Monday 13 June 2011

ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා...




මාරයා සෑර් අලුතින් පටන් ගත්ත වැඩේට මගෙනුත් තල්ලුවක් විදියටයි මේ පෝස්ට් එක. මාරයා සෑර් දූෂණ වංචා වෙනෝ කියා අනෙක් අය දැනුවත් කර විවෙචනයට එහා යමක් කරන්නට ගත් පියවරේ පළමු පෝස්ට් එක නම් මාරම මාරය. කියවූ බොහෝ දෙනෙක් Naomi Campbell ගේ "කැට්වෝක්" එක දැක කොරවී ගිය දෙහිවල සූ එකේ කොටියා මෙන් අංජබජල්-මනිකුංජල් වී ගිය බව රහසක් නොවේ. මාරයා සෑර් ඔය කියන මාද්-දිය සාකච්ඡාව, මිහිඳුවා ගැලරියට රඟ දැක්වූ නාටකයක් බව කියන්නේ රටක් ජාතියක් නැති අවජාතකයන් සුලු පිරිසකි. ඊට විසිල් නොගසන, අත්පොළසන් නොදෙන එකෙක් වෙත්නම් ඒ දේශද්‍රෝහියෙකි. දැන් ඉතින් රජ රට වකුගඩු පුරස්නෙටත් තිත තබා තිබේ! අද හෙටම මහාරාජා එකේ එවුන් හිරේ දමා මහාරාජා සමාගමත් රජයට පවරාගනු ඇත.

රජරට වකුගඩු රෝගයෙන් මල රෝගීන්ගේ වකුගඩු වල හෝ ශරීර පටක වල ආසනික් තිබුණ බව දේශීය විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (- බලි, තොවිල්, අංජනං,යන්තර , මන්තර හදි හූනියං, ජ්‍යෝතිෂ යනාදී දේශීය ක්‍රම ඇසුරෙන් කරන ලද පර්යේෂණ )දහස් ගණනකින් තහවුරු වී තිබෙන නිසා තවත් සැක සාංකා ඇතිකර ගත යුතු නොවේ. කල යුත්තේ ආවර්තිතා වගුවෙන්ද ආසනික් තහනම් කිරීමය.

ඉහත පින්තූර වලින්ද පෙන්නුම් කරන්නේ තවත් එවැනිම වූ සද්කාර්යකි. නොබෙල් සාම තෑග්ග වැනි එකක් ලැබිය යුතු, ලෝකයේම ජනප්‍රසාදයට පත් වියයුතු, පහන් සංවේග උපදවා ගත යුතු අති දුර්ලභ අවස්ථාවකි.
මේ පින්තූරයට දාන්නට හොඳ හෙඩිමක් ලෙස "දුක් සැප කුමන්දා -අසන නිරිඳෝ වෙන කොයින්දා" යන්න ද උචිතය. එහෙත් වෙඩිතබා මැරූ හිරිමල් වියේ සොයුරාගෙන් එහෙම අහලා වැඩක් නැති නිසාදෝ, ඒ සොයුරාගේ ඥාතීන් ගෙන්වා මේ පොරොන්දු වන්නේ මියගිය එකා නැවත ගෙනැවිත් දෙන්නට විය යුතුය.

13 comments:

  1. මාරයා සර් දැන් කොහොමටත් පොර වෙලානෙ තියෙන්නෙ "ටැබූටත් ගේම දුන්නෙ මමයි කියලා". ඉතින් ඉස්සර ටැබූ වගේ අය කරපු දෙවල් තමන්ට කරන්න පුළුවන් කියල එයාගෙ හිතේ පෘත්ග්ජන සිතිවිල්ලක් පහළ වුණා නම් සාධාරණයි. හැබැයි බලා ඉන්න අයට තමයි තේරෙන්නෙ අශ්වයා හේෂාරාවය කරනවා බලාගෙන ඉඳලා බූරුවාත් ඒක කරන්න උත්සාහ කළාට ඇති වෙන්නෙ බොල් හඬක් විතරයි කියලා.

    ReplyDelete
  2. macho me black template eka kiyawanna amaarui..
    white template 1ka black or dark akuru thibunoth kiyawannath load wennath godak ikmanata puluwani

    ReplyDelete
  3. මාරයියත් දැන් ටික කාලෙක ඉදන් නියම ආතල් ටිකක් දෙන්නෙ
    මම හිතනෙ ඌ ළගදි තමයි වැඩිවියට පත්වෙලා තියෙන්නෙ

    ReplyDelete
  4. කටවහන් ඉන්න කන් කවුරුත් පණ්ඩිතයෝ!
    ඇත්තට කොහේද පෙන්නල ඔප්පු කරල තියෙන්නෙ රජරට වකුගඩු ප්‍රස්නෙට ආසනික් සම්බන්දයි කියල??

