Wednesday, 18 June 2014

පිස්සු බල්ලා සහ පිස්සු බූරුවා හඳුනාගෙන වටිනා තෑග්ගක් දිනා ගන්න








පිස්සු බල්ලා පිස්සු හොඳටම තදවී තිබේ. ලඟ එන ඡන්දය දිනා ගන්නටත් හමුදාව උතුරෙන් අයින් කරනවා වෙනුවට රටපුරා නොනිල හමුදා රාජ්‍යයක් ඇති කරන්නටත්, පිලිවෙළින් ජාතිවාදයත් , රටපුරා අවුල්ජාලාවක් ඇති කිරීමේ තක්කඩි ක්‍රියාදාමයත් පිස්සු බල්ලා මුදා හැර තිබේ. පිස්සු බල්ලාගේ වැඩේ බාරගෙන ඇත්තේ චීවරයක් දවටාගත් පිස්සු බූරුවාය. පිස්සු බූරුවා කියන කියන ගොන් කතාවට සාදු සාදු කියන, ඌටම හරියන පිස්සු බූරුවෝ රැලක් පිස්සු බල්ලා වෙනුවෙන් කඩේ යති.  

පොලිසිය පිස්සු බූරුවා නවත්වන්නට හැදූ විට පොලිසිය අමතා "බූරුවහන්සේගේ වැඩට බාද කරන්න එපා" යැයි බුරූ පොලිසියට උපදෙස් දෙන්නේ පිස්සු බල්ලාය.

පිස්සූ බල්ලාගේ තක්කඩිකම හඳුනාගැනීමට තරම් බුද්ධියක් නොමැති වුවත්, පිස්සු බල්ලා කවුද, පිස්සු බූරුවා කවුද කියා ඔබට හඳුනාගන්නට ඔබට හැකි නම්, අරලිය ගහ කොම්පැනියෙන් ඔබට ජාතිමාමක මෙව්වා කන්ටේනරයක් දිනා ගත හැකියි. ඔබේ ප්‍රතිචාරය වහාම මෙහි සටහන් කර ඔබේ දැනුම උරගා බලන්න.

Monday, 2 June 2014

ඒකීය පුද්ගලයා? හුහ්! My Gluteus Maximus හෙවත් මගේ පුක!




ඇමරිකාව, ඒකීය පුද්ගලයා, ලිබටේරියන්, අයින් රෑන්ඩ්, ඇමරිකං හෝම් කමිං වැනි අපි නොදන්නා දේ සිංහල බ්ලොග් අවකාශයට එකතු කරන නෝනලා, සෑර්ලා නිසා අප කාගේත් දැනුමේ නිම් වළලු පුළුල් වී තිබේ. ඒවා කියවන අපට ඇමරිකාව කොච්චර සෝක්දැයි සිතේ. සිහිනෙන්වත් ඇමරිකාවට යන්ඩ පිනක් නැති අපේ නොමසුරු කෘතඥතාවය, ප්‍රණාමය ඇතුළු අපේ අහවල් මෙව්වා එක ඒ නෝනලාට, සෑර්ලාට ලැබිය යුතුය. ඉරිසියාව, කුහකකම ඉවසාගත නොහැකි, හිට්ස් තම්බා ඩෙවල් කර කන සමහර කඩප්පුලි පාඨකයන් අවේලාවේ විහිළු කරන්නට ගොස් "මුග්ධ ප්‍රතිචාර" දමා පසුබැස යනු අප දැක තිබේ. උන් පසුව ඒ නෝනලාට "පුකත්වය" ගැන ඇඟිල්ල දිගු කළද අපි නම් ඒවායින් නොසැලී සිටිමු. ඒ චෝදනා වලින් ඒ නෝනලා ගැන අපේ ඇති අහවල් මෙව්වා එක බිඳක්වත් අඩුවී නැති බව අවධාරණය කරමු.

