Thursday 9 June 2011

නලියා ගැන තවත් කතා 2.





මේ කියන මාධ්‍යවෙදියා අද නම් ලංකාවේ ප්‍රධාන මාධ්‍යජාලයක ඉහල නිලයක් උසුලයි.

ඊට පෙර මේ මාධ්‍යවේදියා ලංකාවේ එකම විද්‍යා සඟරාවේ වැඩ කල බවත් අසා ඇත්තෙමු. එහි ඉතා ජනප්‍රිය කොලමක් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කල බවත් ඉදිනෙදා විද්‍යා දැනුම නව ආකරයකින් ඉදිරිපත් කරන අතරතුර හීන් දේශපාලන ටොකුද ඇන්න බවත් මෙහි සඳහන් කල යුතුය.
ගෝඨා-බය රාජපස්ස විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා යැයි කියන ජෝකර්ලාද සිටින සමයක මේ මාධ්‍යවේදියා නම් ප්‍රශස්ති ගායනා, වන්දිබට්ඨකම් නොකල බවද සඳහන් කල යුතුමය.

මේ ඒ මාද්‍යවේදියා ඉස්කෝලෙ යන කාලයේ සිදුවූවකි. යන්නේ රෝ-ඇලටය. කොල්ලා කාලයේ සිටම නලියා ගැන අතිමහත් භක්තියෙන් පසුවන්නේය. හෙතෙම රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ අලුතය. පත්වීමෙන් පසු රෝ-ඇල් විද්‍යා දිනයේ පළමු දේශනයට නලියාට ආරධනා කළේ ආඩම්බරයෙනි. නලියාද රෝ ඇලේ ආදි ශිෂ්‍යයෙකි. එකල මහාචාර්ය පට්ටම තිබුණේද නැත. අද මෙන්ම එදාද නලියාගේ ජාතික චින්තන බයිලා වලට කන් දුන්නෝද අතලොස්සකි.

විද්‍යා දිනයට රෝ-ඇලේ සුප්‍රසිද්ධ ශ්‍රවනාගාරයට ආ නලියා මහත් හරසරින් පිළිගත් (වෙන්ට මාධ්‍යවේදී ) සභාපතිතුමා එහි මුල් පෙළ අසුනක් පිළිගන්වා වාඩිකරවීය. රෝ-ඇල් කොල්ලන්ගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. නලියා මඳකට අන්ද මන්ද විය. මූලාසනයේ අසුනක් නලියාට නැත! මූලාසනයේ රෝ-ඇල් විදුහල්පති වරයාද, හරිත චස්වත්තේ නම් තවත් දේශපාලන පසුබිමක් ඇති ආදි ශිෂ්‍යයෙක්ද, අනුශාසක ගුරුවරයාද වෙයි. එහෙත් නලියාට මූලාසනය අහිමිය. ඒ මදිවාට නලියා රෝ-ඇලේ ඉන්නා කාලයේ සිදුවූ බහින්බස් වීමකින් පසු හරිත චස්වත්තේ නලියාගේ ජම්මන්ත සතුරෙකි. ඒ මූලාසනයේ සිටින සතුරා පහළ ඉන්නා තමා දෙස බලමින් සිනාවෙනු නලියාට පෙනේ. නලියා දත්කූරු කමින් වෙන්ට-මාධ්‍යවේදි-විද්‍යා සංගම් සභාපතිවරයා දෙසද රවා බලමින් තම කතාව එනතුරු ඇඟිලි ගනිමින් සිටියේය. නලියා අනුමාන කල අයුරින්ම සියලු කතාවලින් පසු නලියාට අවස්ථාව ලැබුණේය. දෙඤ්ඤං බැටේ න්‍යායෙන් නලියා කතාව ඇරඹුවේය.

"
ඔව් මමත් මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්, මට මතකයි මමත් මෙන්න මේ විදියටම නිල් කලිසම, මේ විදියටම සුදු දිග කලිසම ඇඳල ඇඳල මේ ඉස්කොලෙට ඇවිල්ල ඉගෙන ගත්ත. ඒත් කනගාටුවෙණ් වුණත් කියන්ඩ ඕනේ, මේ ඉස්කොලෙන් බිහිකරපු තරමක් බිහිකළේ අනුකාරකයෝ. මේක ලංකාවේ අංක එකේ විජාතික අනුකරාකයෝ බිහිකරන පාසල. ඒ වගේම මේ ඉස්කෝලෙ තැනක් ලැබෙන්නේත් තැනක් තියෙන්නෙත් විජාතික චින්තනයට, අනුකාරකයන්ට මිසක් ජාතිකත්වයට, නෙවෙයි.."