    ReplyDelete
  5. ආසනික් ආවර්තිතා වගුවෙන් ඉවත් කිරීම....

    මිනිසුන් හදන්නේ , නව මූල දුව්‍ය සොයා ගෙන ආවර්තිතා වගුවට එකතු කරන්න...අමුතුම ක්‍රමයක්...ආශ්චර්්‍යාත්මකයි.

    ReplyDelete
  6. හතරවෙනි ඇනෝනිමස්,

    යකෝ මාරයියා, මාරයියා කියල අපහාස කරන්න එපා. දැන් වැදගත් පොරක් මාරයා කියන්නෙ. එක්කෝ මාරයා සෑර් කියන්න ඕනැ. නැත්නම් ආචාර්ය මාරයා වහන්සේ කියන්න ඕනැ. හැබැයි උඹ කියන දේ නම් ඇත්ත තමයි උන්දැ අමුතුම මෝඩ ජෝක් ටිකක් දාන්න පටන් අරන් ළඟකදි. නලියගෙන් ටියුෂන් ගන්නවද දන්නෙ නෑ.

    ReplyDelete
  7. ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා... සබෑදුමට ලියම් මහින්ද වග කියන්න ඔනෙ මහින්ද වග කියන්න ඔනෙ කියා හෑමොම ඈයි එක ම්නිහෙකුට බනින්නෙ ලංකාවේ මිට වඩා ම්නිසුන් එක පෙලියට මෑරි සිට්නා සෑට් පසුගිය කාලෙ දෑක්කෙ නෑද්ද ඈස් අන්ධ වෙලාද කාටවත් බෑරි ඈයි ඈත්ත කතා කරන්න ***සමා වන්න මාගෙ අකුරු වලට****

    ReplyDelete
  8. //කල යුත්තේ ආවර්තිතා වගුවෙන්ද ආසනික් තහනම් කිරීමය.//
    යකෝ ඔන්න කරනවනං වැඩ.... ආසනික් ප්‍රශ්ණේ ඉවරයි.

    ReplyDelete
  9. ඇනෝස් ලා ටිකක් පොරවල්ලා වෙලා වගේ.

    රිදිලද මන්දා නමක් ගමක් නැතුව පාර දිගේ බුර බුර යන්නේ.
    තර්කයක් ඇතුව පදනමක් ඇති දෙයක් ගැන පිරිමි විදිහට කතාකරන්න එන්න බයද මන්දා. එහෙම නැත්නම් උපතින්ම ගැඩවිල් කුලයේ ඉපදුන හින්දා පුළු පුළුවන් විදිහට උඩ පනිනවද මන්දා...

    ReplyDelete
  10. නලියෝ, දැන් කාපන් වහ!14 June 2011 at 04:47

    මෙරට හාල්වල ආසනික් නොමැති බව පරීක්ෂණවලින් හෙළිවේ

    මෙරට නිෂ්පාදනය කරනු ලබන කිසිදු සහල් වර්ගයක ආසනික් නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු නොමැති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. කෘෂිකර්ම අමත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ බව පැවසුවේය.

    ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් සහල් නියැදි හැටක් සහ පලිබෝධ නාශක විසි අටක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇති වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇතැයි ද හෙතෙම පැවැසීය. මේ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉහළ තාක්ෂණයන් යටතේ නවීන විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින් විශේෂඥයන් පිරිසක් සහභාගී වූ බවද හෙතෙම කීවේය.

    අද්භූත බලවේග ගැන නොව විශ්වාස කළ යුත්තේ නවීන තාක්ෂණයන් යටතේ විද්‍යාගාරවල පරීක්ෂණයන්ගෙන් ලැබුණු නිගමන බවද ඒ මහතා කීවේය.

    මේ සම්බන්ධව සිය අමාත්‍යාංශය කිසිදු මොහොතක නිහඬව නොසිටි බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව කතා කිරීම තමන්ගේ ක්‍රමය බවද කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    අනවශ්‍ය දේශපාලන සංදර්ශන ප්‍රචාරයන්ට යෑම හෝ කැපී පෙනීමට තමන්ට අවශ්‍ය නැතැයිද යාපා මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම ඇමැතිවරයා සේම තමන් මෙරට පුරවැසියකු බව පැවැසු ඒ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ සෑම කරුණක් සම්බන්ධවම වගකීම බාර ගන්නා බවද සඳහන් කළේය.

    මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා කියා සිටියේ රේගුවේ කටයුතුවලට තම අමාත්‍යාංශයට ඇඟිලි ගැසීමට නොහැකි බවත්, එම ආයතනයෙන් ඉල්ලීමක් කළහොත් පරීක්ෂා කිරීම් කළ හැකි බවයි.

    ආසනික් තිබෙන බවට පවසන කණ්ඩායම සමඟ වුවද මේ සම්බන්ධව යළිත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ හැකි බවද කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

    මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඊ කරුණාතිලක, කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කමල් මාන්කොට්ටෙ, පලිබෝධ නාශක රේජිස්ටාර් ආචාර්ය අනුර ජයසේකර, ආචාර්ය නිමල් දිසානායක, ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරිහු රැසක් සහභාගී වී සිටියහ.

    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=5211:2011-06-14-02-02-26&catid=1:2010-11-08-15-13-52&Itemid=50

    ReplyDelete
  11. @ රොබින්

    ඇනෝලා විදියට කොමෙන්ට් කරන්නේ ඊට ඉඩදී ඇති නිසාය. ගෝටා සෑර් අති ප්‍රජාතන්ත්‍රවාදී නිසා සුදු වෑන් කටුවල ෆ්‍රී ට්‍රිප් යන්නට අකැමැති අයටයි ඒ ඔප්ෂන් එක. ඇනෝලා පොරවල් වගේ පෙනේ නම් ඒ උන්ගේ දස්කම්ය.

    හැම එකාටම ගොනාට ඇන්දවිය හැකි, ගොන්පාට් දාන , හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට , රට කන සහෝදර සමාගම් වලට සුදු හුනු ගාන, නමින් එන ගැඩවිල් කුලයේ නපුංසක-පිරිමින්ට, වඩා කරුණු, සාධක මත පදනම්ව කොමෙන්ට කරන ඇනෝලා ඇත්තටම පොරවල්ය.

    ReplyDelete
  12. ජනරජදාස14 June 2011 at 12:44

    මහාචාර්ය නලින් ද සිල්වාගේ "ආසනික් මගෝඩිය" ගැන දැනටමත් බොහෝ දෙනකු කතා කර ඇති හෙයින් මට තවදුරටත් ඒ ගැන ලියන්නට දෙයක් ඇතැයි නොසිතේ. නමුත් මෙහිදී සිංහල බ්ලොග් අවකාශයේ හැසිරීම තුළින් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය සිතමි.

    "සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ මඟ පෙන්වීම" ඇතුළු තවත් විප්‍රකාර රාශියක් නලින් ද සිල්වා විසින් අවසිහියෙන් මෙන් දොඩවනු ඇසූ විට මටද පැරකුම්ට සේම සිතුණේ මේ අවාසනාවන්ත පුද්ගලයා දිගින් දිගටම මුහුණ පෑ පෞද්ගලික ප්‍රශ්න මධ්‍යයේ (නලින් ද සිල්වාගේ පවුලේ ප්‍රශ්න බොහෝ දෙනකුට රහසක් නොවෙතත් ඒවා මෙහි කතා කිරීමට බලාපොරත්තු නොවෙමි.) භින්නෝන්මාද තත්ත්වයට පත් වී ඇති බවයි. නමුත් එවන් මානසික රෝගියකු විසින් කියනු ලබන කතාවක් පවා ප්‍රශ්න කිරීමට තරම් ගටක් ඇති බ්ලොග්කරුවෝ වූයේ අල්පයකි. මට මතකයට නැඟෙන එකම නම ඇට මැස්සාගේය. පැරකුම් පවා මේ ගැන කතා කළාද මතක නැත. ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම් නැතිවීමේ හා රාමචන්ද්‍ර බ්ලොග් සටහන් ලිවීමේ සංඛ්‍යාතය අඩු කිරීමේ ගැටළුව විශේෂයෙන් දැනුනේය. මේ හැරුණු විට යමක් පෝස්ට් හැටියට හෝ කමෙන්ට් හැටියට ලියවෙන්නට ඇත. ඒත් අවධානයෙන් සිටියකු ලෙස අඩු ගණනේ මටවත් ඒවා මතක නැති වීමෙන් පැහැදිළි වන්නේ මේවායේ නලින් ද සිල්වාගේ විප්‍රකාර වලට ඍජු අභියෝගයක් විය හැකි යමක් නොතිබුණු බවය.

