Monday 7 March 2011

වාරණයට එරෙහිව- ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය




උපුටා ගැනීමකි.





සියල්ලන් වෙත දැනුම් දීමයි.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත.

මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්‍රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්‍යතාවයක් මාර්ගයෙන් ව්‍යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්‍රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්‍යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්‍ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්‍ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.)

කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්‍රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්‍රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති.

දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ swimfanlk@gmail.com ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

- Taboo

13 comments:

  1. මේ ගොන් නාම්බන්ට ආගම නැත්නම් අගයක් නැත. අපි සිංහල, සිංහ පැටව් කියා නොගත්තොත් ඇඳෙන් බැසීමටවත් හයියක් නැත. බුදුන් වහන්සේ නැත්නම් මුන් කවුද කියා දන්නෙක් සොයා ගත නොහැක. මුන්ගේ සියලු වීරකම් වල හරය එයයි. තම තමන් ඉපදුන අවස්ථාවේදී මව් කුස තුල දමා ඇවිත් ඇති හිස්තැන් පුරවා ගැනීමේ නිශ්ඵල ව්‍යායාමයයි.

    පෙරමුණේ රාල තම්බින්ට බැණ ස්වයං වින්දනයේ යෙදෙන්නේ එනිසයි. මොහොමඩ් බ්ලොග් එක සාදා ජාතිවාදය ඇවිස්සීමට පූර්ණ කාලීනව ක්‍රියා කිරීමට තරම් මොහුගේ බෙලහීනතාවය උපරිම තත්වයකට පැමිණ ඇත.

    දොස්තරයාද එලෙසය. දහය වසරේ ලමයෙකුගේ දේශපාලනික දැනුමක් තිබුනත්, ගන්නා ෆොටෝ වලදීවත් තමාව focus නොවීමේ පාපය සොයනා ඔහුගේ වෑයම සිංහල ජාතියයැයි කියමින් තමන්ට අගයක් සාදා ගැනීමයි.

    කණිෂ්ක ඩිල්ෂාන් මේ රොත්ත අතරින් මුග්ධම චරිතයයි. විශාල අධ්‍යාපනික හා බුද්ධිමය හීනමානයකින් පෙලෙන බව පෙනෙන ඔහුගේ පුද්ගල ආකෘතිය දෙස බැලූ විට පෙනී යයි. ඒ වෙනුවට ඔහු සැඟවෙන්නේ බුදු දහම පිටු පසය.

    ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හැක් වීම පිලිබඳ කණගාටු විය යුතු නැත. එහි තිබූ අන්තර්ගතය අන්තර්ජාලයේ අන්තර්ගත කෑෂ් වන ඕනෑම තැනකින් නැවත ලබා ගත හැක. සතුටු විය යුත්තේ හෙලුවැල්ලෙන් දුවන හීනමානකාරයින්ගේ නිශ්-ලිංගික ඉකිලි දකිනා එක ගැනය. මොලයක් සහිත සහ එය භාවිතා කරන පාඨකයින් දැන්වත් මෙම පිස්සන් රෑන පිලිබඳ දැනුවත් වුවහොත් අගනේය.

    ReplyDelete
  2. ටැබූ කමෙන්ට් දමන්නේ අඩවි කීපයක පමණි.ඒවාද ඔහුට ඉතාමත්ම විශ්වාසී අඩවි පමණි.එබැවින් ඔහුගේ ඕපන් අයිඩී එක සොරකම් කලා යනු මිත්‍යාවක් පමණි.

