Saturday, 14 August 2010
චීනාට ලැබුනු ප්‍රවේශ පත්‍රය
සමහර රටවල රාජ්‍ය තාන්ත්‍රික විදේශ සේවය ගරු ගාම්භීර වැදගත් රස්සාවකි. සමහර සිරි ලාංකීය තානාපති කාර්යාල වල ඉන්නා ඉන්ගිරිසිත් බැරි මීහරක් මෙන් නොව, ඒ ඒ රටේ බාසාව දන්නා එකෙක් හිරිමල් වයසේදීම පුරුදු කිරීම මේ රටවල සිරිතය. සමහර විට එකෙක් නොව දෙන්නෙක්ම පුරුදු කරති. උන්ගෙන් එකෙක් එරට එම්බසියේ ස්ථානගත කරන අතරම අනෙකා විදේශ සේවයේ "අහවල් රට පිලිබඳ එක්ස්පර්ට්" ලෙස වැඩකරයි. චීනය මේ අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ඕනෑම රටක නායකයෙක් චීනයට සැපත් වන්නේ නම් ගුවන් තොටුපලේදී ඔහුගේ මවු භාෂාවෙන් ඇමතිය හැකි නිලධාරියෙක් උන්ගේ විදේශ සේවයේ සිටිති.
මේ එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල සිදුවුනා යැයි කියන සිදුවීමකි. ඒ කාලයේ දැන් මෙන් නොව රටේ ප්‍රවාහනය රජයේ ලං.ග.ම ඒකාධිකාරයක්ව පැවති යුගයකි. කතාවේ එන චීන රාජ්‍ය තාන්ත්‍රිකයා නාඹර කොලු ගැටයෙකි. චීන විදේශ සේවයේ නියමයෙන් මේකාට විද්‍යෝදය විස්ස විජ්ජාලයේ අවුරුදු තුනක සිංහල හැදෑරීමට නියම කෙරුනි. ඇස්වාට්ටුව පැත්තේ තනි කාමරයක නැවතී මේකා ටැක්සියකින් විස්ස විජ්ජාලයට එයි. අටෝරාසියක් දුක් විඳිමින් සිංහල භාෂාව ප්‍රගුනකරයි. චීනා ප්‍රියමනාපය. එබැවින් වැඩිකල් නොයා ලාංකීය කොල්ලන් කිහිපදෙනෙකු හා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තේය. කොල්ලන් හා එක්වී චීනා බස්රථ වල යයි. ටිකට් ගන්නේ උගේ අලුත් මිතුරන්ය. චීනා ඒ සඳහා මුදල් ගෙවන නමුත් සිංහල බැරි නිසා බස් කොන්දොස්තර හා කතා බහට අකැමැතිය. දැන් ටැක්සියේ යන්නේ තනිවම යන ගමනකදී පමණි.
කාලයත් සමඟ චීනා බැරි මරගාතේ සිංහල හසුරුවන්නට ඉගෙනගත් නමුත් උගේ වැඩි කැමැත්ත පැරැණි සිංහලයටය. කථිකාචාර්‍ය වරුන් කිහිපදෙනෙක්ම මේ පිලිබඳව අවවාද කලත් චීනාගේ එදිනෙදා ජීවිතයේ කතා බහ පැරණි සිංහලයෙන්මය. ඊට හරිහමන් හේතුවක් නොවූවත් තමන් සමඟ සිංහල ඉගෙන ගන්නා "ලෝකල්" සගයන් මේ සිංහලය ට යම් ගරුසරුවක් බියක් දැක්වීම නිසා එයම ප්‍රගුණ කරම්හයි සිතුවා විය යුතුය. කිහිප අවස්තාවකදීම බැචියන් ඉදිරියේ මේ පැරණි සිංහලෙන් සම්භාෂණයට ගිය චීනාට, උන් විශ්මයට පත් කිරීමට හැකිවීම නිසා උපන් ආඩම්බරයද හේතුවක් වූවාට සැක නැත. සමහර විටෙක "රාජ්‍ය තාන්ත්‍රික" පුහුණුව නිසා පැරණි සිංහලය වඩාත් ආචාර ශීලි වීමේ ලක්ෂනයක් යැයි සිතුවා වන්නටද පුලුවන.
