Tuesday 15 October 2013

සන්තුට්ටි පරමං දනං


Police officers reach into a crowd of protesters to make an arrest on the Brooklyn Bridge during an Occupy Wall Street march in New York October 1, 2011.
Credit: Reuters


"සන්තුට්ටි පරමං දනං" යැයි බුදුහාමුදුරුවෝ දෙසා වදා සේක.  "සතුට පරම ධනය වේ" යැයි  ඉන් කියැවේ. මෑතකදී ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ  The Earth Institute නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව සතුටින් සහ සන්තෘප්තියෙන්, සෑහිමකට පත් ජීවිතයක් ගත කිරීමට නම් ඔබ යා යුත්තේ උතුරු යුරෝපයටය. මේ සතුටින්ම සිටින ජාතීන් ශ්‍රේණිගත කිරීම අනුව ඇමරිකාව සිටින්නේ 17 වැනි ස්ථානයේය.  ඇමරිකාව ගැන බ්ලොගාවකාශයේ වැයෙන ගුණ ගැන ඇසෙනවිට අපට නම් සිතෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක් බවය. විදුසරේ ධනේශ් විසුම්පෙරුම, සතුට යනු සාපේක්ෂ අහවල් මෙව්වා එකක් බව නලින්ද සිල්වාගේ තියරිය අනුව යමින් දෙසාබාමින්, අපේ රට මොකා කීවත් ආහ්චර්යම බව පෙන්වාදී තිබේ. ජීවිතය පරදුවට තියා බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැනයන්න දඟලන උන් ගැන ඇසෙන විට නම් මේ වාර්තාවේ ඇත්ත නැත්ත මොකක්දැයි ඕන  මීමින්නෙක්ට සිතා ගත හැකිය. එච්චර යන්න දඟලන ඔස්ට්‍රේලියාව මේ ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානය ලබා තිබේ. පිළිවෙලින්,  සතුටින්ම සිටින ජාතීන් අතර ඉහළින්ම සිටින්නේ ඩෙන්මාකය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්වීඩනයයි. අරුමය නම් මේ එකම රටක්වත් බුදුබණ තියා මොන බණක්වත් නොඅදහන, ඇමරිකාව මෙන් "ගෝඩ් බ්ලෙස් ඇමරිකා" වැනි ගොංපාට්ද නැති රටවල් වීමය. 1972 දී භුතානය විසින් පලමු වරට යෝජනා කරන ලද "සතුට පිළිබඳ ආර්ථිකය " සහ "දළ ජාතික සතුට" යන අදහස් අද ලෝකය වේගයන් උකහාගනිමින් තිබේ. මෙම වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ , ආර්ථික දියුණුවට ඇති අවධානය අඩුකර මිනිසුන්ගේ සමස්ත දියුණුව වැඩිකරගැනීමට වැඩි අවධානයක් සඳහා ලෝකයේ නන් දෙසින් හඬ නැගෙද්දීය.

18 comments:

  1. මම දැන් අවුරුදු පහක් තිස්සෙ ඉන්නෙ ජපානයෙ. පුද්ගල සතුට ගැන මූන බලල කියන්න බැරිඋනාට බැලූ බැල්මට මුන් අනුන්ට කරදරයක් නොවී තමුන්ගෙ මතය අනුන්ට බලෙන් පටවන්න හදන්නෙ නැතුව සාමකාමීව කාලා බීල ඉන්නවා. මාත් එහෙමම ඉන්නවා. ඒ මදෑ!

    මට හිත ගිය පොයින්ට් එක මේකයි. මේ සතුටු වාර්තාවෙ හැටියට ජපානය ඉන්නෙ 43 වන තැන. නමුත් ඊට කලින් මත් ජාවාරමට කප් ගහපු කොලොම්බියාව ඉන්නවා (35). මෑතකදි ආර්ථික කඩාවැටීමකට ලක්වෙච්ච සයිප්‍රසය ඉන්නවා (34). බටහිර ඉන්දීය කොදෙව් කීපයකුත් තියෙනවා. කොටින්ම ඉස්ලාම් දැඩිමතධාරී සෞදි අරාබියත් ඉන්නවා! (33) වෙනස විදියකට කිව්වොත් සාපේක්ශව නිදහස් ජපනියන්ට වඩා ඔලුවෙ ඉඳන් පොරවගත්ත සෞදි අර්‍රබියෙ ගෑනු සතුටින් ඉන්නවා!

    එතකොට මේ සතුට එන්නෙ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. සතුට එන්නේ අර අහවල් තැනින් වෙන්න ඇති මෝඩ හිවලෝ

      Delete
    2. මේකනේ සෑර් වැඩේ.

      අනික සෑර් අර ඇමරිකං නෝන කෙනෙක් කිව්වා වගෙ "වැඩිය ඇත්ත කියන්නේ කවුද" කියලා එහෙම හිතන්ඩ එපා.

      ජපන්නුන් ගේ දේශපාලන ඉස්තාවර භාවය, පැන්සොං, වෛද්‍ය වියදම් සහ ලමා ආරක්ශනය ගැන ජපන්නු සෑහෙන්න අසතුටින් ඉන්න බව නේ කියන්නෙ. ඔය කෙහෙම්මල් තිබ්බත් එකයි නැතත් එකයි, දෙයියෝ අපිව බලාගනියි කියල හිතන අරාබි ගෑනු හරි සතුටෙන් නොවැ ඇත්තේ.

