Tuesday 8 September 2009

නලින් සිල්වා ගේ පොර ටෝක් වල හෙලුව



"බටහිර විද්‍යාව පරම සත්‍ය නොවේ" යයි තමන් සොයා ගත්තා සේ මොරෙදෙන නලින්ලංකාවේ උගතුන්/විද්‍යාඥයින් අනුකාරකයන් ලෙස හංවඩු ගසන අතරම, අනෙකුත් විද්‍යාඥයින්ට නිරතුරුව කෙරෙන අභියෝගයක් වෙයි. අනුකාරකයන් වන මේ උගතුන්ට තමන්ගේම බටහිර විද්‍යා ප්‍රවාදයක් වත් ගොඩනගා ගත නොහැකි බවයි. ප්‍රවාද යනු "කතන්දර" ම හැර අන් කවරෙක්දැයි අසන නලින් ප්‍රමුඛ ජෝකරයෝ නලින්ගේ පශ්චාත් මාක්ස්වාදී ඉතිහාසය ගැන නිහඬය. නලින්ගේ සසෙක්ස් විශ්ව විද්යාල ජීවිතය ගැන නිහඬය. ජාතික චින්තනය අනුව යමින් නලින් සසෙක්ස් වලදී ඇන්දේ අමුඩ ද එසේත් නැතිනම් හැරඩ්ස් ජොක්කුදැයි අපි නොදනිමු.

අනෙකුත් විද්‍යාඥයින්ට හරිහමන් බටහිර ප්‍රවාදයක් වත් ගොඩනගා ගත් නොහැකි යයි කින්ඩි දාන නලින්ගෙන් අපි මෙසේ අසමු. ඉතාම වැදගත් බටහිර විද්‍යා ප්‍රවාද/ කතන්දර / සොයාගැනීම් පලවන (High Impact) ඉහල පරාසයේ විද්‍යා සඟරා කීයක නලින් ගේ ප්‍රවාද පලවී ඇත්ද? උදාහරණයක් වශයෙන් Science හෝ Nature සඟරා වල පලවන්නේ(බටහිර ) විද්‍යාවේ සුවිශේෂී සොයාගැනීම්ය. ඔරිජිනල් කතන්දරය. අනිත් එවුන්ට කෝචෝක් දාන නලින් Nature හෝ Science වල කතන්දර කීයක් පල කර තිබේද?

"බටහිර විද්‍යා සඟරාවලට නොලියමි" වැනි ගොන් කතා හෝ "බටහිර ප්‍රවාද සැදීම අපේ කාරියක් නොවේ" වැනි මෝඩ ජෝක් නොදා, කොන්ටම් ගැන බටහිර
විද්‍යා සඟරා වල පල නොවී රිජෙක්ට් වූ ලිපි ඉරිදා දිවයිනට යැවීම වැනි කොමිටල් වැඩ නොකර, Nature හෝ Science ලෙවල් එකේ සඟරාවක බටහිර බැරිනම් චීන හෝ බෞද්ධ විද්‍යා කතන්දරයක් පල කර තිබේද??

27 comments:

  1. ඔය කතාව අහලා එක්කෙනෙක් කුජීත වෙලයි ඉන්නෙ. නලීන් සිල්වා පිලිගත් බටහිර විද්‍යා සගරා වලට ලියා ඇත. මේවා ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රමේයයන් බව පෙනේ. නමුත් ඉන් එහාට විස්තර කීමට මගේ ගණිත දැනුම මදය.

    1. Quasars as images of Seyfert nuclei
    2. On Gravitational-Lens Quasars
    3. Induced rotational effects in relativity

    සමහරු නලීන් සිල්වා ගණිතව දන්නේ නැති බව කියා ඇතත් ඔප්පු කර ගැන්මට බැරිව ලත වෙති.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සූස්ති ගුණේ මේ සඟරා වැඩක් නැති ඒවා ලෙස කියයි නම් ඔහු එයට ප්‍රබල සාක්ෂි සැපයිය යුතුය. ඒවාද ඔහු කියන පරිදිම "හයි ඉම්පැක්ට්" සඟරා වලින් උපුටා පෙන්විය යුතුය.

