Wednesday 26 September 2012

6% ක්? පුක තමයි!



අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද?? මෙන්න රහස දැන් එළි වූ වගයි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනය
එඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සරසවිය -දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
හැරල්ඩ් විල්සන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය

 
ජේම්ස් කැලහෑන් - ඔක්ස්ෆර්ඩ් සරසවියට තෙරුන නමුත් සිවිල් සේවා විභාගයෙන් සමත් වී රජයේ ලිපිකරුවෙක් ලෙස පත් වේ.


මාගරට් තැචර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය-රසායන විද්‍යාව-ප්‍රථම උපාධිය. 

ජෝන් මේජර්- ලෙවල් සහ වරලත් බැංකු විභාග සමත් විය. 

ටෝනි බ්ලෙයාර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- නීති න්‍යාය-ප්‍රථම උපාධිය
 
ගෝඩන් බ්‍රවුන්- එඩින්බර්ග් සරසවිය- ඉතිහාස-විද්‍යාපති උපාධිය සහ ආචාර්ය උපාධිය. 


ඩේවිඩ් කැමරන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධිය


ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයින්ගේ අධ්‍යාපනය.

ඩී එස් සේනානායක- ශාන්ත තෝමස් විද්‍යාලය
 
ඩඩ්ලි සේනානායක- කේම්බ්‍රිජ් සරසවිය සහ මිඩ්ල් ටෙම්පල් නීති විද්‍යාලයේ හැදෑරීම් කළේය.


ජෝන් කොතලාවල- රාජකීය විද්‍යාලය සහ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්ව සිටියේය. 

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක- ඔක්ස්ෆර්ඩ් සරසවිය-බැරිස්ටර් වරයෙකු ලෙස සුදුසුකම් ලැබීය
 
විජයානන්ද දහනායක- රිච්මන්ඩ් විද්‍යාලය  


සිරිමා.ආර්.ඩී බණ්ඩාරනායක-ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය.

ජේ.ආර් ජයවර්ධන- රාජකීය විද්‍යාලය, කොළඹ යුනිවසිටි කොලීජිය සහ නීති විද්‍යාලය-නීතිඥයෙක් ලෙස සුදුසු කම් ලැබීය. 

රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලය
 
ඩී.බී. විජේතුංග- ශාන්ත ඇන්ඩෘ
විද්‍යාලය, ගම්පොළ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධිය
 

රත්නසිරි වික්‍රමනායක- ආනන්ද විද්‍යාලය
 
රනිල් වික්‍රමසිංහ- කොළඹ විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය- ප්‍රථම උපාධිය  


දි.මු. ජයරත්න- දොළුව මහා විද්‍යාලය, ගම්පොළ
 
මහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.


දැන් තේරෙනවා නොවැ ඔය අධ්‍යාපනයෙන් බ්‍රිතාන්‍යයට කෙළ වෙච්චි තරම! මහාචාර්ය සරත්චන්ද්‍රට කානුවෙ දාගෙන ගැහුවා වගේ මුංටත් දීපල්ලා මතක හිටින්න!

අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද රටේ!

Monday 24 September 2012

යෝෂිතට සම්මානයක් - Bitch Please..

සමාජීය, සංස්කෘතික, දේශපාලනික, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර දහයක තරුණ පරපුර කරන ලද සේවාව අගයමින් ජේ සී අයි ආයතනය විසින් වාර්ෂිකව ප්‍රදානය කරන සම්මාන අතරින් ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂටද සම්මානයක් හිමිවිය. සම්මානය පිරිනැමුවේ ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාය.  


