Monday 11 July 2011

ගුරුත්වාකර්ෂණය, පොල් මල, පොල් ගෙඩි සහ පොල් බුරුවෝ







නලින් ද සිල්වා ශ්‍රීමතාණන් නිතර පට්ට ගසන කියමනක් මා අසා තිබේ. ඒ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිබඳව දෙසා වධාරද්දීය. ඇපල් ගෙඩියක් ඔළුවට වැටී ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගොඩ නැගූ නිව්ටන් සම්බන්ධයෙන් කියන මේ කියමන ඉතාම රසවත්, මා වැනි බජාර් එකේ නෝන්ඩි පොරකගේ වුවද අනුමස්තිෂ්කයේ නිම් වළලු පුළුල් කරන එකකි. කළය නමින් වන වෙබ් අඩවියක් අටවා ඇති බැවින් මේ කියමන අවශ්‍ය අයෙකුට පහසුවෙන් සොයා ගත හැක. කළය වැනි දේශීය වතුර රඳවන භාජනයක් නමින් තම වෙබ් අඩවිය නම් කිරීමම එතුමාගේත් එතුමා වටා සිටින අනෙකුත් බුද්ධිමතුන්ගේත් බහුශ්‍රැත භාවය මොනවට පෙන්වයි. "පිරුණු කළේ දිය නොසැලේ" යනුවන් අපේ පැරැන්නෝ කීවේ මෙවැනි කළ ගැන විය යුතුය. නලින්ද සිල්වා ශ්‍රීමතාණන්ගේ ආදර්ශය අනුව යමින් කොත්තුව වැනි සංකර වෙබ් අඩවි වලට එරෙහිව ඉදිරියේදී "වංගෙඩිය, මෝල්ගහ, කුල්ල, ගුරුලේත්තුව" ආදී දේශීය නම් වලින් වෙබ් අඩවි බිහිවූවොත් එය පුදුමයට කරුණක් නොවේ.

නලින් විද්වතාගේ "දැනුම සංස්කෘතියට, රටකට සහ එක් එක් පුද්ගලයාට සාපේක්ෂවේ" යන ප්‍රවාදයට අනුව ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන් සොයාගන්නේ ඇපල් ගෙඩියක් ඔළුවට වැටුණ නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගුරුත්වාකර්ෂණ නියමයකට ඉඩක් තිබිය නොහැක. පොල්, කොස්, සහ දූරියන් වැනි මාරාන්තික ගෙඩි නිසා වසර දෙදහස් හයසීයක කාලයක් තුළ අපේ ජාතියට අහිමිවූ "ලෝකල්" නිව්ටන්ලා ගණන මෙතෙකැයි කිව හැක්කේ නාථ දෙවියන්ට පමණි. වැලිආතා, ගස්ලබු, හෝ කජු පුහුලම් මේ ප්‍රවාදයට නොගැලපෙන්නේයයි, යම් විජාතික බක-පණ්ඩිතයෙක් සමහරවිට ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නලින්ද සිල්වා ඇතුළු ගෝල බාලයන් එවැනි බක-පණ්ඩිත ප්‍රකාශ අවඥාවෙන් යුතුව බැහැර කරනු ඇත. පොල්, කොස් තබා පැණි කොමඩු වැලක් යටින් වුවද සිංහල බෞද්ධයන් යන්නේ නම් ගල් තොප්පියක් දමා ආරක්ෂාව සපයා ගතයුත්තේ මේ ප්‍රවාදයේ ප්‍රායෝගික වටිනාකම නිසාය.

නලින්ද සිල්වා ශ්‍රීමතාණන් මේ සංස්කෘතික සාපේක්ෂතාවය හුවා දැක්වීම සඳහා පොල්මල, පොල්ගෙඩි, හනස්ස, පොල්මුල, කුරුම්බා, පොල්තෙල්, පොල්පැණි, ආදී දහසකුත් එකක් උදාහරණ ගනිමින් වර්ණවත් ලෙස පහදන්නේ බටහිරයන්ගේ සංකල්ප තුළ මේ එකක්වත් නැති බවයි. වෙනෙකක් තබා "ඇට්ටි හැලෙන්න දෙන්නට" පුළුවන් සිංහලයන්ට පමණෙකැයි එතුමා පෙන්වන්නේ ආඩම්බරයෙනි. මීට ව්‍යතිරේකයක් ලෙස පෙන්විය හැක්කේ අනුකාරක විජාතිකයෙක් වන සංගක්කාර කවුඩ්‍රි දේශනයේදී ඇට්ටි හැලෙන්නට දීමයි. ඇට්ටි පමණක් නොව පොරිද හැලෙන්නට දුන්නු බව කාටත් දැන්නම් පැහැදිලිය.