    නලින් ද සිල්වාට පක්ෂව කතා කළ බ්ලොග් කරුවෝ දෙදෙනකුද වූහ. එක් අයකු පෙරමුණේ රාළගේ අටුවාවේ "ආරාධිත රඟපෑමක්" කරන්නට ආ දොස්තර මිගාර වීරක්කොඩිය. ඔහු නලින් ද සිල්වා හා එක්තරා මට්ටමටක එකඟ වුවත් "පරීක්ෂණයේ" ප්‍රතිඵල සම්බන්ධයෙන් සැක පහළ කළේය. ඒ ප්‍රබල හේතුවක් ඇතිවය. වෛද්‍යවරයකු වශයෙන් ආසනික් විෂ වූ රෝගීන් තමන්ට හමු වී නැති බවට ඔහු කළ අවංක ප්‍රකාශය මෙහිදී වැදගත්ය. නලින්ට යම් පක්ෂපාතකමක් දැක්වුවද දොස්තර මිගාර මෙහිදී ගත්තේ නිවැරදි ස්ථාවරයකැයි මම සිතමි.

    නමුත් දොස්තර මිගාරගේ උගත්කම නොතිබුණු "මාරයා" හෙවත් චතුශ කුමාර නලින් ද සිල්වාගේ බෝලය ගෙඩි පිටින් ගිල්ලේය. තමාට පුරුදු ශෛලියෙන් ඉතාම හැඟීම්බර බ්ලොග් සටහනක් ලියූ ඔහු මේ ආසනික් දුටුවේ ප්‍රභාකරන්ට පමණක් නොදෙවෙනි සතුරකු ලෙසිනි. නලින් ද සිල්වාගේ සැබෑ අරමුණ තමන් වැනි වැඩි උගත්කමක් නැති, 'දේශප්‍රේමය', 'රට-ජාතිය-ආගම' වැනි වචන ටිකක් මතුරා ලෙහෙසියෙන් වයින් කර ගත හැකි ගැලරි-සාමාජිකයින් කිහිප දෙනකු බිලී බාගෙන තම යටි දේශපාලන/පෞද්ගලික අරමුණු (දැනටමත් වයස වැඩි වුවත් නලින් ද සිල්වාට කැලණිය විශ්ව විද්‍යාලයේ තව සේවා දිගුවක් ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇත්තේ ඔහුගේ ආර්ථික ප්‍රශ්න නිසාය.) කරා එලඹීම බව වටහා ගැනීමට අපොහොසත් වූ චතුශ කුමාර කොයි තරම් ඇඳ ගත්තාද කිව්වොත් එය තමන් රට වෙනුවෙන් කරන යුතුකමක් සේ හඳුන්වා ගැනීමේ මට්ටමට පවා ගමන් කළේය. ඔහු සේම නූගත් පාඨක පිරිසක් විසින් පුම්බනු ලැබූ කල්හි චතුශ කුමාර තවත් ෆෝම් විය. තමන් නිවැරදි කරන්නට ඉදිරිපත් වූ පාඨකයකුට පවා තමන්ගේ හරක් මඩුවේ ඕනෑ හැටියට තපුල්ලන්ට ඉඩ දෙන ලෙස කිව්වේය.

    මේ තර්කය තව දුරට ගෙන යන්නේ නම් නලින් ද සිල්වා පමණක් නොව අනික් සිල්වලාත්, එනම් මර්වින් සිල්වා හා දුමින්ද සිල්වාත්, රවටා කඩේ යවන්නේද චතුශ කුමාර වැනි අහිංසක මෝඩයින්ය. දුමින්ද සිල්වා මෑතකදී පොලු හමුදාවක් රැගෙන ආයේ ජවිපෙ විරෝධතාවයකට පහර දීම පිණිසය. මේ "පොළු කාරයෝ" කවුද? පුවත්පත් කී පළියට ඔවුන් කුඩුකාරයින් හෝ මුදලට එතැනට ආ පිරිසකැයි මම නොසිතමි. කුඩු හෝ මුදල් වලට වඩා මෙවන් පිරිස් අන්දවා ගත හැක්කේ "රට-ජාතිය-ආගම" මන්තරයෙන් බව දැන් චතුශ කුමාර විසින් ඔප්පු කොට තිබේ. නලින් ද සිල්වාට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් කඩේ යන්නට සූදානම් වූ චතුශ කුමාර සේම මේ "පොළු කාරයින්ද" සිතනු ඇත්තේ තමන් සේවය කරන්නේ රට වෙනුවෙන් බවයි.

    මේ කිසිසේත් අවසානය නොවේ. තව දුරටත් සිල්වා ත්‍රිත්වය (නලින්, මර්වින් හා දුමින්ද ) විසින් මේ අහිංසක මෝඩයින් කඩේ යවනු ඇත. ඔවුන් නිවැරදි කරන්නට යන අපට ඔවුන් ලවාම පොළුපාරවල් එල්ල කරනුද ඇත. මේ අපේ රටේ ශෝකාන්තයයි.

    ReplyDelete