යෝෂිත රාජපක්ෂට සම්මානය හිමි වී ඇත්තේ පුද්ගල නිපුණත්වය සඳහාය. සිරි ලංකා නාවික හමුදාවට පැරසූට් ක්‍රමයට අනුයුක්තවී ඉතා කෙටි කලකින්ම (යුද්ධය පැවැති සමයේ කිසිදු අතුරු ආන්තරාවකට මුහුණ නොදී) බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් (හෙවත් රජයේ අනුග්‍රහයෙන් ) පිරිනැමූ සිස්සත්තෙකින් යාම මහතාගේ පුද්ගල නිපුණත්වයේ කැපී පෙනෙන දක්ෂතා අතුරින් එකක් පමණි.

මේවා දකින විට ඔළුවට එන්නෙ "නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ" වැනි වැකිය. "ලැජ්ජා නැති කම මහමුදලිකමට" පමණක් නොව "රජාගේ පුතා කමටත්" වඩා ලොකුද දන්නේ මහ රජාමය. කොහොමත් අපි-අපි නෙව. we-we ඇයි එකෙක්ට විතරක්? මහප්පලා, බාප්පලා එකතු වී උන් උන් අතරේ ඔක්කොම සම්මාන ටික බෙදාගන්ඩත් පුලුවන් කම තිබියදී මේ නිහතමානීත්වය අගය කල යුතුය.

සම්මානයක්වත් නිදහසේ දෙන්ඩ හැකියාවක් නැති හැඩය. මොකක් හෝ කට කැඩිච්ච් කතාවක් නොකිව්වොත් මුන්ට  නින්ද නොයන ලෙඩක් ඇතැයි සමහරු කියන්නේ රජ පවුල ගැන මහත් දුකකිනි.

මෑතක තැබු ඡන්දෙත් දිනුම් නිසා මේ රටේ ඉන්න හැම එකාම මී හරක් කියා සිතා සිටිනවා විය යුතුය. එක අතකට ඒකෙත් වැරැද්දක් නැත.





Friday 21 September 2012

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව අයදියි.


අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටව යද්දී තම පා පැදිය පැද ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යාමට ඉඩ නොදුන්නේ යයි කෝපයට පත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක " තොපි හු** මොට්ටයෝ" (You're F***ing plebs) යයි ආයුධ සන්නද්ධ කාන්තා පොලිස් භටයන් දෙදෙනෙකුට බැණ වැදී තිබේ. පොලිස් භටයන් ඔහුට ප්‍රධාන ගේට්ටුවෙන් පිටවිය නොහැකි බව පවසා සාමාන්‍ය පදිකයන් වෙනුවෙන් වු කුඩා අතුරු ගේට්ටුවකට යොමුකළ විට කෝපයෙන් පුපුරා ගිය සංවිධායකවරයා

"
උඹල කව්ද කියල ඉගෙන ගනිල්ල, මේ හු* ආංඩුව කරන්නේ තොපි නෙවෙයි"  


(Best you learn your f***ing place. You don't run this fu***ing government)

 " තොපි හු** මොට්ටයෝ(You're f***ing plebs) යැයි බැණ වැදී තිබේ.

අග්‍රාමාත්‍ය නිල නිවස අසල සිටි සංචාර
යන්ද සාමාන්‍ය මහජනතාවද මේ සිද්ධිය දැකීමෙන් මහත් භීතියට පත්ව තිබේ

පොලිස් නිලධාරීන් ඔහු දිගින් දිගටම පරිභව කරන්නේනම් ඔහුව අත් අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු පා පැදියෙන් බැස තල්ලු කරද්දී "හු*" (F***ing) වචනය භාවිතා කර තිබේ.


 තමන් පොලිස් නිලධාරීන්ට නිසි ගෞරවය දී කතා නොකළ බව පිළිගත් ප්‍රධාන සංවිධායක පොලිසියෙන් සමාව ඇයැද ඇති අතර ඔහුගේ වාග් ප්‍රහාරයට ලක්වූ පොලිස්  නිලධාරියා  පුද්ගලිකව හමු වීමට නියමිතය.

මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක,  කෝටිපති ව්‍යාපාරික Andrew Mitchell සම්බන්ධයෙන් අද පළවූ පුවතකි