Monday 20 July 2009

හීන(මාන ) කොදෙව්වේ කරනං ගහන චමිත බටහිර විද්‍යා මුවහමට තඩි බෑම.

හීනමානය යනු මානසික රෝගයකි. බටහිර රටවල නං මේව්වාට බේත් හේත්, කවුංසලිං ආදිය තිබේ. සකල සිරිං පිරි සිරි ලංකාවේ මේවා සඟවා ගත යුතු රෝගය. බැරිවෙලාවත් පබ්ලික් වුනොත් "පිස්සා" කාඩ් එක වැදේ. ඒ අපේ සිංහල බවුද්ද සඟිස්-කෘතියේ උත්තුංග ලක්සනය. එව්වා මෙව්වා නිසා මේ රෝගීන්ගේ පවු ගෙවන්නට සිදුවෙන්නේ අපිටය.

මීට කලකට ඉහතදී හීන (මාන ) කොදෙව්වේ ඩී බී එස් ජෙයරාජ් ගේ ඉංගිරිසි ලිපියක් ගෙඩි පිටින් කොපි-පේස්ට් විය. transcurrent.com එකට ලින්ක් එකක් නැත. හරියට කරණං චමිත ලිව්වා වගේය. බජාර් එකේ ඉන්නා අපිද මීට වඩා "සදාචාරාත්මක" ක්‍රම , විදි අනුගමනය කරන බවට ඩප්පි සිරා සාක්කිය. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ලිපියෙ මුල් ඡේදය හෝ abstract එකක් පලකර සම්පූර්ණ ලිපියට ලින්ක් එකක් දැමීමය. නාලක ගුනවර්දන ගේ ලිපියත් ගෙඩි පිටින් කොපි-පේස්ට් වෙයි. හරියට හීන මාන කොදෙව්වට ම ලිව්වා සේය. ලින්ක් නැත. මේ එලියට එන්නේ අර රෝගයේ රෝග ලක්ෂණය.

ඒ අව් අස්සේ හීන (මාන ) කොදෙව්වේ බවුද්ද කොස්-මොලොජි ගැනද කොමිටල් ලිපියක් පල විය. අන්තිමට ලෙඩේ තද වුනු විට මේ වැනි ජෝක් ඇත්ත වගෙ ලියන වග බජාර් එකේ අය පවා දනිති. අටනිටා බ්‍රහ්ම ලෝකයෙන් ඇරඹී, ආභස්සර යෙන් වංගුවක් ගෙන, අවීචි මහා නරකාදියෙන් දකුනට කරකවා තව්තිසාවෙන් කෙලවර කර තිබු මේ "ගල් පැලෙන" කොස්-මො ලොජියට ලැජ්ජා වක් නැතිව "බටහිර විද්‍යාවෙන්" අර්තකතනද සපයා තිබේ. කෂියා වලට බයිට් වෙනුවට ගත හැකි පරිද්දෙන් ඒ ඒ ලෝක වල ට ඇති උස , ඒ ඒ ලෝකයේ ඉන්න එවුංගේ දිග පලළ යොදුන් ගනින්ම දී තිබුනේ බජාර් එකේ අපි ගැනම සිතා වගේය.

මූලාශ්‍රය කොහෙන්දැයි ඇසුවිට කරණං චමිත උඩු පිනුමකින් මට පිලිතුරු දුන්නේය. "තමුසෙට ගූගල් සර්ච් කොරන්න බැරිදැ"යි තකතීරු පුරස්නයක් දමා පැනලා ගියේය. හොඳම හරිය ආවේ නිර්නාමිකයෙක්, කෙලින්ම, ලියා ඇති බහු බූත-විකාරය ගෙඩි පිටින් කෝචෝක් කිරීමෙන් පසුවය. ඒකාට උත්තර ලැබුනේ "හෝකින්ස් ගේ brief history of time කියවලාවත් නැද්ද" යන උද්දච්ච යටි පිනුමකිනි. ඒ මදිවාට අහවල් ස්කැටරිං එක නිසා තරංග වලට හසු නොවී බ්‍රහ්ම ලෝක පවතින හැටි ගැන "බටහිර විද්දියා මුක්කුවක්" ගසා සාදාරනීකරනය කලේය. ඔය අව් අස්සේ මහ-අව්සද හාමියෙක් නලියා ගේ අනුහසින් "බටහිර විද්දියා මුක්කුව" කුඩු වෙන්නට දුන්නේය. ස්කැටරිං දෙපරංශය අස්සෙන් ගොස් උඩු පිනුම් - යටි පිනුම් මාරුවූ කරනං චමිත හොස්ස බිම ඇනගත්තේ ඔතනදීය.

