ගඳක්ද නැහැපුඩු අගුලු වට්ටවන ගූ ගඳක්ද දැනේ. ස්කොටින් පෑන් එක නෙත ගැටුනු අප මිතුරා වික්ෂිප්ත විය. එය හරියටම පරමානු බෝම්බය දැමු හිරෝශිමාව මෙනි. විනාශය එතැනින් නොනැවතී තම සෙරෙප්පු සහ ඇඟිලි තුඩු , යටි පතුල් දක්වා ගමන් කර තිබේ.
"වතුර ..වතුර. හෝදගන්න ඕනේ ඔක්කොම." මිතුරා අසලින්ම ඇති කරාමය කරකැව්වේය. එය ගැලවී අතට ආවේය. වතුර නැත! කෙමෙන් කෙමෙන් මධ්‍යම කඳුකරයේ සීතල තදින් දැනෙන්නට විය. වතුරත් නැති එකේ විකල්පයක් ලෙස ඇත්තේ බැනියම සහ යට ඇඳුමින් පිසදා ගැනීමයි. ඒ ගැන සිතන වාරයක් වාරයක් පාසා මහා පිලිකුලක් සිතට නැගෙන්නට විය.
හදිසියේම තෙවෙනි කාමරයෙන් උගුර පාදන හඩක්ද , ඒ සමගම කිසිදු හඬ පාලනයකින් තොරව ශරීර කෘත්‍ය කරන හඩක්ද අපේ මිතුරාට ඇසින. මොහොතකට බලපොරොත්තු දැල්වුනි.
"වතුරෝ!!!" එහා කාමරයෙන් මහ හඬක් නැගින. ක්ෂනයකින් යමෙක් ගොඩනැගිල්ලට ඇතුලුවනු ඇසේ. "දහයායි" පිලිතුරු හඬ සමග බෙලෙක්කයක හඬක්ද ඇසේ.
අපේ එකාද යටි ගිරියෙන් කෑ ගැසුවේය. "වතුර!!"
"දහයායි" දොර යටින් වතුර පිරවූ කුඩා සැමන් ටින් එකක් ආවේය. කරන්නට දෙයක් නැත. ටින් එකේ ප්‍රමානය සහ රුපියල් දහය ගැන වාද කරන්නට ගොස් මලපහ සමග සීතලේ මැරුනු මිනිසෙක් ලෙස ඉතිහාස ගතවන්නට උවමනාවක් අපේ එකාට තිබුනේ නැත. පලමු වතුර එක ගැටුනු තම අවයව ඇකිලී සිරුර ඇතුලට යන තරම් සීතලක් දැනුනේය. පශ්චාත් බාගය හිරිවැටී ගොසිනි. පශ්චාත් බාගය සේදු වම් අතේ දබර ඇඟිල්ලත් මැදැගිල්ලත් අතර යම් උනුසුම් ජල්ලියක් ඇලී සෙමෙන් පහලට රූටනු දැනේ. සැමන් ටින් එකේ වතුර ඉවරය.
"වතුර!!!" අපේ එකා නැවතත් කෑ ගැසුවේය.
"දහයායි" ක්ෂනික ව වතුර පිරවූ සැමන් ටින් එක දොර යටින් එයි. වතුර එක වැටෙන වැටෙන වාරයක් පාසා එලොව පොල් පෙනෙයි. දතක් ගලවන්නට පෙර දෙන වේදනා නාශක එන්නත පුකට ගැසුවාක් මෙන් මොහොතකට සංවේදන නැතිවී යයි.
" මල්ලි මේ වතුර ගේන්නේ අයිස්ලන්තෙන්ද??"
සැමන් ටින් 15ක් හුවමාරුවූ පසු අප මිතුරා වෙව්ලමින් ඇසුවේලු.
සෙරෙප්පු සහ කකුල්ද සොදා ගෙන සම්පූර්නයෙන් පිරිසිදුවී මිතුරා අප වෙත ගැහි ගැහි එන විට සැමන් ටින් 23ක් ඒ දොර යටින් හුවමාරුවී තිබින.
