Tuesday 31 January 2012

බුදුහාමුදුරුවොත් පරාදයි.


විශ්වවිද්‍යාල සිසුවෙකුගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් කොළඹ විද්‍යා පීඨයෙන් කටුගස්තොට නගරයට සේන්දු වු සිසුන් පිරිසකි. කොඩි වැල් - පෝස්ටර් ආදියේ කෙලපැමිණියවුන් නිසා හැම මලගෙදරකදීම මෙන් මහත් වෙහෙසවී වැඩ කටයුතු නිමවවුහ. රෑට දුම් වැටියකින් සප්පායම් වී කැරම් අතක් , බූරුවා කුට්ටමක් සමග කොළඹ පරිසරයෙන්, මිදීමෙන් ඇතිවූ වූ මහත් ආහ්ලාදයෙන් යුතුව කටුගස්තොට ප්‍රදේශවාසීන් සමඟද සුහදව හැසිරෙත්. එහෙත් මළගෙදරට එන ප්‍රදේශවාසී ජනතාව මේ මිය ගිය පියාණන් ගැන වැරදි චිත්‍රයක් මවන බව සිසුන්ට අවබෝධ වන්නට වැඩි කල් ගියේ නැත.

"
අනේ ඉතින් බීල වෙච්ච දේ"
"
නොබී හිටියනං තවම ඉන්නවනේ"
"
බීමේ ආදීනව තමයි"
"
බොන්ඩ ගියාම ඔහොම තමයි"

වැනි වැකි එහෙන් මෙහෙන් ඇහෙන්නට විය. සිසුන් මේ මියගිය පුද්ගලයා ගැන හොඳින් දනී. ඔහු විනෝදයට බර පුද්ගලයෙකු බවත් සතියට වරක්වත් මී විතෙන් සප්පායම් වී සිංදුවක්, චිත්‍රපටියක් රසවිදින රසවතෙක් බවත් සිසුහු දනිති.

"
මොකද්ද මේ සීන් එක මචං?"සිසුහූ තම මිතුරාගෙන් කරුණු විමසූහ.

"
නෑ මචං මේකයි තාත්තා අමාරුවෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන කොටත් හොඳට දාලා හිටපු දවසක්. දොස්තරත් එක්කත් පස්සේ හොඳට ෆිට් වෙලා මනමේ ගැනයි, සරත්චන්ද්‍ර ගැනයි, කතාකර කර ඉඳල තියෙනව. මැරිල තියෙන්නෙ හදිසියේ ආපු හාට් ඇටෑක් එකකින්. ගමේ මිනිස්සු දන්නවනේ තාත්තා ටිකක් ගන්නව කියල, අමාරු වෙච්ච වෙලේ ගමේ මිනිස්සු තමයි තාත්තව ගෙනිහින් තියෙන්නේ. දැන් කතාව යන්නේ තාත්ත බීල මළා කියල

මිතුරා උත්තර දුන්නේ උපේක්ෂාවෙනි

අදාහනයට පෙර දින රැයේදීත් මේ කතාව ඇදී අවේය.

"
අනේ ඉතින් නොබීවනං තව කී කාලයක් ඉන්න තිබ්බද"පළාතේ ග්‍රාම සේවක තවත් වැඩිහිටියන් පිරිසක් වට කරගෙන කියවයි.

"
ඇයි අංකල් හුඟක් බිව්වද ?" සිසුවෙක් කිසිවක් නොදන්නාක් මෙන් අසයි.

"
ඔව් පුතා බලන්නකෝ ඉතින් මෙයා කලේම බොන එකනේ, අමාරු වුණෙත් බීලා වැඩිවෙලා"

"
ඇත්තද අංකල්..අපි දැනං හිටියෙ නැහැනේ... වයස කීයක් වෙනවද නැතිවෙනකොට?"

"
අසූ හයක් නෙ"

"
බීලත් අසූ හයක් හිටිය?? හෑ??..ඇයි යකෝ බුදුහාමුදුරුවෝ නොබිත් හිටියේ අසූවයි නේ!"








PICTURE - http://www.demotivation.us/

52 comments:

  1. අකිල ශ්‍රීනාත්31 January 2012 at 16:14

    එළ මචං, ග්‍රාමයට ඇඩ්‍රස් නැතිවෙන්න ඇති...