අහම්බෙන් රොයිටර් අඩවියේ කියවූ පුවතකින් එළිවන්නේ ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ජෙනරල් මෝටර්  (GM) සමාගමේ මෝටර් රථ වල ආරක්ෂිත වා-මල්ල අක්‍රිය වීම නිසා ඒකීය පුද්ගලයන් 303 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බවය. GM සමාගම මේ වන තෙක් පිළිගත්තේ තම රථයේ දෝෂය නිසා මියගිය ගණන 12ක් බවයි. මේ සියල්ලට වඩා පාරිභෝගික ජනතාව අමන්දානන්දනයට පත්කරන කරුණ නම් අවුරුදු 13ක්, එනම් 2001 සිට GM සමාගම තම රථ වල පණගන්වන යතුරේ දෝෂය සහ එයින් වා-මල්ල අක්‍රිය වීම ගන දැනුවත්ව සිටිමින්, නිහඬව සිටිමය.  පණගන්වන යතුරේ දෝෂය නිසා (අධික වේගයෙන්) ධාවනය වන රථ වල එන්ජිම සහ ආරක්ෂිත වා-මල්ල හිටි අඩියේ අක්‍රිය වීම හේතුවෙන් GM සමාගම තම රථ ආපසු-කැඳවීමක් කළේ පසුගිය පෙබරවාරියේය.

අර ඇමරිකාව ගැන, ඇට්ලස්ගේ හැකුළුණු මෙව්වා එක ගැන ලියන නෝනලාට මේ වැනි පුවත් සිංහල බ්ලොග් අවකාශයට එකතු කරන්නට නොහැකි වන්නේ ඒ නෝනලාගේ "පුකත්වය" හෝ තක්කඩිකම නිසා යැයි කියන්නට අපි නම් සූදානම් නැත. අනික කීයක් නම් කියා ලියන්ඩද? අධික වැඩකන්දරාව නිසා අතපසුවුණාම විය යුතුය.

ඒ කෙසේ වෙතත් අපට පෙනෙන්නේ ඒකීය පුද්ගලයා (ඒකීය පාරිභෝගිකයා) මරු තුරුලට යවා හෝ තම ලාභය රකින්නට ඇමරිකං සමාගම් වුවත් නොපැකිලෙන ආකාරයයි. ඒ අතින් ලංකාවේ මිරිස් කුඩු වලට ගඩොල් කුඩු එකතු කරන එකාත් GM සමාගමත් අතර වෙනස අහසට පොළොව මෙනි. මේ මගඩිය අස්සේ ඒකීය පුද්ගලයා (ඒකීය පාරිභෝගිකයා ) ගලවාගන්නට එදිරියට එන්නේ ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්ෂක අධිකාරියයි (NHTSA). GM සමාගම සම්බන්ධයෙන් දැක්වූ ඇල්මැරුණු ක්‍රියාකාරීත්වය පිලිබඳ විවේචනයට ලක්වු NHTSA ඇමරිකානු රාජ්‍ය ආයතනයකි.

Wednesday, 12 March 2014

ලිංගික දර්ශන රඟපා ටියුෂන් සල්ලි ගෙවන රූමතිය.


ඇගේ ලිංගික දර්ශන මෙතැනින්

ඇමරිකාවේ ගෞරවාන්විත විශ්ව විද්‍යාල අතුරින් ප්‍රමුඛතම එකක් වන උතුරු කැරොලිනාවේ ඩියුක් සරසවියේ රූමත් සිසුවියක්, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම ගෙවීම සඳහා ලිංගික දර්ශන රඟපාන බව මෑතකදී හෙළිවිය. අවුරුදු දහ අටක් වන මේ රූමතිය රඟපෑ ලිංගික දර්ශන නැරඹු ඇයගේම යහළුවෙක් ඇය හඳුනා ගැනීමෙන් පසු මේ සිද්ධිය පළමුව සරසවිය තුළත් පසුව ඉන් පිටත් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය තම කතාව බ්ලොගයක ලියා ඇති අතර ඩියුක් සරසවියේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්ද දී තිබේ. ඇය කාමෝද්දීපන සිනමාවේ රඟපාන්නේ වසරකට ඩොලර් 60000ක් වැය වන, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම් පියවීමට බව ඇය පැහැදිලි කොට තිබේ.