එතුමාට මගහැරුණු තවත් එවැනිම අර්ථවත් උදාහරණ කීපයක් මා මෙසේ සටහන් කරන්නේ එතුමා අවතක්සේරු කිරීමට නොවේ. නිකම්ම "පොල්" යන වදනද අපේ වහරේ පමණක් එන වැදගත් සංකල්පයකි. නලින්ද සිල්වා නොබොන පොල් එතුමාගේ ගෝල බාලයන් හොරෙන් බොන බව රටට රහසක් නොවේ. උන් ඒවා බී, කොන්ටම් ගැනද, නාථ දෙවියන් ගැනද, ආසනික් ගැනද තව තවත් ප්‍රවාද නිපදවති.

පොල් බූරුවා යන්නද අද්‍යතන ලාංකීය සමාජයට සමීපතම යෙදුමකි. පොල් බූරුවා යනු පොල් කන බූරුවෙක් හැඳින්වීමට යොදන්නක් නොවන බව නොතේරෙන්නේ පොල් බූරුවෙකුටම පමණි. මෙහිදී පොල් යන්න යෙදෙන්නේ "බූරුකමේ" විශාලත්වය හුවා දැක්වීම සඳහාය. පොල්ගස තරම් විශාල "බූරුකමක්" ඇති බව මින් හැඟවේ. පොල් බූරුවන් නිසා රටට ජාතියට සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. පොල්බූරුවන් ගණයට වැටෙන්නන් අතර ඉතා ඉහළ "බූරුකමක්" ඇති මහාචාර්යවරු, දොස්තරු, පශ්චාත් උපාධි අපේක්ෂකයෝ සහ විශ්ව විද්‍යාල සිසුන්ද සිටිති. භාවනා කර දෙවියන් හා සංවාද කරන පොල්බූරු දෙන්නුද සිටිති. උන්ගේ පොල් බූරු ප්‍රවාද නිසා කන්නට තියෙන බත් ඇටේටත් කෙලවී, පොහොර සහනාධාරයටත් කෙලවී තිබේ. උන්, නොදන්නා ජීව විද්‍යාවත්, ජාණත්, ඩොලී ගැනත් පොල්බූරු කතා කියා හත්පොලේ ගාගනිති.

නමුත් සැබෑ ප්‍රශ්නය නම් මේ පොල් බූරුවන්ට ඇහුම්කන්දෙන, උන් ඔසවා තබන, උන් කියන කියන පොල් බූරු කතන්දර (ප්‍රවාද) හෙවිල්ලක් බැල්ලිලක් නැතිව පිළිගන්නා එවුන් හැඳින්වීමට යොදාගත හැකි වචනයක් නැති කමයි. පොල් බූරුවන් මෙතරම් සිටින රටක මේ සඳහා ගැලපෙන වචනයක් නොමැතිකම මහත් ලැජ්ජාවකි. අනිත් අතට නලින් ද සිල්වා වැනි විද්වතුන් සිටින රටක ඒ සඳහා වචනයක් නිපදවා ගැනීම මහ කජ්ජක් නොවේ. මේ සඳහා ඔබටත් දායක විය හැකියි. ඔබේ නිර්මාණාත්මක වචනය, යෙදුම මෙහි කමෙන්ට තීරුවේ සටහන් කරන්නේ නම් ජාතික අඩුවක් පුරවන්නට දායක වූවා යයි අනාගතයේ යම් දිනෙක ඔබටත් සතුටු විය හැකියි.

21 comments:

  1. මගුලක් කතා කරනවා.
    //පොල්, කොස්, සහ දූරියන් වැනි මාරාන්තික ගෙඩි නිසා වසර දෙදහස් හයසීයක කාලයක් තුළ අපේ ජාතියට අහිමිවූ "ලෝකල්" නිව්ටන්ලා ගණන මෙතෙකැයි කිව හැක්කේ නාථ දෙවියන්ට පමණි.//
    මේක කියවපු වෙලාවෙ ඉඳං මටත් අාසනික් ගැහුවා වගේ.

