Wednesday, 4 August 2010
වෂී ගුලිය
"අප්පච්චි අප්පච්චි! අන්න අර කොල්ල එනව."
"මොන කොල්ලද බොල?" පොඩි එකීගේ කලබලය යම් කරදරයක පෙරනිමිත්තක් සේ ගුරුන්නාන්සෙට හැඟේ.
"අර කැම්පස් කොල්ලා අප්පච්චී.!"
"මොකාද බොල මට නිනවු නැති හැටි හැබෑට?"
"අර කටුබැද්දෙ ඉඳල එනවා කිව්වේ. අර වෂීයක් කරගන්න සල්ලි දුන්නේ"
"හුටා!!" ගුරුන්නාන්සේ අඩියට දෙකට කාමරය ඇතුලට පැනගත්තේය. වෂී ගුරුකමක් කර ගැන්මට ආ තරුණ ගැටයෙකුගෙන් රුපියල් පහලොස්දාහක් කඩා ගත්තේ මීට සති දෙක තුනකට උඩදී බව ගුරුන්නාන්සේ පසක් විය.
" කොහොමද යකෝ මේක මට අමතක වුනේ??" ගුරාට තම මතකය ගැන මහා කලකිරීමක් ඇති විය. මාස තුනක් පමණ අතේ පිච්චියක් නැතිව වේලි වේලි සිටියදී පෑදුනු මේ "පිනට" පින්සිදුවන්නට සියලු නය තුරුස් සුද්දෙක් මෙන් ගෙවා දැමූ අයුරු මතක් වන විට තාමත් සිතට හීනි ආඩම්බරයක් මතුව එයි.
"අප්පච්චි ගෙදර නෑ කියන්නද??"
" ම්.ම්..නෑ ඇවිත් ඉඳගන්න කියහන්. මම මොකක් හරි ගැටයක් ගහන්නං"
මොහොතක් යන්නට පෙර ගැටයාගේ මෝටර් සයිකලය ගේ ඉදිරිපස නවත්වන හඬද පොඩි එකී හා කෙරෙන ඇල්මැරුනු සංවාදයද ගුරාගේ දෙසවනින් ඇතුල්වුව ගුරාගේ ඔලුවේ වැඩ කලේ මේ මරාලයෙන් ගැලවෙන මගකි.
"යකෝ පුදුම රස්නයක්නෙ" ගුරාට සිතිනි. සුමානයකින් හමාරකින් ඇඟට වතුර දෙකක් දමාගැන්මට නොහැකිවූ බව මතක් වුයේ සර්වාංගයෙන්ද පාන්කඩ වූ සරමෙන්ද නගින හඩු ගඳ නිසාවෙනි.
"කොහොම හරි බොරුවක් කියල තව කල් ගත්තනං.." ගුරා වම් අතේ මවිල් අතර වූ දාඩිය මිශ්‍ර කුනු දකුනතින් රෝල් කලේ යම් උප්පරවැට්ටි අදහසක්, ගල් පැලෙන බොරුවක් ඔලුවට එන තෙක් කල්මරමිනි. දහඩිය නිසා එකට ඇලෙන සම්-කුනු ගුලිය මදටිය ඇටයක් තරම් වන්නට වැඩි වෙලා නොගියේය. හදිසියේම ගුරාට ගණ දෙවි නුවණ පහල විය. දකුනතේත් පපුවේත් දහඩිය-කුනු ගුලි එකතු කරමින් කුනු ගුලිය රටකජු ඇටයක ප්‍රමාණයට වර්ධනය කල ගුරා ඉන් නොනැවතී කිහිලි වලද, සරම උස්සා ඉකිලි වලද කුනු එකතු කරමින් එය මිදි ගෙඩියක් පමනට ගෙන ආවේය. දැන් ඉතින් තවත් හැංගිමුත්තං කෙලීමේ තේරුමක් නැත.
"ආ! මේ මහත්තය නේ ..මං ඒත් කල්පනා කරා වැඩේ ඉවර වෙලත් තාම පරක්කු ඇයි කියල."
ගැටයා ලැජ්ජාවෙන් ඇඹරෙයි. "නෑ මේ දවස්වල මේ විභාග..ඒකයි."
"මහත්තයා වැඩිය කතා ඕන්නෑ, මේන්න මේ කොලේ ඇතුලෙ තියෙනවා පන්ලක්ෂහතලිස්දාස් වාරයක් ජීවම් කොරාපු වෂී ගුලිය. දැන් කොරන්න තියෙන්නෙ මහත්තයගෙ හිසකේ පොඩ්ඩක් මේකට එකතු කරල ගෑනු ලමයට කවෝන එකයි."
