Sunday 8 July 2012

පොසිටිව් තින්කින් සහ බුද්ධාගම


පොසිටිව් තින්කින් හෙවත් ධනාත්මක චින්තනය අද ඊයේ නොව කලක් තිස්සේ ලෝකය පුරා විසිරී සිටින බයිලා චක්‍රවර්තිලාගේ අතමිට සරුකළ කල්ල-මරේ ව්‍යාපාරයකි. බොහෝ දෙනා මැජික් වලට , සුරංගනා කතා වලට කැමතිය. තමන්ගේ ජීවිත වල හිටි අඩියේ මහා වෙනස්කම් කරන්නට මෝහනයෙන්, ඇෆමේන් වලින්, ෆෙන්ග්ශුයි වලින් පුළුවන් නම් අපිත් කැමතිය. මාධ්‍ය වලින් පුම්බා පෙන්වන ෆැන්ටසි ලෝකයත් සමඟ ජීවිතය යනු සුරංගනා කතාවක් නොවන බව අවබෝධ කරගැනීම දුෂ්කරය. වසරකට කෝටි ගණනක් උපයන මේ ව්‍යාපාරය අද වන විට නොයෙක් සමාජ-සංස්කෘතික අංශ තුළට රිංගා ඒවා තුළ තම චූල අවකාශයන් ගොඩනගාගෙන තිබේ. එවා අතු ඉති දමමින් තව තවත් පරිණාමය වෙමින් නව බයිලා චක්‍රවර්තිලා පිරිසකට හොද්ද බොරකර දෙයි.  

කාලයක සිට බුද්ධාගමත් පොසිටිව් තින්කින් වල ඉලක්කයක් වී තිබේ. බ්ලොග් අවකාශයේ ඉන්නා කීපදෙනෙක්ද ඇතුළුව ලාංකීය සමාජයේ ඉන්නා  සට්ට-වෙට්ට පිත්තලයන්ද බුද්ධාගම සහ පොසිටිව් තින්කින් අතර ඇත්තේ කවරදාවත් නොවූ එකඟතාවයකැයි කියති. බුදුන්ගේ වැකි, සෙන් වැකි, උඩ දමා පෙන්වති. මජ්ජිම නිකායෙන්, අංගුත්තර නිකායෙන් පාලි වැකි මුහුණටම දමා ගසමින් පිංගුත්තරයන්ට අන්දවන්නට බලති.

 මේ කතා අහන අපට අප බුද්ධාගම යනුවෙන් ඉගෙන ගත්තේ වෙන මල ඉලව්වක් දැයි සැක සාංකා පහළ වෙන තරමටම අරුම පුදුම විශ්වාසයකින් යුතුව මේ ගජබින්න සමාජයට මුදා හැරේ. අපි දන්න බුද්ධාගම බුදුහාමුදුරුවන් දේශනා කළේ සංසාරයෙන් එතෙර වීමටය. සංසාරය බිය විය යුතු මහා දුකක් නිසාය. මෝහනයෙන් , ඇෆමේන් වලින් හිතූ හිතූ දේ ලබාගන්නට පුළුවන් නම් බුදු හාමුදුරුවන්ට වැරදුණා විය යුතුය. කල යුත්තේ වහාම ධර්ම සංගායනාවක් කැඳවා බුද්ධාගම ත්‍රිපිටකය නැවත පොසිටිව් තින්කින් වලට ගැලපෙන ආකාරයට ලිවීමයි.

 බුදුබනේ "අනාත්ම" යනුවෙන් ඉගැන්වෙන්නේ ගැඹුරු දහමෙකැයි කියනු ලැබේ. "අනාත්ම" හෙවත් "මම" "මාගේ" "මගේ ආත්මය" යනුවෙන් ගැනීම අවිඳු අඳුර හෙවත් මරි-මෝඩකම- අවිද්‍යාව නිසා සිදුවන්නකි. පොසිටිව් තින්කින් කාරයන්ට අනුව අහවල් අහවල් ක්‍රම වලින් නොයෙකුත් දේ පැතීම බුද්ධාගමට එකඟය. අපි දන්න බුද්ධගමේ නම් මේ "අනාත්මය" අවබෝධ කරගත් පුද්ගලයා ගැනෙන්නේ සෝවාන් වුවෙකු ලෙසය. "මම" කියා එකෙක් තබා මම කියන එකාගේ සිත යනුවෙන්ද "පවතින යමක්" නැත්තේ යයි බුද්ධාගමේ ඉගැන්වෙයි. පවත්නේ නාම-රූප වල ඉපදී-බිඳී යාමක් පමණක්ම වෙයි. එහෙව් (නැති ) එකාට සබ් කොන්ශස් මයින්ඩ් යනුවෙන් එකක් ඇත්තේයැයි කියමින් ඊට විධාන දෙන්නට අපට උගන්වන නෝනලා මහත්තුරු මේ හතර බීරි කතාව පැහැදිලි කර දෙන්නේ නම් කෙතරම් අගනේද?

12 comments:

  1. අනාත්ම කියන්නේ ඕක නෙවෙයි හලෝ. අපේ හාමුදුරුවෝ ඕක නියමෙට කියනව. ආත්මයක් නැත්තන් භවයක් කොයින්ද?

