Monday 5 August 2013

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර.

කතා 1.




ඒ රනිල් විකුම්සිහ ආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක් සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවර පාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව  තමන් පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන් හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන් ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේද නැත.



"ඇයි පුතා නැවත්තුවේ" ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය.



"සර් අසූවට ගියේ, වේගේ වැඩියි. ..ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක් ආචාරශීලිව පැවසුවේය.



"ආ..අසූවට ගියාද ..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල"

ලේකම් වරයා සිනාමුසුව පැවසීය.



"නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපට දඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."



ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිද ඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකි එකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය.



"...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද?."



"ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ"



"ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නල එන්නම්"



"අරයා" ඉංගිරිසි කියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පත දුටු අරයාට හීන් දාඩිය දැම්මේය.



"මොකා!.අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්!" තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය.



"න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින් හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය.



"ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම් ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.



වදෙන් පොරෙන් අකමැත්තෙන් මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන් දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලන එස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.



මහත්වරු එසේය....







කතා 2.





පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වු පසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටි නැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත් සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි.



"සර් මෙතන නවත්තන්ඩ බෑ"



"? කෝ? කොහොමද මම දන්නෙ"



"ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවා කාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි.



"හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම   බෝඩ් දාන්න බලයක් නැහැ"



"ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා "තවත් එක පණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය.



"ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන් නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත්   රැගෙන ගෙදර ගියේය.



තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත්   "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය.



"මේකයි මිස්ට ***  පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ   මියුනිසිපල් කවුන්සිල් එකට"



පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය.



"සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ  කොලේ ලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේද සර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"



" නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙ පොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගර සභාවට විතරයි."



"හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේ ලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලි වෙමින් පවසයි.



පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පති වරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා. මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.."



"නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා.. ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින් ලේකම් වරයා පිළිතුරු දෙයි..



" ඕ.කේ..සර් දෙන්"



මහත්වරු එසේය...



මහත්වරු එසේය.... ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලා වැනි දඩ බල්ලෝදදඩ බල්ලෝ වැනි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරුද වෙති. උන් ගැන කතන්දර ජුගුප්සාජනකය. උන් යන යන තැන මීනි ඇටසැකිලි, මල මීනි මතුවෙයි. මාතලෙන් හමුවූ සමූහ මිනීවල එවැන්නකි. උන් ලේකම් කමට පත්වන්නේ නැදෑකමේ මහිමයෙනි. ඊට පෙර හමුදාවේ සිටි මෙවැනි "අනාගත ලේකම් වරයෙක්" යුද සමයේ රටෙනුත් පැනයන තරමේ බිය සුල්ලෙකි. රටෙන් පැනයන මේකා කැලිෆෝනියාවේ සුද්දන්ට පෙට්‍රල් ගසා බඩ වියත රැකගත්තෙකි. ඌ නිරායුධ මිනිස් ජීවිත බිළිගත්තේ දකුණේ පමණක් නොවේ. සුදු කොඩි රැගෙන එන නිරායුධ දෙමළ ජනතාවට වෙඩි තියන්නට අණදුන් බවට ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවක්ද වෙයි. රෝශේන් චානුක, ඇන්ටන් වැනි මිනිස් ඝාතන වල අලුත්ම වටය අකිලගෙන් අරඹාතිබේ. වැලිවේරියේදී දඩ බල්ලන් බිලිගත් මුලු ගණන 7ක් තරම් වේයැයි ආරංචි පැතිර යයි. පැරෂූට් ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් වරයෙකු සහ සට්ටැඹි-නපුංසක හමුදාවක් සාමාන්‍ය මහ ජනතාවට වැඩ පෙන්වූ හැටි ය ඒ.



මහත්වරු එසේය..දඩබල්ලන් මෙසේය..

46 comments:

  1. Is this about Austin Fernando ???

    ReplyDelete
    Replies
    1. It is Austin Munasinghe right? Not Fernando

      Delete
    2. Sorry, my mistake! You are right!

      Delete
    3. Late Austin Munasinghe was a great musician.

      Delete
  2. සුරංගනා කතාවක් වගෙ

    ReplyDelete
    Replies
    1. ඔව්! නමුත් මේ දෙකම සත්‍ය සිදුවීම්.

