Monday 2 June 2014

ඒකීය පුද්ගලයා? හුහ්! My Gluteus Maximus හෙවත් මගේ පුක!




ඇමරිකාව, ඒකීය පුද්ගලයා, ලිබටේරියන්, අයින් රෑන්ඩ්, ඇමරිකං හෝම් කමිං වැනි අපි නොදන්නා දේ සිංහල බ්ලොග් අවකාශයට එකතු කරන නෝනලා, සෑර්ලා නිසා අප කාගේත් දැනුමේ නිම් වළලු පුළුල් වී තිබේ. ඒවා කියවන අපට ඇමරිකාව කොච්චර සෝක්දැයි සිතේ. සිහිනෙන්වත් ඇමරිකාවට යන්ඩ පිනක් නැති අපේ නොමසුරු කෘතඥතාවය, ප්‍රණාමය ඇතුළු අපේ අහවල් මෙව්වා එක ඒ නෝනලාට, සෑර්ලාට ලැබිය යුතුය. ඉරිසියාව, කුහකකම ඉවසාගත නොහැකි, හිට්ස් තම්බා ඩෙවල් කර කන සමහර කඩප්පුලි පාඨකයන් අවේලාවේ විහිළු කරන්නට ගොස් "මුග්ධ ප්‍රතිචාර" දමා පසුබැස යනු අප දැක තිබේ. උන් පසුව ඒ නෝනලාට "පුකත්වය" ගැන ඇඟිල්ල දිගු කළද අපි නම් ඒවායින් නොසැලී සිටිමු. ඒ චෝදනා වලින් ඒ නෝනලා ගැන අපේ ඇති අහවල් මෙව්වා එක බිඳක්වත් අඩුවී නැති බව අවධාරණය කරමු.

අහම්බෙන් රොයිටර් අඩවියේ කියවූ පුවතකින් එළිවන්නේ ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ජෙනරල් මෝටර්  (GM) සමාගමේ මෝටර් රථ වල ආරක්ෂිත වා-මල්ල අක්‍රිය වීම නිසා ඒකීය පුද්ගලයන් 303 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බවය. GM සමාගම මේ වන තෙක් පිළිගත්තේ තම රථයේ දෝෂය නිසා මියගිය ගණන 12ක් බවයි. මේ සියල්ලට වඩා පාරිභෝගික ජනතාව අමන්දානන්දනයට පත්කරන කරුණ නම් අවුරුදු 13ක්, එනම් 2001 සිට GM සමාගම තම රථ වල පණගන්වන යතුරේ දෝෂය සහ එයින් වා-මල්ල අක්‍රිය වීම ගන දැනුවත්ව සිටිමින්, නිහඬව සිටිමය.  පණගන්වන යතුරේ දෝෂය නිසා (අධික වේගයෙන්) ධාවනය වන රථ වල එන්ජිම සහ ආරක්ෂිත වා-මල්ල හිටි අඩියේ අක්‍රිය වීම හේතුවෙන් GM සමාගම තම රථ ආපසු-කැඳවීමක් කළේ පසුගිය පෙබරවාරියේය.

අර ඇමරිකාව ගැන, ඇට්ලස්ගේ හැකුළුණු මෙව්වා එක ගැන ලියන නෝනලාට මේ වැනි පුවත් සිංහල බ්ලොග් අවකාශයට එකතු කරන්නට නොහැකි වන්නේ ඒ නෝනලාගේ "පුකත්වය" හෝ තක්කඩිකම නිසා යැයි කියන්නට අපි නම් සූදානම් නැත. අනික කීයක් නම් කියා ලියන්ඩද? අධික වැඩකන්දරාව නිසා අතපසුවුණාම විය යුතුය.

ඒ කෙසේ වෙතත් අපට පෙනෙන්නේ ඒකීය පුද්ගලයා (ඒකීය පාරිභෝගිකයා) මරු තුරුලට යවා හෝ තම ලාභය රකින්නට ඇමරිකං සමාගම් වුවත් නොපැකිලෙන ආකාරයයි. ඒ අතින් ලංකාවේ මිරිස් කුඩු වලට ගඩොල් කුඩු එකතු කරන එකාත් GM සමාගමත් අතර වෙනස අහසට පොළොව මෙනි. මේ මගඩිය අස්සේ ඒකීය පුද්ගලයා (ඒකීය පාරිභෝගිකයා ) ගලවාගන්නට එදිරියට එන්නේ ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්ෂක අධිකාරියයි (NHTSA). GM සමාගම සම්බන්ධයෙන් දැක්වූ ඇල්මැරුණු ක්‍රියාකාරීත්වය පිලිබඳ විවේචනයට ලක්වු NHTSA ඇමරිකානු රාජ්‍ය ආයතනයකි.

21 comments:

  1. හැබැයි ඇමරිකා එ. ජනපදය නොයෙකුත් වැරදි කලාට, ඒ නිසා අපිටත් ඒවා කැඩීමට ලයිෂොන් එකක් ලැබෙනවායැයි හිතන්න එපා.

    ඇමරිකාව නිරායුධ මිනිසුන් මැරුවාට, එය දඩමීමා කරගෙන අප එහෙම කිරීම සාධාරණීකරය කරන්න බෑ.

    ඇමරිකාව වධකාගාර පවත්වාගෙන ගියාට, එය දඩමීමා කරගෙන අප එහෙම කිරීම සාධාරණීකරය කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෑර්, ඇත්ත, ඒත් එතින් එංගලන්තෙ නේ එහෙම එව්ව වෙන්නෙ. ලංකාවේ වුනාද එහෙම කැත වැඩ?