    ReplyDelete
  3. ආගම් පවතියි. බෞද්ධද ආගමකි.
    බුදුන් වහන්සේගේ දර්ශණය අනාත්ම දර්ශණයකි. ඒ තමන් යනුවෙන් කිසිවෙක් සැබැවින්ම නොපවතින බව ක්‍රමවත් අධ්‍යාත්මික මාර්ගයක ගොස් අවබෝධ කර ගැන්මය. තමන් යනුවෙන් කිසිවෙක් නැත්නම් තමන් යනුවෙන් සිංහලයෙකු හෝ දෙමළෙක්ද නැත. තමන් යනුවෙන් බෞද්ධයෙක් හෝ ක්‍රිස්තියානුවෙකුද නැත. තමන් නොකිසිවෙක් වීමට යත්න දරන්නාට කිසිවෙකු ලෙස නොහැඟෙනු ඇත.
    ඉතින් තමන් යනුවෙන් කිසිවෙක් නැති නිවනට පත් බුදුන් වහන්සේ ආගමකට හෝ ආගමකට අයිති නොවේ.

    ReplyDelete
  4. @outsider:පරමාර්ථ වශයෙන් ඔබ කියන දේ සත්‍යයි.නමුත් බුදු දහමේ පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය වශයෙන් දෙකක් තිබෙනවා..සම්මුති සත්යයෙන් පරමාර්ථයට යන එකයි බුදු දහමෙ කරන්නේ.. ඔබ මේ දෙක පටලවගන්න එපා..එතකොට වෙන්නේ අවුලක්.. රහතන් වහන්සේලා, අශෝක රජු ඔබ හිතන විදියට හිතුවනන් අද වෙනකොට බුදුදහම අතීතයට අයිති දෙයක්..

    ReplyDelete
  5. පලයං ඇනෝ යන්ඩ... අපි හැංගෙන්නෙ බුදුදහම පිටුපස්සෙ නෙමේ.බුදුදහම අපේ පස්සෙ ගහල හංගගෙන ඉන්නෙ.

    ReplyDelete
  6. //පලයං ඇනෝ යන්ඩ... අපි හැංගෙන්නෙ බුදුදහම පිටුපස්සෙ නෙමේ.බුදුදහම අපේ පස්සෙ ගහල හංගගෙන ඉන්නෙ.//
    මේ කමෙන්ටුව නම් නියම Kanishka Dilshan යෙදූ කමෙන්ටුවක් විය නොහැක. ඔහුගේ email එක යොදාගනිමින් කිසියම් පොන්නයෙක් යෙදූ කමෙන්ටුවකි.

    ReplyDelete
  7. @taboo
    try these.
    https://www.google.com/support/accounts/bin/request.py?hl=en&contact_type=acc_reco&ara=2&ctx=acc_reco&source=no_ts&rd=1

    ReplyDelete
  8. ටැබූ කමෙන්ට් දමන්නේ අඩවි කීපයක පමණි.ඒවාද ඔහුට ඉතාමත්ම විශ්වාසී අඩවි පමණි.එබැවින් ඔහුගේ ඕපන් අයිඩී එක සොරකම් කලා යනු මිත්‍යාවක් පමණි.

    Ela ela...

    ReplyDelete
  9. http://www.lankatruth.com/sin/index.php/news/local-news/10097-2011-03-08-14-01-48 meka balanawada jathiwadi aiyala tika.. me balu dewal islam , budu dahama, cristian athulu hama agamakama wenawa,,,

    ReplyDelete
  10. උඹලගෙ මුතුන් මිත්තො තමයි සුද්දා මෙකට රිංගපු වෙලවෙත් ගහගෙන මරාගෙන සුද්දට රට දිලා කැවේ, දැනුත් එකමයි කරන්නෙ අවජාතකයො,

    ReplyDelete
  11. “ඕපන් අයිඩී සොරකම් කලා“ යන අන්ත නූගත් වදන් පෙල නිකුත් කල ඇනොනිමස් පෙරමුණේ කහින්නා වෙතටයි.

    එලෙස කිසිවක් නැත. නැවත කියවා බලා අධෝමුඛය අසල හංඟාගෙන ඇති මොල පොජ්ජ භාවිතා කර සිතා බලන්න.

    ReplyDelete
  12. හුකල පලයං. සූස්ති ගුණේ තමයි එතකොට ටැබූ!

    ReplyDelete