"නලින් ද සිල්වත් මහාචාර්ය නේ අනේ.. එතුමගේ බුද්දිය වර්දනේ වුනේ බටහිර විද්දියාව නිසානේ අනේ.." වැනි ගොං පාට් දමා බැලුවද ඇනගැනිල්ලේ තරම පබ්ලික් ඩිසාස්ටර් වීම සැඟවිය නොහැකි විය. රෝගය උත්සන්න විය. "අමනයා" වැනි සුදනුන් කියන වචන පිටවන්නට විය. " පිස්සුවක් වගේ පෙනෙන මේක මම ලිව්වේ......", " අහවල් ලෝකේ දෙවියගෙ උස මෙච්චරයි කියල මට ලපන්ද" ආදි self contradictory බයිලා පිලිතුරු ලෙස පිටවන්නට විය. වැඩේ දෙල් වී කොස්-මො ලොජිය කොස් වී ඇති බව කරනං චමිතටමද වැටහෙන තරමට ජෝක් වී, අඥ්ඥකොරොස් විය. "මම වගේ භාවනා කරල ධ්‍යාන අරං බලපල්ලා"යි පිස්සුව තදවී මෙන් මොරදෙන්නට වන්නේය."ඉංගිරිසි වචන වලිං මාව බය කරන්න් බැහැ"යි සැඟවුනු බියක් ගැනද කියෙව්වේය. Appeal to authority යනුවෙන් හැඳින්වෙන "ලොකු ලොකු" නම් දමා ගසා සැඟවෙන්නට හැදුවේය. ගෙඩි පිටින් වීකිපීඩියාවෙන් කොපි පේස්ට් කරන්නේය.


කරනං චමිතලා හිතං ඉන්නේ පතුරු යනකං අනෙක් ආගම් වලට නෙලා බුද්දාගම විද්දියාත්මක කර පොර වීමටය. හේතුව නම් අර හීනමානයයි. එහෙත් හරියටම නිලයක් දෙකක් ඇල්ලු විට "බටහිර විද්දියාවත් විද්දියාවක්ද" වැනි ගොං කතා කියයි. ඒ අස්සේම ලැජ්ජා නැතුව බවුද්ද කොස්-මො-ලොජියට "බටහිර විද්දියාවෙන්ම" අර්තකතන සපයයි. හරියට නිකං multiple personality disorder වගේය. මේ විසංවාද වලින් පිරි බවුද්ද සඟිස්-කෘතියේ අතුරුපලය.

ඒ මදිවාට "අඩෝ පුලුවං නං නියම නමෙන් වරෙල්ලා"යි අන්තිම කුජීත ලෝ ක්ලාස් සද්ද බද්ද දමයි. නියම නමෙන් එනවාද, නිර්ණාමික එනවාද එසේත් නැතිනම් අන්වර්ථ නමකින් එනවාද යන්න මගේ වැඩකි. මොන නමෙන් ආවත් පිලිතුරු දිය යුත්තේ අන්තර්ගතයටය, එහි නගා ඇති ප්‍රශ්න වලට ය. පුරස්න වලට උත්තර දී ගන්න බැරි වන විට පැටිකිරිය (pedigree) හාරා අවුස්සන්නෙ "මුඩුක්කු චමිත"ලා ය. ඒවා මහා පහත් වැඩය. හරියට මූලාශ්‍ර සඟවා "තමන්ගේ වගේ" බ්ලොග් එකේ ගෙඩි පිටින් දානවා වැනි කැත වැඩය.

මම අසන්නේ සරල ප්‍රශ්න කීපයකි.
"මම අහවල් කම්පෙටිෂන් වලින් මෙඩල් ගත්ත පොරක්" වගේ ලැජ්ජ් හිතෙන පොර ටෝක් නොදී හරියට උත්තර දෙන්න.

නිවන, කර්මය ස්වර්ගය, සැක්කරයා, බ්‍රහ්ම ලෝක ආදීවූ සියල්ල එකම ගොන්නට වැටෙන "බටහිර විද්දියාවෙන්" ඔප්පු කර නැති මෝඩ ජෝක් නේද?
නැත්නම් ඒ ඇයි?

භාවනා කලාම පෙනෙන් මනෝ විකාර වලට "ධ්‍යාන" කීමෙන් පලක් වේද?

ලොකුම ජෝක් එකනම් මේ බහුබූතයින්ගේ පිහිටට එන්නේත් අයින්ස්ටයින්, හෝකින්ස් වැනි "බටහිර විද්දියා" පඬියන් වීමය. ඒ තාමත් බවුද්ද ප්‍රවාද නිර්මානය කරන්නට බටහිර රටවලට ගිය නලි-බට්ටන්ට බටහිර බිකිනි නිසා ධ්‍යාන නොලැබීමද?