    ReplyDelete
  4. big bang theory හි ගැමා නියතය සොයා ගැනීමට නොහැකිව ලත වෙද්දී එය සොයා ගත්තේ නලින්ද සිල්වා බව ඔබ නොදන්නේද

    ReplyDelete
  5. මිගාර , ඔයා දන්නේ නැත්නම් කියල දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. High impact/high profile
    සඟරාවල් මනින මිම්මක් තියෙනව. ඒකට කියන්නෙ Impact Factor . Nature හෝ science වල impact factor එක ඉහලයි. ඒක තීරණය වෙන්නෙ කොපමණ උපුටා දැක්වීම් ( citations )ගනණක් තිබුනද කියන එක මත. මං කතා කරන්නේ නිකං දෙකයි පනහේ විද්‍යා සඟරා ගැන් නෙවෙ. Nature හෝ Science වැනි ඒවායේ නලින් පබ්ලිශ් කර තිබේද?

    ReplyDelete
  6. @ ඇනොනි,

    මං හිතාන උන්නේ ගැමා නියතය හොයා ගත්තෙ ෆ්‍රෙඩී සිල්වා කියල්.. අනේ උඹයි මායි නොදන්න ගැමා නියතය...

    ReplyDelete
  7. මට තියෙන ප්‍රශ්නය ,Nature හෝ Science වැනි journals වල PAPERS PUBLISH කර තිබේ නම් ඔබ පිලිගන්නවාද ? Prof. නලින් උගතෙක් කියලා...

    ReplyDelete
  8. High Energy Astrophysics Division at the
    Harvard Smithsonian Center for Astrophysics යන ආයතනය පිලිගත් එකක් ද නැද්ද?

    The Astrophysics journal යන්න පිළිගත් සගරාවක් ද නැද්ද? මේක High Impact සගරාවක් ද නැත් ද? (සාක්ෂි ඇතිව පෙන්විය යුතුයි)

    citations ගැන කියපු නිසා මේක කියන්නෙ. ඔය ලිපි cite කරපු අවස්ථා බලන්නත් option එකක් තියෙනවා.

    මෙන්න ඒ අවස්ථා. ඊළගට අපට පෙන්නන්න මේ ලිපි cite කරපු ලේඛකයොත් කමකට නැති එවුන් කියල.


    1. Quasars as images of Seyfert nuclei
    2. On Gravitational-Lens Quasars
    3. Induced rotational effects in relativity

    සූස්ති ගුණේ සාධක ඇතිව ඒවා ඔප්පු කර පෙන්වනු ඇතැයි සිතමි.

    ReplyDelete
  9. i think you don't understand what you are talking about. You don't know what Prof. Nalin Da Silva try to do . He's try to develop concepts and theories that will affect to every branch of knowledge based on Buddhism . Western science is based on their culture and their religion which is not a problem for us. But we have to develop our knowledge based on our values and Prof. Nalin Da Silva currently doing that. If your developing something based on some logic system then you need a prove that using that logical system. (in western we mainly used 2 valued logic system). But if you creating something based on another knowledge ( or logic system ) then you have to prove that using that particular knowledge system. Therefore why you ask some knowledge created based on Buddhism and our thinking pattern to be prove in western world using their parameters. That's will never happen and I'm sure Prof. Nalin Da Silva don't need that ( according to my reading about what he has done this far and what he try to achieve in future ). If you request some knowledge or concepts to be true according to western knowledge then you are implicitly saying that western knowledge is the true and only that can exists on world. That's not true... Please try to see the big picture...
    if you like you can refer this link
    http://www.kalaya.org/articles.html

    ReplyDelete
  10. also some at

    http://www.jathika.com/

    ReplyDelete
  11. නලින් ද සිල්වා අන්තවාදියෙක්.නිකන් බොරුවට බෙරිහන් දෙන කෙනෙක්.හැබැයි පුද්ගලයෙක් අතින් නම් හොදයි.

    ReplyDelete
  12. සෑම දෙනාටම ඔනෙ බටහිර සගරාවක ලිපියක් පලවි තිබෙදෙ කියා සෙවිමටයි. අපෙ දෙවල් වලට බටහිර සහතික ඔනෙමද ? බටහිර ඉන්නෙ දෙවියොද සෑම දෙයකම හරි වෑරදි ඔප්පු කරන්න.