    ReplyDelete
  2. මම සූස්ති ගුණේට දාන පළවෙනි කොමෙන්ටුව.
    ඕක කොතනත් ඔහොමයි. මට මතකයි කවුරුහරි කලාකරුවෙකුගෙ(නම මතක නෑ) අවමංගල්‍යකදී මේවගේ කතාවක් ගිහිං ආන්දෝලනයක් ඇතිවුනා. කොල්ලන්ගෙ උත්තරේ මරු.

    ReplyDelete
  3. ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  4. " බීලත් අසූ හයක් හිටිය?? හෑ??..ඇයි යකෝ බුදුහාමුදුරුවෝ නොබිත් හිටියේ අසූවයි නේ!"

    :D :D :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. බුවා ඔයාගේ ඇනෝලා ගැන ලිපිය නම් අති විශිෂ්ඨයි.

      Delete
  5. අද බොන්න හිතාගෙන හිටපු දවසක් නෙමෙයි. ඒත් දැන් බොන්න වෙනවා...!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් , බොස් ඕවට හේතුද නැත්තේ?

      Delete
  6. නොබී අවුරුදු සීයක් හිටියත් වැඩක් තියනවද....?

    නැද්ද මචන්ලා.....

    ReplyDelete
  7. කරැණාකර බුදුහිමියන් මේකට ගාවගන්න එපා...!!!

    ReplyDelete
    Replies
    1. ඇයි සෑර් මොකෑ ප්‍රස්නේ??

      Delete
    2. සෑර් නෙමේ යකෝ... ආනන්ද හාමුදුරුවො...

      Delete
    3. අම්මට සිරි! හැබෑද?
      ;)

      Delete
  8. තමාෙග් ෙබාෙලාග් වැඩ කිඩ ෙපන්නන් ගිහින් මහ අකුසලයක් රැස්කරගත්තාවාෙග් - උසවාෙගන තිබූ බරක් බිමින් තබන්නා ෙස් යම් අාකාරෙයන් ද එ් අාකාරෙයෙන් ම ෙනාෙදනුවත්කමින් පවක් රැස්කරගත්තා ෙවනවා ඔය ෙබාෙලාග් ලියන හැෙමාම වගේ කරන වැරද්දක් තමයි ඔක ධර්මය ගාව ගන්නවා - නිෙකෙලස් උත්තෙමයන් වහන්ෙස්ලා ගාවගන්නවා - ශ්‍රාවක සංඝරත්නය ගාවගන්නවා ෙම් ඔෙන නැති ෙද්කට අන්න ලියනවා නම් ලියන්න පැහැදිලිව ධර්මය ගැනනම් ලියන්ෙන් ධර්මය ගැන ලියන්න - වල් පල් නම් ලියන්ෙන් වල් පල් ලියන්න - වෙන මාතෘකාවක් දාලා අදාල නැති ඉලව්වක් ලිව්වා ෙවනවා - කියන එක මම හිෙත් තියන් ඉන්ෙන් නැතුව වැරැද්ද දැක්ක නිසා ෙකලින්ම කිව්වා ඔන් - වැරදි හැෙමාෙගම අතින් සිදුෙවනවා තමයි ඉතින් හැබැයි අාෙයත් වැරදි කරන්න ගත්ෙතාත් අපි ඉන්වා ඉතින් බලාෙගන -

    ReplyDelete
    Replies
    1. අනේ බුදු සෑර්, අපි ඉතිං දැන උගත්කං තියෙන මිනිස්සු නෙවි. ඔය බජාර් ඔල, ගුබ්බෑයම් වල ලැගල සූස්ති ඇදල නාස්ති වෙච්චි අපතයෝ නෙව සෑර්. සමාවෙන්ඩ ඕනෑ.

      Delete
    2. චෝක් උත්තරේ ගුණේ මල්ලී...! දාන්නකෝ පහක්ම. ඇත්තමයි අප්පා අපි ඉතින් ඕවාගේ ගුන අගුන දන්නේ නැහැ මහත්තැන්ල තරම්...

      Delete
    3. සුපිරිසිදු, සද්ගුණවත් සුරා..........*ක තමයි
      යකෝ මේකා සිංහල දන්නෙත් නෑ, බුද්ධාගම දන්නෙත් නෑ වගේ.......

