Monday 5 August 2013

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර.

කතා 1.




ඒ රනිල් විකුම්සිහ ආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක් සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවර පාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව  තමන් පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන් හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන් ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේද නැත.



"ඇයි පුතා නැවත්තුවේ" ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය.



"සර් අසූවට ගියේ, වේගේ වැඩියි. ..ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක් ආචාරශීලිව පැවසුවේය.



"ආ..අසූවට ගියාද ..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල"

ලේකම් වරයා සිනාමුසුව පැවසීය.



"නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපට දඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."



ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිද ඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකි එකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය.



"...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද?."



"ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ"



"ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නල එන්නම්"



"අරයා" ඉංගිරිසි කියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පත දුටු අරයාට හීන් දාඩිය දැම්මේය.



"මොකා!.අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්!" තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය.



"න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින් හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය.



"ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම් ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.



වදෙන් පොරෙන් අකමැත්තෙන් මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන් දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලන එස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.



මහත්වරු එසේය....







කතා 2.





පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වු පසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටි නැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත් සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි.



"සර් මෙතන නවත්තන්ඩ බෑ"



"? කෝ? කොහොමද මම දන්නෙ"



"ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවා කාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි.



"හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම   බෝඩ් දාන්න බලයක් නැහැ"



"ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා "තවත් එක පණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය.



"ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන් නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත්   රැගෙන ගෙදර ගියේය.



තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත්   "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය.



"මේකයි මිස්ට ***  පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ   මියුනිසිපල් කවුන්සිල් එකට"



පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය.



"සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ  කොලේ ලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේද සර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"



" නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙ පොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගර සභාවට විතරයි."



"හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේ ලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලි වෙමින් පවසයි.



පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පති වරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා. මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.."



"නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා.. ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින් ලේකම් වරයා පිළිතුරු දෙයි..



" ඕ.කේ..සර් දෙන්"



මහත්වරු එසේය...



මහත්වරු එසේය.... ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලා වැනි දඩ බල්ලෝදදඩ බල්ලෝ වැනි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරුද වෙති. උන් ගැන කතන්දර ජුගුප්සාජනකය. උන් යන යන තැන මීනි ඇටසැකිලි, මල මීනි මතුවෙයි. මාතලෙන් හමුවූ සමූහ මිනීවල එවැන්නකි. උන් ලේකම් කමට පත්වන්නේ නැදෑකමේ මහිමයෙනි. ඊට පෙර හමුදාවේ සිටි මෙවැනි "අනාගත ලේකම් වරයෙක්" යුද සමයේ රටෙනුත් පැනයන තරමේ බිය සුල්ලෙකි. රටෙන් පැනයන මේකා කැලිෆෝනියාවේ සුද්දන්ට පෙට්‍රල් ගසා බඩ වියත රැකගත්තෙකි. ඌ නිරායුධ මිනිස් ජීවිත බිළිගත්තේ දකුණේ පමණක් නොවේ. සුදු කොඩි රැගෙන එන නිරායුධ දෙමළ ජනතාවට වෙඩි තියන්නට අණදුන් බවට ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවක්ද වෙයි. රෝශේන් චානුක, ඇන්ටන් වැනි මිනිස් ඝාතන වල අලුත්ම වටය අකිලගෙන් අරඹාතිබේ. වැලිවේරියේදී දඩ බල්ලන් බිලිගත් මුලු ගණන 7ක් තරම් වේයැයි ආරංචි පැතිර යයි. පැරෂූට් ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් වරයෙකු සහ සට්ටැඹි-නපුංසක හමුදාවක් සාමාන්‍ය මහ ජනතාවට වැඩ පෙන්වූ හැටි ය ඒ.



මහත්වරු එසේය..දඩබල්ලන් මෙසේය..