Friday 28 June 2013

මල්ලි! ලෝකෙන්ම හොඳම නළුවා මම..හෙහ්!


මල්ලි!  හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං?
උඹලෑ තාත්තා  කෝටි ගණන් වියදං කරල 
"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්
උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක.. 
මේං මේක.. 


ආපෝ! නෙදකිං 
පෝලිම් පැනපු පර-කුමත් මෙතන
බලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.
ලැජ්ජයි මූ ගාව ඉන්නත්.  
කපන්න බැරි අත  සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..



ඈ? කෑන්ස්? ඔස්කා? ඇකඩමි?? බැෆ්ටා.. 
නෑ ..නෑ මේක මේ නිව්යෝක් පිල්ම් පෙස්ටිවල් මචං..
ඈ?..   ...ආ ෆේස්බුක් එකේ ගොබ්බයොයි
ඇනෝ බ්ලොක් කරං බ්ලොග් ලියන  හරමානිස්ල ටිකයි 
දාල තිබ්බ තමා ලෝකෙන්ම හොඳම නළුවා කියල..
හොහ්..හොහ් හෙහ් හෙහ්
ගණන් ගන්ඩ එපා.. ගොන් හැත්ත! 




34 comments:

  1. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. ....මෙන්න බලපල්ලා.... ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?

      http://avajathaka.blogspot.com

      Delete
  2. අප්පට සිරි කාලෙකට පස්සෙ?
    // මල්ලි! හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං?
    උඹලෑ තාත්තා කෝටි ගණන් වියදං කරල
    "අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්
    උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක..
    මේං මේක.. //
    ලයික් ඈ!

    මාසෙකට එකක්වත් ලියපංකෝ සූස්ති.

    ReplyDelete
    Replies
    1. සෑර්ට කියන්ඩ බජාර් එකම නිකං අඤ්ඤකොරොස් වෙලා ගිහින් තියෙන්නෙ සෑර්.පොලෝසියත් පුල් අවුල්, අදිකරනෙ එහෙන් අවුල්..බජාර් එකේ බිස්නස් එකක් කොරං ඉන්ඩත් බයයි..
      ඒත් මේ වගෙ තල්ලුවක් දුන්නට තැන්කූ සෑර්.

      Delete
  3. මුන් හිනාවෙනව නොවෙයි.. දත් විලිස්සනවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..හැමදාම කලේ අපට විලිස්සපු එක තමා සෑර්.
      අපි හිතුවෙ හිනා වෙනව කියල

      Delete
  4. සූස්ති පදිංචිය වෙනස් කරලා වගේ... දැන් ලියන්නෙම නෑ නේද? :)

    ReplyDelete
    Replies
    1. ;D
      බජාර් එකම නිකං අඤ්ඤකොරොස් වෙලා සෑර්

      Delete
  5. තාත්තයි පුතයි... තව ට්‍රයි කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කොරල හම්බු කොරගත් හරිය ඇතිලු පරම්පරා හතකට සෑර්..

      Delete
  6. ඇත්තම කියනවනං මට මේ නළුවා ටිකක් ඔවර් ඇක්ටින් පොරක්.....

    ජැකාගෙ දේශපාලනය මොකක් උනත් පොරගේ ඇක්ටිං නම් නියමයි...හැබැ නළුවෙකුට දේශපාලනය කියන්නේත් රගපෑමක් විතරයි..නැද්ද සෑර්.....:)

    ReplyDelete
    Replies
    1. මයියා ජැකත් ඕවර් ඇක්ටින් තමා. හොඳට බලන්න තුම්මුල්ලේ පද්මේ චරිතේ එහෙම

      Delete
    2. මයියා සෑර්, රඟපෑම ගැන අපේ බජාර් එකේ දැනුම් නම් බිංදුවයි. විජේ මහත්තය, ගාමිණී සෑර් වගේ කට්ටිය කොහෙද සෑර් දැන්.

      Delete
  7. අවලං ජැකාටයි, බාල අපචාර සෝමෙයාටයි, හිතෙනවා ඇති යකෝ මේ පොඩි එකා අපේ කලිසම ගලවන්නෙත් නැතුවම ඇරියනේ කියලා.

    ReplyDelete
  8. බොහොම කාලෙකින් තමා සුස්ති ගේ ලිපියක් කියෙව්වේ. නැවත ආගමනයට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේක සෑර්ල වගේ මහත්තුරු දැන උගත් අය එන තැනක් නෙවෙයි සෑර්, හුඟක් වෙලාවට මගේ මව්ගුණ ගායනා කරන්ඩ එන කෂ්ටිය තමා වැඩි..තැන්කු සෑර් මේ පැත්තෙ ආවට.