      Delete
  9. ඒ බං උඹ කියන්නෙ එතකොට බුදු හාමුදුරුවොත් දෙකක් දාගත්ත නං තව කාලයක් වැඩ ඉන්ඩ තිබ්බයි කියලද?......

    ReplyDelete
    Replies
    1. පිස්සුද සෑර්?

      Delete
  10. අපරාදෙබං... බුදුහාමුදුරුවොත් දෙකතුනක් මදපමනින් නවාගන්න සෙට්වෙලා හිටියනං අපිට තව බන ටිකක් අහගන්න තිබ්බ ශිහ්......මේ සැටෙක ඒකාලෙ හිටියෙ නෑනෙ.... බලාපංකො ඒකෙත් හැටි.....

    X-Porter

    ReplyDelete
  11. mata podi awl thanak tiyenawa campus yana lamayekge thatha kenekta 86k wene kohomada?

    ReplyDelete
    Replies
    1. ඔකට ඉතිං උත්තර දීලා කාගේ කවුද කියල කියන්න ඕනේ නෑනේ සෑර්.

      Delete
  12. හෙහ් හෙහ්... බුදු හාමුදුරුවන්ගෙ අයිතිකාරයොත් ඇවිත් කොමෙන්ටු දාල ගිහින් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හී හී හික්ස්!

      Delete
  13. අපිත් කන බොන මිනිස්සු,එත් ඉතින් බුදු හාමුදුරුවෝ මේවට ගාවගන්න ඕන කමක් නැහැනේ.මේවා නිකම් ගොන් බ්ලොග් ලියවිලි.

    ReplyDelete
    Replies
    1. ඇයි සෑර් එහෙම කියන්නෙ? බුදුහාමුදුරුවෝමනේ "සුරාමේරය මජ්ජපමා" කියල සබ්ජෙක්ට් එක ඇදල අරන් අපිට ඇඩ්‍රස් නැති කලේ.

      Delete
    2. සුරා මේරය එක බුදු හාමුදුරුවන්ගෙම නෙමේ මම හිතන්නේ ඊටත් පරණයි , කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි අවුරුදු 2500 කට කලිනුත් බීපු උන් ඉඳල තියනවා , බලංගොඩ මානවයගේ මුල් කට්ටිය ගහෙන් බිමට බැස්සෙම මලකුත් තලාගෙනද කියල කව්ද දන්නේ ,

      කථාවකින් පොඩි ආතල් එකක් ගන්නත් හැකියාවක් තියෙන්න ඕනි , කන ඒත් බොන්නේ නැති මනුස්සයෙක් වෙලත් මේ කථාවෙන් ගත්ත ආතල් එක කන -බොන මනුස්සයෙකුට ගන්න බෑය කිව්වාම පුදුමයි

      Delete
  14. පස්ට කතාව තව ටිකක් වැඩිය බොන්න ඕනේ :-D

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම එන්ඩකෝ සෑර්.

      Delete
  15. හැබැයි බං ගිහි ගෙය හැර යන්න කලින් අවුරුදු 28-29 වෙනකල් සිද්ධාර්ථ කුමාරය නම් ඇඩ්‍රස් නැති වෙන්න හිටු කියල බොන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අනේ බුදු සෑර්! ඔය වගේ එව්වා ලියල මාවත් ඇනගහයිද මන්දා.සමහරවිට ඒකේ බලෙන් තමා 80ක් වැඩවාසය කොලේ මයෙ හිතේ??

      Delete
    2. හරේ ගේ කමෙන්ට් එක දාන්න ඕනි සී නිවුසිය වගේ තැනක , ඕකට පිලිතුරු කමෙන්ට් දාන්න එන උන් පිරිසේ හැටියට සයිට් එකත් ක්‍රැශ් වෙයි

      Delete
    3. සයිට් එක ක්‍රෑශ් වුනොත් මදෑ සෑර්, අර ටැබූට වගේ ගේමක් දුන්නොත් එහෙම! හික්ස්!
      බයේ බෑ සෑර්!

