Tuesday 31 January 2012

බුදුහාමුදුරුවොත් පරාදයි.


විශ්වවිද්‍යාල සිසුවෙකුගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් කොළඹ විද්‍යා පීඨයෙන් කටුගස්තොට නගරයට සේන්දු වු සිසුන් පිරිසකි. කොඩි වැල් - පෝස්ටර් ආදියේ කෙලපැමිණියවුන් නිසා හැම මලගෙදරකදීම මෙන් මහත් වෙහෙසවී වැඩ කටයුතු නිමවවුහ. රෑට දුම් වැටියකින් සප්පායම් වී කැරම් අතක් , බූරුවා කුට්ටමක් සමග කොළඹ පරිසරයෙන්, මිදීමෙන් ඇතිවූ වූ මහත් ආහ්ලාදයෙන් යුතුව කටුගස්තොට ප්‍රදේශවාසීන් සමඟද සුහදව හැසිරෙත්. එහෙත් මළගෙදරට එන ප්‍රදේශවාසී ජනතාව මේ මිය ගිය පියාණන් ගැන වැරදි චිත්‍රයක් මවන බව සිසුන්ට අවබෝධ වන්නට වැඩි කල් ගියේ නැත.

"
අනේ ඉතින් බීල වෙච්ච දේ"
"
නොබී හිටියනං තවම ඉන්නවනේ"
"
බීමේ ආදීනව තමයි"
"
බොන්ඩ ගියාම ඔහොම තමයි"

වැනි වැකි එහෙන් මෙහෙන් ඇහෙන්නට විය. සිසුන් මේ මියගිය පුද්ගලයා ගැන හොඳින් දනී. ඔහු විනෝදයට බර පුද්ගලයෙකු බවත් සතියට වරක්වත් මී විතෙන් සප්පායම් වී සිංදුවක්, චිත්‍රපටියක් රසවිදින රසවතෙක් බවත් සිසුහු දනිති.

"
මොකද්ද මේ සීන් එක මචං?"සිසුහූ තම මිතුරාගෙන් කරුණු විමසූහ.

"
නෑ මචං මේකයි තාත්තා අමාරුවෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන කොටත් හොඳට දාලා හිටපු දවසක්. දොස්තරත් එක්කත් පස්සේ හොඳට ෆිට් වෙලා මනමේ ගැනයි, සරත්චන්ද්‍ර ගැනයි, කතාකර කර ඉඳල තියෙනව. මැරිල තියෙන්නෙ හදිසියේ ආපු හාට් ඇටෑක් එකකින්. ගමේ මිනිස්සු දන්නවනේ තාත්තා ටිකක් ගන්නව කියල, අමාරු වෙච්ච වෙලේ ගමේ මිනිස්සු තමයි තාත්තව ගෙනිහින් තියෙන්නේ. දැන් කතාව යන්නේ තාත්ත බීල මළා කියල

මිතුරා උත්තර දුන්නේ උපේක්ෂාවෙනි

අදාහනයට පෙර දින රැයේදීත් මේ කතාව ඇදී අවේය.

"
අනේ ඉතින් නොබීවනං තව කී කාලයක් ඉන්න තිබ්බද"පළාතේ ග්‍රාම සේවක තවත් වැඩිහිටියන් පිරිසක් වට කරගෙන කියවයි.

"
ඇයි අංකල් හුඟක් බිව්වද ?" සිසුවෙක් කිසිවක් නොදන්නාක් මෙන් අසයි.

"
ඔව් පුතා බලන්නකෝ ඉතින් මෙයා කලේම බොන එකනේ, අමාරු වුණෙත් බීලා වැඩිවෙලා"

"
ඇත්තද අංකල්..අපි දැනං හිටියෙ නැහැනේ... වයස කීයක් වෙනවද නැතිවෙනකොට?"

"
අසූ හයක් නෙ"

"
බීලත් අසූ හයක් හිටිය?? හෑ??..ඇයි යකෝ බුදුහාමුදුරුවෝ නොබිත් හිටියේ අසූවයි නේ!"








PICTURE - http://www.demotivation.us/