ඒ කෙසේ වෙතත් දිනක් චීනා තනිවම විජේරාම හන්දියට පියමැන්නේ ඇස්වාට්ටුවට යන බසයක් අල්ලා ගැනීමටය. දේශීය මිතුරු කැල යම් හේතුවක් නිසා ඌට මග හැරිනි. එදින තමන්ටම බස් ටිකට් පත ගැනීමේ කර්තව්‍යය කරගන්නට වන බව සිහි වුනු චීනා, වඩ වඩාත් ආචාරශීලී වීමට ඉටා ගත්තේය.
138 බස් රථයේ සිටි ටිකට් කඩන කොන්දොස්තර වෙත චීනා ලංවූයේ මුහුණ පුරා මවාගත් සිනාවකිනි. කොන්දොස්තර තොමෝ අඩියක් පස්සට ගත්තේ "මේකා මොකාට එනවාදැයි" සිතමිනි.
"මහත්තය කොහාටද ?" කොන්දොස්තර තෙමේ ටිකට් කඩන මැෂිම කරකවන්නට සුදානමින් ඇසුවේය.
චීනා දිගු හුස්මක් ගෙන උගුර පාදා හඬ අවදි කලේය.
" එම්බා බස් පලුව !!! මට අක්ෂිසායනාගාරයට ප්‍රවේශපත්‍රයක් දෙව !!!"
කොන්දොස්තර තෙමේ අන්ද මන්ද වී ගියේය. චීනෙක් සුද්ද සිංහලෙන් මොනවාදෝ දොඩවයි. එක්කෝ මූ පිස්සෙක් විය යුතුය. නැතිනම් කැම්පස් කොල්ලන්ගේ සංවිධානාත්මක විලම්බීතයක් විය යුතුය. "බස් පලුව.." මෙවැනි අපහාසයක් අවුරුදු 18 ක සේවා කාලය තුල කවරදාවත් සිදුවී නැත. කොන්දොස්තර තෙමේගේ ඉවසීමේ සීමාව පැන්නේය.
"හෑ!!.. මොකක්. බස් පලුව ??! මේ ඕයි! මේක බස්පලුවක් නෙවෙයි. හොඳට බලනව! මේක සම්පූර්න බස් එකක්! "
චීනා එයින් සැලුනේ නැත. කොන්දොස්තර මහතාට තමන් කියූ දේ තේරී නැත. තේරුනා නම් තරහ ගන්නට හේතුවක් නැත. බසයේ රියැදුරුද මගීන්ද තමන් දෙස හැරී බලනු පෙනේ. සමහර විට රියදුරාට තේරුම් ගියහොත්!
"තට නොතේරෙන්නේ නම් කැණියාගෙන් අසව!!!" චීනා වහා කීවේ රියදුරා දෙස බලමිනි.
කොන්දොස්තරට මාරයා ආවේශ විය.
" මොකක්ද කිව්වේ??. කැ_යා!? යකෝ මෙච්චර මිනිස්සු ඉන්න බස් එකේ කුනුහබ්බ කියන්න,.. හිටු තොට !" ටිකට් කඩන මැෂිම පසෙකට දැමූ කොන්දොස්තර තෙමේ ඉදිරියට පැන චීනාගේ කණ හරහා එල්ල කල අතුල් පහරින් ඒකා බිම ඉන්දවිය.
චීනා සහ සිරි ලංකා ජනතාව අතර පලමු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව එසේ නිමවිය.
Subscribe to:
Post Comments (Atom)
ලොල්
ReplyDeleteනියම කතාව.
හපොයි දෙයියනේ චීනා,,,,,
ReplyDeleteඑම්බා බ්ලොග් පලුව! මට සැවුල් හඩ ලා සිනාසී ප්‍රාණය නිරුද්ධ විමට ආසන්නයැ
ReplyDelete@blog gadol
ReplyDelete"එම්බා බ්ලොග් පලුව! මට සැවුල් හඩ ලා සිනාසී ප්‍රාණය නිරුද්ධ විමට ආසන්නයැ "
සෑර් ඒ කොමෙන්ට් එක නං එල!
