Monday 27 July 2009

හීන(මාන ) කොදෙව්වේ කරනං ගහන චමිත බටහිර විද්‍යා මුවහමට තඩි බෑම.

(I am reposting this post and I apologise humbly for any inconvenience!)

හීනමානය යනු මානසික රෝගයකි. බටහිර රටවල නං මේව්වාට බේත් හේත්, කවුංසලිං ආදිය තිබේ. සකල සිරිං පිරි සිරි ලංකාවේ මේවා සඟවා ගත යුතු රෝගය. බැරිවෙලාවත් පබ්ලික් වුනොත් "පිස්සා" කාඩ් එක වැදේ. ඒ අපේ සිංහල බවුද්ද සඟිස්-කෘතියේ උත්තුංග ලක්සනය. එව්වා මෙව්වා නිසා මේ රෝගීන්ගේ පවු ගෙවන්නට සිදුවෙන්නේ අපිටය.

මීට කලකට ඉහතදී හීන (මාන ) කොදෙව්වේ ඩී බී එස් ජෙයරාජ් ගේ ඉංගිරිසි ලිපියක් ගෙඩි පිටින් කොපි-පේස්ට් විය. transcurrent.com එකට ලින්ක් එකක් නැත. හරියට කරණං චමිත ලිව්වා වගේය. බජාර් එකේ ඉන්නා අපිද මීට වඩා "සදාචාරාත්මක" ක්‍රම , විදි අනුගමනය කරන බවට ඩප්පි සිරා සාක්කිය. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ලිපියෙ මුල් ඡේදය හෝ abstract එකක් පලකර සම්පූර්ණ ලිපියට ලින්ක් එකක් දැමීමය. නාලක ගුනවර්දන ගේ ලිපියත් ගෙඩි පිටින් කොපි-පේස්ට් වෙයි. හරියට හීන මාන කොදෙව්වට ම ලිව්වා සේය. ලින්ක් නැත. මේ එලියට එන්නේ අර රෝගයේ රෝග ලක්ෂණය.

ඒ අව් අස්සේ හීන (මාන ) කොදෙව්වේ බවුද්ද කොස්-මොලොජි ගැනද කොමිටල් ලිපියක් පල විය. අන්තිමට ලෙඩේ තද වුනු විට මේ වැනි ජෝක් ඇත්ත වගෙ ලියන වග බජාර් එකේ අය පවා දනිති. අටනිටා බ්‍රහ්ම ලෝකයෙන් ඇරඹී, ආභස්සර යෙන් වංගුවක් ගෙන, අවීචි මහා නරකාදියෙන් දකුනට කරකවා තව්තිසාවෙන් කෙලවර කර තිබු මේ "ගල් පැලෙන" කොස්-මො ලොජියට ලැජ්ජා වක් නැතිව "බටහිර විද්‍යාවෙන්" අර්තකතනද සපයා තිබේ. කෂියා වලට බයිට් වෙනුවට ගත හැකි පරිද්දෙන් ඒ ඒ ලෝක වල ට ඇති උස , ඒ ඒ ලෝකයේ ඉන්න එවුංගේ දිග පලළ යොදුන් ගනින්ම දී තිබුනේ බජාර් එකේ අපි ගැනම සිතා වගේය.

මූලාශ්‍රය කොහෙන්දැයි ඇසුවිට කරණං චමිත උඩු පිනුමකින් මට පිලිතුරු දුන්නේය. "තමුසෙට ගූගල් සර්ච් කොරන්න බැරිදැ"යි තකතීරු පුරස්නයක් දමා පැනලා ගියේය. හොඳම හරිය ආවේ නිර්නාමිකයෙක්, කෙලින්ම, ලියා ඇති බහු බූත-විකාරය ගෙඩි පිටින් කෝචෝක් කිරීමෙන් පසුවය. ඒකාට උත්තර ලැබුනේ "හෝකින්ස් ගේ brief history of time කියවලාවත් නැද්ද" යන උද්දච්ච යටි පිනුමකිනි. ඒ මදිවාට අහවල් ස්කැටරිං එක නිසා තරංග වලට හසු නොවී බ්‍රහ්ම ලෝක පවතින හැටි ගැන "බටහිර විද්දියා මුක්කුවක්" ගසා සාදාරනීකරනය කලේය. ඔය අව් අස්සේ මහ-අව්සද හාමියෙක් නලියා ගේ අනුහසින් "බටහිර විද්දියා මුක්කුව" කුඩු වෙන්නට දුන්නේය. ස්කැටරිං දෙපරංශය අස්සෙන් ගොස් උඩු පිනුම් - යටි පිනුම් මාරුවූ කරනං චමිත හොස්ස බිම ඇනගත්තේ ඔතනදීය.

