Wednesday 11 April 2012

පොල් බූරුවන්ට නොතේරෙන විඩියෝවක්



කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මෙරට පොල් බූරුවන්ට පමණක් නොව සිංහල කතාකරන, ලියන විදෙස් පොල් බූරුවන්ටත් ඇති තරම් පුන්නකු පොවා ඇති බව පෙනේ. උන් පිළිගන්නා විග්‍රහය බූරුවෙක්, ගොනෙක්, මී හරකෙක් වත් පිලි නොගන්නා ජාතියේ අමන, මරිමෝඩ තකතීරු එකක් බව පොල් බූරුවෙක් නොවන කාටත් පැහැදිලිය. "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි" කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි.  

මොන පොල්බූරුවා මොන බයිලාව ගැහුවත් අප ගමන් කරමින් සිටින්නේ ආරාජිකත්වයටය.  

නීතියේ සහ අධිකරණයේ ආධිපත්‍ය වෙනුවට රජ ගෙදර සහ  රණ විරුවන්ගේ ආධිපත්‍යට මුලු රටම යට වෙමින් "සුදු වෑන් උසාවි" වල නඩු අසා එල්ලුම් ගස් යවන ක්‍රමයක් දැනටමත් රට තුළ ක්‍රියාත්මක බව පසු ගිය දිනවල පැහැර ගැනීම් ගැන ප්‍රවෘත්ති කියවන ඕනෑම ගොනෙකුට පැහැදිලි විය යුතුය. වාසනාවකට ගුණරත්නම් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු තානාපතිනිය මැදිහත් වූවාය

කල්ලිවාද ගැනවත්, අනුනට කපන වළවල් වල ගැඹුර ගැනවත් නොව, පොල්බූරුවෙක් නොවේනම් කතා කළයුත්තේ, ලිවිය යුත්තේ මොකාට වුවත් දේශපාලනය කිරීමට, නිදහසේ රැස්වීමට, නිදහසේ රට තුළ ගමන් කිරීමට ඇති මූලික අයිතිය නැති කිරීමට එරෙහිවය

11 comments:

  1. ඇර සෝලෝ.. අජිනෝ මොටෝ... අපට මොටෝ...

    ReplyDelete
    Replies
    1. මෙව්වට මඤ්ඤං නොවුනොත් නේ පුදුමේ!

      Delete
  2. වීසා නැතුව හොරෙන් ඉන්න අයිතිය? අහමුද බොලවු ඔස්ට්‍රේලියාවෙන් අපිටත් ඒ අයිතිය දෙනවද කියල?

    ReplyDelete
    Replies
    1. වීසා නැති උනාම පැහැරගෙන ගිහිල්ලා ලිංගික හිංසා කරන එක බවුද්ද් රාජ්ජේ ක්‍රමයක්ද?

      Delete
    2. විසා නැති වුනාම කරන්න ඕනි සුදු වෑන් වලින් උස්සන් යන එකද ?

      Delete
    3. මම මේ දන් නෑති කමට අහන්නේ,වෙන රටක පුරවෑසි කම ලෑබුනාම ලංකාවේ පුරවෑසි කම අහෝසි වෙනවද? ලංකාවේ උපන් පුද්ගලයෙක් රට ගියා කියලා ලාංකික පුරවෑසි බාවය අහෝසි වෙනවද

      Delete
    4. ඇනෝ කිව්ව හරි. වීස ඉවරවුනා කියන්නෙ බරපතල වැරැද්දක්! මුං අල්ලල අතපය කඩල ගගේ මූදෙ දාන්න ඕන. ලේසියෙන් යන්න දෙන්න හොද නෑ....

      Delete
  3. The first impression I got from your article (Without watching video due to low bandwidth) is you are accepting the abduction. So, please rearrange "ගුණරත්නම් සහ ආටිගල නටා ඇත්තේ නාටකයකි, යකා කියන තරම් කලු නැතැයි කියන විදෙස් පොල් බූරුවන් ගැන නොව ලංකාවේ අප අතර වෙසෙන ලාංකීය පොල් බූරුවන් ගැන සංගණනයක් පැවැත් වීමට මේ හොඳ නිමිත්තකි. ". Just an idea. Decision is yours.

    ReplyDelete
    Replies
    1. Thanks for the suggestion!

      Delete
  4. ඒක නාටකයක් නම් නාට්‍ය ශාලාව වෙන්කිරීම,නළු නිලිදෙපලගේ වේශ නිරුපනයේ සිට ප්‍රේක්ෂයන්ට ටිකට් කැඩීම දක්වා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවුවේ ඇයි?

    ReplyDelete