Friday 30 July 2010

ජාතික චින්තනයට/ඇඳුමට Sri Lankan සැලකීම.



එක්තරා විස්ස විජ්ජාලයක, විද්‍යා නොවන පීඨයක අංශ ප්‍රධානී මහැදුරා සහ තවත් කථිකාචාර්ය වරයෙක් සම්මන්ත්‍රනයකට සහභාගී වීමට ලන්ඩන් බලා පිටත් වූහ. මහ ඇදුරා සම්පූර්න බටහිර ඇඳුමින් සැරසී එද්දී සගයා සැරසී ආවේ ජාතික ඇඳුමිනි. ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ එක ලඟ අසුන් දෙකක හරිබරි ගැසී හිඳගත් මේ දෙදෙනාටම විදේශ ගමන් මැජික් නොවන නිසා අතරින් පතර වචනයකින් දෙකකින් දොඩමලු වෙමින් ගුවන් යානය ගුවන් ගත වනතෙක් සැහැල්ලුවෙන් ගත කලහ. ගුවන් යානය ගුවනට නැගී සුලු වෙලාවකින් සුරූපී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ට්‍රොලියක් සමඟ මේ දෙදෙනා වෙත පැමිනියාය.

මහඇදුරා ලැප්ටොප් එකේ වැඩකි. ටයි එක වරින් වර කී බෝඩ් එකට වැටෙන එක වලකමින් එහි අකුරු ඔබයි. කෝට් බෑයේ උඩ සාක්කුවේ බෝඩින් පාස් එකත් පාස්පෝට් එකත් එලියට පෙනේ.

ශ්‍රී ලංකන් මොනරිය ශෘංගාරාත්මක හඬකින් මහැදුරු ඇමතුවේය.

"What would you like to drink sir? .., we have scotch, red rum, red wine, white wine, tea, coffee, coke and fruit juice"
("මහත්තය මොනවද බොන්නේ?.. අපි ගාව තියෙනව විස්කි, රෙඩ් රම්, රෙඩ් වයින්, වයිට් වයින්, තේ, කෝපි, කෝක් සහ පලතුරු යුෂ ")


" I'll have a scotch on the rocks"
(" "මට විස්කි අයිස් එක්ක.")

මහැදුරු පිලිතුරු දුන්නේය.


සගයා බෝතල් අඩි කන්නාඩි දෙක දමාගෙන සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන කතාවේ සුලු සුලු වෙනස්කම් කරමින් බෝල්පොයින්ට් පෑනකින් කුරුටු ගායි.අත් අකුරු වෙද මහත්තයෙක් සිහියට නංවයි. ජාතික ඇඳුමට යටින් බැනියමත් කිහිලි වල දාඩිය පැල්ලනුත් යාන්තමින් පෙනේ.


මොනරිය අමුතු වෙසක් ගත්තාය.

"මේ!.. මොනවද බොන්නේ? තේද කෝපිද ?"

මොහොතකට පෙර තිබු ලයාන්විත හඬ නැත. හරියට බීරෙක්ට කතා කරන්නාක් මෙනි. වාග් විලාශය කර්ණ කඨෝරය. අමු හිංඟලෙනි.

සගයාත් මහඇදුරත් එකිනෙකා දෙස බලමින්ද ගුවන් සේවිකාව දෙස බලමින්ද මද සිනා පෑහ.

"ඉක්මනට කියන්ඩ..පරක්කු වෙනවා" මොනරිය නිතඹ ගස්සා අමනාප හඬකින් අනකලාය.

සගයා සිනා මුසු මුහුනින් මහැදුරු දෙස බලමින් මොනරිය ඇමතුවේය.

" I am travelling with him,.... I'll have a glass of red wine"

("මම මෙයත් එක්ක යන්නේ,.. මට රතු වයින් වීදුරුවක්")


එකවරම ලද ප්‍රතිචාරයෙන් ක්ෂනයක් ගල් ගැසුනු මොනරිය රතු වූ මුහුනින් යුතුව එතැනින් චුත වුයේ " I ..I'll be right back" කියමිනි.