      Delete
    4. ඇනෝ හිට්ස් ගන්න මරු කතාව. හැබෑට ඕක ගොසිප් සයිට් එහෙක දැම්මනම් සයිට් එකත් ක්‍රෑශ්

      Delete
  16. එකෙක් බඩු ගැන ලියන්න ගත්තම පෝලිමේ කට්ටියම ඒව ගැන ලියන්න ගන්නවා. එකෙක් බ්ලොග් ගැන ලියන්න ගත්තම කට්ටියම ඒව ගැන ලියනවා. ඇනෝ ගැන එකෙක් කිව්වම කට්ටය ලියන්නෙ ඒ ගැනමයි. ඔය යන විධියට මේක කියවලත් කට්ටිය බුදුන් වහන්සේ විහිළුවට අරන් පෝස්ට් දායිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ සෑර් අපි ඔය ට්‍රෙන්ඩ් සෙට් කොරන කෂ්ටිය නෙවෙයි, ඒත් ඉතිං ඕන එකෙක් ඕන එකක් ලියාගත්තම අපිට මොකෑ?

      Delete
  17. මරු කතාව... ඈ බන් ගුණේ කැම්පස් යන එකාගෙ තාත්තට 86 ක්...

    අඩේ මෙන්න ආගම දහමට ලැදි සැට් එක බැහල.. වරෙව් වරෙව්.. කැති පොලු අරන් වරෙව්.. මූ අපහාස කරල මෙන්න.. හලේ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සෑර් , සෑර් කිව්වත් වගෙ මොන හත්තිලව්ව කරන්නත් මේ සෙට් එකෙන් අවසර ගන්න වෙන පාටයි ඉස්සරහට.

      Delete
  18. කන බොන අය දිගු කල් වැජඹෙනු ඇත....

    අන්කල්ට කැම්පස් යන පුතෙක් හිටියා කියන්නේ පොර පට්ට වැඩ කරුවෙක් කියන එකයි.... ඒකට කියන්නේ "හැට පිරුණත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි" කියලා..

    ReplyDelete
    Replies
    1. යාලුවොංගෙ අනන්‍යතාව ආරක්සා කොරන්නත් ඕනේ, මගෙ අනන්‍යතාව රැකගන්නත් ඕනේ..ඕකයි කේස් එක.

      Delete
  19. ආගමික සාස්තෘවරුන්ට අගෞරව නොකර ඉන්න පුරුදුවෙන්න.දුරාචාරයන් සාධාරනීකරනය කරන්න බුදුහාමුදුරැවෝ යොදාගන්න එපා. උඹේ හෘද සාක්ශිය කවද හරි උඹට ම දඩුවම් කරයි.
    මේ කතාව ගොතපු බොරු කතාවක් බව හොදටම පැහැදිලියි.පියාට 86යි - පුතා කැම්පස්.
    අනන්‍යතාව රැකගන්න නම් මොකටද කටුගස්තොට කිය කිය විස්තර කියන්නේ?

    ReplyDelete
    Replies
    1. චැහ්! අනේ බුදු සෑර් , මම දන්නෙ නැහැනේ සෑර්ගෙන් අවසර ගන්ඩ ඕනේ කියල බොලොග් ලියන්න. සොරි ඈ.

      Delete
    2. යන්නෙ කොහෙද - මල්ලෙ පොල්

      Delete
    3. අන්න ගයාන් පෙරේරාත් ලයිසන් නැතුව සින්දුවක් ගහලා මූණු පොත පුරාම කලබල

      Delete
    4. /*මේ කතාව ගොතපු බොරු කතාවක් බව හොදටම පැහැදිලියි.පියාට 86යි - පුතා කැම්පස්.*/

      ආං බලහන් ටිකිරි මොලේ!

      Delete
  20. ගණන් ගන්න දෙයක් නැහැ බුදු සාදු මහණ වෙන්න කලින් බොන්න ඇති.ඒත් මහණ උනාට පස්සේ බිව්වේ නැහැනේ.

    ආගං ගැන කිව්ව හින්දා මේ අහන්නේ. ඇයි අර ජේසුට ඇන ගැහුවේ? එයා බඩු ගහලා මාට්ටු වෙලා කියන්නේ ඇත්තද?
    දෙකක් දාලා බඩුවක් ගහං හිටිය ජේසුට ඇන ගැහුව එකනං අන්තිම වැරදියි.

    ReplyDelete
    Replies
    1. මූ කලුවරේ කාටද ගලක් ගහල ඌ අනිත් පැත්තට ගල ගහනකන් බලං ඉන්නව. පට්ට පාලු සොහොනක් මැද.

      Delete