"
ලිංගික සිනමාවේ රඟපෑම මට ඉමහත් සිතාගත නොහැකි තරම් ප්‍රීති-ප්‍රමෝදයක්" ගෙන දෙන්නේ යැයි ඇය පවසන්නීය. "හැම දර්ශනවාරයක් අවසානයේම මම දන්නවා අවංකව දවසක වැඩ නිමා කළා කියා. ලිංගික දර්ශන යනු මගේ කලාවේ පිටවාන: මගේ ආදරය, මගේ සතුට, මගේ නිවහන." 

කාමෝද්දීපන සිනමාවේදී ඇය භාවිත කරන නම "BELLE KNOX".

"
කාමෝද්දීපන සිනමාව යනු ඩොලර් බිලියන ගණනින් ප්‍රතිලාභ ගෙන දෙන, ගැහැණු සහ මිනිසුන් මිලියන ගණනක් පරිභෝජනය කරන කර්මාන්තයක්. එහෙත් කැමරාව පිටුපස සිදුවන සූරාකෑම, අපයෝජන සහ ලිංගික ශ්‍රමිකයන්ට සිදුවන හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැහැ. අපිත් සිහින සහ අභිලාෂයන් ඇති ගෑනු-මිනිස්සු විදියට සලකන්න කිසිවෙකුටත් අවශ්‍ය නැහැ" ඇය පවසන්නීය.

PLAY BOY 
සඟරාව සමග සාකච්ඡාවකදී ඇය කියා සිටියේ අධික අධ්‍යන වියදම නිසා ලිංගික දර්ශන රඟපෑම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවය. TIME සඟරාව ඇගේ ලිංගික සිනමා ආක්‍රමණය පිළිබඳ ඇය කියන දේ සැකයට බඳුන් කරයි. ඇයගේ ස්ත්‍රීවාදී අර්ථදැක්වීම බිඳ වැටෙන්නේ බොහෝ කාමෝද්දීපන සිනමාපට වල ස්ත්‍රිය, පිරිමින්ගේ මන දොළ සපුරන වස්තුවක් බවට පත්වන නිසා සහ ස්ත්‍රියට අවමන් වන අයුරින් සලකන නිසාය.

මීට පෙරද  ෆ්ලොරිඩාවේ ඇමරිකානු සිසුවෙක් තම පවුලේ ආර්ථික ප්‍රශ්න වලට පිළියමක් ලෙස කාමෝද්දීපන සිනමාවට යොමුවී පාසැළෙන්ද එළවනු ලැබීය

මෑතකදී නිව්ජර්සි වල වෙසෙන අවුරුදු 18 සිසුවියක් තමන්ට ජීවත්වීමට සහ තම අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉල්ලා, තම දෙමව්පියන්ට එරෙහිව නඩුමගට බැස්සාය.

ඒකීය පුද්ගලයාත් ධනවාදයත් හැසිරෙන ආකාරය පුදුම ආතල් එකැක් යැයි අපට සිතෙන්නේ අපේ ගොන් කම නිසා විය යුතුය

Saturday, 4 January 2014

රෙනාටා සළාත්සි- නිස්කලංක ජීවිතයකට මග | Tyranny of Choice



පාඨකයන්ට මුල්තැන දීමට අපි කවදත් කමැත්තෙමු. අනෙක් අතට පාඨකයෙක් අපේක්ෂා භංගත්වයට පත් කිරීමෙන් අපි සතුටක් නොලබන්නෙමු. සූස්ති ගුණේ පාඨකයෙක් අපිට ඔත්තුවක් දී ඇතුවාක් පමණක් නොව එමගින් පොරවෙන්නටත් හැකි බව කියා අපේ අවධානය දිනාගත්තේය. පොරවෙන්නට හැකි නම් මේ සිරි ලංකාවේ යමක් නොකරන ගොනෙක් වෙත්ද? අපි ඒ අවවාදයත් අනුශාසනාවත් පැනලා පිළිගත්තෙමු. පහත පළවන්නේ රෙනාටා සළාත්සි  (Renata Salecl) නැමැති ස්ලෝවෙනියානු දාර්ශනිකයා Der Spiegel සඟරාව සමඟ කල සංවාදයකි.

Spiegel- සබ්වේ වගේ අවන්හලකට ආවහම අපිට සැන්විච් එක රසවිඳින්න කලින් තීරණ දුසිම් භාගයක ගන්න වෙනෙවා, මේකද ඔබ "අභිමතයේ සාහසිකත්වය" යනුවෙන් හඳුන්වන්නේ?