16 comments:

  1. නියම Sri Lankan අයට නියම සැලකිලි නේද?....:(.

    ReplyDelete
  2. සුද්දන්ගේ සුරා පානය කිරීම නරක පුරුද්දකි. ඕනෙමනම් දේශීය රා ටිකක් බිවුවාට කමක් නැත

    ReplyDelete
  3. හැබෑව..හැබෑව..මකරෝ.. ඇයි කෂිප්පු?

    ReplyDelete
  4. එක පුද්ගලයෙකුට සිදුවූ එක සිදුවීමකින් මුළු ගුවන් සේවිකා මඩුල්ල ගැනම අනවෙකි පල කිරීම කෙතරම් යුක්ති සහගතද?

    ReplyDelete
  5. මෙතැන මුලු ගුවන් සේවික මඩුල්ල ගැන අනාවැකි පල කරලා නැහැනේ බොස්. මේක ජොලි බයිට් සිද්දියක් සෑර්. අපි දන්නව ඒ වුනාට මැද පෙරදිගින් එන මිනිස්සුන්ට ඔය ජාතික ගුවං සේවේ සැලකිල්ල. උං ගඳයි කියල දුං ගහන ගුවං සේවයක් නේ අපිට තියෙන්නෙ.

    ReplyDelete
  6. 'අපි දන්නව ඒ වුනාට මැද පෙරදිගින් එන මිනිස්සුන්ට ඔය ජාතික ගුවං සේවේ සැලකිල්ල. උං ගඳයි කියල දුං ගහන ගුවං සේවයක් නේ අපිට තියෙන්නෙ. ' - Prashnayak ne ne neda? Api paya hatharak ganda iwasagena inna one ne ne? Dum gahawwa misak dum gahala elawala nahane?

    ReplyDelete
  7. Sri Lankan is famous for these kind of mal treatments, emirates or singapore airlines will never do that.,

    ReplyDelete
  8. මං නං නැව් නැගීමේ පත පුරවන්නේත් සිංහල පැත්ත. දවසක් සයිපයස් යන කාන්තාවක් මගෙන් ඉල්ලුවා එයාට ඒක පුරවලා දෙන්න කියලා ඉංගිරිසියෙන්. මං කිව්වා මාත් ලියන්නේ සිංහලෙන් ය කියලා. ඒ මනුස්සයා මා ලඟින් ගියට පස්සෙයි මට හිතුනේ සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්ණයක් ද කියලා.

    අර කාර්යාංශයක් ද මොකක්ද තියෙනවා. ඒකේ ටයි මහත්තයෙක් නං ඉන්නවා. අනේ මන්දා?

    වාහනේ ලොකු වෙන කොට ඒකට සම්බන්ධ අයගේ සමාජ තත්වයත් ලොකු වෙනවා. ත්‍රී විල් ඩ්‍රයිවර් ගේ සිට, කෝච්චි ඩ්‍රිවර්ගේ සිට පයිලට් සහ නාවික කැප්ටන් දක්වාත්, ක්ලීනර් ගේ කොන්දොස්තර ගේ සිට එයාලයින් වේටර්ලා දක්වාත්.

    ReplyDelete
  9. කතන්දර සූරීන් සෑර් කිව්ව කතාවට කටේ උම්බල කඩ කෑල්ලක් දාන වටිනව හැබෑට. මේව සමාජ ගත වෙන්න දෙන එක විශේෂයෙන් නැශනල් කැරියෑර් එකේ, අපි හැමොම වග කියන්න ඕනෙ මේවට නැද්ද සෑර්.

