Sunday 25 July 2010

කැන්ගරුදේශයෙන් ගල් කතන්දරයක්



අපේ විස්ස විජ්ජාල පද්දතියෙන් පිටවන සමහරු වැඩිදුර ඉගනීම සඳහා නොයෙක් රට රාජ්ජ වලට සම්ප්‍රාප්තවී පශ්චාත් උපාධි හදාරති. ඒසේ මෙසේ කාලයක් නොව අවුරුදු 3-4ක් ඒ සඳහා වැයකරති. මේ කතාව එවැනි උපාදියක් වෙනුවෙන් අපමණ දුක්ඛ දෝමනස්සයන් ඉවසු එකෙක් ගැනය. තම දරුපවුලත් සමග කැන්ගරුදේශයට ගොඩ බැස්ස අප මිතුරා, එහි වසන අනෙකුත් ශ්‍රි ලාංකිකයන්ගේ පිහිටෙන්, තමන්ගේ වියදමෙන් දැහැමෙන් සෙමෙන් අද්‍යයන කටයුතු කරමින් ජීවත්විය. බිරින්දෑ තොමෝද පූර්ණකාලින රැකියාවක් සොයා ගත් බැවින් දරුවන්ගේ වැඩ කටයුතුද සමග ඉවීම් පිහීම් සඳහා වන කාලය අවම වූයේය. ඒ කෙසේ වෙතත් මේ පවුලට හොදට කටට සැරට ලුනුමිරිස් කරපින්චා තුනපහ දැමූ ලාංකීය ආහාර වට්ටෝරු හැර වෙනසකටවත් ලාංකීය නොවන ඒවා නම් දිරවන්නේද නැත.

නොබෝ දිනකින් බිරින්දෑ තොමෝ මහා ආඩපාලියක් දිගහරිමින් කියා සිටියේ ග්‍රයින්ඩර් එකේ හදන ලුනුමිරිස් වල මෙලෝ රහක් නැති බවයි.
"ග්‍රේස් ලගේ ගෙදරත් මිරිස්ගලක් තියෙනව, සුසිලල ගාවත් මිරිස්ගලක් තියෙනව, ඒකනේ අනේ අර රසට යසට ලුනුමිරිස් හදන්නේ" ඇය තම මතය ඔප්පු කරන්නට සාධක ගෙනහැර පෑවාය. "ඊලඟ පාර ලංකාවට ගියහම ඔයත් එකක් කොහොම හරි ගේන්නකො" අති සරල විසඳුමක්ද ඇය ඉදිරිපත් කලාය. "මල හත් ඉලව්වේ ඔස්ට්‍රේලියාවට මිරිස්ගලක් ගේන්න ?#&*"@" අපේ මිතුරා කටට ආ වචන ආපසු ගිලගත්තේ කුස්සියේ වැඩ ගැන තියරි දැමීම අනතුරු දායක බව දන්නා නිසාය.


සයමසකින් පසු අපේ මිතුරාට ලංකාවට සැපත්වන්නට පොටක් පෑදුනේය. සිරි ලංකාවට ගොඩබැස්ස සැනින් බිරින්දෑ තොමොගේ යෙහෙලියක් තම සැමියාද සමග විත් ගුවන්තොටෙන්ම අපේ මිතුරා පිලිගෙන තම නිවසට ගෙනැවිත් රෑ කෑමත් දී යන්නට සුදානම් වන විට හැඩ දැමූ හුරුබුහුටි මිරිස් ගලක් පරිත්‍යාග කලාය.

ආපසු ලංකාවෙන් යද්දී කස්ටම් එකේ මිතුරෙක් අල්ලාගෙන, (බ්ලැක් ලේබල් බෝතලයක් ද පොරොන්දු වී) බැක් පැක් එකේ මිරිස්ගල සඟවාගෙන කැන්ගරුදේශයට සැපත්විය.

කැන්ගරු ගුවන් තොටෙන් එලියට පනින්නට ඔන්න මෙන්න තිබියදී ඔස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරියෙකුගේ උකුසු ඇසට අප මිතුරා හසුවිය. අනෙක් අතට උකුසු ඇසක් නැතුව වුවද බැක් පැක් එකේ මිරිස්ගල බැදන් රුවිතෙට යන අපේ එකා ගැන සැක පහල නොවී නම් තමා පුදුම.