      Delete
  3. කටුස්සගෙ කරේ රත්‍රන් බැන්දම ඔහොම තමා.
    කොටි දෙතුන් දෙනෙක් කිරි පොව පොව ඇතිකරන ආන්ඩුවෙන් ඔහොම දේවල් ලැබෙන එක පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අනේද කියන්නෙ සෑර්.
      මේ අහිංසකයන්ට වෙඩි තියන උත්තමයෝ හිතාන ඉන්නේ ඒ ගොල්ල අමරණීය පොරවල් කියලා නේ.

      Delete
  4. Hi soosthi gunarathna,

    Do you know that Austin Fernando was a Peradenia graduate and a superb SLAS officer. He is a perfect diplomat in his conduct. Do not compare these learned, smart, intellugent people with third class thugs. anyway thanks for posting.

    ReplyDelete
    Replies
    1. යු ආර් වැල්කම් සෑර්\මිසී.

      (අනේ මන්දා මේ තියෙන බටර් පිහියෙන් කඩු පයිට් කොරන්න ගිහින් පරම්පරා කුට්ටමත් චිරිස් ගාල කොයි වෙලේ කැපෙයිද දන්නේ නෑ.)

      Delete
    2. @ Anonymous6 August 2013 04:59
      //Do not compare these learned, smart, intellugent people with third class thugs. anyway thanks for posting.//

      Well said... Unfortunately i had to work under that person (third class thug) for five years. So that i know who he is......

      ඒක නෙවෙයි....අර දේශප්‍රේමී දේශමාමක නානාසාරලා, රාවණා කස්ටිය මීක් නෑ නේහ්!

      Delete
    3. ඒ ගොල්ල සෑර්, දේශප්‍රේමී ආණ්ඩුව අපකීර්තියට පත් කරපු, බටහිර, විජාතික බලවේග නටවන තුන්වන පාර්ශවය හොයාගන්න දත කාගෙන ට්‍රයි එක..

      Delete
  5. කාලයේ වැලිතලාවෙන් වැසීයන මෙවැනි කතා පළකිරීම ගැන බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. සෑර් තැන්කූ මේ පැත්තෙ ආවට.

      Delete
    2. නිකං දැනගන්න වගේ මේ අහන්නේ.. (අතුරු පුරස්නයක්).. අර බ්ලොග් ගොන් පාට් බ්ලොග කරන්නෙත් ඔබතුමාම නේද? :)

      Delete
    3. අනේ සෑර් මේකත් මේ අටව ගත්තට ලියන්නෙ මාස තුනටම එකයි දෙකයි, දැන් තණමල්විලෙන් බඩු එනවත් හොරයි, බිස්නස් අන්තිමයි, ආර්තිකේ නස්පුක්! ඔය අව්වස්සේ කොහෙදෑ සෑර් තව බ්ලොග් එකක් කොරන්න වෙලාව. අනේ මේං වැඳලා කිව්වා මම නම් නෙමෙයි. (මොකක්ද හැබෑට ඔය බ්ලොග් කටුව?? තේරෙන්ඩ කීවා නම් තමා හොඳ.)

      Delete
    4. මේ තියෙන්නේ.. මේකෙත් බාසාව කාරිය ඔහෙගෙ වගේම නිසයි ඇහැව්වෙ... බ්ලොග් ගොන්පාට්

      ඒකෙන් කමක් නෑ.. ලාච්චු කෝස් නොකා දිගටම ලියන්නට ලැබේවා!

      Delete
    5. Yep! I agree. shockingly similar to my COMMENT style.
      Thanks for the link though.

      Delete
    6. තහනම් වචන
      මට නං හිතෙන්නෙ සූස්තිගෙ වැඩක් නෙවේ ඒක. භාෂා ශෛලිය ටිකක් සමාන උනාට සූස්තිගෙ ලියමන් එක්ක හැරෙන්නවත් ඌට බෑ. ඕන කාරණාවක් සම්බන්ධව සූස්තිට තියන අපූරු විග්‍රහය තියෙන්නෙ එහෙමත් එකෙකුට. බොරු නං සූස්ති මේකෙ දාල තියන පෝස්ට්-වෙන තැන්වල වාදවල පැටලිලා දාපු කමෙන්ට් බලපං.(උඹ බලල නැත්තං)

      සූස්ති.
      වාරණයට විරුද්ධයි කිය කිය උඹ මගේ කමෙන්ටුව ස්පෑම් කලා නේද? :)

      Delete
    7. ආං එහෙම එන්ඩ සෑර්, ඇවිල්ල සප් එකක් දෙන්ඩ ඈ.