    ReplyDelete
  10. මම මහණ වෙලා හිටපු කාලේ එක පාරක් තායිලන්තේ ඉඳන් ලංකාවට එද්දි ඔය චින්චි මානවිකාවක් බියර් කෑන් එකකුයි බයිට් පැකට් එකකුයි දුන්න. මම කිව්ව මේ බියර් මම බොන්නෙ නෑ ජින්ජර් බියර් එකක් දෙන්න කියල.

    ReplyDelete
  11. තරුදු දන්නවා ඇතිනේ, සිවුරක් දාගෙන සිටි නිසාම, ප්ලෙන් එකේදී අමුතු වර්ගයේ ගිලන් පසක් වලදන්නේ නැහැයී කියන්න බැරි බව. මානවිකාව හිතන්න ඇති ඉල්ලනකම් ඉන්නෙ නැතිව, දැන්මම දීල බලන්න ඕනෙ කියලා.

    මේ කතාවේ විහුලුව තියෙන්නේ, ඇදුරන් දෙන්නගේ වෙනසේ නොවෙයී, ගුවන් යානයේ සුරූපී වේටර් කෙලී මධ්‍ය ඒකකය වශයෙන් යොදා ගැනීමයී. කෙලී සිංහලෙන් කතා කිරීම, අඩුවක් ලෙස සැලකීමයී.

    ReplyDelete
  12. තරුඳු සෑර් ලියන්ඩකෝ ඔය කතා.

    අපි සෑර් බජාර් එකේ අයියල වුනාට අපි දැකල තියෙනව සෑර් , ඔය ඩුබායි, දෝහා, වල ඉඳං එන ලංකාවෙ කෂ්ටියට සමහර වෙලාවට කෑම මෙනු එක කියව ගන්න බැහැ, ඔය මොනරියෝ උදව්වක් කරනව වෙනුවට ඉංගිරිස් වලිං වනල වනල අන්තිමට උන්ට හිතෙන කෑම එකක් දීල යනව. ඒ මිනිස්සුන්ට ප්ලේන් එකේ ඉන්න සමහර සුද්දො ඊට වඩා උදව් කරනව සෑර්. ඇඳුම, හමේ පාට, කතා කරන බාසාව අනුව තියෙන ඔප්ශන් කප්පාදු වෙනව.සමහර වෙලාවට බාසාව කෙටේරියක් විදියට පාවිච්චි වෙනව.

    ReplyDelete
  13. ප්ලේන් ගැන වගේම ඉංග්‍රිසි ගැනත් කතා කීපයක්ම මතක් වුනා මේකෙන්. ලියන්න හදන්නෙ මගේ බ්ලොග් එකේ. :P ඕන් සූස්ති ගුනේ ට තමා තැන්කූ එක. එහෙනම් ගිහිල්ල එන්නම් දොරේ

    ReplyDelete
  14. මට නම් ඔය කුඩම්මගෙ සැලකිලි ලැබිල නම් නැහ... ඒත් හුඟක් ඔය මැද පෙරදිග ඉදන් එන යන ශ්‍රි ලංකන් වල මොනරියො නම් හරිම ගනන් කාරකමෙන් ඉන්න බව අසා ඇත.

    ReplyDelete
  15. @පිස්සා පලාමල්ල

    සෑර් ඉතින්, පුල් සූට් ගහලා සිරිබිරිස් ගාලා කඩුව වනන කොට උං සලකනව.

    ReplyDelete
  16. මොන ෆුල් සූට් ද බන්... මම කවදාවත් ෆුල් සූට් ගහල යන්නෙ නැහ. ටී එකයි ඩෙනිමයි තමා. කඩුව ඉතින් උන් වනද්දි අපිත් වනන්න එපැයි. අනේ මන්දා ඔය සමහර ලාංකීය මොනරියො කොහොමත් ලොකු සීන් නේ.
    මම කිව්වෙ තාම අත් දැකල නැහ කියල ආඩම්බර කම් උන්ගේ.

    ReplyDelete