"එච්චරයි?" ගැටයා අසන්නේ විශ්මයෙනි.
" ඔව් වොව් වොව්,..හැබැයි ඔක්කෝම ටික ඇඟට ඇතුල් වෙන්ට ඕනෑ ප්‍රතිපල ලැබෙන්න නං."
ගැටයා ගුලිය මහත් භක්තියෙන් අතට ගෙන ප්‍රවේශමෙන් තම මල්ලේ තැන්පත් කරයි.
"මේක තියාගන්නකෝ" ගැටයා රුපියල් පන්දහසක් ගුරා අත තබයි.
" නෑ ඕනැන්නෑ මහත්තයෝ" ගුරා එය සාක්කුවෙ දමාගන්නා ගමන් කියන්නේ බයාදු හඬිනි."
"එහෙනම් මං ගියා. වැඩේ කෙරුනොත් ඉතුරු හරිය..ආ!"
ගැටයා දඩුමොනරයේ නැගී නොපෙනී යයි.
--------------------------------------------------
"යකෝ ආන්න අර කොලුගැටය, ඊයෙත් උඹව හොයං ගෙදර ආවයි කියන්නේ" සියදෝරිසා කියන්නේ හරියට බලා සිටියාක් මෙනි.
"බං, මම ගෙදර හිටියා. එලියට නාවට" ගුරා ඔලොක්කු සිනාවකින් මුව සරසා ගනියි.
"මේ බලහං, ඕකුන් කැම්පස් කොල්ලෝ. ඕකුන් රවට්ටන්න ගිහිල්ල අපි හැමෝටම සම්බුව හම්බෙයිද මන්දා..ඌ යනිං ගමන් මාගරට්ලගෙ කඩෙන් අහල තියෙනවලු උඹ ගැන..ලොකු හදිස්සියකින් ඉන්න පාටයි පෙනිල තියෙන්නේ"
"කාට කාටත් කියහල්ල මං නිදන් හාරන වැඩකට ගිහින් එන්නෙ කවද්ද කියල කියන්න බැහැයි කියල..අපෙ කෙලිටත් ඔය කතාව කියන්න කියල තියෙන්නෙ..පාරක් දෙකක් ඇවිල්ල ඕකටම ඇති වෙලා නවතියි" ගුරුන්නාන්සේ කියන්නේ සිත තුල නැගී එන බිය මුසු දෙගිඩියාව මැඩගනිමිනි.
-----------------------------------------------
පීටර්ගේ "බොකුදිරාස්" වීදුරු දෙක තම සිත තුල හොල්මන් කරන අභූත සිතුවිලි සියල්ල අමතක කරවන බවක් ගුරාට හැඟෙයි.
"කැම්පස් වුනා නැතා..කොල්ලෝ කොල්ලොමයි..ඕවා කරල හැදෙනව මිසක් මිනීමරන්නෑ නෙව"
"ආ ..ගුරුන්නාන්සේ...අයියෝ මම කොච්චර දවස් ආවද හම්බෙන්න."
ගුරාට උතුර දකුන නිනව්වක් නැත. මේකා මතු වූයේ කොහෙන්ද? ගැටයා මග රැක සිටියාවත්ද?..
"අ..ආ ම.මම මේ නිදන් වැඩකට.."
"ඔව් මට කිව්ව" ගැටයාගේ හඬේ ඇත්තේ මිතුරු නාදයකි. මොන විගඩමක් වෙන්නට යන්නේදෝයි ගුරාට සිතා ගත නොහැක.
"මෙන්න ගුරුන්නාන්සේ ඉතුරු විසිදාහ..මේක දෙන්න මම කීපාරක් ආවද..ගනන්කරල බලන්න."
"හෑ??..මහත්තය හැබෑට මොකෝ වුනේ"
"වැඩේ හරි, ලමය කැමැත්ත දුන්න" ගැටයා පවසන්නේ රටක් රාජ්ජයක් දිනූවෙක් ලෙසිනි.
"..අර ගුලිය..ඔක්කොම.?"
" ඔව් ඔව් ඔක්කොම ටික ගිල්ලෙව්ව අයිස් ක්‍රීම් එකකට දාල"
ගුරුන්නාන්සේට මහා පිලිකුලක් දැනෙයි. පීටර් ගේ "සුදු ෆැන්ටා" බුලියේ දියවී සිටි ගැරඬියා දුටු දිනයේවත් මෙතරම් පිලිකුලක් ගුරාට දැනී නැත. ඔක්කාරයට එන්නාක් මෙනි.
"එහෙනං මං ගියා."