      සෑර් ඉස්පෑං එක නං මං බලන්ඩ දන්නෙ නැත.
      එහෙත් සිතා මතා කමෙන්ටු කපන්නේ නැති බව සෑර් දන්නවා නෙව ;)

      Delete
    8. මං කියෙව්වා ගුණයගේ සමහර පොස්ට්. මරාගන්න දේවල් තියෙනවා හැබැයි ඒ පෝස්ට් පරණයි.. පස්සේ අහුවෙන්නැතැයි... ;)

      Delete
    9. ඉස්සර නම් ඉතින් මේ වගේ තැනකට එන්න පරිපාලන සේවයේ කප් ගහලා තියෙන්න ඕන! දැන් ඒ කාලෙ ඉවරයි!

      Delete
    10. හෙහ් හෙහ් එක ඇත්ත.. දැන් ඉතින් රාජ්‍ය සේවයට, විදේශ සේවයට යන්න ඇමතියෙක්, රජාගේ කකුලක්, අල්ල ගත්ත නම් ගොඩම තමයි.

      Delete
  6. ඇරියස් කවර් කරන්න අවශ්‍යතාවයක් නැති මිනිස්සු එක්ක ජීවත් වෙන එක ලේසියි. ඒ වගේ මිනිස්සුන්ට මහත්තයා කිව්වට පාඩුවක් නෑ. ඇරියස් තියෙනකොට මිනිස්සුන්ට එස් ටී එෆ් අය පුරවපු කාර් හත අට තියෙන රථ පෙළපාලි ඕන වෙනවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් "ඇරියස් කවර් කරන්න" !
      ඒක නම් සෑර් මසුරං කියමන!
      තැන්කූ මේ පැත්තේ ඇවිල්ල ගියාට.

      Delete
  7. ඒ උනාට ඔය තුමාම නේද ඇපල් මල්ලක් අරන් කොටියෙක් බලන්න නවලෙඔකෙ ගියා කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං සෑර් ඒ උතුම් ආදර්ශේ අනුව නෙව දැං කේ.පී, කරුනා, තමිලනි, දයා මාස්ටර්ලා සෑර්ල-අපේ බදු සල්ලි වලින් ආතල් ගන්නේ .ඇපල් විතරක් නෙවෙයි රඹුටනුත් සූප්පන්නේ! මොකක්ද අවුල සෑර්??

      Delete
  8. හ්ම්.............තව තියනවා. පස්සේ ඈ........

    ReplyDelete
    Replies
    1. ඇයි සෑර් අවුල්ද??

      Delete
    2. නෑ නෑ. මගේ මතකයේ තියන ඒවා ලියන්න වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා ඔයා ලියලා තියනටික කියවලා සතුටුවුණා.

      Delete
  9. මමත් ඔය කතන්දර දෙකම අහලා තියෙනවා. කාළකන්නින්ට රට ගිය කළ...

    ReplyDelete
    Replies
    1. ම්ලේච්ඡයෝ කියන්නෙ මේව වගෙ වැඩ කරන උන්ටයි

      Delete
  10. සාමාන්‍යය අපට දැනෙනනේ අසාමාන්‍යයක් ලෙසයි. එය අපේ කරුමයයි!

    ReplyDelete
    Replies
    1. මේවා සාමාන්‍ය වු යුගයකුත් තිබුනාලු

      Delete
  11. ක්‍රියාව අගය කරන්න වටිනවා.මමත් මේ සිද්ධිය අහලා තියෙනවා.වරදවා තේරුම් ගන්න එපා.මෙයාමද අර කොටි නායකයින්ට මචං කියලා කතා කරපු කෙනා ඒ දවස්වල.