"නලින් ද සිල්වත් මහාචාර්ය නේ අනේ.. එතුමගේ බුද්දිය වර්දනේ වුනේ බටහිර විද්දියාව නිසානේ අනේ.." වැනි ගොං පාට් දමා බැලුවද ඇනගැනිල්ලේ තරම පබ්ලික් ඩිසාස්ටර් වීම සැඟවිය නොහැකි විය. රෝගය උත්සන්න විය. "අමනයා" වැනි සුදනුන් කියන වචන පිටවන්නට විය. " පිස්සුවක් වගේ පෙනෙන මේක මම ලිව්වේ......", " අහවල් ලෝකේ දෙවියගෙ උස මෙච්චරයි කියල මට ලපන්ද" ආදි self contradictory බයිලා පිලිතුරු ලෙස පිටවන්නට විය. වැඩේ දෙල් වී කොස්-මො ලොජිය කොස් වී ඇති බව කරනං චමිතටමද වැටහෙන තරමට ජෝක් වී, අඥ්ඥකොරොස් විය. "මම වගේ භාවනා කරල ධ්‍යාන අරං බලපල්ලා"යි පිස්සුව තදවී මෙන් මොරදෙන්නට වන්නේය."ඉංගිරිසි වචන වලිං මාව බය කරන්න් බැහැ"යි සැඟවුනු බියක් ගැනද කියෙව්වේය. Appeal to authority යනුවෙන් හැඳින්වෙන "ලොකු ලොකු" නම් දමා ගසා සැඟවෙන්නට හැදුවේය. ගෙඩි පිටින් වීකිපීඩියාවෙන් කොපි පේස්ට් කරන්නේය.


කරනං චමිතලා හිතං ඉන්නේ පතුරු යනකං අනෙක් ආගම් වලට නෙලා බුද්දාගම විද්දියාත්මක කර පොර වීමටය. හේතුව නම් අර හීනමානයයි. එහෙත් හරියටම නිලයක් දෙකක් ඇල්ලු විට "බටහිර විද්දියාවත් විද්දියාවක්ද" වැනි ගොං කතා කියයි. ඒ අස්සේම ලැජ්ජා නැතුව බවුද්ද කොස්-මො-ලොජියට "බටහිර විද්දියාවෙන්ම" අර්තකතන සපයයි. හරියට නිකං multiple personality disorder වගේය. මේ විසංවාද වලින් පිරි බවුද්ද සඟිස්-කෘතියේ අතුරුපලය.

ඒ මදිවාට "අඩෝ පුලුවං නං නියම නමෙන් වරෙල්ලා"යි අන්තිම කුජීත ලෝ ක්ලාස් සද්ද බද්ද දමයි. නියම නමෙන් එනවාද, නිර්ණාමික එනවාද එසේත් නැතිනම් අන්වර්ථ නමකින් එනවාද යන්න මගේ වැඩකි. මොන නමෙන් ආවත් පිලිතුරු දිය යුත්තේ අන්තර්ගතයටය, එහි නගා ඇති ප්‍රශ්න වලට ය. පුරස්න වලට උත්තර දී ගන්න බැරි වන විට පැටිකිරිය (pedigree) හාරා අවුස්සන්නෙ "මුඩුක්කු චමිත"ලා ය. ඒවා මහා පහත් වැඩය. හරියට මූලාශ්‍ර සඟවා "තමන්ගේ වගේ" බ්ලොග් එකේ ගෙඩි පිටින් දානවා වැනි කැත වැඩය.

