Thursday 10 March 2011

අති පූජ්‍ය අපරැක්කේ පු_ රැක්කේය. රට දැය සමයද රැක්කේය.


මන්ත්‍රී හාංදුරු ධුරන්දර අති පූජ්‍ය අපරැක්කේ කුඩා සාමනේර හිමිවරුන් රාසියකගේ හිරි ඔතප් බිඳ ලිංගික අපහරණය කල බව කියැවෙන පුවතක් අසන්නට ලැබේ. ධර්ම රාජ්‍යයකට රට ගෙන යන්නට කැපවී ක්‍රියා කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී ධුරන්දර අපරැක්කේ යම් අවැඩක් කල බවක් අපි නම් විශ්වාස නොකරමු. මේ ත්‍රිපිටකය, බුද්ධ වචනය අතැඹුලක් සේ දන්නා සද්ධර්මයෙන් මත්වූ හිමිපානන් සෘද්ධි ප්‍රාතිහාර්ය වැනි උසස් මානසික තලයක් ලබා ගැනීම සඳහා කරන ලද යාතුකර්මයක් වැනි යමක් විය යුතුය මේ ලිංගික අපහරණය කියා සිංහල බෞද්ධ විරෝධීන් විසින් හදුන්වන්නේ. ලිංගික අපහරණයට ලක්වූ කුඩා සාමනේර හිමිවරු පස් නමකගෙන් කට උත්තර ගෙන ඇති අතර, අති පූජ්‍ය අපරැක්කේ චෝදනා පිලිගැනීමන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. බුදු බනේ මේ ලිංගික අපයෝජනය වැනි වැඩ තහනම් කර නැති බව අපිට නම් සීයට දෙසීයක් ෂුවර්ය. ඇප දී නිදහස් කිරීමම අපි ධර්ම රාජ්‍යයට කොපමන ලංව සිටින්නේද යන්න කියන නිර්ණායකයකි. අති පූජ්‍ය අපරැක්කේ රට දැය සමය පමණක් නොව කුඩා සාමනේර හිමිවරුන්ගේ ශරීරාංගද තමන්ගේ මෙන් රැකගත් උතුමෙක් බව සාසන ලැදි අපිට නම් අරුමයක් නොවේ. "පිරිත් කැටි කර" සාන්ද්‍ර කර බෙදන මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් නිසාම බුදු සසුන තවත් අවුරුදු විසිපන්දහසක් වත් නොතිබුනෝතින් තමා අරුමය!
සිංහල බෞද්ධයන්ට එරෙහි වන නිසා "බ්ලොග් ඉවත් කරන" මහතැන්ලාට මේ සම්බන්දයෙන්ද මැදිහත් විය හැකිය. අති පූජ්‍ය අපරැක්කේ වැනි නිර්මල බුද්ධ පුත්‍රයන් ගැන රටට හඬ ගා කියන අතරම එතුමන් වැනි උතුමන් පිදීම සඳහා "මොහොමඩ් නාශක" සම්මානය වැන්නකින් පුදා ගෞරව කල හැක. පිදිය යුත්තන් පිදීම මංගල කරුනක් බව අප මතක් කල යුතු නොවේ.

මේ අව්වස්සේම, ජොර ජොර ගා කඳුලු වගුරුවන ගං කබරයින් බෞද්ධ හිමිවරු සාතනය ඝාතනය කරල යැයි දෙස් දෙවොල් තබමින් කොමිෂොන් පිට කොමිෂොන් ඉල්ලනු පෙනේ. ඇත්ත වශයෙන්ම අපේ සිහල උරුමයේ මන්ත්‍රී හාංදුරු වරු ඉන්නා කාලෙක, අපේ ඩයිනමෝ ඇමති වැනි හෙල උරුම ලොක්කන් පොරවී සිටින සමයක ආංඩුව අපහසුතාවට පත්කල යුතු නැත. සෝම ගේ මරණය විකුණා පාර්ලිමේන්තු ගිය හෙල උරුමයේ මන්ත්‍රී හාංදුරු ඒ පිලිබඳව නිහඩව තම පරීක්ෂන කරගෙන යන බව අපට නම් ෂුවර්ය. අමතක වූ සාසන ලැදි බෞද්ධ සැමට මතක් කරන්නේ මේ රෝහණ ජන රංජන සම්මානයෙන් පිදුම් ලැබු මහින්ද මහ රජාගේ ආණ්ඩුව සහ හෙල උරුම මන්ත්‍රී හාංදුරුවරුන්ගේ ආන්ඩුවක් විනා ඌ.එම්.පී ආණ්ඩුවක් නොවන බවය. ඒ නිසා ඉවසීමෙන් සැනසීම ලැබේ යයි සිතා කටපියා ගැනීම කාගේත් ශරීර සෞඛ්‍යට හිතකරය.


9 comments:

  1. ඔය සාමනේර ගැටව් ටික ෂුවර් එකටම මිෂනාරී කුමන්ත්‍රණකාරයින්ගේ හෝ හම්බයින්ගේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ඨ කරනව වෙන්න ඇති.

    ReplyDelete
  2. අනේ ගූත් ති සුන්නියෝ....
    තොට පේන්නේ නරක දේවල් විතරද?....
    උන් කොරපු හොඳ දෙයක් මෙකේ දාපන්...ඔබ පොන්###ක් නොවේ නම්...

    ReplyDelete
  3. Ela... Ela...

    ReplyDelete
  4. හොඳ දෙයක් නේද? ආ මෙන්න

    හැම සාමනේර නමකටම අරින්න යන්නැතුව දෙතුන් දෙනෙකුට විතරක් ඇරීම.

    ReplyDelete
  5. විනය පිටකයට අනුව,
    සංඝයා වහන්සේ අත්ල මත හෝ ඇඳ ඇතිරිලි ආදියෙහි සිදුරක හෝ වෙනත් යම් කිසි සිදුරක හෝ ගව,බලු,වඳුරු,එළු, ආදී සත්ව යෝනියක හෝ ගුදයක් තුල ලිඟුව වටා ශුක්‍ර මෝචනය අකැප වන්නේය.
    කාන්තාවකගේ මුඛයට හෝ යෝනියට හෝ ගුදයට හෝ ශරීරයේ වෙනත් සිදුරකට ලිඟුව තල ඇටයක ප්‍රමානයකින්වත් ඇතුළු කිරීම හෝ ඒ අසල ශුක්‍ර මෝචනය සංඝයාට අකැප වන්නේය.
    සංඝයා වහන්සේ නමකට මෛථූන්‍යයේ යෙදීමට තදබල අවශ්‍යතාවයක් පහල වේ නම් එය පාලනය කරගැනීමට නොහැකි තරම් තදබල නම් උපැවිදි වී අවශ්‍ය කාර්යය ඉටු කොටගෙන අවශ්‍ය කාලයකට පසු නැවත පැවිදි විය හැක.එහෙත් එවැනි සංඝයා හට ඉන්පසු උපසම්පදාව අකැප වන්නේය.

    ReplyDelete
  6. ආ සූස්ති,,, උම්බලත් මාර ආතල් ගන්නේ කාට හරි බනින්න තියෙනවනම් කන්න ඕ‍නේත් නෑ නේද? දැන් සතුටුද?

    ReplyDelete
  7. @Ano > මොනවද බන් මුන් කරපු හොඳ දේවල් ?? බුද්ධාගමට අනුව යුද්ද කරපු එකද??

    ReplyDelete
  8. Lankawama gaanakata wikunala daana eka thama mun karana hondama wade. ethakota oya jaathiwadi ummathakayinta inta wenne muhude.

    ReplyDelete