    අරුන්ට ඕන්නං පොල්කිච්චො කියල දාගනිං.

    ReplyDelete
  2. පොල් කුරුමිණියො කියන එක හොඳ නැද්ද?

    ReplyDelete
  3. උන්ට නම් පොල් මෝලන් කීවත් හොඳ වැඩිය , ලිපිය පට්ටය . ආසනික් ගෝනියක් එක හුස්මට ගිලගත් කලක මෙන් දේශීය සුවයක් දැනේ

    ReplyDelete
  4. දම්රුවන්11 July 2011 at 18:51

    අපි කියමු “පොල් ත්‍රිකෝණ බූරුවෝ“ කියලා. නරකද නම..?

    ReplyDelete
  5. Soosthi Gune is a coconut donkey කියලා කිවුවොත් හරිද මන්දා…
    ඊට වඩා ගැලපෙන විදියතමයි සූස්ති ගුනේ කියන්නේ පොල්ගෙඩි බුරුවෙක් කියන එක.
    එහෙම නේද?

    ReplyDelete
  6. නාකින්ට චමින්ද කියනවා වගෙ, මුන්ට සිල්වා කියා කියන්න පුලුවන්

    ReplyDelete
  7. පොල් කොටලුවො කියලා දාමුද?

    ReplyDelete
  8. හපොයි...පොල් බූරුවා...

    ReplyDelete
  9. welcome tabooo !!!

    ReplyDelete
  10. මේ පිරිස සඳහා "පොලිගොමියෝ" යන නම යෝජනා කරමි.

    අහුබුදුවෝ සිටියෝ නම් එය මෙසේ පහදා වදාරනු ඇත්තාහු ය.

    දේශියත්වය + පොල්
    =පොල් + ගැමියෝ
    =පොලිගැමියෝ
    =පොලිගොමියෝ

    QED.

    ReplyDelete
  11. වික්‍රමබාහු12 July 2011 at 01:49

    ටැබූ නලීන් එක්ක සාම ගිවිසුමක් ගහන්න. වයසක මනුස්සයනෙ.

    ReplyDelete
  12. කෘෂි රසායනික සමාගම් නලීන්ට නඩු දැමීමට යයි

    රජරට වකුගඩු රෝගයට හේතුව මෙරටට ගෙන්වන කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගු ආසනික් සහ රසදිය බව ප්‍රකාශ කල මහාචාර්ය නලීන් ද සිල්වා ඇතුළු අදාළ පර්යේෂණ කණ්ඩායමට විරුද්ධව දින 14ක් ඇතුළත දී තම සංවිධානය නඩු පවරන බව කෘෂි රසායනික සමාගම් එක්වී ඊයේ දින (11) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා සදහන් කළේය.

    මෙරටට කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වන සමාගම් 26 ක් එකමුතුව ගොඩනගා ගනු ලැබූ ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා නැමති සංවිධානය විසින් ඊයේ සංවිධානය කර තිබු මෙම විශේෂ මාධ්‍ය හමුවේ දී ‘අපි දින 14 ක් ඇතුළත කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට විරුද්ධව නඩු පවරනවා’ යනුවෙන් එම සංවිධානයේ සාමාජික අතාවුද ජයවර්ධන මහතා සඳහන් කළේය.

    ‘කැළණි විශ්වවිද්‍යාලයේ ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායමක් විසින් අප සමාගම් මඟින් ගෙන්වූ කෘෂී රසායනවල ආසනික් අඩංගු බවත් රජරට වකුගඩු රෝගයට හේතුව එම ආසනික් විසවීම බවත් කර ඇති ප්‍රකාශ අපි පිළිගන්නේ නැහැ’ යනුවෙන් එම ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා සංවිධානයේ සාමාජික ධම්මික රූපසිංහ මහතා එහිදී පැවසිය.