Sunday, 25 July 2010
කැන්ගරුදේශයෙන් ගල් කතන්දරයක්
අපේ විස්ස විජ්ජාල පද්දතියෙන් පිටවන සමහරු වැඩිදුර ඉගනීම සඳහා නොයෙක් රට රාජ්ජ වලට සම්ප්‍රාප්තවී පශ්චාත් උපාධි හදාරති. ඒසේ මෙසේ කාලයක් නොව අවුරුදු 3-4ක් ඒ සඳහා වැයකරති. මේ කතාව එවැනි උපාදියක් වෙනුවෙන් අපමණ දුක්ඛ දෝමනස්සයන් ඉවසු එකෙක් ගැනය. තම දරුපවුලත් සමග කැන්ගරුදේශයට ගොඩ බැස්ස අප මිතුරා, එහි වසන අනෙකුත් ශ්‍රි ලාංකිකයන්ගේ පිහිටෙන්, තමන්ගේ වියදමෙන් දැහැමෙන් සෙමෙන් අද්‍යයන කටයුතු කරමින් ජීවත්විය. බිරින්දෑ තොමෝද පූර්ණකාලින රැකියාවක් සොයා ගත් බැවින් දරුවන්ගේ වැඩ කටයුතුද සමග ඉවීම් පිහීම් සඳහා වන කාලය අවම වූයේය. ඒ කෙසේ වෙතත් මේ පවුලට හොදට කටට සැරට ලුනුමිරිස් කරපින්චා තුනපහ දැමූ ලාංකීය ආහාර වට්ටෝරු හැර වෙනසකටවත් ලාංකීය නොවන ඒවා නම් දිරවන්නේද නැත.
නොබෝ දිනකින් බිරින්දෑ තොමෝ මහා ආඩපාලියක් දිගහරිමින් කියා සිටියේ ග්‍රයින්ඩර් එකේ හදන ලුනුමිරිස් වල මෙලෝ රහක් නැති බවයි. "ග්‍රේස් ලගේ ගෙදරත් මිරිස්ගලක් තියෙනව, සුසිලල ගාවත් මිරිස්ගලක් තියෙනව, ඒකනේ අනේ අර රසට යසට ලුනුමිරිස් හදන්නේ" ඇය තම මතය ඔප්පු කරන්නට සාධක ගෙනහැර පෑවාය. "ඊලඟ පාර ලංකාවට ගියහම ඔයත් එකක් කොහොම හරි ගේන්නකො" අති සරල විසඳුමක්ද ඇය ඉදිරිපත් කලාය. "මල හත් ඉලව්වේ ඔස්ට්‍රේලියාවට මිරිස්ගලක් ගේන්න ?#&*"@" අපේ මිතුරා කටට ආ වචන ආපසු ගිලගත්තේ කුස්සියේ වැඩ ගැන තියරි දැමීම අනතුරු දායක බව දන්නා නිසාය.
සයමසකින් පසු අපේ මිතුරාට ලංකාවට සැපත්වන්නට පොටක් පෑදුනේය. සිරි ලංකාවට ගොඩබැස්ස සැනින් බිරින්දෑ තොමොගේ යෙහෙලියක් තම සැමියාද සමග විත් ගුවන්තොටෙන්ම අපේ මිතුරා පිලිගෙන තම නිවසට ගෙනැවිත් රෑ කෑමත් දී යන්නට සුදානම් වන විට හැඩ දැමූ හුරුබුහුටි මිරිස් ගලක් පරිත්‍යාග කලාය.
ආපසු ලංකාවෙන් යද්දී කස්ටම් එකේ මිතුරෙක් අල්ලාගෙන, (බ්ලැක් ලේබල් බෝතලයක් ද පොරොන්දු වී) බැක් පැක් එකේ මිරිස්ගල සඟවාගෙන කැන්ගරුදේශයට සැපත්විය.
කැන්ගරු ගුවන් තොටෙන් එලියට පනින්නට ඔන්න මෙන්න තිබියදී ඔස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරියෙකුගේ උකුසු ඇසට අප මිතුරා හසුවිය. අනෙක් අතට උකුසු ඇසක් නැතුව වුවද බැක් පැක් එකේ මිරිස්ගල බැදන් රුවිතෙට යන අපේ එකා ගැන සැක පහල නොවී නම් තමා පුදුම.