රෝ-ඇලේ විදුහල්පතිවරයා තුෂ්ණිම්භූතව බලා සිටී. සංගමයේ අනුශාසක ගුරුවරයා නොසන්සුන් මුහුණින් යුතුව ඉදිරිපෙළ සිටින සභාපතිවරයා ඇතුළු අනෙකුත් සිසු-නිල මඩුල්ලට ඔරවයි. සිසුන් අතරද මද නොසන්සුන්තාවයකි. අතරින් පතර ඔලොක්කු සිනාවන්ද ඇසේ.

නලියා දිගටම කතාව කරගෙන යයි. කොන්ටම් පැත්තට කතාව හරවා නිව්ටෝනීය භෞතිකයටත්, බටහිර විද්‍යාවටත් නෙළු හෙතෙම, ජාතික චින්තනය පැත්තට කතාව හරවා තවත් වැළමිටි පහරවල් දෙක තුනක් රෝ-ඇලට නෙලමින් තම කතාව අවසන් කළේය.

රැස්වීම අවසන්වන්නටත් මත්තෙන් විද්‍යා සංගම් සභාපති-වෙන්ට මාධ්‍යවේදී සිසුවාට ලැබුණු නියෝගයකින් කියවුණේ වහාම විදුහල්පතිතුමා හමුවන ලෙසය.

නියෝගය අනුව විදුහල්පති කාර්යාලයට ගිය වෙන්ට-මාධ්‍යවේදී සිසුවාට දකිනට ලැබුණේ මුහුණ රතු කරගගෙන, රවාගෙන සිටින විදුහල්පතිවරයා, අංශ භාර ගුරුවරයා සහ අනුශාසක ගුරුවරයාය.

පසුදා උදෑසනම අපේ කතානායක සිසුවා රෝ-ඇලේ විද්‍යා සංගමයේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූයේය.




මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය

11 comments:

  1. හරිත චස්වත්තේත් මාධ්‍යයක ලොක්කෙක්වත් උනාද පස්සේ?

    ReplyDelete
  2. පල පල බොරු කතා නොකියා.

    ReplyDelete
  3. සුස්තිය සැරටම වැදිලා වගේ අදනම්

    ReplyDelete
  4. හේම නලින් කරුණාරත්න

    ජොකර් නම් චානුක වත්තේගමය

    ReplyDelete
  5. ජාතික චින්තනය කියන එකේ ඇති වැරැද්ද මොකක්ද ? දන්නෙ නැති නිසයි අහන්නෙ.

    ReplyDelete
  6. හේම නලින් කවද්ද විදුසරට ලිව්වෙ. අනික හේම නලිය නලියට කඩේ ගිය එකෙක් නෙවෙයි. මේ කියන්නෙ විදුසරට ලියපු එකෙක් ගැන. integrity එකක් තියෙන මාධ්‍යවේදියෙක් ගැන.. කවුද ඒ?

    ReplyDelete
  7. asoka dias now works in sirasa

    ReplyDelete
  8. "මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය"

    බොරු කියන්න නං එපා පුතා

    ReplyDelete
  9. මොනව වුනත් තමන්ට හිතෙන දේ කියන්න බය නොවන එක නං අගේ කළ යුතු දෙයක්.

    ReplyDelete
  10. @ ඔබ්සෑවර් සෑර්,

    දන්නෝ දනිති.
    අනේ සෑර් මාව අමාරුවේ දාන්ඩ එපා.

    @කතන්දර සෑර්,

    ඇත්ත, ඒත් ඉතින් තව පොඩ්ඩෙන් ඒ කොල්ලට යන්ඩ ඉස්කෝලෙකුත් නැතිවෙනව.

    ReplyDelete
  11. මේ ලියල තියෙන්නේ චානුක වත්තේගම ගැන නෙවෙයි. උන්නැහේ මරියකඩේ කොල්ලෙක්. මේ ලියල තියෙන්නේ ඉස්සර විදුසරේ අසඩක් ගේ කොලම ලියපු අසෝක ඩයස් මහත්තය ගැන. උන්නැහේ සෝයල් කොල්ලෙක්.

    ReplyDelete