Thursday 3 March 2011

නලියා ගැන තවත් කතා 1.




නලියා මුංතුල්ල තක්සලාවේ කොන්ටම් උගන්වමින් සිටින අවදියයි. කොන්ටම් කීවාට මුංතුල්ලේ කොන්ටම් නැති නිසා චින්තනයත් ගණිතයත් උගන්වමින් බටහිර විද්‍යාවට අම්ම මූ නැතිව බනිමින් පොරවෙන්නට දඟලන කාලයයි. අනුකාරක චින්තනයෙන් අත්මිදෙන ආකාරය කියා දෙමින් මෙසේ හුදී ජනයාට යහමග පෙන්වමින් කාලය ගත කරන අතරේ තම පුත්‍රයින් දෙදෙනාම නොම්බර එකේ අනුකාරක පාසල වන රෝ-ඇල් කොලීජියට යවන්නේය. මුංතුල්ලේ සිට රෝ-ඇලට පයින් යන දුරය, තාප්පෙන්ද පැන යා හැක.

සාමන්‍ය ජන ජීවිතය ගැන මෙලෝ තැකීමක් නැති, කිසිම අංගපුලාවකට නැති කොටි ත්‍රස්තවාදීන් හිටිවනම රෝ-ඇල අසලම එවකට පිහිටා තිබූ "ඒකා-ආබද්ද හමුදා මූලස්ථානය"ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලහ. මුලු තුම්මුල්ලම දෙදරුම් කවමින් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ඒකා-ආබද්දේ ගේට්ටු කඩාගෙන ඇතුල්වී පුපුරා ගියේය.

නලියා වහා මුංතුල්ලෙ විවෘත ආපන ශාලව ඉදිරිපසට විත් බෙල්ල දික්කර බැලුවේය. හාපෝයි!, රෝ-ඇල දිහාවෙන් කලු දුං ගුලියක් නගිනු පෙනේ! තර්ස්ටන් පාරේ තදබදය මැද්දේ සයිරන් හඬ නංවමින් ගිලන් රත එක පේලියට ඇදී යයි. නලියාට පුත්තු දෙන්නා සිහිවිය. අඩියට දෙකට රෝ-ඇල දෙසට දුවන්නට විය.

පැයක් පමණ අනෙකුත් දෙමව්පියන් සමඟ පොරකා තම පුතුන් දෙදෙනා සොයාගත් නලියා උන් දෙන්නා අතින් අල්ලගෙන තර්ස්ටන් පාර දිගේ ගෑටුවේ තුන් හිතින්ම ප්‍රබාකරන්ගේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට නොසෑහෙන්න සාප කරමිනි.

තර්ස්ටන් පාරේ තක්සලා ගේට්ටුවෙන් අතුල්වනවාත් සමඟම නලියාට මුන ගැසුනේ තුන්වන වසර ගනිතය විශේෂවේදී උපාදිය හදාරන සිසුන් තිදෙනෙකි.

"බලනව අයිසේ! අරහෙ කොටි ගහල. මං ගිහිල්ල මේ පොඩි උන් දෙන්න හොයාගත්තේ. තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ" නලියා තම දුක කීවේය.

සිසුන් අතර සිටි චින්තන විරෝධියෙක් " ඉතිං සෑර් ලමයි දෙන්න රෝ-ඇල් එකෙන් අස්කොරල පනිනපිටියේ ධර්මපාලෙට යැව්වනං කිසි කරදරයක් නෑනේ" කීවේ ඔලොක්කු සිනාවකින් මුව සරසාගෙනය.

නලියාට කට උත්තර නැත! අත මිට මොලවා සිසුන් තිදෙනාට රැවූ නලියා "මේ ලමයි දෙන්න ඉන්න නිසා මම කියන්නේ නැහැ!" කියමින් අඩියට දෙකට මාරුවුයේ අනුකාරක චින්තනය නිසා මොටවී ඇති සරසවි සිසු-මොල වලට සාපකරමිනි.


මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය.

6 comments:

  1. ඉතිං අපිට පුකද?

    ReplyDelete
  2. හික් හික්!!! පට්ටම සිරා

    ReplyDelete
  3. අනේ උගේ චින්තනය.. ගෝතයා

    ReplyDelete
  4. ප්‍රබාකරන්ගේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලා...?
    මට හිතුනා ඔහොම වැඩක් වෙන්ඩ ඇති කියලා.

    ReplyDelete
  5. නලින් සර්ට කිව්ව නිසා හොදයි.
    වෙන කෙනෙක්ට කිව්ව නම් ලෑජ්ජාවට පස් කාල මෑරෙනවා.

    ReplyDelete