    ReplyDelete
  13. සමහර උදවිය තවමත් බටහිර ගැති ඊනියා කෝණයකින් බැලීම නින්දිතය. අචා. නලින්ද සිල්වා ගේ ලිපි බටහිර සඟරාවක පළවීම ඔහු උගතකු බව පිළිගැනීමට සාධකයක් කොට සලකන සූස්ති ගුනේ කවර ආකාරයේ චින්තකයකුද යන වග විමසා බැලිය යුතුය. අන් නිරුවත හෙලි කිරීමට පෙර තම නිරැවත පිළිබද සැලකිළිමත් වූයෙ නම් නොවේ මෙවන් විපත්.

    ReplyDelete
  14. නලින් අන්තවාදියෙක් බව මමද සිතමි එමෙන්ම සුත්තිසුණේ සුදු හමට තාමත් වදින් සුද්දෙක් හරක් රැලක් පෙන්වා අර යන්නේ උබෙ පරම්පරාවෙ උන් කිවුවහොත් එයද පිලිගන්න තවත් අන්ත වාදියෙක්

    ReplyDelete
  15. අනිත් එක යකෝ, උඹට කව්රු හරි කණට ගහනවානම් උඹ උගේ ලිපි උඹේ පත්තර වල දාන්නේ නෑනෙ!
    ඒ වගේ තමයි නලීන් ද සිල්වා බටහිර විද්‍යාවට කණට ගහනකොට උන් නලීන්ගේ ලිපි පලකරයිද?
    ඒ හින්දා ගොන් ප්‍රශ්න අහල උඹේ ගොන්කම පෙන්නන්නෙ නැතුව ඉඳපං.

    අනිත් එක නලීන්ගේ දේශපාලන තර්ක වල ගොඩක් අඩුපාඩු තියෙනවා කියන එක අපිත් පිළිගන්නවා. ඒත් විද්‍යාව ගැන කතාකරන්න ඔහේට නැති සුදුසුකමක් නලීන්ට තියෙනවා.

    ReplyDelete
  16. නලින්ද සිල්වාගේ මතය අන්තවාදිද අන්තවාදිද නොවේද අන්තවාදි නොවන්නේ නොවේද මම නොදනිමි. නමුත් මගේ බුද්ධියට අනුව එහි සවිමත් පදනමක් ඇති බව පිළිගනිමි.

    කෙසේවුවත් මට ගැටලුව ඇත්තේ ඔහුගේ ක්‍රියාකලාපයයි. උදාහරනයක් ලසෙ විශ්ව විද්‍යාලයේ තමාශාව වෙනුවට සිංහල නමක් දාන්න යෝජනා කරන ඔහු, තමන්ගේ නමේ සිල්වා කෑල්ල වෙනස් නොකර තවම භාවිතා කරයි.

    ReplyDelete
  17. බටහිර ගොයියෝ කැමති නෑ එයාලගේ ඒවා බොරු කියාලා කියන්න. ලංකාවේ අයට ඉඩ දෙන්නෙත් නෑ.මොනවා උනත් බටහිරෙන් ගන්න දේවල් තියෙනවා.ඒත් ඒවා අපේ රටට සුදුසු විදියට ගන්න ඕනා.ඒක අපේ කස්ටියගේ වගකීම.

    ReplyDelete
  18. @soosthi gune

    Prof Silva is a star class intellectual. To me there is no doubt about his mathematical knowledge.

    But at the same time he is an extremist and a hypocrite that is no better than a taliban.

    The fact that science is mere intepretations is well acknowledged within scientists. It is not something found out by Prof Silva as claimed by him and his slaves. One of the oldest to claim this was socrates. And one of the best is Nietze who died well before even prof Silva was born.

    The science and religion should be seperated. To claim that western science is based solely based on christianity is foolish. On the contary it was western scientists themselves who challenged belief systems of christianity.

    If Prof Silva and his slaves are trying to create a knowledge system based on buddhism there is nothing for me to do other than pity them. Because knowledge systems are solely models to explain our sorrounding where as religions are just plain stupid lies trying to explain things we would never be able to.