      Delete
    2. මොන සෑර්ද බං අපි උඹල මතවාදීව වෙනස් තැංවල හිටියට අපි හැමෝම එකම බෝට්ටුවේ.
      Samakaya Wate නලින්

      Delete
  9. කොහොම උනත් අඩුපාඩුකම් තිබුනත් හැමදෙනාම සූරයෝ (ජැකා ගේ පුතා ගැන නොදනිමි මේ comment එකට ඔහු අදාල නොවේ, සිරි පැරකුම් බලන්ටෝනෙ)

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සෑර්, මොකුත් බැරි සූස්ති ගහන අපි වගේ අපතයෝ කියන එව්ව වැඩිය ගණන් ගන්ඩ එපා සෑර්.

      Delete
  10. ලංකාවට/ එකෙක්ට හොඳ විදිහට සම්මානේ හම්බුනාම අපි ලෝකෙම එක. අනිත් පැත්තට මොකක් හරි ප්ලේස් එකක් හම්බුනාම (දූෂිතම රට/මානව හිමිකම් මාධ්‍ය නිදහස නැති රට වගේ) ඒ ශ්‍රේණිගත කිරීම් අනුමත කරන්න බෑ/පක්ෂග්‍රාහී/ විදේශ කුමන්ත්‍රන.
    අපිට අපිම අපිට ඕන විදිහට ආතල් එක සප්ලයි කරගන්නවා!

    ReplyDelete
    Replies
    1. //අපිට අපිම අපිට ඕන විදිහට ආතල් එක සප්ලයි කරගන්නවා!//
      හැබැයි ඉතින් අර සුවංවින්දනේ වගේ ආතල් තමා සෑර්.
      හරි ලේසියෙන් ඔය ආතල් කැඩෙනවා. කැඩුනම මාරයා වැහෙනවා.

      Delete
  11. ගුණේ ගෙ අදහස දැනගන්නයි අහන්නෙ.... ගුණේ ලෝකෙන්ම හොඳම නළුවා කියන්නෙන් කොයි ෆෙස්ටිවල් එකේදි දිනන කෙනාටද...?

    ReplyDelete
    Replies
    1. මගේ අවංක අදහස නං සෑර් දෙරණ ලක්ස් පිල්ම් පෙස්ටිවල් එක කියලයි.
      අපි ඉතින් ඕවා ගැන දන්න එකැක්යෑ..

      Delete
  12. අර හැලප මූන තියෙන එකාට, ඩබ්ලිව් ජයසිරිලට, අර රෙද්ද උස්සල පෙන්නන ගෑණුන්ට, එව්වා අධ්‍යක්ෂනේ කරාපු විමුක්තිලට, හඳගමලටත් ගන්ඩ බැරි වුණේ මේකම තමයි. පට්ටම චාටර් නිසාද කොහෙද පිළිගන්ඩවත් ඇවිත් නෑ.

    ReplyDelete
    Replies
    1. හා හා අනේ සෑර් නොදන්න කොමට අහන්නේ, එහෙම පිලිගන්ඩ එන්ඩ කියලා නීතියක්, සම්ප්‍රදායක් තියෙනවද ??

      Delete
  13. නිව් යොර්ක් සිටි ෆිල්ම් ෆෙස්ටිවල් මිස නිව් යොර්ක් ෆිල්ම් ෆෙස්ටිවල් නොවේය මහතුනි, කරුණාකර එය නිවැරදි කර ජගත්ව බොරු වලෙන් බේරා ගන්න.

    //හා හා අනේ සෑර් නොදන්න කොමට අහන්නේ, එහෙම පිලිගන්ඩ එන්ඩ කියලා නීතියක්, සම්ප්‍රදායක් තියෙනවද ??//
    හරියට හරි ලොක්කා, හඳයව විමුක්තිව මොන රෙද්දටද මෙතනට ගාව ගන්නෙ

    ReplyDelete
    Replies
    1. බතී සෑර්,
      තැන්කූ ඕක හරියටම කිව්වට.

      Delete
  14. මේවා අරාධිත රඟපෑම්... ලොක්කත් චරිතයක් කලාය කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ආඃ, ලොක්ක ගරු රඟපෑම් මචං. උන්නැහැ ඔය සීට් එකේ වාඩිවෙච්ච දවසෙ ඉඳල එහෙම තමා. ඉස්සර නෝනගෙ කාලෙ නම් එයා ජනතාවට ආදරය කරපු, ලොක්කිගෙන් කැපිල හිටපු ‘අහිංසක පෙම්වතාගෙ‘ චරිතෙ තමා රඟපෑවෙ.

      Delete
    2. ඔක්කොම නළුවෝ, නැද්ද සෑර්.
      අපි ගැලරියෙ කට ඇරං බලං ඉන්නවා

      Delete
  15. තන්තෝෂයි, තන්තෝෂයි, අප්‍රමාන තන්තෝෂයි. බලන්ටකෝ කට්ටිය සිරික්කිය දාගෙන රඟපාන අපූරුව. ඔය පිළිගැනීමේ උත්සවේ වීඩියෝ එක මොක මොකව හරි උළෙලවල් ටිකකට දැම්ම නම් තව දෙතුන් දෙනෙක්ට හොඳම නලුවො වෙන්න තිබුනා මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අනේද කියන්නෙ, ඒ තරම් සම්භාව්‍යයයි නේද ඈ!

      Delete