එකා දෙකා වී කස්ටම්ස් ඇන් බෝඩර් ප්‍රොටෙක්ශන් නිලධාරීන් දුසිමක් පමණ අප මිතුරාව වට කරගත්තෝය. විලිලැජ්ජාවෙන් මිරිකෙමින් දහඩිය ගලන නලල් තලයත් රතුවූ මූනත් පිසදමමින් අපේ එකා ප්‍රවේශමෙන් මිරිස් ගල එලියට ගත්තේය. ගත් සැනෙන් එය උදුරාගත් කස්ටම්ස් නිලධාරීන් සේනාව මේ අමුතු ගල් ගෙඩිය පිරික්සා බලන්නට විය. හැඩයකට කපා ඇති කලු ගලේ එක් පැත්තක යම් රටාවකට මෝස්තරයක්ද ඇති බව මේ නිලධාරීන් නිරීක්ෂනය කලහ. මද වෙලාවක් ඔවුනොවුන් හා දීර්ග කතා බහක යෙදුන නිලධාරීන්ගේ ලොක්කා යයි සිතිය හැකි සුද්දෙක් අපේ එකා වෙත පැමිණ මිරිස් ගල නැවත දෙන ගමන් මෙසේ පැවසීය.
"Sir, we normally do not allow these kind of things, but since this is your TOMBSTONE, on humanitarian grounds we allow you to take this with you."
"මහත්තය, මේ වගේ ඒව අපි සාමාන්‍යයෙන් ගෙනියන්න දෙන්නෙ නෑ, ඒත් මේක ඔබේ සොහොන් කොත නිසා මානුෂික හේතු මත අපි මේක ගෙනියන්න දෙනවා"
තැන්කූ කියු අප මිතුරා අඩියට දෙකට ගුවන් තොටෙන් එලියට පැනගත්තේ
"යකෝ , මෙහේ ඇවිල්ල මෙහෙ විදියට කාල බීලා ඉන්න බැරුව මිරිස් ගල් උස්සන් එන අපි ගැන එහෙම හිතන එකේ වැරද්දක් නෑ තමයි" සිතමින් නැන්දම්මාත් නැන්දම්මාගේ හත්මුතු පරම්පරාවටත් දෙස් දෙවොල් තබමිනි.
Thursday, 17 December 2009
කතන්දර! කතන්දර! චතුෂ්කෝටික කතන්දර!
නලියා ගේ සෑබෑ නොහැකියාව සහ හෙලුව හෙලිදරව් කිරීමේ ආහ්ලාදයෙන්ද, නලියාට කඩේ යන ඉග්නොරේමස් ඇම්බැට්ට රැළ නිහඬ කිරීම නිසා නොවක් සන්තුෂ්ටියෙන්ද පසුවූ හෙයින්, වෙනස් ආරක නලියා ගැනම කතන්දර කිහිපයක් ලියන්නට මම අදහස් කරමි. මේ කතන්දර ලියැවෙන්නේ අපේ සහෘදයෙකු වන කතන්දර කාරයා සම්මානයට පාත්‍රව තිබෙන අවස්තාවකය. ඒ ගැන මතක් කෙරනුයේ නොමඳ සතුටකිනි. බ්ලොග් අවකාසයේ තවත් සහෘද අඩවියක් වන බූන්දිය වාරණය කරනු ලැබුයේ ද මේ තරගයෙනි. ඒ ගැන නොසතුටද මෙහි සටහන් විය යුතුමය. කිසිවෙකු වාරණය කිරීම අපට එකඟ විය හැකි මාතෘකාවක් නොවේ. සූස්ති ගුනේ සමඟ නිතර ගැටෙන මිගාර විසින් ඒ සම්බන්දයෙන් පෙන්වනු ලැබූ ප්‍රතිපත්තිමය එකඟතාවය මේ සියල්ලටම වඩා අතිමහත් ප්‍රශංසාවට ලක්විය යුතුයැයි සිතමි.
මේ කතන්දර වල එන නලියා අප දන්නා නලියාම නොවේ. එසේ කීවද ඒකා නොවෙයිත් නොවේ. බෞද්ධ චතුස්කෝටික චින්තනයට සහ බ්‍රයන් ඇඩම්ස් ගේ Elegant Universe හි එන තන්තු වාදයට අනුව මේ නලියා සිටින්නේ අපට සමාන්තර විශ්වයකැයි සිතමු.
