Monday 24 September 2012

යෝෂිතට සම්මානයක් - Bitch Please..

සමාජීය, සංස්කෘතික, දේශපාලනික, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර දහයක තරුණ පරපුර කරන ලද සේවාව අගයමින් ජේ සී අයි ආයතනය විසින් වාර්ෂිකව ප්‍රදානය කරන සම්මාන අතරින් ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂටද සම්මානයක් හිමිවිය. සම්මානය පිරිනැමුවේ ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාය.  


යෝෂිත රාජපක්ෂට සම්මානය හිමි වී ඇත්තේ පුද්ගල නිපුණත්වය සඳහාය. සිරි ලංකා නාවික හමුදාවට පැරසූට් ක්‍රමයට අනුයුක්තවී ඉතා කෙටි කලකින්ම (යුද්ධය පැවැති සමයේ කිසිදු අතුරු ආන්තරාවකට මුහුණ නොදී) බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් (හෙවත් රජයේ අනුග්‍රහයෙන් ) පිරිනැමූ සිස්සත්තෙකින් යාම මහතාගේ පුද්ගල නිපුණත්වයේ කැපී පෙනෙන දක්ෂතා අතුරින් එකක් පමණි.

මේවා දකින විට ඔළුවට එන්නෙ "නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ" වැනි වැකිය. "ලැජ්ජා නැති කම මහමුදලිකමට" පමණක් නොව "රජාගේ පුතා කමටත්" වඩා ලොකුද දන්නේ මහ රජාමය. කොහොමත් අපි-අපි නෙව. we-we ඇයි එකෙක්ට විතරක්? මහප්පලා, බාප්පලා එකතු වී උන් උන් අතරේ ඔක්කොම සම්මාන ටික බෙදාගන්ඩත් පුලුවන් කම තිබියදී මේ නිහතමානීත්වය අගය කල යුතුය.

සම්මානයක්වත් නිදහසේ දෙන්ඩ හැකියාවක් නැති හැඩය. මොකක් හෝ කට කැඩිච්ච් කතාවක් නොකිව්වොත් මුන්ට  නින්ද නොයන ලෙඩක් ඇතැයි සමහරු කියන්නේ රජ පවුල ගැන මහත් දුකකිනි.

මෑතක තැබු ඡන්දෙත් දිනුම් නිසා මේ රටේ ඉන්න හැම එකාම මී හරක් කියා සිතා සිටිනවා විය යුතුය. එක අතකට ඒකෙත් වැරැද්දක් නැත.





16 comments:

  1. අපූරු ලියමන මහත්මයෝ. ඔතන වැරැද්ද සම්මානය පිරිනමපු සංවිධානයයි. මා සිතුවේ ක්‍රීඩාව වෙනුවෙන් කියායි. කෙසේ වෙතත් මේක රජ පවුල වෙනුවෙන් ගුටිකන මේජර් කෙනෙකුට දුන්නා නම්. මීට වඩා අගේ යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ආන්න සෑර් ඒ මේජර් වැරදි බව හමුදාව තීරණය කරල.. ඔන්න ඕකයි තත්වේ සෑර්.

      මෙන්නලින්ක් එක

      Delete
  2. කවුරු හරි දියුණු වෙනකොට ඉරිසියා කරන්න එපා. මේ අපේ අනාගත නාවික හමුදාපතිතුමා. සමහර විට ආරකෂක ඇමති වෙන්නත් පුළුවන්.

    පිටරට ඉදගෙන ඇන්.ජී.ඕ™ ඩොලර්™ සල්ලි™ වලට කහින™ රැල්ලට™ යන්න වෙන්ට රැඩිකල්™ උඹලා වගේ උන් මොනවා කිව්වත් අපිනම් සැළෙන්නේ නැත. උඹලට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව.

    යෝෂිත අපි ඔබ සමඟයි..!

    ReplyDelete
    Replies
    1. අනේ බුදු සෑර්, ඕක මං ගමෙන් එද්දී අපේ හාංදුරුවොත් වදාල ඇත්තක්.
      (ඒ උන්නාංසේ මේ අපචාර සිද්දියකට මාට්ටු වෙලා මේ දවස් වල වැලිකඩ.)
      මොනවා කොරන්නද සෑර් අපිත් පෘතග්ජන මිනිස්සු නේ.