Salecl: මම පුළුවං තරම් සබ්වේ වගේ එවා මගහරිනවා. ආවත් ඕඩර් කරන්නේ එකම එකම සැන්විච් ජාතිය තමයි හැමවිටම. මම අභිමතයේ සාහසිකත්වය කියලා අදහස් කරන්නේ පශ්චාත්-කාර්මික ධනවාදය තුළ පැන නැගෙන න්‍යාය.ඒක පටන් ගත්තෙ ඇමරිකානු සිහිනය එක්ක-- අර ස්වෝත්සාහයෙන් දියුණු වෙලා දුගී-දුප්පත් කමේ ඉඳලා ධනවතෙක්ගේ තත්වයට ඉහළට නැගීම. ටිකෙන් ටික මේ සංකල්පය විශ්වීය දර්ශනයක් විදියට වර්ධනය වුණා. අද අපි හිතනවා අපිට හැමදේම තෝරාගැනීමට හැකිවිය යුතුයි කියා, අපි ජීවත් වෙන විධිය, අපේ පෙනුම, කොටින්ම අපි කෝපි මිලදී ගන්නකොට පවා අපිට හැමවිටම අපේ තීරණය මැන බලන්න වෙනවා. මේක හරිම අහිතකර තත්වයක්.

Spiegel- ඇයි ඒක අහිතකර තත්වයක් වෙන්නේ?

Salecl: අපි නිතරම ආතතියෙන් ඉන්නෙ. වරදකාරී හැඟීමෙන් දරාගත නොහැකි කමින් සිත පිරිලා. මොකද මේ න්‍යායට අනුව අපි අසතුටින් ඉන්නෙ අපේ වැරැද්දක් නිසා. අපි වැරදි තීරණයක්, තෝරාගැනීමක් කරල තියෙන්නෙ.

Spiegel- ඉතිං අපි හරි තෝරගැනීමක් කළොත්?

Salecl: එතකොටත් අපිට හිතෙනවා තවත් ටිකක් හොඳ එකක් තිබුණා වෙන්න පුළුවන් අපි නොදන්නවා වුණාට එහා කඩේ කියලා, මේ නිසා අපි අපේ තෝරාගැනීමෙන් කිසි විටෙක සැහීමකට පත්වෙන්නේ නැහැ, අපිට කිසිම තෝරාගැනීමක් ගැන සම්පූර්ණ එකඟතාවයකට එන්න බැහැ.


Spiegel- "සාමාන්‍ය මිනිහට තීන්දු ගන්න දෙන්න එපා, එයාට එච්චර බුද්ධියක් නැහැ" මේ තර්කය ශතවර්ෂ ගාණක් පරණයි නේ. ඔබ කියන්නෙ මේ තර්කය හරියි කියලද?

Salecl: මගේ විවේචනය දේශපාලනික නිදහස සම්බන්ධයෙන් නෙවෙයි. නමුත් ධනවාදය විසින් මේ මතවාදය විපරීත කීරීම සම්බන්ධයෙන් තමයි මගේ විවේචනය. මගේ ජීවිතය පිළිබඳ පූර්ණ අධිකාරිය, පාලනය, බලය මා සතුය යන මායාව ගැනයි මගේ විවේචනය.

Spiegel- ඒත් ඒ බලය තියෙනවා නේද? මාව කොතරම් ආතතියට පත් කරත් මට ඕනෑ දේ ගැන මට තීරණය කල හැකියි නේද?

Salecl: කිසිසේත්ම නැහැ. මම දන්නා ගැහැනියකට හොඳ රැකියාවක්, ආදරණීය සැමියක් සහ හොඳ නිවසක් තිබුණත් ඇය නිතරම සිටියේ අසතුටින්. "මම මගේ ජීවිතේ හැමදේම හරියටම කළත් කිසිම සතුටක් නැහැ" ඇය නිතර කිව්වා. ඇය කවදාවත් තමන්ට ඕනෑ දේ නෙවෙයි කළේ, සමාජය විසින් තමන් කරාවි යැයි බලාපොරොත්තු වූ දේයි ඇය කළේ.