8 comments:

  1. //නිවන, කර්මය ස්වර්ගය, සැක්කරයා, බ්‍රහ්ම ලෝක ආදීවූ සියල්ල එකම ගොන්නට වැටෙන "බටහිර විද්දියාවෙන්" ඔප්පු කර නැති මෝඩ ජෝක් නේද? නැත්නම් ඒ ඇයි?

    මීට වසර 40 කට පමණ පෙර Kuru / පිස්සු ගව රෝගය යන රෝග Prion particles වලින් ඇතිවන බැව් නොදැන සිටි කාලයේ මෙබදු ප්‍රශ්න අසා තිබිණි‍. එකල යමෙක් ප්‍රියෝන ගැන කතා කළේ නම් ලැබෙන්නේ ඔය උත්තරයම ය.

    දෙවියන් වහන්සේ පිළිබද ව ද මේ තත්ත්වය මෙසේ ම ය. එබදු කෙනෙක් ඇත හෝ නැත ඛීමට වර්තමාන විද්‍යාව දියුණු නැත. මම ඒබ්‍රහමික ආගම් ප්‍රතික්ෂේප කරනුයේ දෙවායන් වහන්සේ සර්වබලධාරී නොවන බව ඒ ආගමික ග්‍රන්ථම ආශ්‍රයෙන් පෙන්වීමට හැකි නිසා ය. (පානදුරාවාදය, www.faithfreedom.org බලන්න). මේ කිසිම ැයෙකු නිවන පරම සැපය නොවේ යයි ඔප්පු කර නැත. එනිසා ඇදහීමට හැකි සංකල්පයන් අදහමි. ඒ සදහා කුඩා කරුණු වූ දෙවියාගේ උස හෝ ඔහුට ඇති බිරියන් ගණන හෝ බාධාවක් නොවිය යුතුය

    ReplyDelete
  2. මිගාර,

    ප්‍රතිචාරයට සහ ප්‍රියවචන වලට තුති. දෙවියන් වන්සේත් නිවනත් කර්මයත් මට නම් මෝඩ ජෝක්. ප්‍රියොන් ගැන රිසර්ච් කරල නොබෙල් ප්‍රයිස් ලබාගත් බයෝකෙමිස්ට් අවුරුදු 27 ක් ඒ ගැන පර්යේශන කලා.

    bottom line- scientifically proven evidence !

    ඔබට දෙවියන් ප්‍රතික්ශේප කරන්න බැහැ. මම ඉන්නේ නිවනත් දෙවියනුත් දෙකම ප්‍රතික්ශේප කල හැකි තැනක :)

    ReplyDelete
  3. @ සූස්තිගුණේ

    මම ඒබ්‍රහමික ආගම් ප්‍රතික්ෂේප කරනුයේ දෙවියන් වහන්සේ නැත යන පදනම මත පිහිටා නොවේ. අප දෙවියන් වහන්සේ ඇදහිය යුත්තේ ඇයි දැයි කරුණු පෙන්වා දීමට එම ග්‍රන්ථයන්ට ඇති නොහැකියාව මතය. නමුත් නිවන සංකල්පයක් වශයෙන් පහර කෑමට ලක් නොවන්නේ මෙහිදී ය. විද්‍යාව මගින් නිවන ඇති හෝ නැති බව පෙන්විය නොහැක. නමුත් නිවන පිළිබද සංකල්පය දෙවියන් වහන්සේ මෙන් නොව විවේචනය කර බිදිය නොහැකි පසුබිමක පවතී. භෞතිකවාදයත්, මාක්ස්වාදයත් එහිම වූ මතවාද ඇසුරින් විවේනයට බදුන් කර ඇත (නලීන් සිල්වා වැදගත් වන්නේ මෙවැනි ශාස්ත්‍රීය අංගයන්ට මිස ඔහුගේ දේශපාලනයට නොවේ). ඒවාටද ඇත්තේ බිද වැටෙන පසුබිම්ය.

    ReplyDelete
  4. You reject all the religion except one. I rejected all of them. What is the big differnce between you and me.

    ReplyDelete
  5. මිගාර,

    ඔබ වැදගත් කරුනක් මතු කරනව. මේක අපි සාකච්චා කල යුතුයි. රජවරු වගේ නැතුව මිලින්ද පැනයේ එන නාගසේන හමුදුරුවො කිව්වා වගේ සාකච්චා කල හැකි වේ යයි සිතමි.

    ReplyDelete
  6. හොද කතිකාවක්,
    සූස්ති ගුණේ දිගටම ලියන්න

    ReplyDelete
  7. වටිනා මාතෘකාවක් එලියට ඇදගැනීම සම්බන්ධව සූස්ති ගුණේට තුති..ඉදිරියට සුභ පැතුම් !!

    මචෝ Word Verification අයින් කලොත් හොඳයි නේද ??

    ReplyDelete