    ReplyDelete
  2. ධනාත්මක චින්තනයට පනුවෙක් සමනලයෙක් කරන්න පුලුවන් ද? මේ මැයෙන් ධනාත්මක චින්තනය ගැන කරන විග්‍රහයක් ඔබට www.managementinsinhala.wordpress.com බ්ලොග් අඩවියට පිවිසීමෙන් කියවිය හැකි ය.

    ReplyDelete
    Replies
    1. දලඹුවා නම් මොන චින්තනේවත් නැතුව අපුරුවට සමනලයෙක් වෙනවනේ සෑර්. ඒකට මොකෑ ධනාත්මක චින්තනයක්?? අහල නැද්ද සෑර් අර metamorphosis කියන්නෙ.

      ඔය ධනාත්මක චින්තනේ බුද්ධාගමත් එක්ක පෑහෙන්නෙ කොහොමෙයි කිව්ව නම් ෂෝයි සෑර්.

      Delete
    2. දළඹුවාට සමනලයෙක් වෙන්න මොන චින්තනයක් වත් ඕන නෑ. ඒත් හිතන්න පුලුවන් මිනිසුන්ට තමන් සතුව යම් ශක්‍යතාවයන් තිබුනත් ඒවා සාක්ෂාත් කරගන්න බැරි වෙනව යම් යම් මානසික සීමා නිසා. සමහර සීමා දෙමාපියන් විසින් වැඩි ආදරේට පරිස්සමට දාපුව. සමහර සීමා තමන්ගෙ ඉරිසියාකාර සගයින් විසින් තමුසෙට බෑ ඕයි කියල ඔලුවට ඇතුළු කරපුව. ඒවායින් මිනිසුන් ගලවන්න ධනාත්මක චින්තනයට පුලුවන්. ඒ සම්බන්ධයෙන් කරපු විද්‍යාත්මක පරීක්ෂණයන් අපමණ තියෙනව. ඒකට හැබැයි බාහිර උපදේශකයෙක් අවශ්‍යම නැහැ. සමහරු ස්වයංව මේ සීමා බිද දානව. සමහරු එහෙම කරපු වෙන අයගෙන් ආදර්ශ ලබා ගෙන මේ සීමා බිද දානව. ටික දෙනෙකුට විතරක් මේකට තල්ලුවක් ඕන කරනව.

      Delete
    3. දැලඹුවා සමනලයෙක් කරන්න ධනාත්මක චින්තනේ ඔනේ නැත්තම් මොන ඉටිගෙඩියටද ඒක උපමාවක් විදියට තෝරගත්තෙ.

      උපමාවත් අවුල් නං ඔහේගේ පොත්වල තියෙන්නෙත් ඔය වගේ මෝඩ ජෝක් වෙන්නැති.

      Delete
  3. "අනාත්ම" හෙවත් "මම" ය "මාගේ" ය "මගේ ආත්මය" ය කියා දෙයක් නොමැති වීම ලෙස ගත යුතුය.
    ආත්ම යනු මෙහෙම දේවල් තිබීම විශ්වාස කිරීමය.
    අදහස හොඳයි.මිනිස්සු ඉතින් දහම නිසි ලෙස දකිනව නම් කොච්චර හොඳද?

    ReplyDelete
  4. අනේ මන්ද මොනවා කියන්නද කියල!

    ReplyDelete
  5. කියන්න දෙයක් නැත්නම් හිරු හිමාවී මක්කටෙයි ආවේ.

    ReplyDelete
  6. ගුණේ ..... රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් හා කැඩ්මියම් කියලා හොයාගෙන නේද ? දැන් මොකද කියන්නේ Professor Nalin ට බැනපුවට ? සමාවෙන්න ඕනේ මාතෘකාවට අදාල නැති දෙයක් ඇහැව්වට ?

    ReplyDelete
  7. http://dukaa.blogspot.com/2012/07/blog-post_22.html?showComment=1342950371625#c4258640123652010132

    දෙපැත්ත කන නරියා..... සූස්තිගුනේ.... බලු වැඩ කරන්න එපා යකෝ

    ReplyDelete
  8. http://tikakhinawenna.blogspot.com/2012/07/blog-post_23.html?showComment=1343036279282#c8853184123432835120

    //සෑර් ඔවායින් සැලෙන්ඩ එපා!

    ඇනොනිමස් කමෙන්ට් බ්ලොක් කරල, කමෙන්ට් මොඩරේට් කරල, කමෙන්ට් ඩිසේබල් කරල "ආනේ-හරි-චෝයි" කල්ලියට විතරක් කමෙන්ට් කරන්න හදපු "රැඩිකල්" බ්ලොග් අතරේ මේක මසුරං බ්ලොගක්!

    යාලුකං බ්ලොග් ලිවිල්ලට අදාල කරගන්න එපා. බයනැතුව මේ වගේ ඇනෝ එනේබල් තියාගෙන ලියන එකම ඇති කොන්ද පන තියෙන වෘෂණ කෝෂ තියෙන එකා කවුද කියල දැනගන්න!//

    @ soosthigune දෙපැත්ත කන නරියා,
    ලැජ්ජාවක් නැතුව තෝ මේ විදිහට කොමෙන්ට් කරන්නෙ රෙද්දක් ඇදලද? තෝ අභීතට වඩා නිවටයෙක්...

    ReplyDelete