එකා දෙකා වී කස්ටම්ස් ඇන් බෝඩර් ප්‍රොටෙක්ශන් නිලධාරීන් දුසිමක් පමණ අප මිතුරාව වට කරගත්තෝය. විලිලැජ්ජාවෙන් මිරිකෙමින් දහඩිය ගලන නලල් තලයත් රතුවූ මූනත් පිසදමමින් අපේ එකා ප්‍රවේශමෙන් මිරිස් ගල එලියට ගත්තේය. ගත් සැනෙන් එය උදුරාගත් කස්ටම්ස් නිලධාරීන් සේනාව මේ අමුතු ගල් ගෙඩිය පිරික්සා බලන්නට විය. හැඩයකට කපා ඇති කලු ගලේ එක් පැත්තක යම් රටාවකට මෝස්තරයක්ද ඇති බව මේ නිලධාරීන් නිරීක්ෂනය කලහ. මද වෙලාවක් ඔවුනොවුන් හා දීර්ග කතා බහක යෙදුන නිලධාරීන්ගේ ලොක්කා යයි සිතිය හැකි සුද්දෙක් අපේ එකා වෙත පැමිණ මිරිස් ගල නැවත දෙන ගමන් මෙසේ පැවසීය.

"Sir, we normally do not allow these kind of things, but since this is your TOMBSTONE, on humanitarian grounds we allow you to take this with you."

"මහත්තය, මේ වගේ ඒව අපි සාමාන්‍යයෙන් ගෙනියන්න දෙන්නෙ නෑ, ඒත් මේක ඔබේ සොහොන් කොත නිසා මානුෂික හේතු මත අපි මේක ගෙනියන්න දෙනවා"

තැන්කූ කියු අප මිතුරා අඩියට දෙකට ගුවන් තොටෙන් එලියට පැනගත්තේ
"යකෝ , මෙහේ ඇවිල්ල මෙහෙ විදියට කාල බීලා ඉන්න බැරුව මිරිස් ගල් උස්සන් එන අපි ගැන එහෙම හිතන එකේ වැරද්දක් නෑ තමයි" සිතමින් නැන්දම්මාත් නැන්දම්මාගේ හත්මුතු පරම්පරාවටත් දෙස් දෙවොල් තබමිනි.

11 comments:

  1. හෆොයි...මිරිස් ගලක් හින්ඳ මදැයි....:)

    ReplyDelete
  2. මරු කතාව..

    ReplyDelete
  3. හික් හික් හික්.... සිරාවට ? මාර පොරක් නේ.. මිරිස් ගලක් අරන් ගියා කියන්නේ.... හික් හික් හික්....

    ReplyDelete
  4. හපෙ අප්පේ.. මොකක්ද ඉතින් වෙනස.. මම නං ග්‍රයින්ඩරේ හදනව. ඔයිට හොඳයි නෙ කාගිල්ස් එකෙන් ලුනුමිරිස් බෝතල් 10ක් 15ක් ගේන එක.

    ReplyDelete
  5. සිරා කතාව.....

    ReplyDelete
  6. හෆොයි !! ඕකට ඔච්චර වද විඳින්න ඕනද ? Grinder එක හරියට ඔපරේට් කරන්න බැරි එක තමයි හේතුව. හික් හික්.

    ReplyDelete
  7. මිරිස් ගල පිටේ බැඳන් ගියාට ඌට වෙනම ගානක් දෙන්න ඕනෙ. හප්පා, කොහොමද සොහොන් ගලෙන් ලුණුමිරිස් අඹරනකොට . . .

    ReplyDelete
  8. කොමෙන්ට් දාපු සෑර්ලා මැඩම් ලා ඔක්කොටම තැන්කූ කියල කිව්ව ඕන්. අපි මේ දේශපාලනය ගැනම, නලිය ගැනම ලියනව කියල බනින සෑර්ලාට ප්‍රතිචාරයක් විදියට තමා මේ කතාව දැම්මෙ.

    ReplyDelete
  9. මේ කියන්නේ මිරිස් ගලයි, අඹරණ අත් ගලයි දෙකමද නැත්තං පොඩි ගල් වංගෙඩියකුයි පොඩි ගල් මෝල් ගහකුයි ද?

    ගල් වංගෙඩි මෙහෙ කඩවල්වල තියෙනවා. ලුනුමිරිස් හදන්න ඒක හොඳටම ඇති.

    ඔය සේරටම වැඩිය ලේසියි කට්ට සම්බල් බෝතලයක් ගන්න එක.
    -රසික

    ReplyDelete
  10. ඔව් ඉතිං සමහර "පොරවල්" දන්නෙ නැහැනේ SmartHide Wi-Fi Security & Internet Traffic Encryption, AutohideIP, maksmyIP වගේ එව ගැන දන්නේ නැති සෑර් ලා පබ්ලික් ඇදගෙන නානවා

    ReplyDelete
  11. සෑර් ඉන්නෙ ඇමෙරිකාවෙ නේ? ඔය IP එක පේන්නෙ එහෙමනෙ. ඕක වුනෙ සෑර්ට නේ

    ReplyDelete