"හොඳමයි මහත්තයෝ..තව යාලුවෝ හෙම ඉන්නවනං එක්කං එන්ඩකෝ." ගුරා කියන්නේ බෙල්ලේ සිට කන දක්වාවු ප්‍රදේශය පිරිමදිමින් තඩි කුනු ගුලියක් එකතු කරන අතරතුරය.
Subscribe to:
Post Comments (Atom)
"දාඩිය රාජ ගුලිය" වෙන්නැති මයෙ හිතේ.......:)
ReplyDeleteමේක දකින කෙල්ලෝ අද ඉඳන් අයිස්ක්‍රීම් කන්නෙ නෑ
ReplyDeleteඈක්කා ...ඔක්කාරෙට එනවෝ...
ReplyDeleteසිරාවට ... ඔක්කාරෙට එනව
ReplyDeleteහපොයි මටත් නිකන් වමනෙට වගේ ආව. පව් හප්පේ අර කෙලි පැන්චි.
ReplyDeleteඊයා.. වමනේ යන්න වගේ
ReplyDeleteහික්ස්...කුණු කතාවක්.නියමයි..
ReplyDeleteහෆොයි..
ReplyDeleteෂික් විතරක්.උඹ ලිව්වොත් ඉතිං ඔය වගේ එකක් තමා.
ReplyDeleteනොදෝමකින් විතරක්. දැන් ඉතින් අයිස් කිරිං එකක් දකින වාරයක් ගානෙ මේක මතක් වෙනව. චික් විතරක්
ReplyDeleteසැර්ලා ඔක්කෝටම අප්පිරියා හිතිලා වගේ..එන්ඩකෝ සෑර් බජාර් එක පැත්තෙ, දෙන්නං ටොයිස් ගුලියක් ඕවා නැතිවෙලා කෑම රුචිය වැඩෙන්න.
ReplyDeleteeeeeeeeeeeeeeeeeeeeeeeeee
ReplyDeleteබජාර් එකේ තාම එව්ව තියෙනවද? අපට බේතකටවත් හොයාගන්න බැරිවයි ඉන්නේ... :D
ReplyDeleteI've read this about 15 to 20 years ago as a short story in Sunday Divaina. Words were different. But the same story.
ReplyDeleteHere are few differences that I remember:
Guy was not a campus student. He was just some guy.
There, Gura's wife played the role of the daughter.
Price for the guli was Rs.500
The guy put the 'Guli' inside of a Chocolate.
Can 'Susthi Gune' explain all other similarities?
-AD
Dear AD,
ReplyDeleteI heard this story 4-3 years back in a Uni while listning to a boring lecture on partial differentiation. I do not know the source of the story , I just added the flesh in to the skeleton, however as I can remeber the main charcters were the same, and "Gura"'s wife was long gone, and he was looking after the only daughter.
Thanks for commenting.
කරුනාකර කුනුහරුප ප්‍රතිචාරදැක්වීමෙන් වලකින්න.
ReplyDeleteAn acceptable explanation.
ReplyDeleteWish you good luck.
-AD
සිරාවට තරිඳු කිව්ව වගේ දැන් ඉතින් අයිස්ක්‍රීම් කන හැම පාරකම සූස්ති ගුනේ ව මත්ක් වෙන නතර කරන්න බැරි වෙයි . . . හික්ස්
ReplyDeleteඅඩේ අදද කොහෙද උඹේ බ්ලොග් එකට ආවේ... පට්ට නොවැ උඹ ලියන ඒවා... යසයි යසයි...
ReplyDeleteඕක්... ඕක්... හප්පා ඔක්කාරෙට එනවා අර ගුලිය මතක්වෙලා... ඔක්කාරේ නවත්තන්න මුකුත් ගුලියක්හෙම නැද්ද? ;ඩී
ජය...
අයිස්ක්‍රීමුත් අරන් දෙන්න තරම් ෆිට් කෙල්ලෙක්ව ගුරුකම් වලින් වශී කර ගන්නෙ මොකටද? ඒ සල්ලි වලින් අයිස්ක්‍රීම් , චොකලට් අරන් දුන්නනම් වැඩේ නිකන්ම ගොඩනෙ
ReplyDeleteදවස් දහය හරි. ආයෙ ගුලියක් දැම්මනං.
ReplyDeleteමමත් ඔය කතන්දරෙ ඉරිදා දිවයිනක කියෙව්වා වගෙ මතකයි... ඒකේ තිබුනේ එක ගුලියක් වෙනුවට ගුලි තුනක සීන් එකක්... ඒ මොනව වුනත් මේ කතන්දරෙ මරු... මරෙ මරු...
ReplyDeleteමාතර පැත්තේ ගුරාල අභාවයට යන්නේ ඇයි කියල දැන් මට තේරෙනවා ...
ReplyDelete