Tuesday 18 January 2011

කවුද යකෝ තොට නම දැම්මේ?





මේ ටැබූ ගේ මෑතක පෝස්ට් එකක් කියවීම නිසා හිරවු සූස්ති දුමාරය මැද සිහිවු කතාවකි.

ඔහු උගතෙකි, හෙලයේ අරුත් බර වදන් මවන් දෙවියාය. ජාතියටම නම් දාන්නේ ඔහුය.
කැනඩාවේ වෙසෙන ඔහුට දුරින් නෑයෙක් වන කාන්තාවක් එකම දරුවා සමඟ ලංකාවට සැපත් විය. කොලුවා කටකාරය, වැඩිහිටන්ට ගරු සරු දැක්වීම වැනි හෙල ගති නැත. කැඩිච්ච සිංහලෙන් දොඩවයි. මහ හෙලයාට මල පැන්න නමුත් හෙල සිරිත්-විරිත් නිසා මුවින් නොබැන ඉවසා වදාලේය.

"ග්‍රැන්පා ග්‍රෑන්පා" කියමින් චාරයක් නිනව්වක් නැතිව එහෙ-මෙහෙ දුවන කොලුවා වරෙක මහ හෙලයාට හැදූ තේ එක බී හෙලයා කුපිත කලේය. තවත් වරෙක නිවසේ මහ හෙලයාගේ හාන්සි පුටුව බදු ගත්තාසේ පුකත් උඩ දමාගෙන දිගෑදී මහ හෙලයා නොදැක්කාසේ සිටියේය. මහ හෙලයාට මූව කන්න කෙන්තිය. නමුත් මූලග්ගින්න වැඩිවන තුරුත් ඉවසා සිටියේ නෑකම නිසාය.

දිනක් මහ හෙලයා හාන්සි පුටුවේ සිටියදී දුටුවේ "ඉංග්‍රිස්" සින්දුවක් මුමුනමින් ඒ අසලින් පැන පැන යන කොලුවාය. කොලුවා දුටු මහ හෙලයාට හදිසියේම මතක් වුයේ ජාතියටම නම් දමන තමාට මේ වසවර්තියාට නමක් දාන්නට නොලැබුනු බවය. දුරින් නෑ වන ගැහැනියද මු වගේම බක-පණ්ඩිත අම්මන්ඩියෙක් බව හෙලයාට මතක් විය.

"ඒයි කොල්ලෝ මෙහෙ වරෙං!" හෙලයා හඬ අවදි කලේයෙ.

"වෝට් ??" කොලුවා නුරුස්නා බැල්මකින් පිලිතුරු දුන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.

"මෙහෙ එනවා"

කොලුවා මහ හෙලයාට කිට්ටු විය.

"මොකද්ද ඔයයිගෙ නම ?" හෙලයා විමසන්නට විය.
කොලුවා පිලිතුරක් නැතිව බලා සිටී.

"නම,නම.. නේම් ??"

"මයි නේම්? ...ඉරෝශන්"

හෙලයාට අම්බානකට තද විය."ඉරෝශන් ??"

"යා, ඉරෝශන්"

" ඇයි යකෝ, ඔයිට හොඳයිනෙ තොට හෝදපාලුවා කියල දැම්මනං" මහ හෙලයා කිවේ දවස් ගනණක කේන්තිය පිටකරන ගමන්ය.

"මාම්, වොට් ඉස් ෂොදාපාල්වා ?" ඈතින් ඇසෙන කොලුවා සහ මව අතර සංවාදය රස විඳිමින් හෙලයා හාන්සිපුටුවේ වාඩි වූයේ දින ගණනකින් නොවිඳි තෘප්තියකිනි.


7 comments:

  1. සෝදා පාළුවා සූස්ති ගුණයම තමයි

    ReplyDelete
  2. "ෂොදාපාල්වා"...
    ඊට පස්සෙ ඔය යකා ඔය නමත් කාට හරි දැම්මද දන්නෙ නෑ.

    ReplyDelete
  3. නමේ පිටින් ගොහින් තියෙන්නේ සුද්දා එක්ක ඇති තරහව ද කොහෙද...

    ReplyDelete
  4. @ Charmi
    සෑර්, දැන් ඕක කරන්නේ දයාබර දියණිය නෙව. කියන්න බැහැ, කොහොමත් දාන නම් නිකන් ජපන් , හින්දි ආරෙටනෙ ශද්ද වෙන්නේ බොස්. මේකත් නිකං පාව්ලොව් වගේ හින්ද ඊලඟ ලිස්ට් එකට වැටෙයි සමහර විට.

    ReplyDelete
  5. හික් හික්!! බලාගෙන ගියාම කතාව ඇත්තනෙ

    ReplyDelete
  6. අප්පද බොල උඹට පහුගිය අ‍ට මාසෙටම කියන්න තියෙන්නේ ඔයි කතාව විතරමද? අපි බැලුවා ඒත් කෝ උඹ කියලා...
    මොනා නමුත් පට්ට කතාව හරිය... ඇත්තටම කවුද බං ඔය සෝදාපාළුවා...!!!???

    ReplyDelete
  7. මොනා කරන්​නද ගුනේ දැන් හැදෙන එවුන්ව අපේ අහලකින්වත් තියන්න බෑ බං. තවත් අවුරුදු 25ක් විතර යද්දී ඊටත් හපං.

    ReplyDelete