මරු කතාව
ReplyDeleteපටට්ම පට්ටෝ........:)
ReplyDeleteඅඩා.. ක්ෂීරපායි නරය... තා වැනි පුෂ්පීය සාරයන් උරාබොණ්නෙකුගේ මෙවන් ප්‍රහසන කියමන් අපවැනි අවිහිංසක ගන්දබ්බයන් කෙසේනම් ඉවසා වදාරන්නද? කම්පීතර විද්‍යාගරයේ නරයින් 20ක් අතර මැද උච්ච වූ පුහසනය දමනය කරගත නෙහැකිව පක්ෂාවාතයකින්, වායුසමනයකරන ලද කුටිය සුගන්ධවත් කිරීමට තා ගේ කියුං නිසා මට සිදුවිය. එවන් හේතු කොටලෙන් තවදුරටත් තගේ බ්ලොගය මිනිස්පුළුටක් නැති පාළු සුසානයකදී හො මාගේ පෞස්ගලික ගඳකුටිටයේ හිද මිස හුදී ජනයා ගැවසෙන පබ්ලික් අවකාශවල හිද නොකියවන්නට ඉටා ගතිමි. මෙය තා ලුහුබඳින අනිකුත් දෙකුන් තිස් අයටත් සය පාඩමකි.
ReplyDelete@කුෂාන් ඇස්. වන්නිආරච්චි
ReplyDeleteඅම්මප සෑර්, සෑර්ගෙ කොමෙන්ට් එක හොඳයිනෙ කතාවට වඩා.
ඕයි ගුනේ, මොකද්ද ඔය පින්තුරේ?
ReplyDeleteඑල කතාව මචං
ReplyDelete@කුෂාන් ඇස්. වන්නිආරච්චි: පුෂ්පීය සාරයන් කියනවට වඩා....
ReplyDeleteපුෂ්ප දුමාරය කීවනම් මොකද?
අම්මපා නියම කතාව..
ReplyDeleteමේක ස්වතන්ත්‍රයක්ද?නැත්තන්...?
@මද්දු
ReplyDeleteමේක 70 දශකයේ ඇත්තටම සිදුවූ සිදුවීමක්ලු. අසා ඇති කතාවක්.
හහහා.........එල එල...
ReplyDeleteහික් හික් හික් තනියම හිනා වෙන්නෙ මොකද බලනව ගෙදර ඉන්න උන් හික් හික්.... මේක නම් පට්ට ගුනේ ලොක්කා.
ReplyDeleteප්‍රකර්ෂයෙන් නඳයැ. තගේ සමනුඥානයෙන් විහීනව මෙය උවන පුස්තකයේ ප්‍රකටීකරණය කරමි.
ReplyDeleteපට්ට කතාව.
ReplyDeleteඑහෙනං එදා තමා චීන්නු හිතාගන්න ඇත්තේ කවදහරි තොපිට කෙලින්නං කියලා.
@සහන්--- යෙහෙයි යෙහෙයි... වඩාත් යෙහෙයි... ;)
ReplyDeleteඋබත් කොහෙන් හොයාගන්නවද මංදා මේවා...
ReplyDeleteඇඬෙනවා අප්පා. එලම එල කතාවක්
ReplyDeleteගුනේ මචං උඹ ගැන ආරංචිවුනාට අද තමා ඕං හරියටම තැන හොයා ගත්තේ... ඒත් ඔය අඹ ගහ යටට ගියාට පස්සේ... උඹ නියමයිනේ බං...
ReplyDeleteමා මෙහි මීට පෙර පැමිණ නැතත් මා ප්‍රිය සහෘර්දයකුගේ මඟ පෙන්වීම මත මෙතනට පැමීණි අතර කියවා බලා උදහස් වූයෙන් නැහැ නැහැ කියවා බලා ....
ReplyDeleteමක්ක කියනවද මන් ද මට නම් බැහැ අනේ ඒ භාෂාව...
සිනා සාගරයයි ..
බස් පලුවා මවිත කරපු කාරණය
අසරණ චීනා මේවා දන්නෙ කෙලෙස
සිංහල වුන්ට සිංහල බැරි කාරණය
මටනම් හිනා මුත් දුක කුත් නැතිවම නොවෙද
සුස්ති කියන කියන වචනයටත් තේරුම් කාරිය තියේ නම් තරහ අවසරයි කීවනම් අපිටත් ..