Friday 18 May 2012

මහින්ද නොහිටියනම්...!




අනේ ඔන්න මහින්ද ජනාදිපතිතුමා පොන්සේකාට නිදහස දෙන්ඩලු යන්නෙ.

ඒක නේන්නම්, කොයිතරම් නං දෙයක්ද. ලොකූම ලොකු පිනක් කරගත්තා කියලා සංතෝසවුනෑකි ජනාදිපතිතුමාට නේ.

කැබිනට් එකයි, ගෝටා මහත්තයයි, ජනාදිපතිතුමයි කොයිතරං නං කාලයක් දතකෑවද මේ වටින මනුස්සය නිදහස් කොරගන්ඩ..

ආන්න ඒකයි මේ මටත් කියවෙන්ඩ ආවේ..කොහෙද ඉතින් පුදුම කුමන්ත්‍රනයක් නේ ඔය හිරේ දැමිල්ල පිටිපස්සේ තිබ්බේ..මහින්ද මහත්තයල, ගෝටා මහත්තයල නොහිටින්ඩ පොන්සේකා මැරෙනකං හිරේ! හුහ්!

කවුද හැබෑට ඕක පිටිපස්සේ හිටියේ? ටී එන් ඒ එක නේද?

හ්ම්..ඔවු උං ඉතින් කොටි නේ. උන් වෙන්ඩෝන. මොකද මට මතකයි ඔය මනෝගනෙසං කාරය එක්ක පොන්සේකා ඉන්න පොටෝවක් තිබ්බා..

කොටි පිටිපස්සෙන් හිටියට පොන්සේකව හිරේ ඇරියේ මට මතක විදියට චන්ද්‍රිකා මැඩම් නේ?

බම්බුව! චන්ද්‍රිකා මැඩම් කොහෙද ඒ කාලේ එච්චර දෙයක් කරන්නේ..රනිල් නේ අගමැති..මිනිහනේ වැඩේ අඹරල දුන්නේ..

අහා..ඇත්තද ඈ..මට මතකක් නෑනේ ඔය ගැන..හැබැයි එහෙනම් ජේ වී පී කට්ටියත් කොනකින් හරි ගෑවිලා ඇති..

හහ්..මේ මොනව කියෝනවද..ජේ වී පී ලොක්කො බර ගානක් ඇල්ලුවනේ පොන්සේකා.. උං පොන්සේකත් එක්ක පුදූම වෛරෙකින් හිටියේ... ටී එන් ඒ එක හරහා කොටින්ට උදව්දෙන්ඩ ඇති..

කොටින්ගේ ජාත්‍යන්තර ජාලෙයි, ඩයස්පෝරා එකයි, අරකයි මේකයි හැම එකාම පොන්සේකට කෙලවෙනකං ඇඟිලි ගැන ගැන හිටියේ..

හ්ම්ම්..කෙල උනාට පස්සේ එකෙක් කට ඇරියේ නැහැ... මැරෙන්ඩ ඇරල හිටියා..

එහෙව් පක්ස ඕව..ඕං බලපං මම හූන කිව්වහේ කියන්නං හෙට අනිද්දට පොන්සේකා උන්නැහේට සුබපතල නිවේදන නිකුත් කරන්නැද්ද කියල..

මගේ හිතේ ඔය කුමන්ත්‍රනේ පිටිපස්සේ ඇමෙරිකාව වගේ බටහිර බලවේගත් තිබ්බා..විජෙතුංග මහත්තයගේ කාලේ ඉඳං ගහපු ගැටයක් ඕක..රනිල්, බාහුවා, අර ජයතුංගයා, ටිල්වියා ඔක්කොම එකතුවෙලා පොන්සේකා වලේ දැම්මේ..

හ්ම්.. අනේ දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් මහින්ද ජනාදිපතිම විසඳුවා එහෙනම්...දියසේන කුමාරයම තමයි..ජාතියේ පිනකට පහල වෙච්චි උතුමෙක්..

9 comments:

  1. දුටුගැමුණුගෙ කඩ්ඩ හම්බවෙලා වගෙ. දැන් ඉතින් උන්නාන්සෙට මීයෙකුටවත් බයවෙන්න දෙයක් නැහැ.

    ReplyDelete
  2. මගේ හිතේ ඔය කුමන්ත්‍රනේ පිටිපස්සේ ඇමෙරිකාව වගේ බටහිර බලවේගත් තිබ්බා....රනිල්, බාහුවා, අර ජයතුංගයා, ටිල්වියා ඔක්කොම එකතුවෙලා පොන්සේකා වලේ දැම්මේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..උම්බෑ..ෆොන්සේකා බබා නේ වලේ දාන්ඩ!

      Delete
  3. Replies
    1. ආ මේ ඉන්නේ රනිල්ගේ ගල් කොල්ලා

      Delete
  4. harakunta apahaasa kireema gana mata nam hithata amaaruyi..

    ReplyDelete