Spiegel- ඒ කියන්නේ අපි අපේ පුද්ගලික සතුට වර්ධනය කර ගැනීම දියුණුකර ගත යුතු බවද?

Salecl: ඒකත් මායාවක් නේ. අද සතුට කියන්නෙ අපි නිතර මැන බලන කඩුල්ලක් වෙලා. ගෑනුන්ගේ සඟරා අද පොරකනවා අපිට කියන්න මොනවද අපිව සතුටෙන් තියන්නේ කියලා. අද නිතරම ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් වලින් අනිත් අය අපට වඩා කොච්චර සතුටෙන් ඉන්නවාද කියල පෙන්නනවා. වැඩියෙන්ම සතුටින් ඉන්න ජාතීන් ගැන මැන බලන්න දර්ශකයක් පවා තියෙනවා. "සතුටින් සිටින්න" යන්න අද සමාජ අත්‍යාවශ්‍යයක් වෙලා. ඔබ සතුටින් නෙවෙයි නම් ඔබ පරාජිතයෙක්

Spiegel- නමුත් මේ උදාන වාක්‍යයෙන් හැමෝටම කියනව නේ තමන්ට තමන්ගේම තෝරා ගැනීම් කල හැකි බව. ඒකෙන් මිනිස්සුන්ට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් වැඩි බලයක් පාලනයක් ලැබෙනව නේද?

Salecl: ඔව්, හැබැයි ඕකෙන් කෑල්ලක් විතරයි ඇත්ත. අපි කොච්චර තෝරාගැනීම් කළත් ඒවායේ ප්‍රතිඵල අපට පාලනය කරන්න බැහැ. ඒක තමයි ඊළඟ පියවර. අපිට තෝරා ගැනීමේ නිදහස පමණක් නොව ඒ තෝරාගැනීමේදී අපි බලාපොරොත්තු වූ ආකාරයේම ප්‍රතිඵලයක් ලැබෙන බවට සහතිකයක්ද අවශ්‍යයි.

Spiegel- ඇයි අපි ඔච්චර බය ඔහේ රැල්ලත් එක්ක යන්න, අනිත් අය කරන දේම කරන්න.

Salecl: ඒ හැම විටම අපි යම් තෝරාගැනීමක් කරනකොට අපිට වෙනත් යමක් අහිමි වෙන නිසා. කාර් එකක් ගන්න එක හොඳ උදාහරණයක්. හුඟක් මිනිස්සු කාර් එක ගන්න ඉස්සෙල්ල විතරක් නෙවෙයි ගත්තට පස්සෙත් ඒ කාරෙක ගැන විචාර කියවනවා- තමන්ගේ තේරීම හරිම එක බව සැක හැර දැනගන්න.

Spiegel- මට වත්කමක් නැති නිසා, මට තෝරාගැනීමක් නැතිනම්, ඒ නිසා මම සතුටින් සිටීද?

Salecl: නැහැ. ධනවාදයේ ඉහළම ජය නම් කම්කරු වහලාට පවා තමන්ද ස්වාමියෙක් ලෙස හැඟීමයි, සිතීමයි. ඔහු විශ්වාස කරනවා ඔහුට ඔහුගේ ජීවිතය වෙනස් කල හැකිය කියා. අපව ඉදිරියට තල්ලු කරන ගාමක බලය නම් ස්වෝත්සාහයෙන් දියුණුවිය හැකිය යන න්‍යායයි - අපි වැඩි වැඩියෙන් වැඩ කරනව, වැඩියෙන් පරිභෝජනය කරනවා, අවසානයේදී අපි අපිවම පරිභෝජනය කරනවා. ප්‍රතිඵලය නම් කායික සහ මානසිකව ඇතිවන දැඩි විඩාව, බුලිමියාව සහ අනෙකුත් ජීවන රටාව ආශ්‍රිත රෝග.

Spiegel- ඇයි අපි මේ තරම් නරක විදියට අපිට සලකගන්නේ?