    ReplyDelete
  19. නලින්ද සිල්වාගේ දැනුම ගැන නම් කතාවක් නෑ ඒ වුනාට බොරු සංස්කෘතියක් අල්ලගෙන දොඩවන එක නම් මහා විකාරයක්. කොටින්ම අද නලින් මොරදෙන කැලණිය සරසවියේ අබ ඇටයක දෙයක්වත් දේශීයකරණය වෙලා තියෙනවද..

    ReplyDelete
  20. සුත්ති ගුණේගේ පොර ටොක්වල හෙලුව හක් හක් හක්

    ReplyDelete
  21. Gune, api balana innawa!

    ReplyDelete
  22. උඹ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නැද්ද??

    මට තියෙන ප්‍රශ්නය ,Nature හෝ Science වැනි journals වල PAPERS PUBLISH කර තිබේ නම් ඔබ පිලිගන්නවාද ? Prof. නලින් උගතෙක් කියලා...

    ඕක ඇහුවෙ මම නෙවේ

    ReplyDelete
  23. සූස්ති ගුණේ< කෝ තාම උත්තර නැත්තේ මොකද? මේ පේන්නේ සූස්ති ගුණේ ගෙ පොර ටෝක් වල හෙළුවද? ටබුවාත් ඔය විදියටම අන්තයටම කුජීත වෙලයි දැන් ඉන්නෙ. ඌ කොච්චර කුජීතද කියනව නම්, මම උගේ බ්ලොග් එකේ දාන කොමෙන්ට්ස් හිටන් ඌ අයින් කරනවා.

    ගුණේ මල්ලී, අපි බලන් ඉන්නේ. අනා ගත්තා කියලා හිතෙනවා නම් අවංකව එහෙම කියන්න. එතකොට අපිට ආයෙත් සංවාදයට එන්න පුළුවන්.

    ReplyDelete
  24. නලින් ද සිල්වා ගෙ දැනුම ගැන එච්චර මම දන්නේ නෑ. හැබැයි එයාගේ බණ කතා වල හෙළුව නම් දන්නවා. ප්‍රධාන පාසල් වලට බටහිර අනුකාරකයින් කිය කිය බනින උන්නැහැගෙත් පුතාලා මුණුපුරාලා යන්නේ බටහිර අනුකාරක පාසල් වලට.

    මේක ඉතින් කැපුවත් නලින් කට්ටියට තේරුම් යන්නේ නැති වෙයි. හැබැයි නලින්ට වැඩිය මොළකාරයොත් පවතින ආණ්ඩුවලට ගොට්ට අල්ලලා තනතුරු ගන්න බලලා තියෙනවා.

    ReplyDelete
  25. ඉහත කාරිය සූස්ති ගුණේ කරන්නේ නැති බව දනිමි. එනිසා පහත කරුණු ඉදිරිපත් කරමි. මෙය කියවූ පසු බඩ දඟලා සිහින් සරින් රහසක් කියයි නම් වැසිකිළියට වැදී දොර වසා ගෙන කාරිය කර අවසන්ව ටොයිලට් පේපර් කෑල්ලකින් පිහිදා ගෙන නැව්ත සංවාදයට එන්න. පහත දැක්වෙනුයේ නලීන් සිල්වා ලිපි ඉදිරිපත් කල සඟරාවේ වෙබ් අඩවියයි.

    Monthly Notices of the Royal Astronomical Society

    එයට අනුව Astrophysics විෂය සඳහා ඇති සඟරා 48න් එය 7 වන ස්ථානයට සිටී.
    "ISI Journal Citation Reports® Ranking: 2008: 7/48 Astronomy & Astrophysics "

    එනම් impact factor අනුව එය 7 වෙනි ස්ථානයේය. සුස්ති ගුණේගේ හෙළුව පෙන්වීමට මීට වඩා සාධක අනැවැසිය.

    ReplyDelete
  26. මේ ලින්ක් එකේ තියෙන Nature කියන journal එක ඔය සූස්ති ගුනේ කියන journal එකම කියල මම හිතනව.
    http://www.nature.com/nature/journal/v228/n5277/abs/2281180a0.html
    මීට පස්සේ සිංහලෙන් ටයිප් ක‍රන්ඩ පුලුවන් කියල මේ වගේ මෝඩ කතා ලියල චාටර් වෙන්ඩ එපා.

    ReplyDelete