මම අසන්නේ සරල ප්‍රශ්න කීපයකි.
"මම අහවල් කම්පෙටිෂන් වලින් මෙඩල් ගත්ත පොරක්" වගේ ලැජ්ජ් හිතෙන පොර ටෝක් නොදී හරියට උත්තර දෙන්න.

නිවන, කර්මය ස්වර්ගය, සැක්කරයා, බ්‍රහ්ම ලෝක ආදීවූ සියල්ල එකම ගොන්නට වැටෙන "බටහිර විද්දියාවෙන්" ඔප්පු කර නැති මෝඩ ජෝක් නේද?
නැත්නම් ඒ ඇයි?

භාවනා කලාම පෙනෙන් මනෝ විකාර වලට "ධ්‍යාන" කීමෙන් පලක් වේද?

ලොකුම ජෝක් එකනම් මේ බහුබූතයින්ගේ පිහිටට එන්නේත් අයින්ස්ටයින්, හෝකින්ස් වැනි "බටහිර විද්දියා" පඬියන් වීමය. ඒ තාමත් බවුද්ද ප්‍රවාද නිර්මානය කරන්නට බටහිර රටවලට ගිය නලි-බට්ටන්ට බටහිර බිකිනි නිසා ධ්‍යාන නොලැබීමද?

16 comments:

  1. //භාවනා කලාම පෙනෙන් මනෝ විකාර වලට "ධ්‍යාන" කීමෙන් පලක් වේද?

    මේවා මනෝවිකාර නම්, එක් එක් අයට එක් එක් ආකාරයේ දේවල් පෙනිය යුතුය. නමුත් යම් නිමිත්තක් සහිතව භාවනානුයෝගී වන පුද්ගලයකුට දැනෙන, ඇසෙන හා සිතෙන දේ එකම ආකාර වෙයි. මේ දැනෙන දේ ආදිය පිළිබදව ධර්මයේ කියා තිබේ. සතර සතිපට්ඨානය ගැන ගැමුරු දැනුමක් නැතිමුත් ධ්‍යාන උපදවා ගැනීමට සමත් පිරිසක්ද වෙති. මොවුන් ඉහත ධර්ම කොටස් කලින් නොකියවා තිබුණත් ඔවුන්ට ද දිස් වන්නේ එක කලින් විස්තර කර ඇති පරිදි එකම දෙයකි. මෙය ඔබේ තර්කය අනාථ ව්න්නේ මෙතැනදීය. මනෝවිද්‍යාවේ දැක්වෙන hallucination එකම ආකාරයෙන් බොහෝ පුද්ගලයන්ට පෙනීමේ හැකියාවක් නැත.

    ReplyDelete
  2. ඔබ වහාම මානසික වෛද්‍යවරයෙකු හමුවිය යුතු ය.

    ReplyDelete
  3. please comeout of your delusions Mr. Anonymous

    ReplyDelete
  4. සුගතන්28 July 2009 at 07:02

    අනේ මේ වගේ මැට්ටෝ. මෙඩිකල් කොලේජ් ගියත් මුන්ගේ මොළේ පෑදෙන්නෙ නැති හැටි. නලියා වගේ එක ගොනෙක් හිටියාම ඇති පරම්පරාවක් මොට කරලා දාන්න.

    ReplyDelete
  5. Mallila.....please read Structuralism.....pleasee

    ReplyDelete
  6. පිස්සුවෙන් කියවන කුණුහරප හැර වෙන කිසිවක් මෙහි නැත. දිගටම පහස විඳින්න. මානසික පීඩනය යටපත් කිරීමටවත් හැබැයි නිදා ගැනීමට පෙර එන ආත්මයේදී වත් නලින් වගේ පුරුෂ ආත්මයක් පාර්ථ්නා කොරන්න,

    ReplyDelete
  7. මේක කියවපුවාම නම් හීනමානය ඇත්තේ කාටදැයි හොදින් වැටහේ....ඔබ වහාම වෛද්‍යවරයෙකු හමු වීම හොදය...............