Salecl: ෆ්‍රොයිඩ් සොයාගත්තා දුක් විඳීම අපිට ප්‍රමෝදය ගෙන එන බව-- ඉතාම විකාර ස්වපීඩාකාරී ආකාරයකට. අභිමතයේ සාහසිකත්වය සූරාකන්නේ මේ දුර්වලතාවයයි. මේ පරිභෝජන සංස්කෘතිය අපිව දැඩි වෙහෙසකට පත් කරනවා. අපි දුක් විඳිනවා, අපිව විනාශය කරා ගෙන යනවා. ඒත් අපිට එය නැවැත්විය නොහැකියි.

Spiegel- ඒත් අපි මේකේ ගොදුරක් නෙවෙයි. අපිම තමයි මේ ක්‍රමය හැදුවේ, අපි පරිභෝජනය කරන තාක් කල් මේක පවතීවී.

Salecl: ඒක ඇත්ත. ෆ්‍රොයිඩ් කියල තියෙනවා අපි අපේ නියුරෝසියාව තෝරාගන්නවා කියා. ධනවාදය මනුෂ්‍යත්වයේ නියුරෝසියාවයි.

Spiegel- මීට වෙනස් ක්‍රම තියෙනවානේ. ලංඩනයේ අවන්හලක් තියෙනව එකම කෑමක් පමණක් පිළිගන්වන, ඒකට මිනිස්සු පෝලිමෙ ඉන්නවා. බර්ලිනයේ කොම්පැනියක් ටී ෂර්ට් විකුණනවා පාරිභෝගිකයන්ට ඒවා පෙන්වන්නේ නැතුව.

Salecl: ඕක හොඳ මාකටින් උපක්‍රමයක්.  කුඩා ළමයි සමගත් ඕක දකින්න පුළුවන්. ඔබ චිත්‍රපට ශාලාවකදී ඔවුන්ට නරඹන්න අවශ්‍ය මොකක්ද ඇසුවොත් එය ඔවුන්ට දරාගත නොහැකි ප්‍රශ්නයක්. අනෙක් අතට මොහොතකට පෙර ඔබ යෝජනා කළොත් " අපි බලමු ජේම්ස් බොන්ඩ්" කියා බොහෝ විට දරුවන්ගේ ප්‍රතිචාරය වනු ඇත්තේ " ඕන එකක්, හැබැයි ඒක නැතුව".  සීමා මායිම් නැත්නම් අපි අපේ ඒවා හදාගන්නවා.

Spiegel- ඇත්තටම අපිට ඇත්ත නිදහසක් තියෙයිද?

Salecl: නැහැ. ඒත් අපිට වඩා නිස්කලංක ජීවිතයක් ලඟාකරගත හැකියි. අපිට පිළිගන්න පුළුවන් නම් අපේ තෝරාගැනීම්, තීන්දු, තීරණ සහේතුක, තාර්කික ඒවා නොවන බව, අපි හැම විටම සමාජයේ නිමවුමක් බව, අපි තෝරාගැනීමක් කරන හැම අවස්ථාවකම අපිට වෙනත් යමක් අහිමි වන බව සහ අපි ගන්නා තීරණ වල ප්‍රතිඵල අපේ පාලනයේ නොපවතින බව.


Interview conducted by Stefan Shultz

Monday, 30 December 2013

ජිජැක් ගේ බුද්ධාගම! හුටා.

දාර්ශනිකයෙක් ලෙස සැලකෙන ජිජැක් බුද්ධාගමේ නොගැලපීම් ගැන කියයි. බෝධිසත්ව සංකල්පය ආදිය ගැනද මහායානය ගැනද සෙන් ගැනද කතා කරන ජිජැක් නිර්වාණය ගැනද කථාකරයි චම්පික ද හමුදා කඳවුරුවලට ගොස් රතන හාමුදුරුවන් පිරිත් නූල් බඳිද්දී හමුදාවට කීවේ බුදුන් දෙසූ දසරාජ ධර්මයේ කොතනකවත් හමුදා විසුරුවන්නට අනුශාසනා නොකළ බවය. සච්චකයා දමනය කලේ වජ්‍රායුදය පෙන්වා බවය. චම්පික ද දර්ශනය හදාරා ඇති බව රහසක් නොවේ. ජිජැක් කියන්නේ අනාත්ම සංකල්පය යොදාගෙන ඇත්තටම පුදගලයෙක් නැතැයි ඒත්තු ගැන්වීමෙන් හමුදාවකට මිනීමැරීම පහසු කරගත හැකිය  යන්නයි. අති සරල  ලාභ විහිළුවක් ලෙස හැඟෙන මේ කතාව පිටුපසින් තවත් ප්‍රශ්න ගණනාවක් නැගෙන්නට ඉඩ තිබේ.  එක්ස්, වයි ඉසෙඩ් කංඩායම් වලටත් බලු සේනාවන්ටත් එක සේ වීරත්වයකින් ප්‍රතිචාර දැක්විය හැකි වට පිටාවක් නිර්මාණය වී තිබේ.