      Delete
  2. මේ කතාවේ පොඩි අවුලක් තියෙනවා.ඔය කියන අන්දමේ ලොකු ප්‍රශ්නයක් මෙච්චර කාලයක් පාරිභෝගිකයින්ට නොදැනුනේ ඇයි?දැන් ලංකාවේ මයික්‍රෝ කාර් වලට ජනතාවගේ ආකල්පය මේ වගේ මහා අනාවරණ නොවීත් තියෙන්නේ කොහොමද කියලා දන්නවනේ.ඒ වගේම මේ ප්‍රතිචාරයෙන් පිළිඹිබු වෙන්නේ මවාගෙන ඇති ඇමරිකානු සෞභාග්‍යක් වෙත ඉරිසියාවක් නෙවෙයි කියන එක කොහොමද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. සෑර් අර රොයිටර් පුවත් සේවයේ සයිට් එකේ තමයි තිබ්බෙ GM කාරය ඒකීය පුද්ගලයින් 303 කට ගේම දීලා කියල, කියවල බලන්ඩකෝ.

      ඉරිසියාව කියන්නෙ සෑර් මෙහෙ වේලෙන අපිට මේම නිව්ශ් අයිටම් එකක් ඇහුනත් පුල් චූන්!

      Delete
    2. ඒක මම කියෙව්වා,ඒ නිසා තමයි මං ඒ වගේ සැකයක් මතු කරේ.අනික ඇයි ඔයාට වාහනයක ආරක්ෂාව නිසා මිනිස්සු මැරුනාම සතුටක් හිතෙන්නේ?

      Delete
    3. why do you come out with the word 'sathuta', you may have felt it in the first place to impose it upon soosthi gune

      Delete
    4. Dear Ano,since he has mentioned that a mere hearing(?) of such news item was thrilling for them,then your comment would be answered by himself.

      Delete
    5. Its a little thing called sarcasm. Ever heard of it? Guess not ;)

      Delete
  3. ඔය ගෑනි දන්න මඟුලක් නෑ. කොහෙන් හරි අහුල ගත්තු ටිකක් පරිවර්තනය කර කර දානව. එයාවත් දන්නෙ නෑ කියන්නෙ මොනවද කියල. තමන්ගෙ ස්වාමියාගෙ වැටුපෙන් කකා බිබී රස්සාවක් නැතුව ඉන්නකොට කරන්න දේකුත් තියෙන්න එපායැ. අනෙක මොළ හේදීමෙ රස්සාව පිය උරුමෙන් එන දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. Positive Tinkering

      Delete
    2. ඒකීය පුද්ගලයාට පුද්ගලික සමාගම් කෙලවනකොට බේරාගන්න එන්නේ ඒකීය පුද්ගලයාට බදු ගහන රජයයි. මාර ෂීන් එක සෑර්!

      Delete
  4. ශපීරෝ නෝනට එන්ඩ කියාපිය
    මේවට උත්තර දෙන්ඩ කියාපිය

    ReplyDelete
  5. අරුණි ශපීරෝ එයාගේ බ්ලොග් එකේ දාන කමෙන්ට් වලට උත්තර දෙන්න බැරි වුනාම කමෙන්ට් එක ඩිලීට් කරල දානවා. අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයෙ හැටි තමයි. දැනට ලෝකෙ ඉන්න දරුණුතම පරිසර විනාශකයා ඇමරිකාව. ඒක ගැන කතා කරන්නෙ නෑ. එකකට එකක් පරස්පර විකාර කතන්දර තමයි එයා බ්ලොග් එකේ දාන්නෙ. ඇමරිකාවට මානව සංහතිය ගැන ආදරයක් නෑ, ලෝකෙ සම්පත් හූරගෙන කන්න විතරයි උනන්දුව.

    ReplyDelete
    Replies
    1. I thought it is China the biggest polluter.

      Delete
    2. හෙහ්..හෙහ් එහෙමද ඒ නෝනලයි ලිබටේරියන් ප්‍රජාතන්ත්‍රවාදේ. හුහ්, ඇඬෙනවා සෑර් මේවා ඇහුවහම.

      Delete
  6. යකෝ තෝ වගෙ කාළකන්නි මෝඩ මුසල බල්ලෙක්.
    තොට ඇමරිකාවට යන්ඩ බැරිවුනා කියල ඒ වගේ වැදගත් නෝනලට ඉරිසියා කරන්ඩ ලැජ්ජා නැද්ද.
    ඒ නෝනල යමක් කමක් දන්නෙ හින්දනේ ඒව ලියන්නේ.
    ඒවයින් යමක් ඉගෙනගෙන හැදෙන්ඩ බලාපිය.

    ReplyDelete
  7. ලෝකය යහපත් කරන්නට යන බලවතුන්නේ නිරුවත ගුණේ...

    ReplyDelete
    Replies
    1. සෑර් මේකයි කේස් එක! ලිබටේරියන්, පොමනේරියං කිය කිය කොලේ වහල ගැහිල්ලයි සෑර් කැත!!

      Delete
  8. අරුණි ශෆිරෝ බරසාර වැඩිය. අපි මාතලං වගේ තේරෙන එකක් කියවන්නෙ. අපි ඉතින් බාස්ලනෙ

    ReplyDelete