      Delete
  3. රටේ මහපුටුවල ඉන්නේ අව්ව වැස්ස පවා තමන් කැමති විදිහට පාලනය කරන්න පුළුවන් කියා සිතන හීනමානී පිරිසක්.විලිලජ්ජාව කියන දේ දන්නෙවත් නැහැ.කවදාහරි දවසක ඉතිහාසයේ තමන් වෙනුවෙන් කළු පැල්ලම් ගොඩක් එක්වෙනබව මේ අය දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නිහතමානී කොම තමා ඒ උත්තමයින්ගේ, ආයේ ඉතින් ඕක කී පාරක් කිව්වත් මදි වගේ..

      Delete
  4. මං හිතුව හරි! චාමි කියන්නෙ මාලක සිල්වට උඹල ඉරිසියා කරනව කියල. දැං බැලුවම යෝෂිත බේබිටත් ඉරිසියාකාරයො ඉන්නව සූස්ති වගේ.

    ReplyDelete
    Replies
    1. චැහ්, කැතයි සෑර්! පුරුතග්ජන මිනිස්සුන්ගෙ දුර්ඔල කම් ඔහොම ප්‍රසිද්ධියෙ එලි කොරන එක!

      Delete
  5. //මෑතක තැබු ඡන්දෙත් දිනුම් නිසා මේ රටේ ඉන්න හැම එකාම මී හරක් කියා සිතා සිටිනවා විය යුතුය. එක අතකට ඒකෙත් වැරැද්දක් නැත.//

    :D :D

    ReplyDelete
    Replies
    1. අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්ඩ බැරුව මං ඉන්නේ, සෑර්

      Delete
  6. කෝමැයි රජ සැප !

    බඩවල් වේලගෙන උන් ඔටුනු පලන්දනවනේ අපුරුවට !

    ReplyDelete
    Replies
    1. සෑර්, හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කිව්වලු!
      තව පටං ගත්තා විතරයි.

      Delete
  7. නාමල් බේබිට තමා ඕක දෙන්න ඕනේ එයා නේ සමාජ සේවය කරන්නේ

    ReplyDelete
  8. ඕකට කියන්නේ ස්වයන් වින්දනය ලබනවා කියලා නෑද්ද අයිබෝවන්ඩ...

    ReplyDelete
  9. යකෝ අපහාස කරන්න එපා මිනිස්සුන්ට. බලපන් ඒ උත්තමයා එක දේකටද සේවය කරලා තියෙන්නේ දහපදුරාවටම සේවය කරා කියන්නේ පොඩි කෙලියක්ද. ඔය පවුලේ ඔක්කොම ඔය වගේ දස්සයෝ දැන් බලපන් අපි වගේ ගොන් මැට්ටන්ට හිතා ගන්නවත් පුලුවන්ද ඉස්කෝලේ යනගමන් රගර් සෙල්ලම් කොරලා, නීති විද්‍ය්යාලේ ගිහින් ඒ ඉහලම උපාදිත් ලබලා යන්තන් රැවුල එනකොට පාර්ලිමේන්තු මන්තිරි කෙනෙක් වෙන්න ඔය උතමයාගේ මොලේ ගැන. අම්මප හරි හමන් රටක ඉපදුනා නම් මේ උත්තමයන්ගේ නම් ගම් ලියවෙන්නේ අර නිවුටන්ලා, ලියනාඩෝ ලගේ නම් එක්ක. උන්නසේලගේ පුරුවේ කරුමෙකට තොපි වගේ එවුන් ඉන්න රටක ඉපදුනේ. දැන් වත් ඔය ඊරිසියාව අතරලා පින් දහම් කොරපිය ඒ වගේ උත්තමයෝ තව තව පහල වෙලා මේක ආශ්චර්යමත් දේශයක් කොරන්ඩ කියලා.

    ReplyDelete
  10. එල්ලේ ක්‍රීඩාවට තැනක් අරන් දුන් අපේ වීරයාට ජයවේවා!
    ඒ මහත්තයට පින් සිද්ද වෙන්න දැන් එය ඔලිම්පික්වලට ගෙනයන්න පුලුවන්!
    ඉරිසියාවට කියන ඒව ගනන් ගන්නේ නෑ ඒ රුහුණු පුත්‍රයො!

    ReplyDelete