Tuesday, 15 October 2013

සන්තුට්ටි පරමං දනං


Police officers reach into a crowd of protesters to make an arrest on the Brooklyn Bridge during an Occupy Wall Street march in New York October 1, 2011.
Credit: Reuters


"සන්තුට්ටි පරමං දනං" යැයි බුදුහාමුදුරුවෝ දෙසා වදා සේක.  "සතුට පරම ධනය වේ" යැයි  ඉන් කියැවේ. මෑතකදී ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ  The Earth Institute නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව සතුටින් සහ සන්තෘප්තියෙන්, සෑහිමකට පත් ජීවිතයක් ගත කිරීමට නම් ඔබ යා යුත්තේ උතුරු යුරෝපයටය. මේ සතුටින්ම සිටින ජාතීන් ශ්‍රේණිගත කිරීම අනුව ඇමරිකාව සිටින්නේ 17 වැනි ස්ථානයේය.  ඇමරිකාව ගැන බ්ලොගාවකාශයේ වැයෙන ගුණ ගැන ඇසෙනවිට අපට නම් සිතෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක් බවය. විදුසරේ ධනේශ් විසුම්පෙරුම, සතුට යනු සාපේක්ෂ අහවල් මෙව්වා එකක් බව නලින්ද සිල්වාගේ තියරිය අනුව යමින් දෙසාබාමින්, අපේ රට මොකා කීවත් ආහ්චර්යම බව පෙන්වාදී තිබේ. ජීවිතය පරදුවට තියා බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැනයන්න දඟලන උන් ගැන ඇසෙන විට නම් මේ වාර්තාවේ ඇත්ත නැත්ත මොකක්දැයි ඕන  මීමින්නෙක්ට සිතා ගත හැකිය. එච්චර යන්න දඟලන ඔස්ට්‍රේලියාව මේ ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානය ලබා තිබේ. පිළිවෙලින්,  සතුටින්ම සිටින ජාතීන් අතර ඉහළින්ම සිටින්නේ ඩෙන්මාකය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්වීඩනයයි. අරුමය නම් මේ එකම රටක්වත් බුදුබණ තියා මොන බණක්වත් නොඅදහන, ඇමරිකාව මෙන් "ගෝඩ් බ්ලෙස් ඇමරිකා" වැනි ගොංපාට්ද නැති රටවල් වීමය. 1972 දී භුතානය විසින් පලමු වරට යෝජනා කරන ලද "සතුට පිළිබඳ ආර්ථිකය " සහ "දළ ජාතික සතුට" යන අදහස් අද ලෝකය වේගයන් උකහාගනිමින් තිබේ. මෙම වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ , ආර්ථික දියුණුවට ඇති අවධානය අඩුකර මිනිසුන්ගේ සමස්ත දියුණුව වැඩිකරගැනීමට වැඩි අවධානයක් සඳහා ලෝකයේ නන් දෙසින් හඬ නැගෙද්දීය.

Wednesday, 11 September 2013

ගුණයගේ වාදේ - ඉතා කෙටි විඩියෝවක්

එකෙක් අනෙකා වාදයට කැඳවා , අභියෝගය භාරගත් සැණෙන් සැඟවී පලා යන ගමන් අනෙකාට නපුංසකයායි ගරහයි. වාදය බලන්නට සැදී පැහැදී සිටි  බොහෝ දෙනෙක්ගේ අපේක්ෂා භංගවී තිබේ. මේ ඉතා කෙටි විඩියෝව  ඒ නොකෙරෙන විවාදයේ ලැකානියානු ප්‍රක්ෂේපණයක් දැයි අපටත් සුවර් නැත. 


video