    ReplyDelete
    Replies
    1. අනේ සෑර් මම නං දන්නේ නැත.
      රාජ්‍ය සේවයේ පරිනත උදවිය එහෙම් ආවාට ගියාට මචං කියන්නේද නැත.
      කොටි හපුවන් සමඟ කල බොහෝ සාකච්චා වට වලදී උන් අපේ හමුදා මෙන්ම සිවිල් නියෝජතයින්ටද කට පුරා "සෑර්" කියු බව නම් නොරහසකි.

      Delete
  12. ඔස්ටින් ඔතනට ආවේ කොහොමද කියලා දන්නවද දරුවෝ?

    මිනිස්සුන්ව මාකට් කරන්න පුළුවන් කතා දෙකක් විතරක් අරං දාපු පලියට ඒ කතාවලට යටින් තියෙන දුගද හමන දේවල් වහන්න බැහැ. උඩින් උඩින් මේවා කියවං ගියාට වඩා වැඩි විස්තරයක් ලියන්න වෙලාවක් නැතිකම ගැන කණගාටුයි. නැතිනම් ඔස්ටින් කොයි වගේ දුර්ජනයෙක්ද කියලා සාක්කි ඇතිව ලියන්න තිබුනා. ඒත් ඔය දරුවට පුළුවන් වෙයි ටිකක් හොයලා බලන්න ඔස්ටින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපත්ති ගරුක සහකාර ලේකම් වරයෙක්ව අමු අමුවේ විනාස කරලා දාපු හැටි කොහෙමද කියලා. ඒ ගැන හොයලා බලලා එයින් පස්සේ ආයෙම මේ ලිපිය ගැන හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔස්ටියා ට ඔතෙන්ට එන්න කවුරුවත් කපන්න අවෂ්‍ය නැත.
      ඌ රනිල්ගේ මිනිහා බව ඔබ නොදන්නවාට පූල් එකේ, රාජ්‍ය සේවයේ ඉන්න කවුරුත් දන්නවා. මෙතන මතු කරල තිබෙන කරුනු කාරනා පාඨකයන්ව මෙහෙයවන දිසාවක් තියෙනවා. අන්තිමට තමයි රතුපස්සර කේස් එකට ඈදන්නෙ. ගොටා ට ගහන කොට පැන්සො-ආමි අඬනවා.

      Delete
  13. හරි.. හරි.. සූස්ති, එයා ඒ කාලෙ හිටපු ජනාධිපතිනිගෙ සහෝදරයෙක් නෙවෙයිනේ. අඩුතරමෙ අගමැතිගෙවත්. :)

    (දැන් ඉන්න ලේකම්වරයා නම් මුලදිම පත්තරේකට කියල තිබුනා ආරක්‍ෂක අමාත්‍යංශයෙ ලේකම්කම ජනාධිපතිගෙ සහෝදරයෙක්ට ම දෙන්න ඕන කියල ව්‍යවස්ථාවටත් ඇතුල් කරන්න ඕන කියල)

    ReplyDelete
  14. සෑර්, අපේ රාජ්‍ය සේවයේ ඔයි වගේ මහත්වරු අදත් ඉන්නවා. නමුත් අද අපේ රට වැටෙන වැටිල්ලෙන් ගොඩ එන්න නම් පුලුවන් වෙයිද?

    ReplyDelete
  15. වී කරල් කිටි වෑදි පිරි බරවන විට පහලට නෑමෙ.ඈතුලත් මුකුත් නෑති බොල් වී ඉහලට එසවි පෙනේයි

    ReplyDelete
  16. කොහෙද බං මෙච්චරකල් හිටියෙ? මං අදනෙ මේ සයිට් එක දැක්කෙ. දිගටම එනවා. උඹත් අපේ පැත්තෙ වරෙන්.

    ReplyDelete
  17. පතෝල, වැටකොලු ආදිය රෝගීන්ට නිර්දේශ කරන්නේ ඒවා ගුණදායක නිසා නොව දිරවීමට පහසු නිසා බව නොදනීද ?

    ReplyDelete
  18. සෙහ්, තලෙයිවර්ට සොට් එක දුන්නෙ නැති හන්දා ඔස්ටින් චෝයි.

    ReplyDelete
  19. මේ අරක්ෂක ලෙඛම් දිගටම ඉදියනම් තවම යුද්දෙ. අපි බොම්බ බයේ කොටින්ට යතත් වෙලා ඉන්නව.

    ReplyDelete