    ReplyDelete
  8. @ සුගතන්

    කීමට යමක් නැති කල ලියන පුද්ගලයාගේ ජාතක සෙවීම කරයි. කීමට යමක් නැත්නම් තප්පුලෑම නවතා නිහඩව සිටින්න.

    ReplyDelete
  9. මෙහි ලියා ඇති තර්කයක් ක රුනක් නැත, මොඩ ගොන් හ‍්රක් තප්පුලන බව පමනක් පෙනේ..

    ReplyDelete
  10. මිගාර , ඔබ කියන්නේshared hallucination නැත කියාද? හරි ඔබ ඒ ගැන කියවා නැතැයි සිතමු. මම මේ මනෝ විකාර කියන්නේ බටහිර විද්‍යාවේ අර්තදැක්වීමට අනුව නොවෙන්න පුලුවන්. අපේ සංස්කෘතියේ එනවා කියමනක් " මුංට දෙයියන්ගෙ හාල් කැවිලා" කියලා. අදහස මේකයි. suggestive hypnosis ඇතුලේ කීපදෙනෙක්ට එක හා සමාන hallucination පේන්න බැරි කමක් නැහැ.

    ReplyDelete
  11. පොන්න් ගුනේ අනේ උබයි උබේ බටහිර වියවයි,,, තනියම කියවහන් ම්නො වික‍්රෙන්

    ReplyDelete
  12. ලව් සික්30 July 2009 at 07:26

    ආයෙ මෙක පොස්ට ක‍්රපන්කො බන්.. ආතල් එකටත් එක්ක..

    ReplyDelete
  13. shared hallucinations යන්න පවතින්නකි. නමුත් එහිදී සංඛ්‍යාව කිහිප දෙනෙකුට සීමා වන අතර පෙනෙන දර්ශන බොහෝවිට ජීවත් වන සමාජය අනුව වෙනස් වේ. (උදා. ඇල්කොහොල් නැවැත්ළුීමේදී ඇති වන delerium tremens තත්ත්වයේදි ලංකාවේ රෝගීන්ට අලින් මනෝවිකාර තුළ පෙනේ. නමුත් වෙනත් රටවල මෙබදු අත්දැකීම් නොමැත. ධ්‍යාන වලදී පෙනෙන දේ සංස්කෘතික බැමි වලින් මිදී සමානතාවයක් පෙන්වයි. එය විස්තර කිරීමට ඔබේ shared hallucinations වාදයට නොහැක. අනෙත් අතට shared hallucinations ඇති වන්නේ ඉතාම විශේෂ අවස්ථා වලදී පමණි.

    ReplyDelete
  14. @මිග‍්ර

    නිකම අලි බොරු ටොක් දෙන්නේ නැතුව හිටින් ගොන් මැට්ටෝ

    ReplyDelete
  15. ලව් සිකා1 August 2009 at 13:06

    මට ඉතිං උඹ ගැන දුකහිතිලයි මේ කමෙන්ට් එකවත් දැම්මේ. කම්ක් නැහැ. චුකරගන්නේ නැතුව බුදියගනිං

    ReplyDelete
  16. හීනමානය යනු මානසික රෝගයකි පිස්සුද මල්ලී හීනමානය ජීවිතයට නැතුවාම බැරි ෙදයක්. ඔක නැති උෙනාත් අපි ඉදලා ඉවරයි හීන මානය යනු ෙලා්ක පාලනය කරන ෙදයිෙයා්ය. මල්ලී උබට ෙහාදින් කියන්ෙන් අෙය් ෙම් මාර්තුකාව කථා ෙකාෙලාත් උෙබ් අවසානය. උඹ දැනගනින් අපි ඔලුෙවන් හිටිෙයාත් තමයි අපිට මිනිස්සු ගරැ කරන්ෙන්. පාලකෙයා් උනාම නායකෙයා් උනාම සල්ලි තියන අය උනාම උගත්තු උනාම සමාන්‍ය ජනතාවට ඉදහිට පයින් පාරක් ගහන්න ඔන ඔරවන්න ෙගාරවන්න ඔන ඒ්ක තමා අෙප් පැවැත්ම.

    ReplyDelete