සිල්වා කතාවස්තුව.
මේ කියන සමාන්තර විශ්වයේ නිල් ග්‍රහලොවෙහි එක්තරා කොදෙව් දූපතක නලියා නම් ගනිතයෙහිද කොන්ටම් විද්‍යාවෙහිද කෙලපැමිණි කෞරව වංශිකයෙක් වාසය කරන්නේය. තුමුගෙන් "චින්තනය" නම්වූ නව මගෝඩි අදහසක් හදාරමින් සිටි පසුව මේ චින්තනය අරබයා ගැටී වෙන්ව ගිය චම්පක නම්වූ කෙලෙඹි පුත්‍රයෙක්ද රතන නම්වු රාත්‍රී ආහාර ගන්නා නිකායේ ශ්‍රමනයෙක්ද "ත්‍රස්ත මහා ව්‍යාපාරය" නැමති රති-කාම කල්ලියක් පවත්වාගෙන යන්නාහුය. මේ කල්ලියේ සැබෑ තතු නොදත් නොයෙකුත් කොල්ලන් සහ කෙල්ලන් දේශප්‍රේමයේ නාමයෙන් එතනට රැස්වන්නාහු, නලියා සහ චම්පකගේ විරසකය දැන විසුලුවක් කරමුයි සිතා ඒ කොල්ලන් අතර සිටි ගෙවිඳු නම් වු පුත්‍රයෙක් දුරකතනයෙන් නලියා අමතයි.
ගෙවිඳු - හලෝ
නලියා- ඔව් ආයුබෝවන්,
ගෙවිඳු- හලෝ, මේ මට ෆ්‍රෙඩී සිල්වා ට කතා කරන්න පුලුවන්ද?
නලියා- හ්ඃ ඈ!!??
ගෙවිඳු- හලෝ මට ෆ්‍රෙඩී සිල්වට කතා කරන්න පුලුවන්ද
නලියා- ෆ්‍රෙඩී සිල්ව??
ගෙවිඳු- ඔව් ඔව්..
නලියා- ....ෆ්‍රෙඩී සිල්වා තොපේ අම්මත් එක්ක බුදි!!!
--------------------------------------------------------
මහා මංගල ජල්බරි කතාවස්තුව.
නලියා තම කෙලපැමිනි දැනුම බෙදාදෙමින් මුංතුල්ල නම්වූ ශිල්ප විද්‍යා අකුරු කරන්නාවූ තැනෙක ජිවීකාව කරන්නේ, නොයෙකුත් කෙලෙඹි පුත්‍රයන් නලියාගේ ගෝලයන් ලෙස විද්‍යා හදාරති. එහෙත් නලියා තම මගෝඩි චින්තනය මේ විද්‍යාර්තීන් අතර පතුරවන්නේ, කෙටිකලකින් චින්තන පාක්ෂික, චින්තන විරෝධී නම්වූ කල්ලි දෙකක් මුංතුල්ලේ පැනනැංගාහුය.
චින්තන පාක්ෂික ගෝලයෙක් යුගදිවියට ප්‍රවිශ්ඨවන්නේ නලියාට තම මංගලෝත්සවයට ආරාධනා කලා පමනක් නොව, චින්තනයට අනුව දේශීය රසකැවිලි වලින් මංගල උත්සවය සැරසූහ. හිතවත්කම නිසාම චින්තන විරෝධී පාර්ශවයේ එකෙක් ඡයාරූප ගැනීමට ගෙන්වා ගත්තේය. නලියා සැපත්ව දේශීය ආහාර ගනිමින් මංගල යුවලට සුභ පතන්නේ, අසූ අට රියන් කේක් ගෙඩිය දැක ප්‍රේත සිතින් යුතුව විශාල කේක් කැබල්ලක් බුදින්නේය. චින්තන විරෝධී මිතුරා නලියා කේක් බුදිනු දැක ලවක් දෙවක් නොමැතිව පොටෝ ගහන්නේය. නලියා මේ දැක කිපී, ඌ හඹාවුත් කොලරයෙන් අල්ලා
"ඈ බොල මං මෙච්චර කැවුම් කොකිස් කෑව, තොට එක පොටෝ එකක් ගහන්න බැරි වුනා..මම කේක් කනකොට තොට පොටෝ ගහන්න තියෙන කඩි කුලප්පුව මොකක්ද බොල" යි ගුගුරන්නේය.