      Delete
    3. ගුනේ සෑර්ට,

      ඒකත් වෙන්න පුලුවන් තමා සෑර්, ඒත් ඉතින් කොලොම්බියාව, සයිප්‍රසය වගේ රටවල් වලත් ඔය අස්ථාවර්ත්වය තියෙනව නොවැ. උනුත් ඕනෙ මගුලක් කියලා ඉන්නව ඇති මයෙ හිතේ.

      ඒක නෙමේ, සෑර් දැක්කද ලෝක බඩගිනි වාර්තාව? ඔය දෙක එකට තියලා බැලුවනම් මේක ගැන පොඩි මෙව්ව එකක් එනවා එනවා වගේ දැනෙනවා!

      Delete
    4. යකඩෝ ඒක තමයි සෑර්, සෑර්ට කියන්ඩ අපේ රටේ උන් චූන් එකේ, බඩගින්නේ, ලෝකෙට නයවෙලා ඉන්න ගමනුත් කියන්නේ මහින්ද (බුදු ) හාමුදුරුවෝ නිසා ඔක්කොම ඉවසනවා කියලා නෙව.

      Delete
  2. තොපිලට තවම සුලු දිය යන සයිස් පොඩි කොල්ලෝ නමුත් හිතාගෙන ඉන්නේ මහලොකු පොරවල් කියලා. වරෙන් බ්ලොග් ලියන හැටි උගන්නන්න. අපි බ්ලෙග්වලට සීනියර් පොරවල්. දැන ගනිල්ලා ගරු කරන්න

    ReplyDelete
    Replies
    1. සතුටින් ඉන්න කෙනෙක් නම් වෙන්න බෑ. මෙහෙම හරි සතුටු වුනාවෙ :D

      Delete
  3. ගුණේ.......මේ සතුටින්ම ඉන්න මිණිස්සුන්ගේ රටවල්වල දූෂනය අවම මට්ටමක ඇති නේද?

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ.... දූෂනය අවම මට්ටමක නම් දූෂකයො මාර අසතුටෙන්නෙ ඇත්තෙ....

      Delete
    2. සෑර් මේ තියෙන්නෙ එකේ නිර්ණායක.
      දූසනේ අඩු නම් මිනිස්සු සතුටින් කියල තමයි කියන්නෙ.
      ඒත් ඉතිං අපේ "සමහර අය මම කඩේ යන්නෙ මහින්දට විතරයි" කියන නිසා මහින්ද කියන එකා තියාගෙන ඉන්න ඔක්කොම දූෂිතයෝ ටිකකටත් නොදැනීම කඩේ යන නිසා මෙහේ නං කට්ටිය කැමති දූසනේ වැඩි වෙනවට ආයිබෝං.


      //මේ අනුව ප්‍රධාන විචල්‍ය 6ක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒවා වන්නේ,

      · ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය (GDP per capita)

      · සෞඛ්‍යමත් ජීවන අපේක්‌ෂාව (Healthy life expectancy&)

      · සමාජ සහාය හෙවත් ගැටලුවක දී සහාය ලබාගත හැකි අය (Social support)

      · දූෂණය පිළිබඳ සංජානනය (perceptions of corruption)

      · දානයේ පැවැත්ම (prevalence of generosity)

      · ජීවිතයේ තීරණ ගැනීමේ ඇති නිදහස (freedom to make life choices)
      //

      Delete
    3. ගුණේ, If you carefully studied about the report, you will see that there is a significant portion assigned as base country + residual. Authors of the report have given enough information about the base country ( a phenomenal country which has lowest values of all above variables) but didn't explain about residual. So how do we trust the report without have fair legend ? unsdsn.org/files/2013/09/WorldHappinessReport2013_online.pdf‎

      Delete
  4. "සතුට" පත්තරේ ටිකක් වැඩියෙං ගහලා විකිණුවොත් අපිට ඉහලට යන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. සතුට කොන්ඩම් එක වේගෙන් පාවිච්චි කරද්දි පුපුරන්නෙ නැතිවෙන්න හැදුවොත් ඒ දර්ශකය අනිවා ඉහල යයි...... මල දානෙ දෙක දැම්මත් සමහර වෙලාවට පුපුරනවා....

      Delete
    2. සෑර්ට තේරුනේ නැද්ද මන්දා, මේව්වා ඔක්කොම බටහිර (?) කුමන්ත්‍රණ.
      සතුට නෙවෙයි සෑර් මොන මගුල හරි නිකං දෙනවා නං හොඳයි, අතේ සතේ නෑ සෑර්, චොගම් එකෙන් පස්සෙ අහවල් එකත් විකුනන්න වෙයි වගේ.

      Delete
  5. කව්රුවත් සතුටින් නැ , ඒකයි මේ හැමදේකටම අවලාද

    ReplyDelete
    Replies
    1. පිස්සුද සෑර්? රජපවුල, උන්ගේ නෑයෝ වෙන කවදාවත් මේ තරම් සතුටින් ඉඳලා නැහැ.

      Delete
  6. හරි ඉතිං දහයෙ ඉන්න ඕස්ට්‍රේලියාවට පනින්න හදන එකෙන් අපි ඉන්න තැන ගැන කියවෙනව නේද? මෙව්ව කුමන්ත්‍රණම තමයි.

    ReplyDelete
  7. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete