Sunday 13 March 2011

සයිබ ත්‍රස්තවාදය පිටුපස චීන බුද්ධි අංශ, හමුදාව සහ TRC???



අන්තර්ජාල-වාරණය පිලිබඳ චෝදනා හේතුවෙන් ලෝක සෙවුම් යන්ත්‍ර යෝධයෙක් වන ගූගල් සමඟ යුද්ධයක පැටලුන චීන විශේෂඥයින්ගේ අනුග්‍රහය, ශ්‍රී ලංකාවට "අහිතකර" අඩවි අවහිර කිරීම සඳහා ලැබෙන බව පසුගිය පෙබරවාරියේදී පලමු වරට ප්‍රවෘත්ති අඩවි කිහිපයක් වාර්තා කරනු ලැබීය. චීන හමුදා-බුද්ධි අංශයට අනුයුක්ත තොරතුරු සන්නිවේදනයේ විශේෂඥයින් මේ කාර්ය්‍යය සඳහා අවශ්‍ය සම්පත් සහ උපක්‍රමික ක්‍රමවේද අධ්‍යනයට පැමිනෙන බවද කියැවුනේය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), වෙබ් අඩවි තමන් සමඟ රෙජිස්තර කිරීමේ නව නීති රීති හඳුන්වාදීමට යන බවක්ද කියවුනේය. මේ අනුව නීති සම්පාදනය වූ පසු නව අයි. පී ඇඩ්‍රස් ලබාදෙන්නේ මෙම සභාවෙන් ලු. දැනටමත් ඇඩ්‍රස් ඇති එවුන්ගේ ඇඩ්‍රස් නැති කිරීමට මොන කොමිෂන් සභාව සම්බන්දද නැද්ද, කුමන බුද්ධි අංශ හවුල්ද නැද්ද යන්න දන්නේ දෙවියන් පමණි. කොමිෂමේ අධ්‍යක්ෂක වරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර්ජාල ලිපි සහ පණිවුඩ නිරීක්ෂණය කිරීමට විද්‍යුත් ආවේක්ෂන (Electronic Surveillance) කටයුතු සඳහා චීන ඉංජිනේරුවන් යොදාගෙන නැති බවයි. එහෙත් අන්තර් ජාල අන්තර්ගතය නිරීක්ෂනය කිරීමට හා පාලනය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතු බවත් "සමාජයට ප්‍රශ්නයක්" වන ආගමික, දේශපාලනික හෝ ලිංගික අඩවි "විමසුමට" ලක්විය යුතු බවත් පිලිගත් බව කියැවිනි.

ආණ්ඩුව විවේචනය කරමින් මැතිවරණ දූෂන පිලිබඳ ට්විටර් සහ ෆේස්බුක් පණිවුඩ ලියු පුද්ගලයන් පසු පස කොමිෂම ලුහු බැඳ ගියබව අධ්‍යක්ෂකවරයා ප්‍රතික්ෂේප කරද්දී, ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍යය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ආණ්ඩුව විවේචනය කරමින් එස්.එම්.එස් පණිවුඩ යැවූ කිහිපදෙනෙක්ම පොලිස් අත් අඩංගුවේ සිටින බවත් පරීක්ෂණ අවසන් වූ පසු නීති ප්‍රකාරව කටයුතු කරන බව පිලිගත් බවත් වාර්තා වූයේත් මෑතකදීය.

Link 1
Link 2
Link 3
Link 4

3 comments:

  1. මෙහි සත්‍යතාවයක් ඇත. රජය විසින් වීන හැකර් කරුවන්ගේ සහයෝගය ලබාගෙන රජය‍ට අහිතකර ආන්ඩුවේ වැරදි දූෂන වංචා හෙලිකරන වෙබ් අඩවි නැවැත්වීමට හෝ ඒවා විනාශ කිරීමට කටයුකු කරගෙන යයි. http://epuwath.com/ වෙබ් අඩවිය එසේ හැක් කල ‍එකකි

    ReplyDelete
  2. ගුණේ අයියා මොකෝ පරක්කු.
    අපි මේකෙත් දාමුකෝ මහින්දගේ පොටෝ එකක් එක්ක මොකක් හරි හෑල්ලක්.
    දාලා කමෙන්ට් වලින් පෝස්ට් දාමු අර බයෙන්ද පේමේ අයියා වගේ.
    හරි ආතල් මෙයා ඒක.
    ඒකට මොකක්ද නමකුත් තියෙනවා හැක් කරනවාද කොහේද කියලා.
    ඒත් ඒකෙත් හොදම එක තමා ගුනේ අයියා "සෙල්ෆ් හැකින්" මොකද කියන්නේ කරලා බලමුද?

    ReplyDelete
  3. US military worried about China's cyberwarfare capabilities
    Wants more transparency about cyber assets

    Read more: http://www.techeye.net/security/us-military-worried-about-chinas-cyberwarfare-capabilities#ixzz1GZQSj1ri

    ReplyDelete