මහත් බියට පත් චින්තන විරෝධී මිතුරා, තම කැමරාවට හානියක් වෙත්දෝයි බියෙන් නලියාගෙන් ගැලවෙන්නට හදන්නේ, සම්බරතාවය බිඳී නලියා සමඟ මඟුල් මේසය උඩට වැටුනාහුය. මහාමංගල කේක් ගෙඩිය අටවා තිබූ අසු අට රියන් අටමගලය කඩාපාත්වී මංගල යුවලත්, නෑ සිය මිත්‍රාදීන්හුත් කේක් වලින් නැහැවී මහා ජල්බරියකින් මංගලෝත්සවය නිමියේය.
මෙහි එන සියලු නම් ගම් මනඃකල්පිතය. සැබෑ ලෝකයේ කිසිදු පුද්ගලයෙක් හෝ සිද්ධියක් නිරූපනය නොකරන්නේය.
Tuesday, 15 December 2009
Times expert authenticates Sri Lanka's Channel-4 war-crimes video
Following independent verification by a US-based group of the authenticity of the Channel-4 video in October, UK's Times reported in its Tuesday edition that its own independent analysis of the Channel-4 broadcast video, showing Sri Lanka Army (SLA) soldiers summarily executing unarmed Tamils stripped naked and hands tied behind the back, found "no evidence of digital manipulation, editing or any other special effects." Times' forensic analyst, Grant Fredericks, is an independent forensic video specialist who is also an instructor at the FBI National Academy, the paper said.
Mr Fredericks’s research showed that code embedded in the footage appeared to match with software used in Nokia mobile phones.” He said: “The recording is completely consistent with a cell phone video recording and there are no signs of editing or alterations,” according to Times.
The Times UK report closely matches the key findings by the US Colorado-based Image and Sound Forensics (ISF) experts who performed the analysis on behalf of US pressure group Tamils Against Genocide (TAG). Colorado ISF's report, parts of which appeared in the Sunday Leader, had previously confirmed, "[t]he video and audio of the events depicted in the Video, were continuous without any evidence of start/stops, insertions, deletions, over recordings, editing or tampering of any kind."
While, Philip Alston, the UN Special Rapporteur on extra-judicial, summary or arbitrary executions had earlier declared the video investigations by the local 'experts' appointed by the Sri Lanka Government as "not impartial."
However, Philip Alston's assertion that UN will conduct its own investigations on the authenticity of the video has not materialized.
Meanwhile, TAG spokesperson when contacted by TamilNet said, "While we have published the summary of the findings, ISF is due to provide TAG a detailed technical report detailing the analysis carried out."
Monday, 7 December 2009
New Tamil group vows to start a fresh war
http://www.timesonline.co.uk/tol/news/world/asia/article6946605.ece
A Marxist group of Tamil militants with connections to the Palestinian Liberation Organisation and Cuba is preparing to mount a new insurgency in Sri Lanka six months after the Government declared an end to the 26-year-old war there.
The People’s Liberation Army (PLA) was founded in eastern Sri Lanka four months ago and has vowed to launch attacks against government and military targets unless its demands for a separate Tamil homeland are met.
“This war isn’t over yet,” Commander Kones, head of the PLA’s Eastern District military command, told The Times during a night meeting in a safe house in the east of the country last week.
“There has been no solution for Tamils since the destruction of the LTTE [Tamil Tigers] in May. So we have built and organised the PLA and are ready to act soon. Our aim is a democratic socialist liberation of the northeast for a Tamil Eelam [the desired Tamil state].”
“We are getting stronger by the day, much stronger than any other group,” Kones said. “The day of action is close.”
A few nights after meeting Commander Kones, deep in a rural area, The Times encountered three young PLA recruits waiting for a guide to take them to one of the organisation’s jungle training camps.
Two were 15 years old, one was 16. “The PLA sound very interesting to us,” they said. “They are the only ones now doing something for the Tamil people.”