Saturday 5 November 2011

සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකර ගත නොහැක්කේ ඇයි?


නලියා ඇතුළු ගෝලබාලයන්ද ලංකා චී නිව්ස් වැනි නොමිලේ විහිළු සපයන හාංචිපයිස් වෙබ් අඩවිද, දේශීය පොල්බූරුවන්ද  සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකරගැනීමට කරන තැටමිල්ලට මේ වන විට දශක දෙක තුනක් ගත වී තිබේ තැටමීමේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් හීනි පඩයක තරම්වත් ප්‍රතිඵලයක් නොලැබීම ජාතියේ වාසනාවකි. හූනු බිජ්ජක් තරම්වත් මොලයක් තිබේ නම් සිංහල බෞද්ධ විද්‍යාවක් යන්න සැබෑ කරගත නොහැකි සිහිනයක් බව මේ වන විට අවබෝධ විය යුතුය.

 නලියාගේ ප්‍රවාදයට අනුව අනුව සිංහල බෞද්ධයින්ගේ දැනුම වියුක්ත දැනුමක් නොවේ. බටහිරයන්ගේ දැනුම වියුක්ත දැනුමකි. නලියාට අනුව සිංහල බෞද්ධයෝ එක් එක් දේ වෙන්කර හදාරන පිරිසක් නොවේ. උදාහරණයක් ලෙස සමාධි පිළිමය ගන්නා නලියා ඇතුළු ගෝලබාලයෝ, එහි කලාවත්, තාක්ෂණයත්, ආගමත්, එකට ඇතැයි කියති. සිංහල බෞද්ධයෝ කන විට බත් සහ අනෙකුත් ව්‍යාංජන කන්නේ එකට අනාගෙනය. බටහිරයෝ මෙන් වෙන් වෙන් වශයෙන් ඇපටයිසර්, මේන් කෝර්ස්, සයිඩ් ඩිෂ් කියා එකක් නැත. සිංහල බෞද්ධයෝ ඇපටයිසර් එකට ගන්නේ ගෙදර ගෑනි යැයි යම් විජාතික බක පණ්ඩිතයෙක් අවලාද නගන්නට ඉඩ ඇති නමුත් බොහෝ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිහා ගෑනිට බයිට් වන බව රහසක් නොවේ. අනෙක් අතට අනාගැනීම සහ ඉල්ලං කෑම අතින් සිංහල බෞද්ධයෝ පෙරමුණේම සිටින බවත් අමුතුවෙන් කිව යුතු නැත.


බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නම් දැනුම නිර්මාණය කිරීමම (සංස්කාර) මෝහය, අවිද්‍යාව නිසා සිදුවන්නකි. නාම රූප හටගන්නේම අවිද්‍යාව නිසාය. අනුව බෞද්ධ ආගම, දර්ශනය තුළ නව දැනුම නිර්මාණය කිරීමට ඉඩක් නැත. නිර්මාණය කල දැනුම මෙන්ම ආනයනය කරන ලද දැනුම දියුණු කිරීමටද අනුබලයක් නොලැබේ. බුදු වදනට අනුව කල යුත්තේ හැකි ඉක්මනින් සියලු ආකාර දැනුම නිර්මාණය කිරීමෙන් ගැලවීමයි. දැනුම නිර්මාණය, සංස්කරණය කරන්නේ මෝහය, අවිද්‍යා අන්ධකාරය නිසාය. වෙනත් වචන වලින් කියතොත් සසෙක්ස් වැනි බටහිර විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි ලැබුණත්, කෝවේ දමාවත් මකවන්නට බැරි උපන්ගෙයි තකතීරු, මරිමෝඩ කම නිසාය. එසේ බලන විට ලෞකික ලෝකයට ඇඳ බැඳ තබන නව නිපැයුම්, සොයාගැනීම් ආදිය මෝහයත් තණ්හාවත් නිසා කරන විකාරම පමණි. මෙවැනි පසුබිමක් තුළ සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම යනු අමුම අමු ගොං ප්‍රවාදයක් පමණක් නොව අංක එකේ විසංවාදයක් වෙයි.


සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම පසෙක තබා මේ විසංවාදයෙන්, පරස්පර විරෝධී මඩ ගොහොරුවෙන් නලියා ඇතුළු ගෝලබාලයන් එළියට එන අන්දම අපි සාවධානව බලා සිටිමු.

12 comments:

  1. හෙහ් හෙහ්..කතන්දර සෑර්. හැබෑව හැබෑව.

    ReplyDelete
  2. වෙනත් සංවාදෙකට මා කියූ දෙයක්.

    "... මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රටම ඒක මතයකින් "බටහිර" කියන විද්‍යාව පිලි ගන්නවා. ජාතික චින්තනේ ඉන්න පොඩි පිරිසක් විතරයි එහෙම නොකරන්නේ. "බටහිර" කියන විද්‍යාව සිරා නිසා නොවේ. "දේශීය" කියා විද්‍යාවක් මේ කට්ටිය හොයා ගෙන නැති නිසා. කොටින්ම නලින් වන්දනා නොකරන මිනිසුන්ට අනුව ඔවුන් ගෙඩිය පිටින්ම පුස්සක් නිසා. ඉතින් "බටහිර" කියන විද්‍යාව විතරයි තියෙන්නේ කැමති උනත් නැතත්. අලුත් විද්‍යා ක්‍රමවේදයක් හදන්න නම් පොදු පිළිගැනීම ලබා ගත යුතුයි. එහෙම වෙන්න නම් එහි තර්ක සාධාරාන් විය යුතුයි. නලින් නොඅදහන අයටත් ඒත්තු යා යුතුයි. අවාසනාවට එහෙම වෙන්නේ නැහැ."

    ReplyDelete
  3. දම්රුවන්5 November 2011 at 15:35

    අනේ ඔය නලියගේ බම්බු විද්‍යාව.....

    ReplyDelete
  4. තැනින් තැන 'අපි නොදන්න සිංහල බෞද්ධ විද්‍යා' කාරයෝ බිහිවෙන්න පටන් අරන්.

    ReplyDelete
  5. @සුජීව

    මෙකයි සෑර්, නලිය කියන්නෙ දැනුම සංස්කෘතියට, සහ එක් එක් පුද්ගලයාට සාපේක්ශයි කියලා නෙව! ඉතිං ඒ කියන්නේ නාථ දෙයියෝ ඉන්ද්‍රිය ගෝචර වෙන්නෙ කට්ටියකට විතරයි. අනික් උන්ට හුලං.

    ReplyDelete
  6. @Radicaladahas

    නලියාට අමතරව, චින්තන පර්ෂදයටත් අමතරව තවත් සිංහල බෞද්ධ විද්‍යා කාරයෝ වෙත්ද?

    ReplyDelete
  7. හඳ මෝරන කොට පිස්සු තද වෙනවා..
    ආටානාටිය කියලා නිදාගනින්..

    හෙහ් හෙහ්

    when stones fly..

    ReplyDelete
  8. අනේ මන්ද , අර කවුරු හරි කමෙන්ටුවක කිව්වා වගේ ඔය නලියට බැරිද දන්නේ නැ බටහිර විද්‍යාවේ අන්තර්ජාලේ අතැරල දේශීය විද්‍යාවෙන් මොකක් හරි අට මංගල්ලයක් කොරගන්න අපේ ලේ කෝප නොකර

    ReplyDelete
  9. මට හිතෙන්නේ ගුණේ මල්ලි බයිට් එකට නලියව ගන්න හදනවා වගේ...
    නලියා "නලියන්නැතිව" මක් කොරන්නද?

    ReplyDelete
  10. ඔබේ අගනා නිර්මාණාත්මක හැකියාව පුද්ගල කේන්ද්‍රීය මඩ ප්‍රහාර සඳහා නොව නිර්මාණශීලී කතිකාවතක් ගොඩ නැංවීම සඳහා යොදාගන්නේනම් කෙතරම් අගනේද ?.....

    ReplyDelete
  11. @paradox
    ඔහොම උංව හුරතල් කරන්න හොඳ නෑ! මඩ තමා ගහන්න ඕන.

    ReplyDelete