    මෙරටට ගෙන්වන කෘමි නාශකවල ආසනික් නොමැති බවට සමාගම් දිගින් දිගටම කියා සිටියත් රේගූ පරීක්ෂණවලට අනුව ද එම කෘෂි රසායනික විශාල ප්‍රමාණයක ආසනික් සහ රසදිය අඩංගුව පැවැති බවට ඔප්පුවී තිබෙනවා නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් ධම්මික රූපසිංහ මහතා, ‘මෙම කෘමි නාශකවල ආසනික් පවතින්නේ සක්‍රීය ද්‍රව්‍ය :්ජඑසඩැ සබටරුාසැබඑ* ලෙස නොවෙයි. අපද්‍රව්‍ය ලෙස ඇතුළු වූ ආසනික් ඒවායෙහි පවතිනවා.’ යැයි පවසා සිටියේය.

    ඒ අනුව, ග්ලියිෆොසේට් යනුවෙන් හඳුන්වන වල් නාශක වර්ගයේ වෙළඳ නාම දෙකක හා කාබෝෆියුරාන් යනුවෙන් හඳුන්වන කෘමිනාශක වර්ගයක ආසනික් සුළු වශයෙන් ඇති බවත් ඒවා මේ වනවිට ආනයනය කිරීම හා විකිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් මෙම සමාගම් නියෝජිතයින් මෙහිදී පැවසිය.

    සිය සමාගම් විසින් ගෙන්වන කෘෂි රසායනික ද්‍රව්‍ය 23 ක් කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂාවට ලබාදුන් බවත් එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙන බවත් ඔවුන් සදහන් කළේය.

    ReplyDelete
  13. මම නං හිතන්නෙ අළුතින් නම් හදන්න කලබොල වෙන්න දෙයක් නෑ. පෙරමුණේ රාළලා, පොඩි ගමයෝ, නිර්-රාමුවෝ, පද්දෝ වගේ නම් සෙට් එකෙන් ගැලපෙන එකක් තෝරා ගනිමු.

    ReplyDelete
  14. ප්‍රතිචාර දාපු සෑර්ලා ඔක්කෝටම ගුඩ්නයිට්, සොරි, තැන්කු කීවා එහෙනම් ඈ. මේ දවස් වල තණමල්විල ඉඳල මගෙ ෆිට් කකුලක් ඇවිල්ල. ඉතිං හුඟාක් කෙරෙන්නෙ මේ ඇස්ට්‍රො ෆිසික්ස් පැත්තෙ වැඩ.

    ReplyDelete
  15. විද්වත් ලිපියකින් (බර වචන යොදා) ලෙස තවත් කෙනෙකුගේ චරිතයට නිග්‍රහ කිරීමෙන් ඔබට ‍මොනවාද ලැබෙන්නේ?

    එයින් ඔබ බුද්ධිමතෙක් වෙනවාද?

    ReplyDelete
  16. හපොයි මේක නිග්‍රහයක්යැ. නලිය කරන වැඩ වල හැටියට. දැන් ආරංචි හැටියට අර ආරූඪ වෙලා නාථ දෙයියෝ ගැන පේන කියපු පිස්සු ගෑනි නලියගෙ අනියම් භාර්යාවලු. ඕකට තව මොන කේස් තියේද කියලා නාථ දෙයියො තමයි දන්නෙ.

    ReplyDelete
  17. His site is not KALAYA its KALAYA.කාලය

    ReplyDelete
  18. U R Bloody idiot supporting international companies supporting to kil sri lankan. U should be not allowed to link your bloody blog to Kalaya

    ReplyDelete
  19. උලලේනිගෙනුත් නමක්.
    ඇයි උලමෝ, ඒක හොඳයි නේද? පොල් ලෙලි ගහන්නත් උලනේ පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  20. එහි වූ ගැඹුරු සිද්ධාන්ත තේරුම් ගැනීමට හෝ තර්ක කිරීමට වඩා මේ වගේ ගොන් කතා කියන්නේ කුමන අරමුණකින්දැයි නොවැටහේ...කෙසේ නමුත් ගොන් කතාවටම හරියන ගොන් කමෙන්ට් ලැබී ඇති නිසාත් තර්ක කිරීමට තරම් හරයක් නැති නිසාත් ඒ බව පවසා ඉවත යමි

    ReplyDelete
  21. අවජාතක හැත්ත
    .තොපිට ජාතියක් ජන්මයක් නෑ..පරයො

    ReplyDelete